ප්‍රත්‍යක්ෂ අවබෝදය ලබපු කෙනෙක් සමග කතාබහක්/Enlightment Experience/මේ මොහොතට අවදිවීම

  Рет қаралды 30,471

Coach With Nuwan

Coach With Nuwan

Жыл бұрын

අද්‍යාත්මික අවබෝදය සොයා යන අයට යම් උපකාරයක් ලබා දීමේ අරමුණින් මෙම සංවාදය පැවැත්වේ....එහි වචන...වාක්‍ය...සහ හැඩතල අල්ලා ගැනීමේන් වලකින්න......සියලු දැනුම පැත්තකට දමා අමුවෙන් අහන්න.

Пікірлер: 279
@TheHimira
@TheHimira Жыл бұрын
මෙම සොදුරුවූ අවබෝධය තුලින් ලොව දකින්නෝම එහි සුවය අත් දකිති. සිතෙන් ම හටගත් ලොවේ ගිනි, සිත තුලින්ම නිවාලූ ඒ අප මහා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සත් ධර්මයට ඒ සැහැල්ලුවේ ගෞරවය පූජාවේවා....
@rohanellawala2306
@rohanellawala2306 Жыл бұрын
ඔබත් නැති මමත් නැති ඒ සොදුරැ පැවැත්මට ඒකාත්මික වු ඔබට මාගේ සුභ පැතුම්
@nka7294
@nka7294 Жыл бұрын
" මමෙක් නැති තැන මොන බලාපොරොත්තු ද" ඒ වචන ටිකට හරි සැහැල්ලුවක් දැනෙනවා....
@surekharathnayake1163
@surekharathnayake1163 Жыл бұрын
මේ කතාබහ මට අහන්න දකින්න ලැබීම පිළිබඳව මාගේ විශ්වමෑණියන්ට ස්තූතිවන්ත වේවා ... 🙏🙏🙏
@rukshandushantha2129
@rukshandushantha2129 Жыл бұрын
මෙලෙස මේ මහ පොළොව මත දස දහස් ගණනින් වූ සියල්ලන්ටම සත්‍ය අවබෝධ වේවා....මේ සෑම දෙයකටම උර දෙන නුවන් සර්, ඔබතුමාට දිරිය ශක්තිය ලැබේවා!..
@prashadiperera6309
@prashadiperera6309 5 ай бұрын
ලොව ඇති පරම සත්‍ය .......🙏 ස්තුතියි
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 4 ай бұрын
siyaluma denata mee darmya awaboda wewa sir isthuthi
@user-dg2or5hu1t
@user-dg2or5hu1t Ай бұрын
මම ​ඔබ තුමාගේ වැඩ සටහන් වලට සහ බාගී වෙන්න කැමැත්තෙන් සිටිමි. විස්තර දන්වන්න. බුදුසරණයි.
@natureattraction1269
@natureattraction1269 Жыл бұрын
ඇත්තෙන්ම ඔව් සර්.මටත් මේ අත්දැකිම තියෙනවා.... මේ ලෝකෙ මයාවක් බොරුවක් හැමදේම සිතුවිල්ලකින් හදා ගත්තු දෙයක් බව...මුලින්ම බුදුපියාණන් වහන්සේටත් ධර්මයටත්,කල්‍යාණ මිත්‍රත්යන්ටත් නමස්කාර කරනවා බුදුපියාණන් වහන්සේ නිසාමයි මේ මයා ලෝකය අවබෝධ කිරිමට හැකි උනේ.