ඇයි ඔයා මාව අතඇරලා ඉන්නෙ?බැඳලා අවුරුදු 16කට පස්සෙ ප්‍රසිද්ධියේ හෙළිකරන අපි දෙන්නගෙ ඇත්ත පැත්ත|

  Рет қаралды 587,134

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

#harindrapavithra#

Пікірлер: 4 000
@HarindraJayalal
@HarindraJayalal 22 күн бұрын
බැඳීමක් ඇතුළෙත් නිවීමක් තියෙනවා.. පහුගිය දවසක අපේ 16 වන විවාහ සංවත්සරය වෙනුවෙන් මං FB එකේ එහෙම ලිව්වම සමහරු ඇහුවා ඒක ඇත්තමද කියලා.. ඔව්..එක ඇත්ත..හැබැයි බැඳපු අලුත අපි අතර වැඩියෙන් තිබ්බෙ ගැටීම්..ඒ ගැටීම්වලින්ම කාලයක් යනකොට අපි දෙන්නට දෙන්නව හොඳින් තේරුම් ගියා.. ඊට පස්සෙ තමයි ගැටෙන හේතු වෙනුවට බැඳෙන හේතු වැඩිවෙන්න ගත්තෙ.. ඒ ඇත්ත බැඳීම අස්සෙ ජීවිතේට දැනෙන නිවීම ගැන තමයි මම එදා fb එකේ ලිව්වෙ.. හැබැයි ලිව්වට මදි කියලා හිතුණ නිසා ඒ කතාව කිව්වොත් හොඳයි කියලා මට හිතුණෙ ඒ ගැන කරපු ආදරණීය විමසීම් නිසාමයි.. අපි දෙන්නා එකතුවෙලා කියපු මේ කතාවට මේ තරම් ආදරණීය ප්‍රතිචාර ලැබේවි කියලා අපි දෙන්නා ඇත්තටම හිතුවෙ නෑ.. ඒත් මේ වෙනකොටත් 2000කට අධික comments වලින් අපේ ඇස්වලට සංවේදී කඳුළු මතුවෙන තරමට ඔබේ ආදරය ලැබෙන්න පටන් අරන් ❤ ඒ ආදරණීය සතුටින් අපේ හදවත් පුරවාලන දයාබර සිත් ඇති ඔබ සැමට දහස්වර ස්තුතියි ❤️🙏 කිසිවෙකුත් නොනසා.. කිසිවෙකුගෙනුත් නොනැසී සතුටින් ජීවත්වීම මගේ තේමා පාඨයයි.. ඔබ සැමට සැමවිටම සතුට.. සෙනෙහස..නොඅඩුවම හිමිවේවා 🥰
@malkaliyanage4656
@malkaliyanage4656 22 күн бұрын
Api hamadamath oyalata adarai ❤❤budu saranai ❤❤
@KrishnInfo
@KrishnInfo 22 күн бұрын
ඉතුරු ටිකත් දාන්න.❤
@yasoraweerasiri8496
@yasoraweerasiri8496 22 күн бұрын
බලාපොරොත්තු එක්ක ජීවත් වෙන අපිට ඔයා ගේන්නේ motivation එකක් අදත් එහෙමයි.❤ අත්දැකීමෙන් මන් කියන්නෙ මගෙ හිත කඩන් වැටුනු වෙලාවට, දුක හිතුනු වෙලාවට බලන්න්නෙම ඔයාගෙ interviews, Thank you බුදු සරණයි
@Lochi815
@Lochi815 22 күн бұрын
Meke ithuru tika aniwarenma one..❤❤
@Unknown123-ig4uh
@Unknown123-ig4uh 22 күн бұрын
පින් පටිසන් දෙනව ....ඒක වළක්වන්න බැහැ......
@tusharidissanayaka2707
@tusharidissanayaka2707 22 күн бұрын
ගැහැණියක් දේවතාවියක් වෙන්නෙත් යක්ෂණියක් වෙන්නෙත් ලැබෙන සැමිය අනුවයි ඔබ දේපල ට බුදුසරණයි 🥰
@OviniTrilishya
@OviniTrilishya 22 күн бұрын
ඒක නම් සම්පූර්ණ ඇත්ත කතාවක්
@rushand8003
@rushand8003 22 күн бұрын
ඕකෙ අනිත් පැත්තත් එහෙමයි කියල මතක තියාගන්න😂
@rsdcanadanaturescreations
@rsdcanadanaturescreations 22 күн бұрын
100% true
@sb-ex6qy
@sb-ex6qy 22 күн бұрын
Malaka melaka titena hadak galak karanne deviyo wage peni sitina etgulen yakshayan veni pirimi ..harendhra yahapath hondhabudhhimath kenek evage ma ohuge biridhath yahapath wasanawantha biridhak
@Roinprsh
@Roinprsh 21 күн бұрын
Aththa
@user-hg8ix6by6w
@user-hg8ix6by6w 22 күн бұрын
ඔබ වැනි සැමියෙක් ලද ඇය වාසනාවන්ත බිරිඳක් .බිරිදකගෙ අව්‍යාජ හිනාවෙන් කතාවෙන් පෙන්නුම් කරන්නෙ ඇයගේ මනස කෙතරම් නිරවුල්ද යන්නයි.එය ලබා දිය හැකි වෙන්නෙ ආදරණීය සැමියෙකුට පමනමයි..වාසනාවන්ත සුවපත් දිවියක් වේවා ඔබ දෙපලටම 🙏❤️
@sandyakumari5447
@sandyakumari5447 22 күн бұрын
හරිම ආසාවෙන් බැලුවේ ලස්සනයි ඔබ දෙපලට සුභ පතනවා ඉදිරියටත් ඔය වගේම ඉන්න ලැබේවා කියලා ඊලග කොටසත් බලන්න ගොඩක් ආසාවෙන් බලන්න ඉන්නවා ❤️❤️❤️
@sriyanigamage6835
@sriyanigamage6835 22 күн бұрын
❤❤❤
@hewawasamhg9676
@hewawasamhg9676 22 күн бұрын
❤❤❤❤බදු.සරණයී.ඔබ.දොපලට.
@amaliahinsa6355
@amaliahinsa6355 22 күн бұрын
මං හරේන්ද්‍ර සර් ගේ වැඩසටහන් ගොඩක් දුරට බලනවා ඉතාමත් හරවත් වැඩසටහන් මෙහෙය වන ඔහු නිහතමානී ආදරණීය චරිතයක් ඒ වගේම ඔහුගේ බිරිඳ ත් ආදරණීය නිහතමානී චාම් කෙනෙක් අපිට කොම උනත් ගැලපෙන කෙනා හම්බවෙන්නේ සංසාරේ බැදීම් එක්ක ඔයාලා දෙන්නා හරියටම ගලපගන යන ගමනක් දෙන්නාම ගත් තීරණය අද සතුටින් ඉන්නවා හරේන්ද්‍ර සර් වගේ සැමියෙක් ලබන්න ගොඩක් පිං කරන්න ඕනී ඉදිරියටත් ඔයාලා දෙන්නා සතුටින් ඉන්න ඔනි ආදරණීය පවුලක් පුතු පැටියාට ආදරණීය දෙමව්පියන් දෙපලක් ❤️❤️
@sujathagodakubura6428
@sujathagodakubura6428 22 күн бұрын
Y 2016 දි පමන අපි group ekak යුරෝප් ට්‍රිප් එකක් එක්ක ගියා ප්‍රංන්ශය , ස්විස් ,ඉතාලි රටවල සති 2 ක් පමන.සතුටුයි එ සිහිවටන වලට
@zm8856
@zm8856 19 күн бұрын
නිරහංකාර. දහමට ලැදි, ඇත්ත කතා කරන සහ පොළවෙ පය ගහල සිටින කෙනෙක් ඔබ තුමා . ඔබගේ පෙර කල පිනට ඉතා හොඳ ගැලපෙන බිරිඳ ක් ලැබී තිබෙනවා. සුභ පතමි. මාත් මෙවැනි කැප කිරීම් කළ කෙනෙකි. ඔබ තුමාගේ මෙම වැඩසටහන විවාහ වීමට සිටින බොහෝ තරුණ තරුණියන් ට ආදර්ශ යකි.
