ගමේ රසට අලු පුහුල් ඇඹුල - Episode 601- Ash Gourd Curry - Anoma's Kitchen

  Рет қаралды 126,425

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 139
@janithaperera8971
@janithaperera8971 4 жыл бұрын
ස්තුතියි ඔබතුමියට තවත් රසවත් කෑමක්. පිපිඤ්ඤා ,අලුපුහුල්, ලපටි වට්ටක්කා මේ විදියට හදනවා. අපි කියන්නේ නියඹලා කියලා , පොල් අඹරාගන්න කොට හාල් සවල්පයකු ත් එකතු කරනවා. අබ, ගම්මිරිස් ඇට කීපයක්, සුදුරු, සුදුලූනු , රතුලූනු, අමුමිරිස් හෝ කොච්චි ටිකක්, කරපිංචා සියල්ලම පොල් සමග අඹරනවා. තවත් වෙනම රතු ලූනු ගෙඩියක්, අමු මිරිස් කරල් බාගයක්, කරපිංචා ඉත්තක් , ඔබ දාපු විදියට , එළවළුවට එකතු කරනවා. ඔබ කිවුවා හරි මිරිස් මාලු හොද්දක්, ගැලපෙනවා, ඒ වගේම අපි, රතු ලූනු අමු මිරිස් තක්කාලි කපලා, දෙහි සහ ලුණු, කෑලි මිරිස් ස්වල්පයක් එකතු කරලා හදන ලූනුසම්බලය හෝ ලූනුමිරිසක් , එකතු කරගත්තමත් තවත් රසයි.
@rangigunathunge4567
@rangigunathunge4567 3 жыл бұрын
ස්තූතියි.අම්මා මේ විදියට පුහුල් හදනවා. ඒකට කියන්නේ සුදු පුහුල් මාළුව කියලා.හරිම රසයි.තව එයා කටු පුහුල් ඇඹුලක් හදනවා. ඒකත් රසවත්.පුහුල් කෑලි අරන් පිට කොළපාට පොත්ත සූරලා සෝදනවා. ඒ පොත්තට උල් කරගත්ත හීනි ලී කෝට්ටකින් අනිනවා ළගින් ළගින් සිදුරු හැදෙන්න. එහෙම කරන්නේ තුනපහ මිරිස් හොදට උරා ගන්න. ඊට පස්සේ පොලොස් කෑලි වගේ අගලේ අගලේ විතර කෑලි කපනවා. අර උලෙන් අනිනකොට කහ කුඩු ටිකකුත් අතට අරන් හොදට ගාන්න ඕනි පුහුල් කෑල්ලේ. ඊට පස්සේ මිරිස් කුඩු ටිකක් කබලේ බැදලා, බැදපු තුනපහ, කහ පොඩ්ඩක්, කරපිංචා, රම්පේ, රතු ලූණු, උම්බලකඩ, උළුහාල්, කුරුදු පොතු, ගොරක කෑල්ලක්, දාලා පොල්කිරිත් දාලා හොද්දක් හදා ගන්නවා. ඒක ලිපේ තියලා පැහෙනකොට කපා ගත්ත පුහුල් කෑලි ටිකත් දාලා පොලොස් වලට වගේ පොල් කෑලි ටිකකුත් කපලා දානවා. පොලොස් ඇඹුලට වගේම ගොරක ඇඹුල් ටිකක් වැඩියෙන් දාන්න ඕනි. ඊට පස්සේ මද ගින්දරේ ගොඩක් වෙලා ඉදෙන්න තියනවා.වතුර ගතිය අඩු වෙලා හොදි බොර හැදුනාම කෑමට ගන්නවා.දර ලිපක තමයි මේක රසට හදන්න පුළුවන්. ඒක දවස් දෙක තුනක් උනත් තියා ගන්නත් පුළුවන්... හරිම රසවත්...