🙏 ඇත්තටම අපි අවංකවම යථාර්ථය අවබෝධ කරගන්න උත්සාහ කරද්දී සොබාදහමින් අපිට උදව් කරනවා මේ ... මීට දවස් කිහිපයකට පෙර දත් මදින්න බුරුසව ගන්න ගියා ඒත් එතනම තිබුනු toothpaste එක පෙනුනේ නැහැ මට මන් කල්පනා කලා මට අමතක උනාම ඇහැත් හොදට තියෙද්දී ඇයි මට ඒක පෙනුනේ නැත්තේ කියලා. එතකොට තෙරුනා එතන සිතුවිල්ල තිබුනේ නැති බව ඒ වාගේම මේ ඇහැට කවදාවත්ම රූප පෙනිලා නැති බව... අපි ඇහැට රූප පෙනවා කනට ශබ්ද ඇහෙනවා කියලා හිතනවා. පස්සේ ඒ දැකපු රූප අහපු ශබ්ද මනසට( සිතට) සිහි වෙනවා.. ඇත්තටම දැක්කේ ඇහැට නම් ඇහුනේ කනට නම් මනසට සිහි වෙන්න විදියක් නැහැ නේද? එතකොට මනස විසින්ම ඇහැත් රුපයත් කනත් ශබ්දයත් නිර්මාණය කරලා අපට පෙන්වන නිසා නේද මනස විසින් මේ දේවල් සිහි කරන්නෙ.. එතකොට ඇත්තටම පෙනුනේ මනසට( සිතට) ඇහුනේ මනසට(සිතට). තව දෙයක් අපි දැන් යම් රූපයක් දැක්කත් වර්තමාන මොහොතේ අපිට ඒ රූපය දකින්න බැහැ. මොකද ඇහැ කියන්නේ කන්නාඩියක් වාගේ කන්නාඩියකට අතිත රූප වැටෙන්නෙ නැහැ. එතකොට අපි නිමිත්ත ගන්නේ අතිතයෙන්.අපි අතිතයෙන් ගත්ත සිතිවිල්ලම දකිනවා මිස වර්තමානේ ඇහැට රුපයක්වත් කනට ශබ්දයක්වත් ඇහෙන්න නැහැ .සිතත් අපි විසින්ම ගොඩ නගා ගත් මයාවක් බව අවසානේ වැටහෙනවා.මේ මා හට දැනුනු දේ... අවසානයේ මේ උතුම් අවබෝධයට පත් වු කෙනෙක් පුද්ගලයෙක්ද නැති වි යනවා...ඒ දැනෙන සුවය නිදහස විදින්නෙක්ද නැති වි යනවා..... සංවාදයේ කතා කල ඒ පින්වන්ත දෙදෙනාගෙම අවබෝධයටද නමස්කාර වේවා🙏🙏 . සියලු දෙනාටම මේ උතුම් ධර්මය අවබෝධ කිරිමට නුවණැස පහල වේවා...
@indiwaridharmasiri2618
@indiwaridharmasiri2618 9 ай бұрын
මේ මොහොතේ රූප දකිනවා. තින්නං සංගති ඵස්සෝ කියන්නේ ඒකයි. (ස්පර්ශයට බාහිර රූපය, ඇස හා චක්ඛු විඤ්ඤාණය අත්යවශ්යයි) ඉන්පසු වේදනා චෛතසිකය ඇති වනවා. එහෙත් ඉන්පසු සංඥාව ගන්නේ හා ඒ ඇසුරෙන්, තණ්හා, දිට්ඨි මාන ආදියෙන් ප්රපංච(සංඛාර) හදන්නේ කලින් මනසට ගත් දේවලට අනුවයි. ඒ ඇසුරෙන් විඤ්ඤාණය හදනවා, එය නැවත භවයකට හේතු වනවා (අභිධර්මය කියවන්න) තවද රහතන් වහන්සේ නමක් තණ්හා, දිට්ඨි, මාන ඇසුරෙන් උපාදානය කර නොගත් නිරාමිස ප්රීතියක් භුක්ති විඳිනවා.
@nilukaruwanpathirana4649
@nilukaruwanpathirana4649 8 ай бұрын
ඉතාමත් වටිනා සංවාදයක් ...බොහෝ දේ අවබෝධ උනා...තවත් ඉදිරියට මේ සාකච්ඡාව කරගෙන යන්න තිබුනා නම් හොඳයි ..බොහෝ දෙනාගෙ කැමැත්ත මත නැවතත් මෙවැනි සංවාදයක් අසන්නට හැකි වේ යැයි බලාපොරොත්තු වෙමි...ස්තුතියි විශ්වයට ඔබ වැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් මුන ගැස්සුවට ...නිවන දුර නොවේවා හැමටම!!!
