Makaraya | මකරය සොයා | Dragon’s Mouth | ලංකාවේ ලොකුම ජලාශයට ජලය සපයන ගල් ඔය දිගේ මකරයට | 4K

  Рет қаралды 70,902

Dinesh A Pathum

10 ай бұрын

මකරය සොයා ගිය අපූරූ චාරිකාවේ රූප රචනාව
මානාව අතරින් රිංගා ගොස්, ගල් උඩින් නැග තවත් ගල් අකුලකින් රිංගා කෙමෙන් කෙමෙන් ලගා වූයේ වැලි තලාවටයි. වැලි තලාවේ දකුණු පස සොදුරු මකරයේ ගල් පර්වත සමූහයත්, වැලි තලාවේ වම් පසින් ගල් ඔය ජලාශයත් ය. මේ අතරින් වැටී ඇති දිගු වැලි තලාව අතරින් අඩි දෙකකට වඩා නොඅඩු සුපැහැදිලි දිය දහරාවක් ගලා යයි. "ගල් ඔය ජලාශය" එසේත් නැතිනම් "ඉගිනියාගල ජලාශය" එසේත් නැතිනම් "සේනානායක සමුද්‍රයට" එපිටින් ඇත්තේ සොදුරු කදු වලල්ලකි. ඈතට යන තෙක්ම ක්‍රමයෙන් නිල් වර්ණය අඩු වැඩි වෙමින් වර්ණ ගැන් වී ඇති කදු පංති සමූහය මනස්කාන්තය. සැබැවින්ම ඒ සොදුරු ඉසව්ව වචනයෙන් පහදන්නට හෝ වර්ණනා කරන්නට මා හට නොහැකි තරම් ය.
අප කංඩායම වැලි ඉවුරේ එක් අන්තයකට ගොස් එහි මදක් විවේක ගත්තේ අවට ඇති සුන්දරත්වය නරඹමිනි. රැගෙන ආ කුඩා කේතලයට ගල් ඔයෙන්ම ගලා යන ජලයෙන් බිදක් ගෙන එය ලිපේ තබා ගත්තේ විවේකය උණුසුම් තේ පානයකින් රසවත් කර ගැනීමට යි. "මකරයේ" සිට උණුසුම් තේ කෝප්පයක් පානය කිරීම සංචාරකයෙකුට අමතක නොවන අත්දැකීමකි. "මකරය" මෙතරම් ජනප්‍රිය වන්නට ප්‍රධානතම හේතු සාධකය නම් ලංකාවේ විශාලතම ජලාශය වන "ගල් ඔය ජලාශයට" ප්‍රධාන ජල පෝශකය ලෙස කටයුතු කරණ මඩොල්සිම,බිබිල හරහා කිලෝමීටර හතලිහක දුරක් ගලා එන "ගල් ඔය" "ගල් ඔය ජලාශයට" වැටෙන ස්ථානය "මකරය" නැතහොත් "මකර දොර" යනුවෙන් හැදින්වීමයි.
ගල් ඔයට අමතරව "සෙල්ලක්ක ඔය, දහවල් ඔය, ගිරිතලා ඔය,කැබැල්ල බොක්ක ඔය" මගින් ජලය රැගෙන එන අතර ජලාශය අවට ප්‍රදේශය විශාල රක්ෂිතයකි. වන සතුන්ට, කුරුල්ලන්ට තෝතැන්නක් බදු වූ ගල් ඔය රක්ෂිතය අලි ඇතුන්ගේ රාජධානියකි. අපි තේ බිව් ඉසව්වට මදක් ඔබ්බෙන් දකින්නට ලැබුනේත් අද දිනයේ උදෑසන දිය පානය කිරීමට පැමිනි හස්ථිරාජයකුගේ පිය සටහන් ගනනාවකි. නිරන්තරයෙන්ම අලි ඇතුන් පැමිනෙන මකරයේ පැය ගනනාවක් ගත කල අප ඉර අවරට යන්නට මත්තෙන් ඉන් නැවතත් පිටත් වූයේ නැවතත් කුඩා ගම්මානයකට පැමිනීමට නම් වනාන්තරය මද්‍යයේ සිට තවත් කිලෝමීටර පහළොවක පමන දුරක් ආපසු ගමනට ගෙවා දැමිය යුතු වූ නිසාවෙනි.
ආයුබෝවන් මම දිනේෂ්
Another adventurous chapter about Elephants. This video is based in the Inginiyagala suburb. On the first day of this journey, we camped at the Galoya Mahadorowwa camping site. This video is beginning from our second day of this trip.