@anushadamayanthi7972
@anushadamayanthi7972 22 күн бұрын
මගේ ජීවිතයේ මම වැඩිපුරම කැමති, වැඩිපුරම ආදරේ කරන මාධ්‍යවේදී පෞරුෂය හරේන්ද්‍ර ජයලාල්.❤❤❤
@jagathkuruppu9556
@jagathkuruppu9556 22 күн бұрын
මැරි කරන්න ඉන්න සහ අලුත මැරිකරපු ජෝඩුවකට ගත යුතු දේවල් බොහොමයක් තියෙනවා. සාර්ථක වැඩ සටහනක්. දෙදෙනාටම ගොඩාක් ස්තූතියි.සුභ අනාගතයක් ❤.
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 22 күн бұрын
මගේ ජීවිතයේ මං දැකපු හොඳම මාධ්‍යවේදීයෙක් නම් ඒ හරේන්ද්‍ර ජයලාල් මැතිදුන් ආදරෙයි හැමදාමත් ඒ නිහතමානී කමට,
@dumindapushpakumara7037
@dumindapushpakumara7037 22 күн бұрын
❤❤❤
@freddieediriwickrama9724
@freddieediriwickrama9724 19 күн бұрын
ඇයි අනේ අර චමුදිත. අර කුනුම හොයන. අර ලිඳ ලඟ ගෑණු වගේ අරයා මෙහෙම කීවා මෙයා මෙහෙම කීවා කියල කුනු රසයම හොයන කෙනෙක් හොඳ නැතිද? ඒ අතින් හරීන්ද්‍ර සෑහෙන්න ඉදිරියෙන් ඉන්නෙ. වැදගත් මාධ්‍යවේදීයෙක්. වැඩ සටහන් වුනත් හරිම positive programs. ජයම වේවා.
@user-fq4rt6co7d
@user-fq4rt6co7d 19 күн бұрын
E eyalage aththa jeevitha newe eyalage kalawa..e nisai oyata eyawa mathaka thiyenne eth meya wenamama brand ekak..pin wanthayek❤​@@freddieediriwickrama9724
@kaluarachchi6593
@kaluarachchi6593 17 күн бұрын
හරේන්ද්‍ර නිවේදක තුමාට මමත් හරිම කැමතියි.හරිම පියකරු කියන දේ හරිම පැහැදිලිව නිරවුල්ව කලබලයක් නැතිව නිවැරදිව කියන්න පුලුවන් දක්ෂයෙක්.පුද්ගලික ජීවිතයත් සාර්ථකයි කියල අද දැන ගත්තා.විවාහ වුනු ඒ දුවත් වාසනාවන්තයි.ඒවගේම ඔය හැමදේටම පෙර පින් කළ ඇති බවත් හේතුවෙනවා දරුවනේ..ඒ නිසා තව තවත් පින් පල දේවා.වසනාව පෑදේවා.කියලා පතනවා..බුදු සරණයි!! දෙන්නටම.
@nithurehan9787
@nithurehan9787 22 күн бұрын
පවිත්‍රාට හොද නිවේදිකාවක් වෙන්න පුලුවන් කියලා හිතෙනවා. හරිම ලස්සනයි කටහඩ කතා කරන විදිය. 😊
@user-mz2pq2qo4i
@user-mz2pq2qo4i 19 күн бұрын
❤❤❤
@michico76
@michico76 22 күн бұрын
ලංකාවෙ දකින තවත් හරිම ආදරණීය ලස්සන කපල් එකක්. සද්ධර්මයට අනුව,, තව කෙනෙකුට ආදර්ශයක් වෙන විදියට ජීවත් වෙනවා කියන්නෙම කොච්චර දෙයක් ද ! තවත් මේ වගේ වැඩසටහනක් ඕනි අපට. හදවතින්ම සුභ පතනවා හරින්ද්‍ර අයියා පවුලේ සියළුම දෙනාට, ජීවිතේ හැමදාම සතුටින්, නිදුක් නීරෝගීව ඉන්න ලැබෙන්න කියලා. උතුම් දළදා සමිඳු පිහිටයි ! 😊💚
@KasunRandima-b9h
@KasunRandima-b9h 22 күн бұрын
❤❤❤
@jesminejayawardene7781
@jesminejayawardene7781 22 күн бұрын
💖💖💖
@honorhuawei3574
@honorhuawei3574 22 күн бұрын
ඔව් ලස්සන කපල් එකක් ❤❤❤❤ බුදු සරණයි
@user-ou2yc3ok1f
@user-ou2yc3ok1f 22 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jayanthiperera9484
@jayanthiperera9484 22 күн бұрын
Oyta malli mama hugak Aadarey oxalage pawulata suba pathawa.
@Unknown123-ig4uh
@Unknown123-ig4uh 22 күн бұрын
බිරිඳගේ කර මතින් එගොඩ නොවූ සැමියෙක්.....සසරේ ම එකට ඉන්න ලැබේවා.......❤
@kumudini4143
@kumudini4143 18 күн бұрын
හරේන්ද්‍ර ජයලාල් කියන්නේ රටම ආදරේ කරන නිහතමානී අවංක ඇත්ත කතා කරන නිවේදක තුමෙක් ,, ❤ඒ වගේම ඔබ තුමාටම ගැලපෙන නිහතමානි බිරිදක්,, හරේන්ද්‍ර පුතාගේ වැඩ සටහන් මම හැම එකක්ම බලනවා, ඔබ දේපලගේ ජිවිතේ ට ත් අනාගතේ ටත් ආශිර්වාද කරනවා , ජෙසුපිහිටයි 🙏🏻🙏🏻🙏🏻❤❤❤❤
@KelumAnuranga
@KelumAnuranga 22 күн бұрын
හැම ගෑනු කෙනෙකුට ම හරේන්ද්‍ර අයියා වගේ සැමියෙක් ලැබෙනවා නම් කොච්චර ලස්සන ජීවත තියෙද මේ ලෝකෙ
@SriLanka-zl1yi
@SriLanka-zl1yi 22 күн бұрын
Theruwan saranay dewe phitay jayawardena wewa
@suuurocks3926
@suuurocks3926 22 күн бұрын
කලු ඇත්තෙ සුදු තිබෙන නිසා
@KumarihamyChandrasekara
@KumarihamyChandrasekara 22 күн бұрын
Harendra wage kenek labana oya hariwasanawanthay dennama hondatama match wenawa ♥️♥️♥️♥️🌄🌄💥
@thusharidilrukshi679
@thusharidilrukshi679 20 күн бұрын
තෙරැවන් සරනයි ඔබ දෙදෙනාට සහ පුතා ට
@manikepersmuna1716
@manikepersmuna1716 22 күн бұрын
තුනුරැවන්ගේ සරනින් සියලුම⁣ දෙවියන්ගේ පිහිටෙන් ජීවිතය තවතවත් සාර්ථක වෙීවා
@binukadinsara9727
@binukadinsara9727 22 күн бұрын
කසාද බදිනව divorc වෙනවා මේක සෙල්ලමක් කර ගත්ත නලු නිලියො දැකලා අප්පිරියඉ . ඔබ දෙපල සියලු තරුණ දරුවන්ට ආදර්ශයක් වේවා ! ඔබ දෙපලගේ සතුට දෙවියෝ සඇමදා රඇක දේවා! බුදුසරණයි.
@HARSHANIMadushani-o2q
@HARSHANIMadushani-o2q 21 күн бұрын
සැමියා බිරිදගෙ දෙවියාය.... හොද සැමියෙක් ලබන හැම ගැහැනියක්ම සතුටින් සැනසිමෙන් ඉන්නවා....