@leelawijethunga8530
@leelawijethunga8530 Жыл бұрын
මේ අවබෝධය කරන දේ සත්‍යයක්මයි. එය දැනෙනවා,මේ මොහොතෙම හිතින් මිදීමක් තියෙන්නේ, මේ විදිහට අවබෝධ කිරීමට වීර්යය ගන්න ඔබ දෙදෙනාට අපගේ සුභ පැතුම්. 🌷🌷🙏
@chandanikodithuwakku2487
@chandanikodithuwakku2487 4 ай бұрын
බොහොම පිං නුවන් සර්ටත් මේ පුතාටත් ගොඩක් වටිනවා උතුම් වූ දේශනාවක් තෙරුවන් සරණයි
@sriyaniadikari4040
@sriyaniadikari4040 Жыл бұрын
ආශ්චර්යයි ,අද්භූතයි.🙏🙏🙏ඔබදෙපලට දීර්ඝායුෂ ලැබේවා බොහෝ දෙනාට මේ සත්‍ය වැටහේවා.නිවනින් ම සැනසේවා .🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🌷🌷🌷
@kandangamajayathilake9599
@kandangamajayathilake9599 8 ай бұрын
නුවන් සර්ගෙ මග පෙන්වීම මත මෙවැනි අය බිහිවීම සතුටට කාරණයක් එසේනම් අපටද ඒමග අනුව සිත පිහිටවා නිවීම ලඝාකරගත හැකි බව පැහැදිලි වෙයි සාද‌ු සාදු සාදු...
@ishanigunasekara5245
@ishanigunasekara5245 Жыл бұрын
🙏🙏🙏 ඔබගේ අවබෝධය අපටත් ආදර්ශයක් .
@deepaabeynayake50
@deepaabeynayake50 Жыл бұрын
මේ මොහොතේ සිහිය පිහිටුවා ගැනීමට වීර්‍ය ගැනීම ම තමා අවබෝධ වෙන්නේ. ස්තුතිය් ඔබ තුමන්ලාට ...🙏🙏🙏🙏
@nalingunawardhana4009
@nalingunawardhana4009 Жыл бұрын
භාහිර ලෝකයෙන් ,තමන් හදෙනවා කියන එක හොද point එකක් . මේ දේ තව දුරටත් clear කලොත් , සිහියෙන් ඉන්න ගොඩක් අයට ගොඩ දා ගන්න පුලුවන් වෙවි .මගෙ යෝජනවක් .
@ranjanisamanlatha4346
@ranjanisamanlatha4346 Жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් තමා තුලින්ම දැන දකගෙන සොදුරු සැහැල්ලු ජීවිතය අපිත් අත් දකිමු. මේ දැක්ම තුලින් සියලු දෙනාම නිවී සැනසේවායි අදිෂ්ඨාන කරමි
@CoolCool-lg6yt
@CoolCool-lg6yt 8 ай бұрын
🎉🎉🎉 ච්තේන කියති ලෝ කෝ සිතේ ම හැදුන ලෝකය තමයි අපි පරිහරණය කරනේ හරිම සතුටුයි.ඹබ දරන වස්ත්‍රය කුමක් වුවද ඹබ සැබෑ බුදු පුතකු .බුදු දියණියක්.වනේය
@naveenperera9432
@naveenperera9432 Жыл бұрын
සර්.මේ සාකච්ඡාවෙන් තිබුණ ගැටළු තැන් ගොඩකට විසඳුම් ලැබුණා.සිතුවිලි වලින් ගන්න දත්තයන් එක්ක ගැටෙන විදිය,කායානුපස්සනාව සමඟ එකාත්මික වෙන හැටි හරියටම අවබෝධ වුනා වගේ.හැකිනම් තව කොටස් දිගටම කරන්න.🙏❤
@hemalisiri5789
@hemalisiri5789 Жыл бұрын
බොහෝම ස්තුතී ඔබ තුමාට . මෙවැනි දෙයක් සැමට ලබා දුන්නාට ගොඩක්ම පින්. වෙන කියන්න දෙයක් නෑ. ඉදිරියටත් මෙවැනි සංවාද ගෙන ඒමට හැකිවේවා. හොඳම පැහැදිලි කිරීමක්.