Senanayake Samudraya is the largest and one of the most iconic reservoirs in Sri Lanka. In this video, we are fortunate enough to see the incredible mouth known as the “dragon mouth”, the opening of the Galoya Reservoir. There are many more adventures to watch in this video. I hope you will enjoy the journey with us
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 400
@Nethsara-138
@Nethsara-138 10 ай бұрын
ලංකාවෙ හොඳම traveling team එක තමා මේ
@danidunawanjana4880
@danidunawanjana4880 10 ай бұрын
පීරිස් අයියගේ වාහනේනම් ගන්න දෙයක් නැතුව ඇති .😅🖤
@Pramod_Pathirana
@Pramod_Pathirana 10 ай бұрын
ලංකාවේ මෙ තරම් බලන්න තැන් තියෙද්දී අපි මේ ගෙවන ජිවිතය ගැන කලකිරෙනවා 😢
@idusarasudeepa2201
@idusarasudeepa2201 10 ай бұрын
දැන්නම් දිනේශ් අයියට 4WD වාහනයක් ගන්න කාලෙ හරි වගේ🌚❤️
@sangeethjayamaha105-b4o
@sangeethjayamaha105-b4o 10 ай бұрын
අයියගේ විඩියෝ බලන්න කියලා මට කිව්වේ එක නංගි කෙනෙක්..මුලින්ම බැලුවේ අවාරේ සිරිපා විඩියෝ එක.එදා පටන් ගත්ත ගැම්ම දැන් notification එක ආව ගමන් බලන තැනට පත්කරලා ඉවරයි.ජය වේවා අයියේ.හදවතේ සංචාරකයා..ඒ වගේම තැන්ක් යු නංගි Imesha .
@harshiEdirisingha
@harshiEdirisingha 10 ай бұрын
ඉගිනියාගලදි නැවත මුනගැහෙයි ...එතෙක් ඔබට සිතුතියි ...තෙරුවන් සරණයි ....
@ruvinimedagedara
@ruvinimedagedara 10 ай бұрын
"ආයුබෝවන්, මම දිනේෂ්", මේ වචන ටික ඇහෙද්දි දැනෙන අධ්‍යාත්මික සුවය...☺️🧘 ඒක වෙනම vibe එකක්.. ඉවසිල්ලක් නැතුව හිටියේ දානකන්..වේලාව ලැබුණ ගමන් මේ බලනවා... තෙරුවන් සරණයි දිනේෂ් අයියා... ඉපදුන රටට,සොබාදහමට,දෙමාපියන්ට ණය නැති අපූරු චරිතයක්...❤💚
@chathurangabandara8236
@chathurangabandara8236 10 ай бұрын
හදවතේ සංචාරකයා ❤
@gameingwithpissukolla3548
@gameingwithpissukolla3548 10 ай бұрын
දිනේෂ් මකරය කියලා ඔයා අපිට පෙන්නන්‍ය්න හදපු දෙ එතන තිබුනද මo නම් අහලා තියෙන්නෙ මකරය කියන්නෙ විශාල ජලකදක් එක පාරටම මකර කටට යනවා වගෙ අතුරු දහන් වෙනවා කියලා . ඔයාගෙ උත්සහයට ස්තූති ලොකු දුෂ්කර ගමනකින් තමයි ඔය තැනට එන්න ඇත්තෙ ඩ්‍රෝන තහනම්ද ඔය පැත්තට දිනේෂ් ලොකු පීරිස් සහන් තුන් දෙනාටම ස්තූතිය . ජය
@mayurithakshila4352
@mayurithakshila4352 10 ай бұрын
"ස්වභාවධර්මයේ මායාවෙන් වට වු කුඩා නිවහනක සරල දිවියක් ගත කිරිම පිළිබද සිහිනයක් මා තවමත් දකිමි..."මෙ වගෙ video දකිද්දී හැමදාම මට මතක් වෙන්නෙම මෙ වචන Thank you දිනේෂ් අයියා ❤❤❤😊
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි 🇱🇰🇱🇰 මගේ පින්බර සුන්දර පින් බිම ශ්‍රීලංකාව.
@shashithilakarathne3389
@shashithilakarathne3389 10 ай бұрын
ගොඩාක් පිං දිනේශ් අයියේ ඔයාට හස්තින් ගැන කතා කරන්න හිතපු එකටත්.🙏දිනෙන් දින නැති වෙලා යනවා අපේ අලි සම්පත.😢රැක ගමු අයියේ කොහොම හරි..ඔයාටත් ලොකු පීරිස් අයියටත් ජය..❤
@vinduindiwari1106
@vinduindiwari1106 10 ай бұрын
නිහඬ වීරයා එක්ක හදවතේ සංචාරකයා....❤❤❤❤ දෙන්නාටම තෙරුවන් සරණයි 🥰🥰🥰🥰
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
දැන් ඉතින් ජිප් එකක් ගමු ඉක්මනට.. ලස්සනයි වැඩේ ❤❤ජය වේවා මල්ලී
@Kevin_Rajapakshe
@Kevin_Rajapakshe 10 ай бұрын
එතකොට Travel weekend එක්ක සෙට් වෙලා ඇවිදින්න යැතෑකි ❤️🌝
@user-mo5hp2fi1n
@user-mo5hp2fi1n 10 ай бұрын
හිත නිවෙන කට හඩක්❤
@KOTAz_vlogger
@KOTAz_vlogger 10 ай бұрын
ආසම කෙනෙක්, ආසම වැඩක් මාත් go pro එකක් පුලුවන් ගේමක් ගහලා ඉක්මනට ඇරගෙන රට වටේ යනවා❤️👣
@shewonfdoz407
@shewonfdoz407 10 ай бұрын
හදවතේ සංචාරකයා සොදුරු නවාතැනක් 🇱🇰 ජය වේවා ආදරෙයි ඔබට දිනා මරූ ❤ මේක එනකන් බලන්ම උන්නා ස්තූතී ඔබට බුදු සරණයි ජේසු පිහිටයි නැවත සොදුරු නවාතැනක හමුවෙමු ඔබ ස්තූතී
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm 10 ай бұрын
මම දැක්ක හොදම සංචාරකයා අයියා ඔයා😘💚 අපූරුවට පද ගලප ගලප සොබාදහම දනවන අපූරුව 🥺❤ ඔබට වරදින්නෙ නෑ අයියේ ... දීර්ඝ කාලයක් මේ සොබාදහම විදින්න...💕 අපිටත් දනවනවට බොහොම ස්තුතියි🥺❤🌿💚
@indikaudayashantha4181
@indikaudayashantha4181 10 ай бұрын
ස්තුතිය දිනේෂ් ....❤❤ එ කැපවිමට ලොකු පීරිස් සගයා සහන් ඔබලත් නිහඩ නිහතමානී වීරයෝ ...ලංකාවේ සොඳුරු සංචාරකයන්.. දිනේෂ් ඔබට හස්ති ශක්තිය ලැබෙන්න ඕන ❤❤❤❤🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🙏🙏🙏
@sagarapeiris1571
@sagarapeiris1571 10 ай бұрын
@hedatraveller5616
@hedatraveller5616 10 ай бұрын
කොච්චර දිබිරි කලා ඇද්ද. මේ ගල්ඔය නිම්නයේ මා. බොහොම ස්තුති. සංචාරක කර්මාන්තයට නිල්ගල /නාමල්ඔය / ඉගිනියාගල / පොල්වත්ත / වඩිනගල කොටින්ම කිවොත් එක රජ දිගාමඩුල්ල ට මේ රූප රචනාව ඔස්සේ කර මෙහේට ගොඩක් පින් අයියා. අයියාට පින් වගේ ගල්ඔය කියන්නේ ලංකාවේ අනිත් රක්ෂිත වලට වඩා මිනිස් වාසය අඩු තැනක් ඉතිම් මේ රූප රචනාව බලන අය එන්න හැබැයි. අනිත් තැන් වගේ විනාශය කරන්න නම් එපා මගේ උපන් බිම් තැන්න රැකේවා ශිරත් කාලයක්. දෙවන වතවටත් අයියාට පින් ❤ 15:31
@user-dh1to5zx9m
@user-dh1to5zx9m 10 ай бұрын
ස්තුති යි අද ම ඉතිරි වීඩීයෝ ව දුන්නාට පුදුමාකාර ලස්සන සුන්දර පරිසර යක් වෙතට රැගෙන ගියාටත් ගොඩක් ස්තුති යි
@sameerarathnayake9618
@sameerarathnayake9618 10 ай бұрын
මගෙ රටෙ ලස්සන❤❤මගෙ ඇසුත් පින් කරලා තියෙනවා මෙ වගෙ තැනක් විඩියො වකින් හරි බලන්න ගොඩක් පින් ඔයාලට කියන්න වචනනැ මාරම ලස්සනයි 🙏❤️බුදුසරණයි දෙවි පිහිටයි
@nethahinsa3570
@nethahinsa3570 10 ай бұрын
අපට යන්න ආසයි උනත් නොයෙකුත් ගැටළු නිසා යන්න බැරි තැන් මෙහෙම හරි බලන්න පෙන්වනවාට ගොඩක් ස්තූතියි ❤️
@nawodawijekoon9883
@nawodawijekoon9883 10 ай бұрын
DAP♥️ හදවතේ සංචාරකයා💚🤍බලන් හිටිය විඩියෝ එක..