@madushasanjani580
@madushasanjani580 4 жыл бұрын
මම හදනවා ඇන්ටි පුහල් වල පොත්ත ඉවත් නොකර. පුහුල් ගෙඩියක් අරගෙන ඒකට ගෑරුප්පුවෙන් අනිනවා හැමතැනටම. පස්සේ පොළොස් ඇඹුල හදනවා වගේ පුහුල් කෑලි කපනවා. ඊට පස්සේ පොළොස් ඇඹුල හදන විදියටම පහේ දාලා තෙල් ටිකක් පෑදෙනකම් මද ගින්දරේ තියෙනවා. රසම රසයි. මට මේ විදියට පූහුල් හදන්න කියලා දුන්නේ අනුරාධපුර ආච්චි අම්මා කෙනෙක්.
@rositakurukulasuriyalage5795
@rositakurukulasuriyalage5795 4 жыл бұрын
Katu puhul
@nishanthisamarakoon1611
@nishanthisamarakoon1611 4 жыл бұрын
අපිත් පොලොස් ඇබුල හදන විදිහට තමයි හදන්නෙ,,
@nilucapinagoda6637
@nilucapinagoda6637 3 жыл бұрын
Apith polos abula hadna vdhta thma hadnne
@uthpalagunathilake7226
@uthpalagunathilake7226 Ай бұрын
අනුරාධපුර අපි පුහුල් හදන්නේ මෙි විදිහට තමයි.පුහුල් ඇඹුල 😋
@anushagangaboda6629
@anushagangaboda6629 4 жыл бұрын
රතු කැකුළු බත් එක්ක පුහුල් ඇඹුල හරි රසයි. ආන්ටිට අපි ගොඩක් ආදරෙයි.❤️
@niluherath1548
@niluherath1548 4 ай бұрын
මම පුහුල් කන්න ආසාවෙන් හිටියේ අද තමා මට ගෙඩියක් හැම්බුනෙ.මම ඉක්මනින්ම ආන්ටිගෙ චැනල් එකේ සර්ච් කලා. බොහොම ස්තූති මම හෙට උදේට මේ විදිහට හදනවා පුහුල් එක. ❤❤ 🙏🙏
@dilinisamanmali4145
@dilinisamanmali4145 3 жыл бұрын
හරිම ආසයි ඔයා උයනවා බලන් ඉන්න ඒ විදියට උයන්න..ඒ වගේම ආන්ටි ඔයා කියල දෙන විදියට ගොඩක් ආසයි...😍😍
@yasithaththanayaka3935
@yasithaththanayaka3935 4 жыл бұрын
Aunty I’m also studying abroad. And i love cooking and eating Sri Lankan food. You cook just like my mom. Whenever i miss mom’s food i watch your videos and make them for myself. Thanks a lot. Much love ❤️. BUDU SARANAI !
@dulanijayatissa2770
@dulanijayatissa2770 3 жыл бұрын
ඇත්තටම ජීවිතේ පලවෙනි පාරට හැදුවා හරිම රසයි.ස්තූති ඔබතුමියට
@ashapriyangani6443
@ashapriyangani6443 2 жыл бұрын
හරිම ප්‍රසන්න බලන් ඉන්නම හිතෙන වටිනා ඉදිරිපත් කිරීමක් ...පුහුල් කෑල්ල කපන ගමන් වීඩියෝ එක බැලුවේ...ඔයා හැදුව විදිහට මමත් හදනවාමයි...බොහොමත්ම ස්තූතියි ...වටිනා ඉගැන්වීම් සියල්ලටම.තුණුරුවනේ සරණයි !!! ❤🙏
@nilushiudagedara3186
@nilushiudagedara3186 4 жыл бұрын
Aunty oyagen mama godak dewal igena gaththa. Mama dan godak api nokana elawalu genath hadanawa. Aunty kiyana widihata hadanna amaru na. Auntyta Godak pin amma wage apita mewa kiyala denawata. budu saranai Aunty!