@lathalatha1056
@lathalatha1056 Жыл бұрын
ඇත්තටම නුවන් සර්ගෙ මගපෙන්වීම තුලින් යන ගමනෙ මෙවැනි අද්දැකීම් බහුලයි.මමත් මේ තුල ලබන සැනසීම වචන වලට ගලපගන්නබැහැ.සියල්ලන්ටම මෙ හිස්බවේ ඇති සැනසීම දකින්නට ලැබේවා .හැමෝටම විශ්ව ශක්තියේ ආසිර්වාදය ලැබේවා
@vindyajayawardene5434
@vindyajayawardene5434 Жыл бұрын
ස්තූතී ඔබේ අත්දැකීම් අපිට ලබා දුන්නට. සර්ටත් පින්🙏🙏🙏🙏
@dammikamanel9147
@dammikamanel9147 Жыл бұрын
ඔබ දෙපලටම අනේක වාරයක් හදවතින්ම ස්තුතියි...🙏🙏🙏
@lasithachandimal1780
@lasithachandimal1780 9 ай бұрын
හොද සන්වාදයක් සහතික ඇත්ත සියලුම මිනුසුන් දැනුවත් කරපු සර්ට සහා කතාකරපු මල්ලිට ගොඩාක් පින් අපිට බැරැරුවම් දෙයක් සැහැල්ලු විදියට තෙරුම් කලාට. මාත් මනසිකව වැටිලා හිටිය වෙලාවක මෙක ඇහැව්වෙ මාරම නිදහසක් අවෙ හිතට.. මාත් ඉදිරියට මගෙ හිත දකින්න උත්සහා කරනවා.. .. දෙදෙනාටම තෙරුවන් සරනයි
@vinsiri.fernando
@vinsiri.fernando Жыл бұрын
ඒ දෑනීම්,,හැගවීමට,සිතුවිලි වචන බවට පත්කර,සිතක් සිතකින් පිලිසිද නොදැකීම පිනිස,අවබෝධයකින් දැනීමට පිණිස,දහම දෙසුවාවු.ඔබ දෙපලට ගොඩාක් පින්!🙏ස්තුතියි විශ්වයට.❤️❤️
@dushanigunawardana8683
@dushanigunawardana8683 Жыл бұрын
ගොඩාක් පින් ඔබ තුමාට මේ. වැඩසටහන බෙදා ගත්තට.. පෙර නොඇසූ විරු දෙයක් ඇසුනා දැනුනා..
@nilmini-fz4bf
@nilmini-fz4bf 3 ай бұрын
අතිශයින්ම ප්‍රයෝජනවත් සාකච්ඡාවක්. තෙරුවන් සරනයි
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 Жыл бұрын
බොහොම වටිනා සාකච්ඡාවක්...ඔබ දෙපළට බොහොම ස්තුතියි 🎉❤
@ruwanabeygunawardana4499
@ruwanabeygunawardana4499 Жыл бұрын
අවබෝධය ලැබීමේ ප්‍රායෝගික ගමන් මග ඉතා පැහැදිලිව පෙන්නා දෙනව. මෙවන් සත්‍යාවබෝදය කල උතුමන් තව තවත් බිහිවේවා! 🙏🏻🙏🏻
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 9 ай бұрын
ගැබුරින්ම ඇතුලාන්තය ස්පර්ශ කිරීමේ ප්‍රභාශ්වර වෑයම ක්..මම නවක යෙක් .... අගය කරනවා නම් උත්සාහ යට ... ස්තුති ස්තුති ස්තුති සර් ..🙏
@rangikahalpage7773
@rangikahalpage7773 8 ай бұрын
අත්දැකීම් බෙදා ගත් මහත්මයාටත් , නුවන් මහත්මයාටත් බොහොමත්ම පිං සිදු වෙත්වා 🙏 මම මේ මොහොතේ අභිරහසට අලුත් කෙනෙක්. ඒ කල්පයක් තිස්සේ හොයපු දේ තියෙන්නේ මෙතන කියලා දැනෙනවා. මේ මොහොතේ කයට දැනෙන දෙයට සිත පිහිටවන්න උත්සාහ කරනවා, කලින් පුරුදු කරලා නැති නිසා අමාරුයි. සර්ගෙ subliminal උදේ රෑ අහනවා. හදවතේ භාවනාව අහන්න පටන් ගත්තා. සර්ගෙ වැඩසටහනකට සහභාගී වෙන්න හිතාගෙන ඉන්නවා සොබා දහම ඉඩ ලබා දුන්නොත්. තෙරුවන් සරණයි 🙏
@stitchesknots8474