@NuwanThushara-wd8lc
@NuwanThushara-wd8lc 10 ай бұрын
රෑප රචනා දෙකම බැලුවා හරිම සොඳුරු ගමනක් අයියේ ඉළග එක ඉක්මනට දෙන්න.....
@ishialo18
@ishialo18 10 ай бұрын
තවත් අපූරූ ලෝකයක්.මකරය වටා අපිව එක්කන් ගියාට. ස්තුති ආදරණීය සොදුරු සංචාරකයා දිනේෂ් අයියා , ලොකු පීරිස්, සහන්.❤️🙏
@user-zt2tp5rt7m
@user-zt2tp5rt7m 10 ай бұрын
ආයුබෝවන් මම දිනෙශ් ❤ නැවතත් ආවා මගෙ මල්ලි විඩියො එකක් එනකම් බලන් උනෙ ඔයා ලාට බුදු සරනයි 🙏🙏 පරිස්සමෙන් සොබා දහම ආශිර්වාද යක් වෙවා ❤🇰🇼🇱🇰❤
@Divanka965
@Divanka965 10 ай бұрын
දානකම් බලන් හිටියෙ ❤ජය වේවා අයියෙ 🍃💚
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 10 ай бұрын
ආයුබෝවන් ... 🙏 💐දිනේෂ් අයියේ ... ලොකුපිරිස් අයියේ... සහන් මල්ලී... අනේ මන් බලන්නම් මේ සොදුරු ගමනාන්තය සොදුරු ඉසවුව අගෙයි හැමදාමත් ඔයාලා.... ඔයාලට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! තෙරුවන් සරණයි ! 🙏
@madhawaaravinda3485
@madhawaaravinda3485 10 ай бұрын
කලින් විඩියෝ එක බල බල ඉදිදි මේ නොටිෆිකේෂන් එක ආවේ❤😊
@hashenchamindu7607
@hashenchamindu7607 10 ай бұрын
"මකරය" හරියට Adventure ෆිල්ම් එකක තියෙන ගුප්ත තැනක් වගේ...අමුතු, ගුප්ත ලස්සනක් තියෙන්නෙ මුළු වටපිටාවේ ම...හැමදාමත් වගේම වීඩියෝ එක නම් කියන්න වචන නැති තරම් ලස්සනයි...ඒ වගේම නොදන්න දේවලුත් ගොඩක් දැනගත්තා...ඊලඟ වීඩියෝ එකත් ඉක්මන්ටම බලමු...ජයවේවා අයියේ😍❤️💯
@nivithigala_kalii
@nivithigala_kalii 10 ай бұрын
ජය වේවා හැමදාමත් තෙරුවන් සරණයි 💗💗💗
@user-vb1nf2mj4q
@user-vb1nf2mj4q 10 ай бұрын
අපි ගියා එක සැරයක් මකරෙ. පුදුමාකාර ලස්සන ම ලස්සන පාරාදීසයක්. බිබිලෙ ඉඳල ඇවිත් කැලේ ඇතුලට ලොකු දුරක් ගිය ඒ ගමන පුදුමාකාර ලස්සන යි. ගල් ඔය සේනානායක සමුද්‍රය මුණ ගැහෙන තැන. එතන ඉදල කිලෝමීටර ගාණක් ඈත බැලුවම සේනානායක සමුද්‍රයෙ වැව් බැම්ම පේනව පුංචිය ට. කියල නිම කරන්න බෑ ඒ ලස්සන. අදටත් ඒ ගමනේ මතකය සුන්දර යි.
@nishanhmdn
@nishanhmdn 10 ай бұрын
වැස්ස + ප්ලේන්ටිය + මකරය රූප රචනාව.💆‍♂️💚🍃
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 10 ай бұрын
හමිමො බලන් හිටියේ 💚❤️
@kushanfernando3308
@kushanfernando3308 10 ай бұрын
මතක් වෙනවා ඉස්සර පොඩි කාලේ සැරිසර බැලුවා.බොහොම පින් අපිට දැකගන්න බැරි තැන් ගොඩක් අපිට පෙන්නනවට..ආසයි එක ගමනක් හරි යන්න ඔයාලා එක්ක❤❤
@asmuchasyoucan..