@gammekaamaaperahata3817
@gammekaamaaperahata3817 4 жыл бұрын
මම පුහුල් උයලම නැහැ ආන්ටි...ඒත් ඔයා කියල දෙන විදියට හරි ආස හිතෙනවා මමත්උයල බලන්නම් ආන්ටි බොහොම ස්තුතියි ඔයාට.
@rajikazoomchathurani5306
@rajikazoomchathurani5306 2 жыл бұрын
හරිම ආසයි ආන්ටි ඔයා උයනවා බලන් ඉන්න....ගොඩාක් වටිනවා මේ වැඩසටහන....😍😍
@prasanjaleesiriwardana354
@prasanjaleesiriwardana354 4 жыл бұрын
මං අද හැදුව සියළුම තුනපහ සමග (ඔයා එක්කල සියළු තුනපහ) දිය කිරි මිටි කිරි එකටම දාල ලිප තියල ඉස්ම අඩු වන විට මද ගින්නට අඩු කරල උකුවට එන විට ඉවත් කරල අබ ටිකක් බැදල කුඩු කරල මිශ්‍ර කලා.හරිම රසයි.හරිම සුවදයි.
@lakshikasoisa2859
@lakshikasoisa2859 2 жыл бұрын
අන්ටි මං අද මේ විදිහටම පුහුල් හැදුවා හරිම රසට අවා අන්ටිට ගොඩක් ස්තුති
@kumudunisagarika3292
@kumudunisagarika3292 7 ай бұрын
හෙලෝ අනෝමා මාත් ගොඩක් ආසයි ඔයාගේ රෙසිපි බලන්න. ඔයාට මාව මතක ඇති සමහර විට. ලංකාවට ඇවිත් පුහුල් කැල්ලක් උයන්න ආස හිතුන. ගොඩක් රෙසිපි බැලුව ඒත් අන්තිමට ඔයා ගේ රෙසිපි එක තමයි හිතට ඇල්ලුවේ. ගොඩක් ස්තුතියි ❤
@u.sweerasekara2907
@u.sweerasekara2907 Жыл бұрын
අනේ ආන්ට්.ඔයා කියලා දෙන විදිහ හරිම සෝක්.. අහන් ඉන්න ආසයි.
@asha.ranatunga2581
@asha.ranatunga2581 4 жыл бұрын
Touch wood aunty... your compassionate gestures, your sweet smile and out pouring love are the key ingredients to your yummy food. Blessings of the triple gem! May no harm come your way. I bet your son is missing your cooking. Who wouldn't? 🤗❤🤗
@AnomasKitchen
@AnomasKitchen 4 жыл бұрын
Yes Asha, he is missing Sri Lankan food so much. Thank you for your sweet words.
@sitharaherath4206
@sitharaherath4206 Жыл бұрын
Harima asai aunty kema hadana widiya balagena inna...thank you aunty...තෙරුවන් සරණයි 🙏🙏🙏
@toptiktok6260
@toptiktok6260 4 жыл бұрын
ඔයා හරිම හොඳයි..ලොකු සමාජ සේවයක් කරන්නෙ..බොහොම පින් !
@thushanipremarathne6566
@thushanipremarathne6566 4 жыл бұрын
Ane oya harima shoke aunty. Cooking program eka harima watinwa. Eth mama aasa oya kath karana widiha balanna. Love you alot aunty
@hasinigeethma3221
@hasinigeethma3221 4 жыл бұрын
My mom used to add some rice seeds for ground coconut to make the gravy thick .Love the way you present aunty.❤
@lucky4friends
@lucky4friends 4 жыл бұрын
Dear Aunty Anoma, I love your conversation style. It's like a mom teaching a kid or a friend teaching a friend. I must make this and see
@nilukalu
@nilukalu Жыл бұрын
Yes we too add washed white rice for that coconut grinding mixture. It will make the gravy thick!! That will goes with Umbalakada lunumiris, Malu Ambuthiyal or Karawala Theldala :))) You give us the best recipes we used to eat in Sri Lanka in our younger days!! Love you as always! We too brought up the same way in a very big family Anoma. 😍😍❤❤
@ShriyaniRanasinghe-f7q
@ShriyaniRanasinghe-f7q 2 ай бұрын
Thanks Anoma mama adai hadanne puhul curry ekak
@bsbsbbbxbjsjs5955
@bsbsbbbxbjsjs5955 11 ай бұрын
Obathumiya kiyala dena vidihata uyanna asa hithenawa thankyou ❤❤❤❤❤
@rochellesenaratna7105
@rochellesenaratna7105 Жыл бұрын
The way you make and match the food and express the taste I too feel the taste and make it.