@stitchesknots8474 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි සර් , මේ මොහොතේ සිටිමින් මා අත්දකිමින් සිටින දෙය මේ සාකච්ඡාවේදී ඉතාමත් හොඳට පැහැදිලි උනා 💕🙏💕🙏💕🙏
@herathmudiyanselagepallegedara
@herathmudiyanselagepallegedara 3 ай бұрын
මෙම කතාව 100/1000 ඇත්ත සත්තිය අවබොධය කියන්නෙත් නිකට සාදු සාදු සාදු සාදු
@dahammacharimehenin5806
@dahammacharimehenin5806 Жыл бұрын
සුවසේ පිරිනිවනට පත්වේවා!... ලෝසත සත්‍යාවබෝධයටම පත්වේවා! පහසුවෙන්.... මේහඩ ඊට රැකුලක්මවේ යහපත්... ....තෙරැවන්සරණයි !....
@anojsamaraweera3425
@anojsamaraweera3425 Жыл бұрын
සුභපැතුම් ... තෙරුවන් සරණයි 🌼
@chandrasenaamarasinghe177
@chandrasenaamarasinghe177 Жыл бұрын
තෙරුවන් සරණයි..
@thisuranisal2312
@thisuranisal2312 11 ай бұрын
හරිම වැදගත් 🙏
@niroshaeashwara1454
@niroshaeashwara1454 Жыл бұрын
කියන්න වචන නෑ....අනිමිත්ත,ශුන්යත, අප්පණිහිත කියන වචන ඉබේම මතක් වුණා...මාරයි...
@sujeewadanawardane2596
@sujeewadanawardane2596 Жыл бұрын
ස්තුතියි ඔබ දෙපලටම 🙏 ඔබේ මගපෙන්වීම් කොතරම් පැහැදිලි ද? බොහෝ දේ වටහාගත්තා ❤️ බොහොමත්ම පින් 🙏
@eeee0000
@eeee0000 Жыл бұрын
Thank you so much for uploading this conversation !!!
@chamilawijepala374
@chamilawijepala374 Жыл бұрын
සුබ පැතුම් .දෙදෙනාටම ස්තුතියි
@padmiratnasiri3227
@padmiratnasiri3227 Жыл бұрын
හරිම වටිනව සාදු සාදු.
@himaliahangama4311
@himaliahangama4311 Жыл бұрын
ස්තූතියි 🙏🙏🙏🙏
@user-dv5zr5wl2s
@user-dv5zr5wl2s Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් 🙏
@madushiliyanage8587
@madushiliyanage8587 Жыл бұрын
ස්තූතියි 🌷🌷
@promodhadissanayaka1443
@promodhadissanayaka1443 Жыл бұрын
ගොඩක් පින්...බුදු සරණයි 🙏🙏🙏
@user-nf5cc5xr9d
@user-nf5cc5xr9d 9 ай бұрын
බුදු සරණයි ස්තුතියි ඔබ දෙදෙනාටම
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 8 ай бұрын
හරිම වටිනවා.බොහොම ස්තූතියි 🙏
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 Жыл бұрын
මේ සම්බන්දයෙන් තවත් සාකච්චාවක් දෙන්න සතිය පවත්වාගෙන යද්දී වෙන අඩුපාඩු ගොඩක් හදාගන්න පුළුවන් 🙏🙏🙏🙏🙏🙏
@r.a.anushkaranasinghe8845
@r.a.anushkaranasinghe8845 Жыл бұрын
සර් මෙච්චර මැරීගෙන අපිට කියලා දෙන්න හදන්නෙ මොකක්ද කියලා තේරෙනවා සර් සර් දැනීමම තමයි පාරට එන්න තියෙන එකම මඟ❤❤❤❤❤
@krishaniperera4686
@krishaniperera4686 Жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏
@vnscounsellingteam7910
@vnscounsellingteam7910 Жыл бұрын
සත්‍ය අවබෝධ කරදෙන ඔබට ස්තුති
@lintonpremawardane9654
@lintonpremawardane9654 Жыл бұрын
ස්තුතියි ....