@asmuchasyoucan.. 10 ай бұрын
Sirawatama e kale mama godk podi unat acawenm baluwa❤️‍🔥
@malikanaber3613
@malikanaber3613 10 ай бұрын
අනේ ඔයලට තව සක්තිය ජවය ලැබේව ලස්සන ලංකාව පෙන්වන්න ♥️♥️♥️♥️ඔයලට බුදුසරණයි
@chathubro5561
@chathubro5561 10 ай бұрын
හදවතේ සන්චාරකයා. මේ කෙනා හදවතට වැදෙන්න කාටවත් බෑ ලේසියෙන්. දිගටම කරගෙන යන් සහෝදරය❤
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 10 ай бұрын
එතන ලස්සන කියන්න වචන නැ . හැබැහින් දැකින්න පින නැතත් මෙහෙම හරි දකින්න පුළුවන් උනේ ඔයාලා නිසා .. ස්තුතියි දිනේෂ් . එක නමි පිස්සුවක් මකරය 💚❤️🌿
@heshanieuthpalaa9785
@heshanieuthpalaa9785 10 ай бұрын
Another masterpiece!!so green and lush my beautiful country Sri Lanka..can’t wait to come back home. Watching from NZ 🇳🇿
@navindupiumal475
@navindupiumal475 10 ай бұрын
අපේ පැත්ත 🇱🇰❤️❤️ ජය වේවා අයියා 🇱🇰❤️❤️
@oshandhananjaya1120
@oshandhananjaya1120 10 ай бұрын
ඔයා මේ වීඩියෝ එක දානකම් මම මග බලාගෙන හිටියෙ බොහොම ස්තූතියි ❤❤ #DAP
@psadhu2038
@psadhu2038 10 ай бұрын
බුදුසරණයි සහෝදරයා ...🙏🙏🙏🙏🙏🙏... තව තවත් දහිරිය, ශක්තිය ලැබෙන්න ඕනා... අපිට කවදාවත් යන්න පින නැති තැන් වලට මෙහෙම එක්කගෙන යනවාට...
@sangeethnuwan253
@sangeethnuwan253 10 ай бұрын
10:58 ඇත්තම කියනවනම් අර ඉස්පාසුවක් නැ කියන්නේ 👣💚☘️🐘🙏❤
@orith589
@orith589 10 ай бұрын
අමුතුම ලෝකයක් මේ සංචාරය නම්...හැමෝටම බුදු සරණයි ..සියලුම දෙවියන්ගෙ පිහිටයි ... ඒ වගේම හුඟාක් පින් ඔයාලට....
@chariththimantha
@chariththimantha 10 ай бұрын
තෙරුවන් සරණයි මල්ලි ජයවේවා ❤️
@susarachanthula1486
@susarachanthula1486 10 ай бұрын
@nayanarukmali7397
@nayanarukmali7397 10 ай бұрын
අනිත් එකත් අදම දැම්ම නම් තමයි හොද.බලන්න බලාගෙන ඉන්නෙ.බුදු සරණයි අයියෙ.
@heshan973
@heshan973 10 ай бұрын
ගොඩක් පිං අපේ රටේ මේ වගේ සුන්දර ඉසව් වෙහෙස මහන්සිය නොබලා ඉතා අපූර්ව ලෙස දෙස් විදෙස් අපිට බලන්න අවස්ථාව ලබා දෙනවට 😍🙏💐💚 ලොකු පීරිස් ,සහනේ, දිනෙෂ් සහෝදරයා ඔයාටත් ජයවේවා හදවතින්ම 💚🍃 ඉදිරියටත් මේ වගේ සුන්දරත්වයෙන් පිරුණු ඉසව් සොයා යන්න ශක්තිය ලැබේවා 💚🐘🌱🦅🌳🍂🐾️❤️
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@alfaridets-sv8gr
@alfaridets-sv8gr 10 ай бұрын
දිනේෂ් අයියා වගේ මිනිස්සු ගොඩක් හිටිය නම් මේ රට උනත් හදන්න පුළුවන් දිනේෂ් අයියා වගේ මිනිස්සු තමයි මේ රටට ඕනේ ❤❤❤😊
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 10 ай бұрын
අද බලන්න බැරි වෙයි කියලා හිතුවට. දාපු ගමන්ම video එක බලන්න පින තිබ්බා...ස්තූති තවත් අලුත් ගමනාන්තයකට රැගෙන ගියාට.. 🌻💚
@Asanka2941
@Asanka2941 10 ай бұрын
ඉවසිල්ලක් නැතුව හිටියේ දානකන් වීඩ්යෝ එක,තවත් සිත නිවන සති අන්තයකින් හමුවෙමු❤️❤️
@JANABRO348
@JANABRO348 10 ай бұрын
එක වීඩියො එකක් නෑරම බලනවා දිනෙ ගොඩක් පිං මෙ විදියට අපිට ලජකාවෙ තියෙන සුන්දර තැන් ⁣බලන්න දෙනවට❤❤❤
@shakthimanamperi115
@shakthimanamperi115 10 ай бұрын
2 weni kotasath pattaa Dinesh Ayya and team..!