@chamilashiromi4957
@chamilashiromi4957 3 жыл бұрын
ඔයා හරි ෂෝක් ආන්ටි ..හොඳට පැහැදිලිව කියලා දෙනවා මගෙත් ගෙනාපු පුහුල් කෑල්ලක් තියෙනවා මම මේක බලාගෙන හෙට හදනවා ..
@tharangi1245
@tharangi1245 2 жыл бұрын
Harima rasata haduwa aunty oya kiyapu vidiyata. Oyata godaaaak sthuthiy aunty...theruwan saranay!🙏🙏♥♥🌹🌹
@hansanipeiris4661
@hansanipeiris4661 3 жыл бұрын
I prepared a puhul curry to your recipe aunty. It's delicious. Smelling so good. I'm waiting for my parents to taste it. Thank you☺️
@dr.dhammikakumarihamy9451
@dr.dhammikakumarihamy9451 Жыл бұрын
අනෝමා, අපේ අම්මලා හදනවා "කටුපුහුල් ඇඹුලක්". කටුවේ අළු සූරලා කටුවත් එක්කමයි උයනන්නේ. ගෑරුප්පුවකින් හොඳට හිල්කරනවා. එතකොට ලුණු ඇඹුල් රස හොඳට ඇතුලට වදිනවා. කිරෙන්ම මදගින්නේ උයනවා පොලොස් ඇඹුල් වගේ. උඩට තෙල් බේරිලා ලස්සනට තියෙනවා.
@user-ve2yr9hx7g
@user-ve2yr9hx7g 9 ай бұрын
Oya harima නිහතමානීව kiyala denawa katha karanawa harima lassanai hadana kamath harima rasai oyata budusaranai ❤
@renukaganeshan9097
@renukaganeshan9097 4 жыл бұрын
Thanks for your tips and new recpic
@devikamanikpura1964
@devikamanikpura1964 2 жыл бұрын
Thank you so much Anoma, your video is really helpful. Mouth watering the way you presented. Keep it up
@viranthibyrde9301
@viranthibyrde9301 4 жыл бұрын
Yes, such discipline should be followed by the new generation of Sri Lanka, you're a great mum, I was trained by my Thaththi similar manner, you're super great Ammi, GBU!
@rupaweerasinghe6884
@rupaweerasinghe6884 3 жыл бұрын
Thanks lot.oyage pahadili kirima super.
@maleedissanyaka4096
@maleedissanyaka4096 6 ай бұрын
ම්ම්ම් බඩගින්නක් ආවා. Thankyou soooo.... much ❤
@surangifernando370
@surangifernando370 3 жыл бұрын
Thank you for sharing your experience with us.. I made the puhul curry it was delicious.. thanks again....
@ansiacademy364
@ansiacademy364 3 жыл бұрын
You are so humble. Your cooking method also so easy. Thank you for your kindness. Best of luck. Budu saranai
@chanpikaindumathie4650
@chanpikaindumathie4650 Жыл бұрын
අදයි හැදුවේ . ගොඩක් රසට ආවා. Thanks oyata
@sasiduashan4599
@sasiduashan4599 3 жыл бұрын
auntie harima adaraniyaii katahadath harima miniriy ahagena inna asa hithenawa..