@ammaamara5321
@ammaamara5321 18 күн бұрын
මම හැම දාමත් ආසාවෙන් බලන්නේ හරේන්ද්‍ර පුතාගේ වැඩසටහන්.සිනහව පිරි හරිම සුන්දර යි ඉදිරිපත් කිරිමි.අද මෙි වැඩ සටහන බලද්දි මා ලද සතුට අපමනයි අමිමෙක් තම දියනියක් නිසා විදින සතුට වගේ මට දැනුනා.හරිම සුන්දර යි.දියනියනි ඔබ. බබෙක් වගේ හුරු බුහුටියි.ලස්සනයි හදවත පිරිසුදුයි නිරහංකාරයි දුර්ලබ ගනයේ චරිතයක් ලස්සන ගැලපිමක් හැම දාම සතුටින් ඉන්න.හරේන්ද්‍ර පුතාවත් ඒ වගේම සිනහවෙන් පිරි දියනායවත් සියලු දෙවියෝ රැකදේවා .තෙරැවන්ගේ සුවිසි මහා ගුණ බලයේ සරනයි.විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබෙිවා ලැබෙිවා
@user-ol7wd1yo7j
@user-ol7wd1yo7j 22 күн бұрын
ඔය දෙන්නා හරිම නිර්ව්‍යයාජයි, අනික් අයගේ ලොකු කතා නැහැ,තමන්ගෙ මුල මතක තියෙන්න ඔනෙ , ඔය දෙන්නගෙම ජීවිතයට මෙය ආභරණයක් වෙන්නැති, මට ඒ කතාව අහලා හිත් පිරුනා, ඔබ පවුලට වාසනාවන්❤
@sarangadilmini8635
@sarangadilmini8635 22 күн бұрын
බිරිද ගැන අවබෝධයෙන් ඇයට ක්‍රේඩිට් දීම නම් 👍😊. වටිනවා. එකිනෙකාට බොරු නොකර ඉදීම ගැන කි කතාව 👍
@himalipiyadarshani3993
@himalipiyadarshani3993 22 күн бұрын
මීට කලින් නෝනාගේ කටහඬවත් අහලා තිබුනේ නෑ. හරිම ආදරණීයයි ඔය දෙන්නා. කාගෙවත් interview එකක් මේ තරම් ආසාවෙන් බලලා නෑ. ඔය දෙන්න අතර හරිම ලස්සන බැඳීමක් තියෙන්නේ. හදවතින්ම සුභ පතනවා හැමදාම ඔය විදිහටම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා.
@user-sx8vy8op6h
@user-sx8vy8op6h 18 күн бұрын
ඔයා පොඩිකාලෙ ඉදලම දන්න කෙනෙක් හින්ද මමදන්නව මල්ලි ඔයාට කවදාවත් වරදින්නෑ කියල හොද බිරිදකුත් හම්බ උනේ ඒකයි. අපි එක ගමේ අසල්වැසියොනෙ දැං හොද පුතෙකුත් ඉන්නව අපිට හරිම සන්තෝසයි ඔයාගෙ දියුනුව දැක්කහම.පොලවෙ පය ගහල ඉන්න මනුස්සයෙක් ඔයා ජයෙන් ජයම වේවා මල්ලියෙ
@ashandhananjaya9350
@ashandhananjaya9350 21 күн бұрын
විවාහ වෙලා ඉන්න අයටත්, විවාහ වෙන්න ඉන්න අයටත් හරිම ආදර්ශමත් වැඩ සටහනක්. ප්‍රාර්ථනා කරනව හදවතින්ම සැරයටියෙන් යනෙන තුරු සංසාරෙ එකටම ඉන්න ලැබේවා.. සංසාරෙන් සමුගන්නා දවසට ඒ ගමනත් එකටම යන්න ලැබේවා...! කියා 🙏❤️🌹
@mariefernando12
@mariefernando12 19 күн бұрын
Lassanama aadaraneeya kathavak saha adarsamath vivaha jeevithayak gatha karana sonduru kadallak......!!!❤❤❤ Ma nitharama Harindra Jayalal nivedakayage videos balana nisa prathama varata obage senehevantha birinda ge me vedio eka dakka. Harima sundarayi; Chamathkaarayi.........!!!! Galana gangaki jeevithe....... Ranmuthu Duuva nam parani chithrapata geethayen oba dedenata suba prarthana karami! Wow!🎉🎉🎉
@samanudayakumara4636
@samanudayakumara4636 19 күн бұрын
Niyamai
@kgsarangaanudaththa1350
@kgsarangaanudaththa1350 22 күн бұрын
ඇත්තටම විවාහ උත්සව ගැන ඔබතුමාලගේ අදහස වර්තමාන පරපුරට ඉතාමත් වැදගත්. බොහෝම ස්තූතියි මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කරාට.
@SudarshiFernando
@SudarshiFernando 22 күн бұрын
මගේ දරුවට (එයා දැන් ලොකු පුතෙක්) දෙන්න පුලුවන් හොදම ආදර්ශය සහා හොදම තෑග්ග ඔයාලගෙ මේ කතාව.එයාට් අහන්න දෙන එක.ස්තුතියි දුවේ,පුතේ...
@siriyawathipg5827
@siriyawathipg5827 22 күн бұрын
ඇත්තටම හරිම සතුටුයි ඔයාලට සුබ අනාගතයක් තෙරුවන් සරණයි....🎉🎉🎉
@jayathilakabanda1235
@jayathilakabanda1235 14 күн бұрын
ලෝකවාර්තාවක්ද දන්නෑ සැමියෙක් බිරිඳක්ව සමාජ මාධ්‍යතුල ඉන්ටවිව් කරනව. හරිම ආදරනීයි.
@sriyakiriella7504
@sriyakiriella7504 22 күн бұрын
දරුවන්ට මහ පොළොවේපය තියලා ජීවත් ජීවත් වෙන්න පුරුදු පුහුණු කළ දෙමාපියන්ට පින්. ඉදිරි පරම්පරාවලට ආදර්ශයක්ම වේවා.
@dammidammi8680
@dammidammi8680 22 күн бұрын
ඇස් වහක් කටවහක් වදින්න එපා මෙි දරැ පවුලට ඒවගේම මෙි වගේ දෙපලක් හැදු වැඩු දෙමවිපියන්ට මුලින්ම ස්තුති කරනවා රටට හොද ආදර්ශමත් යුග දිවියක් ගෙවන ඔබ දෙපලට නිරෝගි සුවය ත් දිර්ඝායුෂ ත් ලැබෙිවා ! . තෙරැවන් සරනයි !
@PriyangikaWeerasekara
@PriyangikaWeerasekara 22 күн бұрын
බොරු ආටෝප නැති ආදරණීය දෙදෙනෙක් ❤ආදරෙයි ❤ බුදු සරණයි
@w.s6532
@w.s6532 20 күн бұрын
❤❤❤❤❤
@WageeshaWidumini-y5k
@WageeshaWidumini-y5k 17 күн бұрын
අනේ මටත් මේවගේ හොද කොල්ලෙක් ලැබිලා අවුරුදු 16 ක් ගියත් පොඩ්ඩක් වෙනස් වෙන්නෙ නැති ආදයක් ලැබෙන්න ඕනේ .බදින්න එපා වෙලා වගේ තියෙද්දි මේ වගේ ලස්සන ආදර කතා දැක්ක්ම බදින්න හිතෙනවා .ඒ අක්කා කොච්චර පිං කරලා ඇතිද✨️♥️
@CharityDeA
@CharityDeA 22 күн бұрын
රටත් දහමත් ප්‍රබෝධමත් කරන ඔය පවුලට හරි යන්නම ඕනේ ... 🙏😊❤️
@manelperera5336
@manelperera5336 22 күн бұрын
හරේන්දුපුතා ආගම දහම ගැන අවබොදයක් තියෙන දරැවෙක්..එහෙම කෙනෙක් ලබන්න දුව පෙර සංසාරයක කරපු කුසල්.හරිම සතුටුයි.සැරයට්යෙන් යනෙනතුරාවටසමගියෙන් සතුටෙන් සියක් ආයුස ලැබෙිවා.දුකක් වින්දොත් සැපක් ලැබෙිනවාමයි.විශ්වාසය.අවංකභාවය.දහම අනුව ජිවත් විම.දෙදෙනාටම නාගතය තවතවත් දියුනුවට පත්වෙිවා.බුද්ධශක්තියේ ආශිර්වාදය ලැබෙිවා.
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 3 күн бұрын
Ethakota sapak windoth??