@koshilamadurangani236
@koshilamadurangani236 10 ай бұрын
මේක බලනකොට හිතෙන්නෙම දැන් අලියෙක් එයි දැන් එයි කියලමයි.කිසිම කරදරයක් නොවේවා....සොබාදහම රකින්නා සොබාදහමෙන්ම රැකෙනවාමයි.🌹🌹🌹🌹
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@priyakalutharaneedssamanth4181
@priyakalutharaneedssamanth4181 10 ай бұрын
❤❤❤ mama Dinesh ❤❤❤,, eka harima lassanai kawadawath dekala nee,, ❤❤ . Budu saranai parissmin api baya una,, oya wage kanekta ahema karadara wenne nee ,, godak Hoda kenek,,, ❤❤ okkoma parissmin,,,
@youtubekaviya731
@youtubekaviya731 10 ай бұрын
වැසි ඇති දවස ් වලට ඇත්තටම මකර වගේ ඇති .......❤️❤️
@sujathakalugala3444
@sujathakalugala3444 10 ай бұрын
තෙරුවන් සරණයි අපිට කවදාවත් බලන්න බැරි අපේ රටේ ලස්සනම තැන් පෙන්වා දෙනවට ඔබලාට බොහෝමත් පිං තව තවත් ශක්තිය ධහිර්‍ර්‍ය ලැබේවා
@somalatha3761
@somalatha3761 10 ай бұрын
අපේ මව්බිමේ සුන්දරත්වය මුලු ලෝකයටම දැකගන්න සලසනවාට බොහෝම පින් පුතාලට මේතරම් ලස්සන රටක් ලෝකයේම නෑ ඒක හොදින් ම දැනෙන්නේ විදේශගත අපිට පුතාලගෙ වීඩියෝ දකිද්දී හිතට දැනෙන සහනය සැනසීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් පුතාල මේ කරන කැපකිරීමට වෙහෙස මහන්සියට ගොඩක් පිං කිසිම අතුරු ආන්තරාවක් නොවේවා යෝධබල යොඩශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
@dhanukaireshan
@dhanukaireshan 10 ай бұрын
අයියෙ මාත් ගිහින් තියෙනව .දැන් අවුරුදු 6 කට කලින්.ඒක නම් මාරම අත්දැකීමක් . ඔයාට ජය වෙන්න ඕනි.
@nalleaiya6603
@nalleaiya6603 10 ай бұрын
මාමේ මම ඔයාගේ vidio වලට ගොඩක් ඇබ්බැහි වෙලා ඉන්නේ. මම ෆෝන් එක ගත්තොත් මුලින්ම එන්නේ ඔයාගේ chanel එකට. 💚💚💚💚💚💚
@TRACKER_DS.
@TRACKER_DS. 10 ай бұрын
The best traveler of srilankan.DINESH A PATHUM😍
@darsahananawarathna5044
@darsahananawarathna5044 10 ай бұрын
ලෙන්ගතු සංචාරකයා..... මෙවන් රූපරචනා ගෙන ඒමට ඔබට තව තවත් ශක්තිය ලැබේවා....🌿☘️🍃🌳🙏🙏🙏
@raveenmadushan8722
@raveenmadushan8722 10 ай бұрын
හඳවතේ සංචාරකයා❤❤❤❤
@CharityDeA
@CharityDeA 10 ай бұрын
ලන්කාවේ ලස්සන ... මේ අපේ ආඩම්බරය! 🙏🇱🇰❤🙏
@wasantakumara5770
@wasantakumara5770 10 ай бұрын
ලස්සන පරිසරයාක් නෙද දිනෙස් අයියෙ ❤❤
@hiroshanisiriwardhana5080
@hiroshanisiriwardhana5080 10 ай бұрын
තවත් සුන්දර රූප රචනාවක් එමෙන්ම අර්ථවත් පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබ සැමට
@thiliniliyanage4089
@thiliniliyanage4089 10 ай бұрын
අපි නොදන්න දේවල් පෙන්නනවට ඒවා ලස්සනට විස්තර කරනවට ගොඩාක් පිං අයියා ❤️❤️❤️ මේ සුන්දර පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම් ප්‍රාර්ථනා කරනවා 😍😍😍
@ranukachandeepa
@ranukachandeepa 10 ай бұрын
අපෙ රටේ සුන්දරත්වය ගැන පෙන්නනවට ,කියා දෙනවට බොහොම ස්තූතියි දිනේශ් අයියේ.