@chamilawijepala374
@chamilawijepala374 Жыл бұрын
සංවාද දිගටම කරන්න
@krishaniperera4686
@krishaniperera4686 Жыл бұрын
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙවා 🙏🙏🙏
@anjalijanethri1142
@anjalijanethri1142 24 күн бұрын
ඉතා වටිනා දෙයක් සරලව පැහැදිලි කරනවා
@shanishani9047
@shanishani9047 Жыл бұрын
ගොඩක් ස්තූතියි..🙏❤️ ගැටලු තිබුනු තැන් වලට විසඳුම් ලැබුණා..මේ සාකච්ඡාව දිගටම කරගෙන යන්න පුලුවන් නම් වටිනවා ❤🙏
@sampath5050
@sampath5050 Жыл бұрын
ස්තූතියි..🙏🙏
@wasanaweerasinghe6220
@wasanaweerasinghe6220 8 ай бұрын
Thank you so much for sharing this. 🙏🙏🙏
@englishwithdamayanthiweerasing
@englishwithdamayanthiweerasing 5 ай бұрын
Well said. Budusaranai!
@indikajayasinghe212
@indikajayasinghe212 Жыл бұрын
ඉතාම වටිනා සාකච්ඡාවක් ඉදිරියට ගෙන යන්න වටිනවා
@damayanthirenuka8033
@damayanthirenuka8033 Жыл бұрын
හරිම පැහැදිලි 🙏🌷🙏🙏🙏
@seethawijesinghe6860
@seethawijesinghe6860 Жыл бұрын
සතුටුයි අත් දැකීම බෙදා දීම ගැන.ඔබ දෙපලටම බොහොම ස්තුතියි...!
@piumiheavenliya627
@piumiheavenliya627 Жыл бұрын
ස්තූතියි
@pubuduthiwanka7667
@pubuduthiwanka7667 Жыл бұрын
සාකච්ඡාවෙදී කිව්ව උදාහරණ හරිම ගැඹුරුයී ඒ වගේම සරලයී. ගැඹුරු දෙයක් සරලව තේරුම් කරලා දුන්නා වගේ හැගීමක් ආවා. විශිෂ්ට සාකච්ඡාවක්. දිගට සාකච්ඡාව කරගෙන යන්න. ස්තූතියි 🙏🙏🙏
@nihalkumara1053
@nihalkumara1053 Жыл бұрын
ස්තූතියි සර් සතය ලොවට දෙන්න ගත් උත්සාහයට ප්‍රථිපලය දෙශන කරන්න ඉදියට මාද පුර්ථනාව එමගට ගමන් කිරිම
@lakmalilakmali54
@lakmalilakmali54 7 ай бұрын
මේවැනි දෙශන ඇසෙන්නට සැලස්සුවිශ්වයට ස්තුති ස්තුති!
@indikakumarasinghe9292
@indikakumarasinghe9292 5 ай бұрын
නුවන් සර්ටත් කතා කරන මහත්මයාටත් ගොඩාක් පිං. ලොකු බරක් තිබුණ හිතට දැන් සැහැල්ලුවක් දැනෙනවා. මාත් සිත දකින්න මේ මොහොතේ සිටම උත්සාහ කරනවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
@manushanavarathna8308
@manushanavarathna8308 Жыл бұрын
🤍🤍🙏🙏ගොඩක් ස්තුතියි සර්...