@padmavithanachchi-mq9sh
@padmavithanachchi-mq9sh 22 күн бұрын
හරිම ආදරණීය පවුලක් . මට මේ වෙලාවෙ මතක් වෙනවා කිසාගෝතමියගේ නිබ්බුත පද .මෙවන් සැමියෙක් ලද බිරිඳක් ඉතා නිවුණේය .මෙවන් බිරිඳක් ලද සැමියෙක්ද ඉතා නිවුණේය .සුබ පැතුම් දෙදෙනාටම තව තවත් අනාගතය සාර්ථක වන්නට .
@iyanthiperera
@iyanthiperera 8 күн бұрын
කොහොමත් හරේන්ද්ර හරි බුද්ධිමත්. ඒකනේ ගැලපෙනම ගෑණු ලමයව බිරිඳ කරගෙන තියෙන්නේ. දෙන්නගෙම නිහතමානී කම, විනීතබව සහ ගෞරවනීය කමට අපි හදවතින්ම ඔබ දෙදෙනාට ආදරෙයි. ඔබේ කැදැල්ලට ජයෙන් ජයම වේවා!!!
@sarangadilmini8635
@sarangadilmini8635 22 күн бұрын
විවාහය තමන්ට සරිලන ලෙස ප්ලැන් කරපු එක ඇත්තටම වටිනවා. ගෙයක් හදලා විවාහ ජිවිතේ පටන් ගත්ත හැටි 👍
@merilwicramaarachchi758
@merilwicramaarachchi758 21 күн бұрын
ඔබ ඉදිරිපත් කළ හොඳම වැඩසටහන! තරුණ පරපුර ට හොඳම ආදර්ශයක්! පවුලේ තව දුරටත් තොරතුරු දැනගන්න කැමතියි! තමන්ගේ වල් වැඩ බේබදුකමත් මාර්කට් කරන යුගයක සාර්ථක පවුලකට අවශ්‍ය අත්දැකීම් බෙදා දීම හරිම අගෙයි! මුළු පවුලටම සුභ පතනවා! ඉතිරි කොටස ඉක්මනින් බලාපොරොත්තු ! වෙනවා
@pemawathiperera1220
@pemawathiperera1220 22 күн бұрын
16,වෙනි ඇනවසරි එකට❤ පලමුව සුබපතනව ඔබ දෙපලට දිර්ඝායුෂ මම ආශකරනම චරිතයක් මම ඉතාලියෙ ඉන්න ආන්ටි කෙනෙක් හැම කරන වැඩසටහනක් නොවරදවාම බලනවා❤❤ ඔයාලට වාසනාවන්ත දිවි ගමනට සුබ පතනව බුදුසරණයි 🙏♥️♥️🎁💐💐
@siripala2594
@siripala2594 22 күн бұрын
❤❤❤❤😂
@sitagunawardana5701
@sitagunawardana5701 22 күн бұрын
❤❤❤❤❤
@rashmiabeysekara5246
@rashmiabeysekara5246 17 күн бұрын
හරිම ආසාවෙන් අහගෙන හිටියා. ආදර්ශවත් කතාබහක්. බොහෝ අය මවාපෑම් කරන සුන්දරත්වයෙන් එහා ගිය යථාර්ථවාදී පවුල් ජීවිතයක පිළිබිඹුවක් ඔබ දෙපලගෙන් දුටුවා.ඇත්තෙන්ම කුමන ගැල්පීමටත් වඩා ගැලපිය යුත්තේ එකිනෙකා අතර අවබෝධයයි.ඒ අවබෝධය ඇති වෙන තුරු කෙටි කාලයක් දුෂ්කර වීම සාමාන්‍යයයි.ගැටුම් ඇති වීම ස්වභාවිකයි...ඒත් ඒ සියල්ල අබිබවා ආදරය ප්‍රේමය ඉස්මතු කරගෙන ඉදිරියට් යාම සැබෑ ජයග්‍රහණයක්....සුබපැතුම් අයීයා, අක්කා ඔබ දෙපලටම. ❤❤❤❤
@user-yj5ro3je2f
@user-yj5ro3je2f 13 күн бұрын
Adaraneya paulak hamadama satutin inna eturu tikst denna
@user-yj5ro3je2f
@user-yj5ro3je2f 13 күн бұрын
Adaraneya paulak hamadama satutin inna eturu tikst denna
@newtonkoswatte4953
@newtonkoswatte4953 22 күн бұрын
1,හදවතින්ම සුබ පතමි 2,විශ්වාස 3,ආදරය දයාව කරුණාව 4,යන ගුණාංග තුනෙන්ම ඔබේ බිරිඳ පරිපූර්ණ වී ඇත ඔබ දෙපළට දීර්ඝායුෂ පතමි (ඉතුරු කොටසත් කරුණාකර) කියන්න
@ChandraniManike
@ChandraniManike 22 күн бұрын
Oba dhealata budhu saranai dhevi pihitay.
@silentnaturelover_sl5076
@silentnaturelover_sl5076 22 күн бұрын
අපට ඕන දෙවන කොටසත්…❤ හරිම ලස්සනයි ඒ යටගියාව...කැපවීම් අතර මැවුනු ආදරණීය බැඳීමක්… යහපතක්ම වේවා ඔය ලස්සන පවුලට…❤❤
@lakshaniperera8805
@lakshaniperera8805 22 күн бұрын
අනේ තව පුද්ගලයෙක් ගෙනල්ලා interview කරනවට වඩා ඔයාලගේ කතාව ඇත්ත ඇති සැටියෙන් මෙහෙම ගෙනාපු එක හරිම ශෝක්... ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් ඔයාගේ වැඩසටහන් බලනවා...හරිම වැදගත් බවින් සහ ගුණාත්මක බවින් ඉහලයි... ඉදිරියට තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න ඔයාලාට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏
@takkoushcell6792
@takkoushcell6792 19 күн бұрын
,මමත් ප්‍රියතම නිවේදනකයේක් .....අද තමයි දැක්කේ බිරිඳ ....❤️❤️ ගොඩාක් ලස්සනයි ඔබ දෙපළට ....උතුම් දළදා සමිදු පිහිටයි ජයවේවා ❤️💪
@champamuthumala7558
@champamuthumala7558 22 күн бұрын
ආදරණිය චාම් නිරුවත ලොවටම පෙන්නයි නැතුව සිටින දුවේ හරිම ලස්සනයි ඉතාමත් විනිතයි අනේ ඔබලාගේ ජීවිතය තවදුරටත් ඉදිරියට යාමට ශක්තිය , ඥානය දියුණු වේවා තුණුරුවන්ගේම සරණයි ❤❤❤❤❤❤❤❤❤
@maddumagejayawansha771
@maddumagejayawansha771 22 күн бұрын
ණය වෙලා wedding ගන්න අයට හොඳම ආදර්ශයක්. ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි.
@user-mg2yy5oi4x
@user-mg2yy5oi4x 12 күн бұрын
ආදර්ශ මත් යුවලක්. බුදු සරණයි
@wasala2744
@wasala2744 22 күн бұрын
හොදම දේ හොදම විදිහට හොදම තැනකදි හොදම කෙනාට හමුවෙලා..ඇත්තටම වාසනාව මයි....❤❤ වාසනාවන්ත බිරිදක් ලොකු කැපකිරීමක් කරනව ඇය..... ආදරණීය family යක්...හරේන්ද්‍ර මහත්මාට අපි ගෞරව කරනව.. සතුටින් ඉන්න හැමදාම තුණුරුවනේ අනන්ත ආනුභාව බලෙන් සියලු සම්‍යක්දෘෂ්ටික දෙවියන් වහන්සේලගේ ආරක්ෂාවෙන් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා දෙන්නටම ආශිර්වාද කරනව...ඉදිරියට ම යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියල ....