@ffyt506
@ffyt506 10 ай бұрын
හදවතේ සංචාරකයා❤❤🎉🎉
@kavindichamodya6944
@kavindichamodya6944 10 ай бұрын
ඊළග සංචාරෙත් ඉක්මනට දාන්ඩෝ...........🤭💚🍃🐘
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 10 ай бұрын
නොදත් බොහෝ දේ දැනගත්තා ඔබට ගොඩක් පින්❤
@user-xk2rr3ye6p
@user-xk2rr3ye6p 10 ай бұрын
Another great one ❤ Budusaranai
@kaveeya4261
@kaveeya4261 10 ай бұрын
සොබා දර්මෙට කොච්චර ආසවක් හිතෙනෙවද මෙහෙම විඩියො බලද්දි tanx දිනෙශ් අයියෙ අපිට විඩියෝ වලින් හරි මෙහෙම සුන්දර දසුන් පෙන්නනවට ❤️
@nimalbulathsinghala783
@nimalbulathsinghala783 10 ай бұрын
වැඩසටහන ඉතා හොදයි. ජනතාව දැණුවත් කිරිම ගැනත් ඉතාමත් වැදගත්. 💪👍🙋
@pathmakumara5839
@pathmakumara5839 10 ай бұрын
බුදු සරණයි හතර දෙනාටම බොහොමත්ම පිං ඔබට මෙිවා අපිට පෙන්නවාට
@dkulatunga1148
@dkulatunga1148 10 ай бұрын
සොබාදහම ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ් සහා නිහඬ සගයා ලොකු පිරිස් සහා නිහඬ කැමරාකරු සහන් ජයවේවා තෙරුවන් සරණය් ..❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰👍👍👍
@monikajayasinghe466
@monikajayasinghe466 10 ай бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා අපේ හෙළ බිම සදා වාසනාවන්. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් වටිනවා video Eka. සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු පින් බිමේ ඉපදීම මොන තරම් baggiyakda. හරිම සන්තෝසයි. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. තබන තබන පියවරක් පියවරක් පාසා ආරක්ෂාව, රැකවරණය නොඅඩුව ලැබේවා.....!!!!!!
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 10 ай бұрын
ආදරෙයි හැමදාමත් මේ පින්වත් ස්භාවදහමට .... ❤️❤️❤️
@nalikabulathsinghala8991
@nalikabulathsinghala8991 10 ай бұрын
මේකනම් ඇබ්බැහියක්....මෙම රූප සටහන බලන හැම මොහොතේම සිතෙන්නෙ දැන් අලියෙක් එයි කියලා...ඒ තරම් කුතුහලයක් සිතට නැගෙනවා...දිනෙශ් මල්ලි මෙම රූපසටහන් ගෙන ඒමට ඔබලා පුදුම මහන්සියක් දරනවා කියලා අපිට පේනවා....කෙසේ නමුත් සොබාදහමට ආදරය කරන්නාව සොබාදහම විසින් ආරක්ශා කර දෙනවා....ඔබලාට කිසි දිනක කිසිම කරදරයක් නොවේවා...තවත් හොඳ රූප සටහන් කිරීමට ශක්තිය ලැබේවා....සැමට තෙරුවන් සරනයි .🙏🙏❤️❤️
@buddhikapradeep3584
@buddhikapradeep3584 10 ай бұрын
හදවතින්ම ඔයාට ගොඩක් ස්තූතියි අයියෙ🙏...හදවතේ සංචාරකයා ❤
@heshanialuthge5713
@heshanialuthge5713 10 ай бұрын
තෙරුවන් සරනයි දිනේශ් අයියා, ලොකු පීරිස්,සහන් අයියා...❤️❤️
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 10 ай бұрын
හැමදාමත් වගේ වටින නොදන්න දේවල් ගොඩක් දැනගන්න පුලුවන් උන වීඩීයෝ එකක් අයියේ නියමයි.මීට කලින් මකරේ ගැන අහලා තිබ්බට අද තමා හරියටම දැක්කේ ඒ ලස්සන.ඉතින් හැමදාමත් වගේ ජයවේවා.තවත් මේ වගේ වීඩියෝ ගෙන්න ශක්තිය නොවඩුව ලැබේවා.ජය❤🔥💪
@shyamacooray6756
@shyamacooray6756 10 ай бұрын
ඔබ්ට බොහෝම පින් සිදුවේවා. අපට කවදාවත් යන්නට නොහැකි ලන්කාවේ අති දුර්ලබ සොබා සුන්දරත්වය පෙන්වා එය අත්විදීමට සැලසීම ගැන 🙏
@danushkrisha7314
@danushkrisha7314 10 ай бұрын
සුපිරි aeya තෙරුවන්ගේ පිහිට ලැබේවා පරිස්සමෙන්
@lahirudilshan4635
@lahirudilshan4635 10 ай бұрын
වචන ටික ගලාගෙන යනවා. හරි අපූරුවට... හදවතේ සංචරකයා ❤️
@iswaragekusum9996
@iswaragekusum9996 10 ай бұрын
කෙසේ නම් ස්තුති කරන්නද මනස් කාන්ත සුන්දර දසුන් මගේ මතකයේ සැමදාම තිබේ වි මකරය සැමදා අලි රජුන් රකී වා ජයවේවා!