@chandanikithulampitiya487
@chandanikithulampitiya487 Жыл бұрын
අනෝමා. ඔයා ගෙ රස ටිකක් මගෙ වගෙත් කියල හිතුන.😊❤ මම රම්පෙ සුවඳට වගෙම කරපිංච වලින් එන සුවඳටත් හරිම කැමතියි මේක ඇතුලෙ මමතව.ඒ වගෙ මං කැමති පුරුදු තවදැක්ක. පව්ලෙ ගොඩක් ..ලොකු මේසෙක කෑම එකට ගැනීම(පොඩිකාලෙ )😒😪❤ ඉතිං රසට උයාගන්න කියල දුන්නට ස්තුතියි !.😘❤.
@sebbygamer1633
@sebbygamer1633 3 жыл бұрын
Thanks Anoma’s I love your recipes and the way you’re doing is very nice theruwan saranai also I have followed your recipes so many times I’m living in England
@sarathkiringoda7090
@sarathkiringoda7090 3 жыл бұрын
Really interesting the way you explain.thanks madam.
@Hesara10
@Hesara10 6 ай бұрын
මම හරිම ආසයි ඔයා උයන හැටි බලන්න ස්තුතියි.
@indiragunasinghe4087
@indiragunasinghe4087 4 жыл бұрын
Thank you very much Anoma. You explained everything without any 'guru mushtiya 'as always. Highly value your cooking. I memorized how my mother cooked this through these videos and now practice this cooking at home. Every thing u are telling is absolutely correct. Some videos I forward to my daughter and son who are residing overseas and they also learn from it.Niduk nirogi suwaya samaga wish u to continue this for ever! !
@dinudinu733
@dinudinu733 2 жыл бұрын
Thanq nendi☺☺ palaweni parata oyage vedios eka balan ada heduwa puhul kariyak..😃😃rasata thibuna..kirudunam danna beri una ewara wela🤭🤭
@nilulakmali4604
@nilulakmali4604 4 жыл бұрын
Aunty api siyalu denagema pinata labuna kenek. Oya rasa kara kara asawen uyaddi kanne nethi deyak unath kanna hithenawa. Uyanna hithenawa. Budusaranai aunty ta. ❤️❤️❤️
@kumaridissanayake4949
@kumaridissanayake4949 3 жыл бұрын
අහගෙන ඉන්න ආසයි
@i_am_serval8131
@i_am_serval8131 4 жыл бұрын
Thank you so much aunty for your delicious dish defenetly I will make this for my next alms giving 🙏🙏🙏
@sinhalaacademy8223
@sinhalaacademy8223 4 жыл бұрын
Man ada batu maluwa heduwa harima rasai video eka balapu gamanma heduwa. Labu maluwath oya vidihatama hadanna puluwanda
@chandranisenarathne8852
@chandranisenarathne8852 2 жыл бұрын
Thanks Anoma. Tomorrow I, m going to make this dish
@ayeshajeewandara7488
@ayeshajeewandara7488 3 жыл бұрын
අපි හැදුවා ගොඩක් රසයි.🍈 ඔයාට ගොඩක් ස්තූතියි 😘
@dinushaperera6392
@dinushaperera6392 4 жыл бұрын
මම හදනවා කලුපොල් මාලුවක් විදියට , එතකොට පොඩි තෙම්පරාදුවක් දානවා කර රස යන්න . ස්තුතියි ඔබට
@jasminekeyara9286
@jasminekeyara9286 4 жыл бұрын
ආන්ටී කියල දෙන විදිහ හරිම ශෝක්
@sathsaranidedunu1540
@sathsaranidedunu1540 4 жыл бұрын
mama kawadawath puhul hadala ne. Eth aunty hadana widiha dekala Asa hithuna. man husband ta kiyuwa Ada puhul genna kiyala. Adama hadanawa. thank you so much 😊 aunty ❤️❤️
@nirmalatennakoon2776
@nirmalatennakoon2776 3 ай бұрын
Mama inne mourn wala duwa genawa puhul beawak mama ada eka oya widihata uyanawa oya uyaddi ada hithuna. Thanks duwa oyata.