@renukagamage7357
@renukagamage7357 Жыл бұрын
ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි දැනගන්න අවැසි වුන බෝහෝ දේ පැහැදිලිවම ඇතුලතටම දැනුනා තවත් දිගුවක් බලාපොරොත්තු වෙනවා
@shiromilokuvithana7889
@shiromilokuvithana7889 3 ай бұрын
ඉතාම වටිනවා වචනයෙන් විස්තර කල නොහක..❤❤❤
@mala1839
@mala1839 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්. තව දුරටත් මෙවැනි සාකච්චා පවත්වන්න හැකියාව වේවා. 🙏🙏🙏🙏🙏
@anjaladilrani23
@anjaladilrani23 Жыл бұрын
ගොඩක් වටිනා සංවාදයක් .තවත් දිගුවක් බලාපොරොත්තු වෙනව සර් .බොහොම ස්තුති 😍🙏
@user-wi4zl7zq6p
@user-wi4zl7zq6p 6 ай бұрын
සරලව පැහැදිලි කරදිම පිළිබදව ඔබ දෙපලට ස්තුති.
@slindimasq
@slindimasq Жыл бұрын
Thank you for this, as someone who is trying to be present this is a timely massage from the universe 🌌
@Jehani_Perera
@Jehani_Perera Жыл бұрын
godak watinawa meka.....
@NiroshanaJayatunga-pk5yx
@NiroshanaJayatunga-pk5yx Жыл бұрын
Godak watina sanwadayak. Me wage ewa tawat danawanam apita godak watinawa. Thaks borth of you.
@karunahitinayaka397
@karunahitinayaka397 Жыл бұрын
ඉතාමත් වටිනාම සාකච්ඡාවක් කළයුතු දේ මෙයයිමයි හැමදේම අයින් කරන්න තම සිතමයි තමන් පාවිච්චි කරන්නේ... තෙරුවන් සරණයි... සාදු... සාදු.....
@chiranjithmalkarunarathna8608
@chiranjithmalkarunarathna8608 Жыл бұрын
හටගන්නා තැනම නිරුද්ධයි..... අවබෝධ වේවා....🙏
@karunahitinayaka397
@karunahitinayaka397 Жыл бұрын
@@chiranjithmalkarunarathna8608 හට ගන්නා තැනම නිරුද්දයි බව දැන දැක ගෙන නම් ගොඩක් කල්
@prabashinishalika1772
@prabashinishalika1772 Жыл бұрын
බොහෝ දෙ වැටහෙනවා . හොද සන්වාදයක්..එ වගෙ ම පරස්න එනවා. බැදිම් .අල්ලා ගැනිම් ..නිසා. මෙ සියල්ල මායාවක් තමා.ඉදිරියට ඔබතුමා වැඩ සටහන් කරන්න .තෙරුවන් සරනයි .
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 2 ай бұрын
❤ සාදු සාදු සාදු
@krishanthiperrera551
@krishanthiperrera551 Жыл бұрын
වෙනස් නොවන සිතක්, බැදෙන්නේ නැති සිතක් ,නොමැරෙන කෙනෙක්.
@shyamanilanthi7744
@shyamanilanthi7744 7 ай бұрын
සිතිවිල්ලෙන් ලෝකයක් හදාගන්න බව වැටහුනා .බොහොම පැහැදිලියි .ස්තුතියි ගොඩක් .ඔබ දෙදෙනාට..තෙරුවන් සරනයි .