@asankaperera9682
@asankaperera9682 10 ай бұрын
හරිම ලස්සනයි අය්ය ❤️ ඔයා විතරයි මගේ රට 🇱🇰මේ සොබාදහම🌿 මේ තරම් සුන්දරව අපිට දකින්න සැලසූ එකම හදවතේ සංචාරකයා. මේ තරම් හදවතට සොබාදහම සමීප keranne පුළුවන් sancharakayek වෙන නැති තරම් 💚 ayyage කට හඬ ahene කොට mate මතකයට එන්නෙ හේම නලින් කරුණාරත්න මහතා එතුමාත් සොබාදහම ගැන කියලා දුන් මා ගොඩක් කැමති පුද්ගලයෙක් 😘🧔❤️ DAP
@dhanushkaprabhath5530
@dhanushkaprabhath5530 10 ай бұрын
ගොඩක් පින් ඔබට ...සොඳුරු දසුන් අපගේ නෙතු මානයට ගෙනාවට....
@thilinadarshana6050
@thilinadarshana6050 10 ай бұрын
රැකියාව සදහා වෙනත් රටක ජිවත් වෙන අපිට ඔයාගේ මේ වගේ හිත නිවන අපේ මිහිකතේ විඩියෝ ඔය කට හඩ අපෙ විඩාව නිවනවා. ඔයා ඇතුලු ලොකු පිරිස් ඇතුලු සගයන්ට ස්තූතිය 🎉🙏❤️🥰
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 10 ай бұрын
සොදුරු සංචාරකයන්ගේ තවත් සොදුරු සංචාරයක්...........👍
@AndrewEnglish-pf3nm
@AndrewEnglish-pf3nm 10 ай бұрын
Wow! What a beautiful video. Thank you, Dinesh!
@darshanan3244
@darshanan3244 10 ай бұрын
We made it so impressed part 2 to "Makaraya", thanks and honour DAP for your tremendous effort to bring this hidden beauty of mother land to the world. Your eyes created wonder, thanks Mr Peries for the tea. ❤❤, To be conducted.....
@theruwansaranai6029
@theruwansaranai6029 6 ай бұрын
මගේ ජීවිතේ දැකපු සුන්දරම සංචාරකයෝ කිව්වොත් මා සීයට සීයක් නිවැරදී.....🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nadunmadusanka2365
@nadunmadusanka2365 10 ай бұрын
ඉතිරි ටික දානකම් හිටියේ
@user-tq2rm2sj7l
@user-tq2rm2sj7l 10 ай бұрын
අනේ පුතේ අනිත් වීඩියෝ එකත් ඉකමනින් දාන්න අපිට බලා ගන්න බැරි දේවල් මෙහෙම හරි බලන්න හම්බෙනවට ඔයාට පින් පුතේ ඔයගේ වීඩියෝ මට භාවනාවක් වගේ❤❤
@sandamalihewawasam2505
@sandamalihewawasam2505 10 ай бұрын
oya මිනිස්සු ගොඩක් හිටිය නම් මේ රට උනත් හදන්න පුළුවන් දිනේෂ් අයියා වගේ මිනිස්සු තමයි මේ රටට ඕනේ .oya godak pin karapu kenek godak satutuyi budusaranayi.දිනේෂ් අයියා වගේ
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@travelrosa
@travelrosa 10 ай бұрын
අයියන්ඩී❤
@shehanchathuranga636
@shehanchathuranga636 10 ай бұрын
Wenada wge adath lassanama lassana video ekak.adareiiii hdawathe sancharakaya❤❤❤❤
@nishanthidarshani4310
@nishanthidarshani4310 10 ай бұрын
Abala thibune na damala thibune na watina wadasathanK oba athu samatama theruwan saranai❤❤❤
@roshandeshappriya8707
@roshandeshappriya8707 10 ай бұрын
D.A.P. හදවතේ සංචාරකයා.& ලොකු පිරිස්.❤❤❤❤❤❤