@TharinduGunasekara16
@TharinduGunasekara16 17 күн бұрын
හරි ආසාවෙන් සම්පූර්ණ කතාවම ඇහුවා මං වගේම අම්මාත් මොකද අම්මත් ඉස්සර ඉදන්ම හරේන්ද්‍ර සර්ගෙ අමාදහර වැඩසටහන් බලපු කෙනෙක් නිසා ගොඩාක් ආසයි ඔබතුමාට 🥰❤️ ඒවගේම ඔබතුමාගෙ wife ව දකින්න ලැබීමත් සතුටක් ☺️❤️👍 ඉතින් මං ප්‍රා‍ර්ථනා කරනවා ඉදිරියටත් මේවගේම සතුටින් ඔයාලාට ඉන්න ලැබේවා කියලා 🙏❤️🥰 ඒවගේම මේකෙ නවත්තපු තැනින් දෙවනි කොටසකුත් ගේන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා 🙏☺👍
@sachii_Amii2001
@sachii_Amii2001 22 күн бұрын
දෙන්නා හොදට ගැලපෙනවා කියලා video එක බලනකොට තේරෙනවා.අවබෝධයෙන් ඉන්න පුලුවන් නම් කොච්චර දුරක් යන්න පුලුවන්ද කියලා තේරෙනවා.මමත් ලගදි marry කරේ.මේ video එක ගොඩක් වැදගත්.husband work කරනකොට මමත් calls අරන් වද දෙන්නෙ නෑ.මමත් ඒක තේරුම් ගත්ත දෙයක්
@dilshisenadheera7699
@dilshisenadheera7699 22 күн бұрын
සොඳුරු දක්ෂ නිහතමානී අපේ නිවේදක හරේන්ද්‍ර මල්ලී ඔබටත් පවුලේ සැමටත් සුබ පැතුම්. ආසයි දවසක රත්තරන් පුතාව හදපු දෙමව්පියන් එක්ක වැඩ සටහනක් කරනවා බලන්න.
@lovesrilanka6806
@lovesrilanka6806 22 күн бұрын
ඇයට ලස්සන රුවක්,හඬක්,හිනාවක් තියෙනවා.හරිම ආදරණිය නිවුනු කතාබහක්.😍
@nandakumarihami3657
@nandakumarihami3657 22 күн бұрын
@ajanthakumari8000
@ajanthakumari8000 14 күн бұрын
අහන්නත් ආසයි , දැන් ඉන්න අලුත් පරම්පරාවට ගන්න හොඳ ආදර්ශමත් වැඩ සටහන ,සතුටුයි පුතේ ,උත්සාහය සහ දෙදෙනාගේ කැපකිරීම ගැන, තෙරුවන් සරණින් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා !!! ❤❤❤❤
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 22 күн бұрын
හරේන්ද්‍ර ❤ පවිත්‍ර වගේම පුතාට මෙ සොඳුරුතම විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!!💝🙏💝🙏
@ishiniperera966
@ishiniperera966 22 күн бұрын
Marry කලාට පස්සේ කතාවත් ගේන්න එතකොට සම්පූර්ණ වෙයි. Congratulations both of u
@malie8539
@malie8539 22 күн бұрын
අනේ හරිම ආදරණිය කතා බහක්.පුදුම ආසාවකින් ඉවරවෙනකන්ම බැලුවේ.ඉතා වැදගත් විදියට ඉන්න නිහතමානිම couple එකක්.ඔය ආදරය, සතුට,නිහතමානිකම,සරළ බව හැමදාම රැඳේවා !ඔබගේ උනන්දුවත් ඇයගේ කැපවීමත් නිසා සාර්ථක වුන පව්ලක්.බොහෝ පිරිසකට ඔබලා අදර්ශයක්ම වේවා !ඔබගේ ආදරණිය බව ඇයට දෙන ගෞරවය ඇයගේ සතුටට හේතුව බව ඇගේ සිනහවෙන්ම පෙනෙනවා.ඔබ වැනි සැමියෙක් ලැබීම ඇයගේ වාසනාවක් වගේම ඇය වැනි බිරිඳක් ලැබීම ඔබගේත් වාසනාව..පුතාටත් ඔබ දෙපළටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබේවා.තෙරුවන් සරණයි!
@kumuduperera8351
@kumuduperera8351 16 күн бұрын
මෙහෙම ආදරනීය අඹුසැමියන් දැකීම සතුටක්.ඇස්වහ කටවහ දුරුවේවා.සෙත ශාන්තියක්ම වේවා.තෙරුවන් සරනණයි ,
@D.V.Lucky3294
@D.V.Lucky3294 22 күн бұрын
ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරන ඔබ දෙපළට විශ්වයේ ආශිර්වාදය ලැබේවා !!! ඉදිරි සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! ඔබ දෙපළට තෙරුවන් සරණයි!!!
@SriyaJayasinghe
@SriyaJayasinghe 22 күн бұрын
හරිම ආදර්ශමත් ආදරනීය සාකච්ඡාවක් දෙන්නට දෙන්නා ගෞරව කරමින් මේ වැඩ සටහන ඉදිරිපත් කරපු විදිහ අද කාලේ බොහෝ තරුන පෙම්වතුන්ට උගත යුතු බොහොමයක් කිය උනා මම ගොඩාක් ගෞරව කරන මාධ්‍ය වේදියෙක් තමයි හරේන්ද්‍ර ඔබ දෙපලගේ අනාගතය ඉතාමත් යහපත් සාර්ථක එකක්ම වේවා තෙරුවන් සරනයි සිය පවුලටම ❤❤❤❤❤
@renukachamo5391
@renukachamo5391 22 күн бұрын
ඇත්තටම මම පළමු වතාවට ..හරීන්ද්‍රගේ ආදරණීය බිරිදව දැක්කේ.....හරීන්ද්‍ර කියන නිහතමානී විනයක් ඇති සුන්දර නිවේදකයට,මම හැමදාමත් ආදරෙයි ...හදවතින්ම ගරු කරනවා ...ආයේ කිසිම නිවේදකයකුට හරීන්ද්‍රගේ කිට්ටුවකටවත් එන්න බැහැ .ඒ තරම්ම සුන්දර නිවේදකයෙක්..හරීන්ද්‍රටම හරියටම ගැලපෙන බිරිදක් ලැබිලා තියෙනවා .තවත් මොනවද මේ පවුල සුන්දර වෙන්න ...මේ විදිහටම හැමදාමත් ආදරය විදිමින් සතුට්න් ජීවිතය ගෙවන්නට වාසනා වේවා !නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා !පවුලේ සියලු දෙනාටම ...තෙරුවන් සරණයි !
@kg94837
@kg94837 20 күн бұрын
හොඳටම ගැලපෙන දෙන්නෙක්. හඳහන් ඒ තරම්ම ගැලපිලා පෙන්නුවේ ඒ ගැලපීම. හීන ලෝකවල ජීවත් නොවුන ලස්සන කොල්ලෙක්ට ඒ වගේම පොළවේ පය ගහලා ජීවත් වුන ලස්සන කෙල්ලෙක් හම්බවෙලා. මේ වගේ ගැලපීම් වලට කියන්නේ a match made in heaven කියලා. ජීවිතේ පටන් ගත්ත හැටිත් වීඩියෝ එකක් කරන්න. තරුණ ලමයින්ට හොඳ ආදර්ශයක්. මේ ලස්සන විවාහ ජීවිතය මේ විදියටම පවතින්න සුබ පතනවා.
@hashanindika2097
@hashanindika2097 22 күн бұрын
නිහතමානී චරිත දෙකක්.ඉදිරි අනාගතය තවත් සාර්ථක වෙවා.theruwan saranai!
@user-ep8qv1vh4q
@user-ep8qv1vh4q 21 күн бұрын
හරී වටින කතා බහක්. හරේන්ද්‍ර දේවල් ගැන හිතන විදිහ ජීවත්වෙන්න පහසු වෙන්න ඇති. ඒ වගේම බිරිඳ කරපු කැපකිරීම් අගය කරන එකම කොච්චර වටිනවද. මට නම් ලැබුණෙ මම කරපු හැමදේම අමතක කරල තමන්ගෙ සතුටම හොයපු මනුස්සයෙක්.
