🔴​මේ වසරේ වතු ජනතාවට නිවාස 5400 ක් | Labor Houses 5400 | Hatton🔴 👇​👇​

  Рет қаралды 92

Hatton News Official

Hatton News Official

Күн бұрын

✅​ කදුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස 5400 ක් මේ වසර අවසන් විමට ප්‍රථම ඉදි කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසිය.
✅​ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඒ බැව් කියා සිටියේ (31) දින හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදි අදහස් දක්වමිණි.
✅​ මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ
“දේශපාලනිකරණය වෙලා තිබු ඉන්දියානු ආධාර යටතේ ඉදි කරන නිවාස ක්‍රමය අපි මේ අවුරුද්ද අවසන් වන විට අවසන් කරන්න අවශ්‍යයි, ඒ නිසා මේ අවුරුද්ද තුල නිවාස 4700 ක් ඉදි කරලා අවසන් කරන්න ඕනි.
ගිය අවුරුද්දේ නිවාස 1300 ක් ඉදි කරන්න තිබුණා, ඒවා ඉදි කරලා නැ, ඒ නිසා එතනත් නිවාස 700 කට අධික ප්‍රමාණයක් ඉදි කරන්න තියෙනවා, ඔක්කොම 5400 ක් කදුකරයේ වතු නිවාස ඉදි කරන්න අවශ්‍යයි මේ අවුරුද්දේ.
ඉන්දියානු ආධාර සමග ලංකානු රජයෙනුත් පිරිවැයක් දරලා තමයි මේවා ඉදි කරන්නේ, දේශපාලනය බලන්නේ නැතුව අපි නිවාස ලබා දෙනවා, අපි විශේෂයෙන් අවධානය යොමු කරනවා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සමග නායයාමේ අවධානමට ලක්වෙලා තියෙන වතු නිවාස වෙනුවෙන් නිවාස ලබාදෙන්න.
බදුල්ල දිස්ත්‍රික්කයේ කැප්පොට්පොල අසනයේ වතු යායකට මම ගියා, වතු නිවාස 50 ක් ඉදි කරලා තියෙනවා, නමුත් පවුල් 5 ක් පමණ තමයි පදිංචි වෙලා ඉන්නේ, සමහර අය එම නිවාස බදු දිලා, සමහර අය ඒ නිවාස කුලියට දිලා වතු නිවාසයේ ඉන්නවලු, එහෙම බැලුවම අවශ්‍යතාවයට නිවාස ලබාදිලා නැ වගේ.
වතු ජනතාව ජිවත් වන ලයින් කාමර වල පවුල් දෙක තුන ජිවත් වෙනවා, මම නුවරඑලිය ආසනයේ හගුරන්කෙත කබරගල වතුයායට ගියා මේ ළගදි, ලයින් කාමර ගිනි අරගෙන පවුල් 20 ක් පමණ අවතැන් වෙලා ඉන්නවා.
එම පුංචි නිවසේ දරුවන් තිදෙනයි, අම්මයි තාත්තයි ඉන්නවා, මිනිස්සුන්ට අගෞරවයට කියනවා නෙවෙයි සමහර දේශපාලඥයන්ගේ නිවාස වල සුරතලේට ඇති කරන සතුන්ගේ කුඩු වල තියෙන සැපවත් වතු නිවාස වල නැ.
එහෙම වෙන්න දෙන්න බැ, එම ජනතාවටත් මානව අයිතිවාසිකම් තියෙනවා, ඒවා සපුරාලිම ජාතික ජන බලවේග රජයේ වගකිම වෙලා තියෙනවා යනුවෙන් පැවසිය.”
✅​ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ පාලනය වන හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට 2025 වසර සදහා නවක සිසු සිසුවියන් බදවා ගැනිම අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම මධ්‍යස්ථානයේ නව රංග ශාලාවේදි (31) දින පැවැත්විණ.
✅​ මෙම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ මොටර් කාර්මික, හෙද සහයක, විදුලි කාර්මික, පෙර පාසල් ගුරු පුහුණුව, රුපලාවන්‍ය, වැල්ඩර් පුහුණුව, වඩු කාර්මික පුහුණුව, හොටල් ක්ෂේත්‍ර පුහුණුව ඇතුළු පාඨමාලා රැසක් සදහා නවක සිසුන් 250 දෙනෙකු බදවා ගැනු ලැබුහ.
✅​ තමන් තොරාගන්නා පාඨමාලාව අනුව මාස 6 සිට වසරක කාලයක් නවක සිසුන් සදහා වෘත්තිය පුහුණුව ලබාදෙනු ලබයි.
✅​ වතුකරයේ මුලික අධ්‍යාපනය ලබා රැකියා විරහිත තරුණ තරුණියන් වෙනුවෙන් ස්වයං රැකියා පාඨමාලා හැදිරිමට තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය ඉදි කල අතර, එම පුහුණු මධ්‍යස්ථානය වෙතින් මේ වන විට වතුකරයේ තරුණ තරුණියන් විශාල පිරිසක් වෘත්තිය පුහුණුව ලබා රාජ්‍ය සහ පෞද්ගලික අංශ වල සේවයේ නිරත වෙමින් සිටියි.
✅​ නවක සිසුන් බදවා ගැනිමේ අවස්තාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදිප් මහතා, පා.ම ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය සහ එම අමාත්‍යංශයේ ලේකම් බි.කේ.චන්ද්‍රකිර්ති මහතාද සහභාගි විය.
✅​ මෙම උත්සවයෙන් අනතුරුව අමාත්‍යවරයා ඇතුළු ආරාධිතයින් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ රුක් රෝපණ වැඩසටහනකට සහභාගි විය.
.
.
.
.
.
.
.
#npp #samanthavidyarathna #hattonnewsofficial

Пікірлер
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
AI Engineer Roadmap - How to Learn AI in 2025
55:22
freeCodeCamp.org
Рет қаралды 59 М.
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН