DASA DISA PIRITHA -දස දිසා පිරිත

  Рет қаралды 131

Ananda Thewarapperuma

Ananda Thewarapperuma

Күн бұрын

දස දිසා ඇතුළු සියලු දිසාවන්හි බුදුවරයන් වහන්සේලාගේ ආනුභාව පිහිටුවනවා. වෛර හා අන්තරාවෝ ශේෂයක් නැතිව විනාසවෙනවා. ආදියේ පටන් එන්නා වූ ඒ මහා උත්තම ගුණය, ඒ උතුම් ගුණ ආරක්ෂාව ප්‍රකාශ කරනවා.
පෙර දිසාවේ පදුමුත්තර බුද්ධාරක්ෂාවත්,
ගිණිකොණ දිසාවේ රේවත බුද්ධාරක්ෂාවත්,
දකුණු දිසාවේ කස්සප බුද්ධාරක්ෂාවත්,
නිරිත දිසාවේ සුමංගල බුද්ධාරක්ෂාවත්,
පසු දිසාවේ සිඛී බුද්ධාරක්ෂාවත්,
වයඹ දිසාවේ මේධංකර බුද්ධාරක්ෂාවත්,
උතුරු දිසාවේ පියදස්සී බුද්ධාරක්ෂාවත්,
ඊසාන දිසාවේ දීපංකර බුද්ධාරක්ෂාවත්,
පොළව දිසාවේ (යට දිසාවේ) කකුසඳ බුද්ධාරක්ෂාවත්,
උඩ දිසාවේ සරණංකර බුද්ධාරක්ෂාවත් ලෙස ඒ ආකාරයෙන් දස දිසාවේම සියලු බුදුවරයන් වහන්සේලා පිහිටුවනවා.
ඒ ඇසුරේ තිබෙන්නා වූ සියලු සෝක, රෝග, භය ආදිය අප කෙරෙහි සියලු ආකරයෙන් වැනසේවා. සියලු ඉරියව් පථයන්හිම යක්ෂ භය, දේව භය, රජ හා සොරුන්ගේ ගැහැට, සියලු අමනුස්සයින්ගෙන්, තිරිසන් ගත සත්වයින්ගෙන් උපන්නා වූ සියලු භය විනාස වේවා.
සියලු උපද්‍රව ශේෂයක් නැතිව විනාස වේවා.
දිසාසු දස භාගේසූ - ඨිතා බුද්ධානු භාවතෝ
වේරාපි අන්තරායාපී - විනස්සන්ති අසේසතෝ
ඒවමාදි ගුණෝපේතං - පරිත්තං තං භණාමහේ
පදුමුත්තරෝ පුරත්ථිමායං - අග්ගිම්හි චේව රේවතෝ
දක්ඛිනේ කස්සපෝ බුද්ධෝ - නේරුතේච සුමංගලෝ
පච්ඡිමේච සිඛී බුද්ධෝ - වායව්‍යා මේධංකරෝ
උත්තරේ පියදස්සීච - ඊසානේ දීපංකරෝ
පථව්‍යා කකුසන්ධෝච - ආකාසේ සරණංකරෝ
ඒවං දස දිසාචේව - සබ්බේ බුද්ධා පතිට්ඨිතා
අච්චන්තරායා සබ්බ තේ - සෝක රෝග භයාපිච
විනස්සන්තු සදා තුයිහං - සබ්බිරියා පථේසුච
යක්ඛාදි දේවතාහීච - රාජ චෝරාරි අග්ගිහී
අමනුස්සේහි සබ්බේහී - තිරච්ඡාන ගතේහිච
ජාතා උපද්දවා සබ්බේ - විනස්සන්තු අසේසතෝ
සිරස්මිං තේ බුද්ධ සෙට්ඨෝ - සාරිපුත්තෝච දක්ඛිනේ
වාමංසේ මොග්ගල්ලානෝ - තේ පුරතෝ පිටකත්තයං
පච්ඡිමේ තව ආනන්දෝ - චතුද්දිසා ඛීණාසවා
සමන්තා ලෝක පාලාච - ඉන්ද දේවෝච බ්‍රහ්මච
ඒතේසං ආනුභාවේන - සබ්බූපද්ද චුපද්දවා
අනේකා අන්තරායාපී - විනස්සන්තු අසේසතෝ

Пікірлер: 3
@Sithumsan
@Sithumsan 6 ай бұрын
🙏🙏🙏
@anandathewarapperuma5749
@anandathewarapperuma5749 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@wihanganimnada4588
@wihanganimnada4588 6 ай бұрын
🙏🙏🙏❤
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 136 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 56 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 75 МЛН
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 12 МЛН
SEEVALI PIRITHA   සීවලී පිරිත
6:46
Ananda Thewarapperuma
Рет қаралды 75
Seth Fm - සදාසාරණ නුවානය
21:26
Seth Fm
Рет қаралды 86 М.
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 136 МЛН