@KumariIndrani-p7m
@KumariIndrani-p7m 22 күн бұрын
දැන් මේක හැමොම කරන්න ගනියි හැබැයි ඔයාලා වගේ අනිත් අයට බැහැ.ඔයා නිහතමානි නිලංකාර උගත් බුද්ධිමත් නිවේදකයෙක ලස්සන වැඩසටහනක් ❤❤❤❤❤
@hasinihasini-ls8st
@hasinihasini-ls8st 11 күн бұрын
මං සර්ගෙ Best voice media acedemy එකේ ඉගෙනගත්ත ළමයෙක් . සර්ගෙ class එකේ මාස හතරක් ගත්ත දැනුම අත්දැකීම් මට ජීවිතේ ගොඩාක් වැදගත් වෙලා තියෙනවා . සර්ගෙ මේ ආදරණීය බිරිඳ දවසක් class එකට ඇවිත් තියෙනවා . ඇත්තටම මේ screen එකේ පේනවටත් වඩා හුරුබුහුටි , ලස්සන කෙනෙක් . මං මේ වැඩසටහන මුල ඉදන්ම බැලුවා . තරුණ ළමයෙක්ට , විවහා වෙන්න ඉන්න කෙනෙකුට ගොඩාක් වැදගත් . අනෙක් වීඩියෝ එක එනකන් බලන් ඉන්නවා . දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!! තෙරුවන්සරණයි!❤
@peterneydorff6784
@peterneydorff6784 22 күн бұрын
අපි දැක්ක ගමන් විවාහ වෙන්න කැමති වුනා . ඒ සතියෙම අපි විවාහ වුනා. බැදලා අවුරැදු 22 . ඉතාමත්ම ආදරෙන් අදටත් ජිවත් වෙනවා. අපේ ආදරය කියන්න බැරි තරම්. Good luck both of you ❤❤
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 20 күн бұрын
හරේන්ද්‍ර අයියා බැඳපු එක මට හොඳට මතකයි මොකද ඒ කාලේ ඉඳන්ම හැමදාම අමාදහර මං බලනවා. එතකොට මම දහය වසරේ. ඒකාලේ ඉඳන් අද වෙනකම් කැමතිම නිවේදකයා තමා හරේන්ද්‍ර අයියා. කැමතිම නිවේදිකාව දෙරණෙ සචිනි. මට අද වගේ මතකයි අමාදහර වෙලාවේ අත්තනායක සර් එදා කිව්වා අලුත විවාහ වෙච්ච මනමාලයෙක් තමයි මේ වැඩසටහනට දැන් මේ ඇවිල්ලා ඉන්නේ ඒ හරේන්ද්‍ර කියලා සුභ පැතුවා. එදා මං පන දාගෙන හෙව්වා කවුද මෙයා මැරි කරේ. මොකද ඒ තරම් හරේන්ද්‍ර අයියට කැමතියි අපි crush of mine aiya 😊 නරක අදහසකින් නෙමෙයි අයියා හරිම ලස්සන පින්වන්ත පෙනුමක් අයියට තිබ්බේ. අපේ අම්ම ඉස්සර හැමදාම ඒක කියනවා සමහර ප්‍රාර්ථනා කොච්චර ඉටුවෙනවද කියන්නේ මම බලාපොරොත්තු වුණෙත් ඔයා වගේ නිහඬ නිස්කලංක ධෛර්යවන්ත හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක් කවදාහරි බඳිනවා කියලා. දැන් මම විවාහ වෙලා ඉන්නේ හරේන්ද්‍ර අයියා වගේම බෝල කෙනෙක් එක්ක. නොසැලෙන පෞරුෂයක් තියෙන සැමියෙක්. අවුරුදු ගණන් යාළුවෙලා මරාගන්න පවුල් කොච්චර තියෙනවද, රහසිගත අනියම් සම්බන්ධතා සැමියන්ට කොච්චර නම් තියෙනවද ඒ වගේ පවුල්වලට මේක හොඳ ආදර්ශයක්. හදවතින්ම සුබ පැතුම් ඔයාටත් අක්කිටත් හැමෝටම
@amaliahinsa6355
@amaliahinsa6355 21 күн бұрын
මං හරිම ආස කරන නිවේදකයෙක් ඒ වගේම හරවත් දෙයක් සාමාජයට දෙන්න ඔබ තුමා ලොකු උත්සාහයක් කරනවා ඒක හරිම වටිනවා ඔබතුමාට ලැබිලා තියෙන බිරිඳත් හරිම නිහතමානී ලස්සන බිරිඳක් අපිට ගැලපෙන කෙනා ලැබෙන්න පිං කරන්න ඕනි ඔයාලා දෙන්නත් එහෙමයි හරේන්ද්‍ර සර් හරිම හොඳ කෙනෙක් ඉදිරියටත් ඔබ දෙපලට සුභ පතනවා ❤️❤️
@lahiruasanka6010
@lahiruasanka6010 9 күн бұрын
මම මම ආසම නිවේදකයා.මං බැලුවා හැම බලන බලන හැම වෙලේම හිනාවක් තියෙනවා දැන්නේ දන්නේ හිනාවෙ පිටිපස්සේ ඉන්නේ අක්කා කියලා.ජය වේවා දෙන්නටම
@NiluNilu-ow3nf
@NiluNilu-ow3nf 22 күн бұрын
ජිවිත කාලෙම සතුටින්, නිරෝගී ව ලස්සනට ඉන්නට සුභ පැතුම් 🌹
@renukachandrakanthi8899
@renukachandrakanthi8899 22 күн бұрын
මගේ පුියතම නිවෙිදකයා ...මෙවන් ස්වාමියෙක් ලද බිරිදක් ⁣සැබවින්ම නියම පින්කාරියක්.... ඔබ දෙපට සුහ ගමන්........!
@PiyumikaSanjeewani
@PiyumikaSanjeewani 22 күн бұрын
මම 2016 best voice nugegoda branch eke ඉගෙන ගත්ත කෙනෙක් .මට exam කරන්න බැරි වුනා සර්.සර්ගේ කතාව අහන්න ආසයි .ඉතුරු ටිකත් ගෙන්න.අපි අහන්න ආසයි .මට මතක විදිහට සර් honymoon එක ද්වසෙ අමා දහර කලෙ කොලොන්නාව මහ පන්සලෙ.එක කවුරු හරි announcement එකෙන් කිව්වා .එදා මන් සර් ව live දැක්කා .කතා කරන්න ආශා උනත් ලගට අවිත් කතා කරන්න බය හිතුනා.මොකද සර් මන් දැකිකා ගලක් උඩ ඉද්ගෙන බලන් ඉන්නවා .ස්ර් ලග හිටපු කිපදෙනෙක් එක්ක .එදා ගොඩක් ලස්සනයි .මටත් අස හිතුන tv එකට යන්න .පස්සේ තමයි මන් සර්ගෙන් ඉගෙන ගන්න අවෙ.තමත් එ හිනය එහෙම තියෙනවා .හරි ම අසයි ඉතුරු විඩියෝ එක බලන්න .ඔබ දෙපලටම සාර්ථකත්වයට සුභ පතනවා .
@srilwestrinefernando8059
@srilwestrinefernando8059 14 күн бұрын
ස්තුතියි ..........හරිම වටිනවා ඔයාලගෙ ජීවිතේ ඇතුළාන්තය ,අතීතය ගැන ලස්සන නැති උනත් කටුක උනත් ලස්සනට ගෙනහැරපෑවාට.....ඔයාලා සමාජයේ නිරතුරුවම දකින්න ලැබෙන අය..ඉතින් ඔයාලා ආදර්ශමත් වීම හරිම වැදගත් රටේ මතු පරපුරට.....කලා ලෝකය තුල අද සමහරක් හැසිරෙන්නේ.ඔවුන්ගේ විලම්බීත හැසිරීම් නිසා සමාජයට රටට වෙන හානිය සුළුපටු නොවන බව ගැන කිසිම අවබෝධයක් නොමැතිවයි..........ඉතින් ඔයාලගෙ යුග දිවිය තව තවත් සාර්ථක වේවා.! ජයමවේවා ! ඔය් වගේ ආදරෙන් ඉන්න මුලු ලෝකයක් ඔබට ආදරය කරාවි..
@Choco-vl9nr
@Choco-vl9nr 22 күн бұрын
ඉතුරු කොටස් ටික ත් දාන්න .අපි බලාපොරොත්තු වෙන් සිටිමි.ආදර්ශමත් ජිව්තයක් ..සුබ ආනාගතයක්......❤
@warunadissanayake
@warunadissanayake 20 күн бұрын
අළුත විවහ වෙන සියළුම දෙනාටම මාරම කථාවක්..ඉගන ගන්න දෙවල් ගොඩයි..❤
@harshaimesh8633
@harshaimesh8633 22 күн бұрын
ඔය දෙන්නා සමාජයට දීපු පණිවිඩය හරි ම වැදගත් මේක බලලා එක ජීව්තයක් හරි සාර්ථක වෙනවා නම් ඒ පිනම ඇති ඔය දෙන්නට බුදු සරණයි මේ වගේ හැමදාටම ආදරෙන් සන්තෝසෙන් ඉන්ට ලැබෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා මුලු හිතින්ම ❤
@සංදීපනීමෙඩේරිගම
@සංදීපනීමෙඩේරිගම 14 күн бұрын
ඔබ ගැන තිබුණ පැහැදීම තවත් වැඩි උනා.....ජීවිතය ගැන දැක්මක් තියන පුද්ගලයෙක්.. ගැලපෙන අදහස් එක්ක ජීවත්වෙන්න පහසුයි කියන්නෙ මේකට තමයි..... හැමදාම සතුටින් ඉන්න . බුදුසරණයි. නංගි ඔයා කෑගල්ලෙද.මං මාවනැල්ලෙ.....✍️
@Df-Dammi
@Df-Dammi 22 күн бұрын
ඇත්තටම අපි හැමෝටම දුක් විදපු ජීවිතය ක් තියෙනවා. අපි විවාහ වෙලත්දැනට අවුරුදු 16 වෙනවා 🎉❤
@Thenukiapsara748
@Thenukiapsara748 21 күн бұрын
මේ ආදරේට නම් ඇස් වහක් වදින්න එපා❤ හරිම ආදරණීය family එකක් . හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි❤ මේ කතාවෙන් අපේ ජිවිතේටත් ආදර්ශ ගොඩක් ගන්න පුලුවන් ❤ part 2 එකත් බලාපොරොත්තු වෙනවා.
@merajapakshars1236
@merajapakshars1236 22 күн бұрын
ඇත්තටම හරිම වැදගත් මේ කතාව. විවාහක සහ අවිවාහක ඕන කෙනෙකුට ගත යුතු දේවල් තියෙනවා. දෙදෙනාම ඉවසීමෙන් හා කැපකිරීම් කරන තරමට පවුල් ජීවිතය සුන්දරයි..❤
@user-kg5cm2hl3k
@user-kg5cm2hl3k 14 күн бұрын
අළුත් පරපුරට අද්දැකීම් දහසක් ලබා ගන්න පුළුවන් ලස්සනම කපල් එකක් 🥰🥰 බලන්න කෝ එදා වගේම ඒ දෙන්න ගේ මතක සටහන් අදත් සිහිපත් කරන්නේ ඉතාමත් නිහතමානී කමින් 🥰🥰❤❤ හැමදාම සතුටින් ඉන්න හදවතින්ම පාර්ථනා තෙරුවන් සරණයි 🌹🌹🙏🙏
@WarnakulasuriyaTwincle
@WarnakulasuriyaTwincle 22 күн бұрын
මම අදරේම ලංකාවේ ඉන්න නිවෙදෙකය කොන්ද කෙලින් තියන් ඉන්න හරේන්ද්‍ර ආසයි ඊළඟ එකත් අහන්න ඉක්මනට කියන්න කොන්ද කෙලින් තියන් තවත් ඉස්සරරහට යන්න ආදරෙයි දෙන්නටම මුළු පව්ලටම ❤❤ ජේසු පිහිටයි 🌹
@nilanipreethika1205
@nilanipreethika1205 22 күн бұрын
ඔයාල දෙන්න නිහතමානී අවංක සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන දෙන්නෙක්,මගේ සුභ පැතුම්, ඉදිරියටත් බොහොම ආදර්ශමත් පුතාටත් ආදරණීය දෙමව්පියන් යුවලක් හැටියට ජීවිතේ ඉන්න ලැබේවා !තෙරුවන්සරණයි!!! ❤️❤️❤️👌💐
@hilarykalubowila
@hilarykalubowila 22 күн бұрын
❤❤❤❤❤
@kumarigamage5125
@kumarigamage5125 22 күн бұрын
බුදුසරණයි ඔබ දෙපලට. හරේන්ද්‍ර ජයලාල් කියන්නෙ මං මගෙ ජිවිතේ දැකපු ලස්සනම සහ හොදම නිවේදකයෙක්.. වැඩ සටහන් හසුරෝන විදිහ කතා කරන විදිහ. ඇත්තටම පොළොවේ පය ගහලා ජිවත් වෙන සුන්දර පවුලක්.. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට වැඩසටහනේදී ඔබ දෙපල සහ දරුවන් සමග කතා බහෙ යෙදෙනවට. එක පුංචි ඉල්ලීමක්.. තෙරුවන් සරණයි🥰
@inokakrishanthi9544
@inokakrishanthi9544 15 күн бұрын
හරිම වැදගත් ලබැදියාවක් ඔබ දෙපලගෙ තියෙන්නෙ .හරිම වැදගත් පවුල් ජීවිතයක් ඔබ දෙපල ගෙවනවා හරිම සතුටුයි .ඔබ දෙපලගේ ජිවිත කතාවෙන් ගොඩක් සහ හරවත් දෙවල් අපගෙ ජිවිතයට ගතහැකිය.එම නිසා ආදරනිය මල්ලි නංගි ඔයාගෙ සුන්දර ජිවිතය ගැන ඉතුරු ටිකත් දැනගන්න කැමතියි සහා ආශාවෙන් බලා සිටිනවා.ඔබ දෙපලට තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගෙ ආශිර්වාදය ලැබීඛෙවා.කිසිම කෙනෙක්ගෙ ඇස්වහ වදින්න එපා.තෙරුවන් සරණයි ඔඛ දෙපලට සහ රත්තරන් දරුවට.
@chamaninadeesha5597
@chamaninadeesha5597 22 күн бұрын
හරීන්ද්‍ර කරපු ලස්සනම සහ ආදරණීයම වැඩසටහන . හරිම තාත්විකයි. සුභ පැතුම් ඔය දෙන්නටම. සතුටින්ම ඉන්න.
@preethikasenavirthne8503
@preethikasenavirthne8503 22 күн бұрын
කෑගල්ලේ ගෑණු ළමයි එහෙම තමයි.සතුටුයි ඔය දෙන්නා ගැන.ලස්සන අනාගත දිවියකට සුභ පැතුම්! ඊළඟ කොටස බලන්න ආසාවෙන් ඉන්නවා.
@siripala2594
@siripala2594 22 күн бұрын
Apit ආසයි .කෑගලු ..ආදරයක් .tibunot .❤💃❤
@slcnote
@slcnote 22 күн бұрын
apith kegalle.but kello🥲
@suuurocks3926
@suuurocks3926 22 күн бұрын
කෑගල්ල ...🌸🌸🌸🌸🌸🌸🌸යි!
@hansiranapana2692
@hansiranapana2692 22 күн бұрын
Kegalla ❤️❤️
@gimhanisansala1203
@gimhanisansala1203 22 күн бұрын
අනේ හරිම වටිනා කතාබහක්.මට දැන් අවුරුදු 30.අලුතින් විවාහ ජීවිතයක් පටන් ගත්ත මට හරිම වැදගත්.මම ඔබ දෙපලට ගොඩක් ගරු කරනවා .
@lakshmie8365
@lakshmie8365 16 күн бұрын
ලංකාවේ සිට්න හොඳම බිරිඳ!! දුවට සහ පුතාට ආදරෙයි එදා ඉදලා. මම වැඩ සටහන දෙපාරක් බැලුවා . පුතාගේ වැඩ සටහන් හැමදාම බලනවා පවුලේ සියලු දෙනාටම තුරුණුවන් සරණයි දළදා සමිදු පිහිටයි .
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p 22 күн бұрын
ඇය වැනි බුද්ධිමත් බිරිදක් ඔබට ලැබීම ගැන ඇත්තටම සතුටුයි❤❤❤.හරේන්ද්‍ර මල්ලි ඔබට ඇත්තටම හුගක් ආදරෙයි ..මොකද ඔබ ..ආදරණීය කෙනෙක් ...ඔබ දෙන්නා පුතු පැටියත් එක්ක හැමදාම සතුටින් ඉන්නව දකින්නයි කැමති ...බුදුසරණයි ඔය රත්තරං පවුලට ...
