Рет қаралды 8,348
පංචස්කන්ධය, දුක්ඛස්කන්ධයක් ලෙස බුදුපියාණන් වහන්සේ දේශණා කොට ඇත. එය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පසු ප්‍රඥාවෙන් අවබෝධ වන්නකි. පංචස්කන්ධය යනු, කැමත්තක් අදාලම නොවන සේ හටගෙන, කැමත්තක් අදාලම නොවන සේ පවතින, කැමත්තක් අදාලම නොවන සේ විනාස වී නැති වී යන ධර්මතාවය ඇති අනිච්ඡ වූ දුක්ඛ වූ අනත්ථ වූ අසුභ වූ දෙයකි. තවද ජාතියක් පහල වූ හෙයින් එය ජාති, ජරා, මරණ, ව්‍යාදී, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, යනාදී එකලොස් ගින්නකට ඇද දමන සුලු වේ.
තවද, පංචස්කන්ධයට අවිද්‍යාවෙන් උපාදානය වුවහොත්, මතු භවයේදීත් දුක්ඛස්කන්ධයක් වූ පංචස්කන්ධයක්ම සෑදීමට හේතු සාදන සේම
තවද එම පංචස්කන්ධයට උපාදානය වුවහොත් ඒ ඒ මොහොතේම [විපරිණාම දුක්ඛ(ආශ්වාදය ), දුක්ඛ දුක්ඛ, සංඛාර දුක්ඛ සහ ජාති, ජරා, මරණ, ව්‍යාදී, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, යන එකලොස් ගින්නකටද] ලක්වී මහා අසහනයක්, දුකක්ද ගෙන දෙන බව චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අවබෝධ වී,
එනයින් අවසානයේ පංචස්කන්ධය, මහා දුකකට ඇදදමන සුලු හැකියාව ඇති බවත් පංචස්කන්ධයම මහා දුක්ඛස්කන්ධයක් බවත් අවසාන වශයෙන් අවබෝධ විය යුතුය.
.............
පෙර භවයේ පැවති අනිච්ඡ වූ දුක්ඛ වූ අනත්ථ වූ හෙවත් මහා දුක්ඛස්කන්ධයක් වූ පංචස්කන්ධය, නිච්ඡ සුඛ අත්ථ ලෙස අවිද්‍යාවෙන් උපාදානය කල හෙයින් මේ අත් බවයේද අනිච්ඡ වූ දුක්ඛ වූ අනත්ථ වූ මහා දුක්ඛස්කන්ධයක් ලෙස පංචස්කන්ධයක් හට ගෙන ඇත.
එහෙයින් මෙ භවයේ හටගත්,
ඇසත්, කණත්, දිවත්, නාසයත්, ශරීරයත්, මනත්,
එයට ගෝචර වන්නාවූ,
රූපත්, ශබ්දත්, රසත්, ගන්ධත්, ස්පර්ශත්, ධම්මත්,
අනිච්ඡය, දුක්ඛය අනත්ථය. ඉහත විස්තර කල පරිදි ප්‍රඥාවෙන් එය මහා දුක්ඛස්කන්ධයකි.
නමුදු මෙය නිච්ඡ සුඛ අත්ථ ලෙස අවිද්‍යාවෙන් උපාදානය කල විට, මතු අත්භවයේත්, අනිච්ඡ වූත් දුක්ඛ වූත් අනත්ථ වූත් මහා දුකකට ඇද දමන්නාවූත්, ඇසක් කණක් දිවක් නාසයක් ශරීරයක් මනක් සාදමින් එයට ගෝචර වන්නාවූ දෙයද ඇතිව මහා දුක්ඛස්කන්ධයක් නැවත නැවතත් හට ගැනීමට හේතු සකස් කරයි.
එනම් පෙර භවයේ දුක්ගොඩක් වූ පංචස්කන්ධයට, නිච්ඡ සුඛ අත්ථ ලෙස අවිද්‍යාවෙන් උපාදාන වූ හෙයින්, එනයින් ඒ අත් භවයේද මහා දුකක් අසහනයක්ද විද, අවසානයේ මේ අත්භවයේද දුක් ගොඩක් වූ පංචස්කන්ධයක් සෑදී ඇත. මෙයද නිච්ඡ සුඛ අත්ථ ලෙස උපාදානය කරන්නේ නම්, මේ අත් භවයේම එහි ප්‍රතිඵලයක් ලෙස මහා දුකක් අසහනයක්ද විඳිමින්, මතු අත්භවයට මහා දුක් ගොඩක් වන පංචස්කන්ධයම සෑදීමට හේතු සකස් කරයි.