@savindirajapaksha3309
@savindirajapaksha3309 Жыл бұрын
ඉතාමත් හොඳ සාකච්ඡාවක් හොදින් තේරුම් ganna puluwan මට තියෙන ප්‍රශ්නය අල්ලාගත් තැනම අතහැර්නව
@nadeesha-mk7bc
@nadeesha-mk7bc Жыл бұрын
Bohoma sthuthi sir
@dilanmadushanka-bw7sh
@dilanmadushanka-bw7sh Жыл бұрын
ස්තුතියි ❤
@lasanthakandangoda2396
@lasanthakandangoda2396 8 ай бұрын
මේ බුදු පුතෙක්. මග එලි පෙහෙලි කර දුන් නුවන් සර් ට විශ්වයේ ආශීර්වාදය ලැබේවා
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 4 ай бұрын
bohoma isthuthi oba depaltma thwath idiriyta me sakachwa kragna yanwa nm bhoma watinwa
@ashokakumudini8266
@ashokakumudini8266 Жыл бұрын
අසිරිමත් සන්වාදයක්.ඉතාම පැහැදිලිව එය විස්තර කලා.ඇතුලාන්තය තවත් සවිමත් වුනා. මෙලොව දුර්ලභ දැක්මක් වූ සත්‍යය අවබෝධ කල ඔබ දෙපලට ම නමස්කාර වෙවා
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 8 ай бұрын
😀ඉතාම ප්‍රයෝජනවත්.❤❤
@isharamaduwanthi3951
@isharamaduwanthi3951 Жыл бұрын
Balaganamai unne danakam❤❤❤
@nejarathnayaka9090
@nejarathnayaka9090 11 ай бұрын
බොහොම ස්තූතියි සර් ❤
@priyangadealwis999
@priyangadealwis999 Жыл бұрын
👌💪💐 whole lot of knowledge in 1 video 🙏
@kanthianulathilake1234
@kanthianulathilake1234 Жыл бұрын
ස්තුතිය ස්තුතිය ස්තුතිය අහන්න ලැබීම sathui. Mamath athdakimin ඉන්නවා
@tharangaranathunga7451
@tharangaranathunga7451 Жыл бұрын
interesting conversation
@nwhettiarachchi5462
@nwhettiarachchi5462 Жыл бұрын
Hoda sakachawak.dennatama stuti
@user-yp2jg3ig1p
@user-yp2jg3ig1p 7 ай бұрын
විශ්වය හරි පුදුමයි.අපිට අවශ්‍ය දේ අපිට අහන්න ලැබෙන එක.මෙහෙම සත්‍ය අවබෝධයක් තියෙන අය අහන්නත් ආසයි.ගොඩක් පින් මේ දෙබස් අහන්න ලැබීමත් ආශ්චර්යයක් වාසනාවක්..🙏🙏
@dondias6971
@dondias6971 3 ай бұрын
Thank you mother univers....me video eka Mata pennuwata❤
@neranjalathamali6689
@neranjalathamali6689 Жыл бұрын
සර් ඉස්සරහටත් මේ සාකච්ඡාව කරගෙන යන්න පුලුවන් නම් හොදයි
@pipunirandima9652
@pipunirandima9652 Жыл бұрын
Godak pin. Godak watinawa
@kumarathunga8204
@kumarathunga8204 Жыл бұрын
තමා තුළින් දැකිය යුත්තේ කුමක්ද යන වග හොඳින්ම පැහැදිලි වෙයි. ඒ වචනයෙන් කිව නොහැකියි වචනෙන් කියන්න යන තැනම සිතුවිල්ලක් හදාගෙන මයි සිතක් හදාගෙන මයි එය කීමට සිදුවන්නේ. බොහෝම ස්තුතියි මෙයට.
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 Жыл бұрын
suwapathwewa!
@kassapas189
@kassapas189 Жыл бұрын
මේ හීනෙන් අවදි වෙන්න බැරිද, හීනයක් කියල දැන ගන්න එක විතරද කරන්න පුලුවන්? හැමදෙයක්ම සිතුවිල්ලක් විතරයි කියල තවත් සිතුවිල්ලක් හැදෙනව වගේ දැනෙනව සර්. මොනා උනත් වෙනදට වැඩිය හිත එක්ක තියෙන බැදීම අඩු වෙනව, ඒක හොද හැගීමක් ඇතිකරනව ගොඩක් ස්තූතියි ඔබතුමාට
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 14 МЛН
ආශිර්වාදාත්මක ජීවිතයක්....
1:03:05