@renukagunathilake5547
@renukagunathilake5547 22 күн бұрын
හරිම නිහතමානීව චරත දෙදෙනෙක් අගයකලයතු දෙන්න ට ආදරෙන් ලස්සන පවුල් ජිවිත ගමන ගෙනියන මෙය දැන් අයට බොහොම වටිනා සියළුම කරැනු වචන මෙන්තෙරැන්අරගෙන ඉදිරියට මුහුණ දිම ආදර්ශයකි මෙතෙක් කාලයකින් අහන්න දකින්න අවබෝධය නොමැතිනිසාමදපවුල් අවුල් කෙදන්නට දෙන්න තේරුම් වටහා ගත්තා සිතුවිලි අතර වෙනසමදනොදනි මමආසම කරන ඔබ දෙපලට ඉදිරියේ මියයන තුරා ආදරයෙන් සතුටින් ඉන්න ලැබෙිවා දිර්ඍයුෂ ලැබෙිවා තෙරැවන් සරණයි ❤❤❤
@Msithuminiperera
@Msithuminiperera 22 күн бұрын
අනේ හරිම ලස්සනයි. ඇත්තටම අවන්කවමයි කියන්නේ. අලුත බැඳපු ජෝඩුවක් වගේ හරිම ආදරණීයයි. ඒ ආදරනීය බව කැමරාවට නෙමෙයි හදවතේ ඇත්තටම තියෙන දෙයක් බව දන්නවා ❤️💐. පුදුම ආදර්ශයක් තියෙන්නේ. පිරිමියෙක්ගේ මහන්සියයි, ගැහැණියකගේ දරාගැනීමයි එකතු වුනු තැන කොච්චර ලස්සන පවුලක් ගොඩ නැගෙනවද කියලා ඔය දෙන්නගේ කතාවෙන් ඔප්පු වෙනවා. හරිම සතුටුයි මෙහෙම ආදරනීය දෙන්නෙක් දකින්න ලැබුනට. පුළුවන් නම් මේ කතාව continue කරන්න, තවම ජීවිතේ ජයගන්න වෙර දරන අපි වෙනුවෙන්. මං හරිම අසාවෙන් අහන් හිටියේ. ❤️💐 ඔය දෙන්නගේ ආදරය තව තවත් වැඩිවෙලා අනාගත හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️🙏. මේ වගේ ආදරණීය කතාවක් අහන්න ලැබුණු එකම මං මගෙ ජීවිතේ කරලා තියෙන ලොකු පිනක් කියලා හිතෙනවා. 💐
@thilakranasinghe5788
@thilakranasinghe5788 14 күн бұрын
තමන්ගේ විවාහ ජිවිතේ ආරම්භයේ සිටම ඉතාමත්ම අවබෝධයකින් කටයුතු කිරිමට දෙපලටම හැකියාවක් පැවතීම ඉතාමත් හොදින් කේන්ද්‍රය ගැලපෙන බවට හොඳ නිදසුනකි .දෙපලට තෙරැවන් සරණ නිරතුරුවම ලැබේවායි ප්‍රාර්ථනා කරමි .
@pubudusuranjala3680
@pubudusuranjala3680 22 күн бұрын
හොඳින් ජීවත් වෙනකොට හොද අය ඇසුරට ලැබෙනවා. හරේන්ද්‍ර දන්නා කාලයෙ ඉඳලම හරිම නහතමානි සුන්දර හිනාවකින් තමයි ඉන්නෙ. ඒ නිසාම වැදගත් නිහතමානී ලස්සන බිරිඳක් ලැබෙන්න වාසනාවන්ත වෙලා තියනවා. වසනාවන්ත සුභ අනාගතයක් වේවා..!! ❤️❤️
@damithakrishan9642
@damithakrishan9642 22 күн бұрын
ලොකු කමින් ජීවත් වෙන්න පුලුවන් මිනිස්සු නිහතමානී වෙනකොට හරිම ලස්සනයි ❤️
@Preethika.322
@Preethika.322 22 күн бұрын
හරිම ආදර්ශමත් කතා බහක්. තරුණයන්ට දිරි දෙන කතා බහක්. ඉතිං ඊට පස්සෙ..... කතාව දිගටම කියාගෙන යන්න...
@user-fl7ls6vg4v
@user-fl7ls6vg4v 14 күн бұрын
ලස්සන ආරම්බයක්. දැඩි. කැපවීමක්. වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම්. අද හැදෙන ගැහැණු ළමයින්ට හොද පාඩමක්. බුදුසරණයි
@SumiSpsumithra-bv5hb
@SumiSpsumithra-bv5hb 22 күн бұрын
ඇස්වහක් කටවහක් නොවදිවා තෙරුවන් සරනයි ඔයලට
@priyanthakumarakumara6580
@priyanthakumarakumara6580 22 күн бұрын
ආදරනිය හරින්ද්‍ර සහෝදරයාට සහ ආදරනිය බිරිද ඇතුළු පවුලේ සැමට චිරාක කාලයක් සතුටින් ඉන්න ලැබේවා❤
@gayanisrima4202
@gayanisrima4202 21 күн бұрын
මම නම් ආසම මාධ්‍යය⁣ වේදියා හරින් නිහතමාණි චරිතයක් . සැම වැඩසටහනක්ම බලනවා. තව තවත් සටින් ඉන්න.ලැබේවා කියලා පුාර්තනා කරනවා
@sanuritharushika8216
@sanuritharushika8216 20 күн бұрын
ඇත්තටම නිහතමානී හරිම ආදරණීය චරිත දෙකක් ❤ සර් ගේ ක්ලාස් ගියා මන් ඒ නිසා ලගින් ආශ්‍රය කරලා තියනවා ඇත්තටම හරිම ආදරණීය පවුලක්❤
@nandanidisa1031
@nandanidisa1031 22 күн бұрын
ඇත්ත ඉවසිම තරම් කිසිම දෙයක් නැහැ, මට හරි සතුටුයි ඔබ දෙපලගෙ ජිවිතය ගැන අහනකොට හෙතුව , මමත් හිතපු විදිහටම මගෙ ජිවිතය සාර්තක උනෙ මගෙ මහත්තයාටත් මටත් ජිවිතය අවබෝධ උන නිසයි, සමහර පවුල් වලට ජිවත් වෙන්න බැරි ගැනු නිකරුනෙ මුදල් නාස්ති කරනවා බහිරයට ,ඔබ දෙපලට තවත් දියුනු වේවා කියා මම ප්‍රර්තනා කරමි, බුදුසරනයි,
@thusharidilrakshi3283
@thusharidilrakshi3283 22 күн бұрын
හරේන්ද්‍ර මහත්මයා මමත් කැමතිම නිහතමානී නිවේදකයෙක්..සංසාරේ කල පිනට අනුව තමයි ඔබ තුමාට නිහතමානී සුරූපී බිරිඳක් ලැබෙන්න හේතුවී තිබෙන්නෙ.රටටම ආදර්ශයක් ඇයගේ කැපවීම .ඔබ දෙපලටත් දයාබර පුතුටත් තෙරුවන් සරනින් සියලුම කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.ඉතිරි කොටස බලන්නත් මගබලන් ඉන්නව.❤❤🙏🙏
@roshinihalahackone3008
@roshinihalahackone3008 22 күн бұрын
අනේ හරිම නිහතමානි කෙනෙක් හරින්ද්‍ර ඊශ්‍රායලයට ආවා පට්ට නිහතමානී මාර චාම් ලස්සනයි මගේ ලොකු පුතා වගේමයි හැඩ රුව ඒ නිහතමානී කමට හිස නමා ගරු කරනවා.
@upulranaweera3597
@upulranaweera3597 15 күн бұрын
පලමුවෙන්ම ඔබ දෙපලට තෙරුවන් සරණින් ඉදිරි කාලයත් අති සාර්ථකව ගතකිරීමට ලැබේවා කියා පතමි. අද වල්මත්වෙලා (කරලා) ඉන්න තරුණ පරපුරට වගේම මාධ්‍යවේදීන්ටත් ආදර්ශයක්.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 35 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 17 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 132 М.