@dineshpushpakumara8395
@dineshpushpakumara8395 3 жыл бұрын
Aunty ape amma puhul gediye thiyena sudu pata kotasa pihi thalayakin surala ain karanawa... Passe gedeye hama thanatama kotuwakin aninawa.. Ekata kiyanne katu annnanawa kiyala... Eka karanna denne godak welawata pirimi kenek ta.. Ethin puhul poththa ekka thamai uyanne.. Ekath rasai.. Polos wage thel padenna thamai uyanne...
@thanujaweerasekara880
@thanujaweerasekara880 2 жыл бұрын
Apit puhul maluwa hadala balannam anti. Thank u aanti oyata dalada samidu pihitayi
@penchulimanathunga2921
@penchulimanathunga2921 4 жыл бұрын
ඇත්තටම අත් ගුනය කියල එකක් තියෙනව mam Anoma. ඒක හරියටම හරි
@sevonroo7422
@sevonroo7422 3 жыл бұрын
Get lost or you will get faced on such a problems 🤣🤣🤣
@kaviboy6410
@kaviboy6410 3 жыл бұрын
අව්රුදු 14 මම හැදුවා විශේශය තමා පලවෙනි වතාවට හැදුවෙ මම පිරිමි ලමයෙක්
@viruninawgalavlogs7459
@viruninawgalavlogs7459 3 жыл бұрын
ස්තුතියි
@chamithweerapura7106
@chamithweerapura7106 4 жыл бұрын
Harima Shooi Aunty Oya Present krana Widiya.... Aththtma Asa hthenwa try krnna😍
@keerthperera3459
@keerthperera3459 Жыл бұрын
Thanks 😊
@mohammadnalim3530
@mohammadnalim3530 4 жыл бұрын
Thank you godak rasai a wagema suwadai
@anurasantha.1086
@anurasantha.1086 2 жыл бұрын
බැලුවා සම්පූර්ණ වීඩියෝව. මටත් ⁣කටට කෙල ඉනුවා
@gamilthushara8391
@gamilthushara8391 3 жыл бұрын
Thank you auntie .......🖤🖤🖤
@renukadesilva9872
@renukadesilva9872 Жыл бұрын
Ahagena enna harima asaai
@sakurafernandez5552
@sakurafernandez5552 4 жыл бұрын
So true aunty anoma . I ve started cooking after I moved in with my husband. I really enjoy cooking ,specially when I add all the spices. I love it. The aroma reminds me of home and its the same smell when amma used to cook for us. I really envy your fresh curry leaves and pandan anunty.tgats one thing we cant buy fresh . Thank you so much aunty.
@sumindatennawatte7796
@sumindatennawatte7796 10 ай бұрын
Oya kema hadaddi katha krna widihata kiyana dewal walata man hari adarei.
@taranissankanissanka3391
@taranissankanissanka3391 3 жыл бұрын
කියලා දෙන ලස්සන....මම ආසම ඔය කතාවට ඔබතුමීගේ....
@asinsalanimanthi5977
@asinsalanimanthi5977 Жыл бұрын
Ghhj
@asinsalanimanthi5977
@asinsalanimanthi5977 Жыл бұрын
🎉🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂
@madusri8473
@madusri8473 4 жыл бұрын
Thanks
@asinsalanimanthi5977
@asinsalanimanthi5977 Жыл бұрын
😮😮
@s.ms.3671
@s.ms.3671 4 жыл бұрын
බුදුසරනයි
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Aththa convent eke iddi kema thoranna behene hema dema kanna ona ape supervisor sister mathak una ehema kiyaddi.bohoma sthuthi obata.👍👍
@thusharasamanmali1462
@thusharasamanmali1462 4 жыл бұрын
Aunty ane harima shok ane..harima rasai.
@fahmidahfiraz6652
@fahmidahfiraz6652 5 ай бұрын
Aunty I am in Colombo where can I get this vege from?
@AnomasKitchen
@AnomasKitchen 5 ай бұрын
From supermarket or ordinary vegetable shops.
@chathurikagamage6642
@chathurikagamage6642 4 жыл бұрын
මගේ අම්මා කියල දෙනව වගේ දැනුනෙ මටනම්.මාත් හදනවා
@ishaniishani2801
@ishaniishani2801 4 жыл бұрын
Godak rasa ethi thank you aunty love you😘😍
@sinthujachandrahasan5795
@sinthujachandrahasan5795 4 жыл бұрын
Hi Anoma, Can I have the recipe for the curry powder you added please.
@shiranilal6406
@shiranilal6406 3 жыл бұрын
Asai ahagena inna ❤ Godak isthuthi ❤
@sanaraanudani350
@sanaraanudani350 4 жыл бұрын
Tks aunty
@prasanthijayawardhana7509
@prasanthijayawardhana7509 4 жыл бұрын
Puhul hadalama ne,man hadanawa,me serama thelata dala,ita passe miti kiri ekata ambarapu pol eka dala kaluwata uyamuda aye dawasaka..thnx aunty..
@AJSenadheera
@AJSenadheera 3 жыл бұрын
MADE it ....tooo tasty ...thanks Aunty 😊
@srimathipathiraja3615
@srimathipathiraja3615 4 жыл бұрын
Alu puhul kalupolata hadanna puluwan
@nadeekalpana9991
@nadeekalpana9991 4 жыл бұрын
👍👍💓
@jplife7773
@jplife7773 4 жыл бұрын
අලු පුහුල් වලට මස්කරි කුඩු දාලා හරිම රසයි හොඳ පොල් ඔීන රසට පුහුල් මාලුවක් උයන්නනමි දර ලිපේ මැටි වළදක අලු ටික හොඳින් අයින්කරලා ගෑරැප්පුවකින්ඇනලා කටුපුහුල් හදන්නත් මෙීවිදියට පුලුවන් (🤷🏿‍♂️පුහුල් ඇඹුලට පොල් සමිබෝලයි /සුදු කැකුලු බත් සමග/.. කරවල තෙල්දාලා දුප්පත් විදියට නරකද ??)
@kumaripathirana7192
@kumaripathirana7192 4 жыл бұрын
බොහොම ස්තුතියි ❤❤
@sunethradesilva7317
@sunethradesilva7317 4 жыл бұрын
මම හදන්නෙත් ඔය විදිහටමයි ස්තෑතියි
@krishankagayani6836
@krishankagayani6836 4 жыл бұрын
Rassi,thanks
@mithilaabeysingha2889
@mithilaabeysingha2889 3 жыл бұрын
Love it
@shandelgoda1231
@shandelgoda1231 4 жыл бұрын
❤❤❤😊
@judeperera7660
@judeperera7660 3 жыл бұрын
හරිම රසවත් 🤩
@rahulranjith8873
@rahulranjith8873 4 жыл бұрын
Akkiyo godaaak tank oyata. ❤❤❤❤
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 4 жыл бұрын
Magen thamai first comment eka..hari rasai aunty mama last week alu puhul iuwa..
@dhanushikagamage8886
@dhanushikagamage8886 4 жыл бұрын
හාල් ටිකකුත් පොල් එක්ක අබරගන්නව අපේ පැත්තේ.
@marinaroberts1617
@marinaroberts1617 4 жыл бұрын
Anoma dear, you made be extremely hungry. Watching you demonstrate your cooking, without eating I feel full. Wonderful, Anoma. Also must mention, your explanation is with a lot of kindness. 💓
@digolfernando5103
@digolfernando5103 4 жыл бұрын
thank you
@dorathyduraisingham3581
@dorathyduraisingham3581 4 жыл бұрын
Very nice I never cook before you are great
@jeewamaliwerasekara9116
@jeewamaliwerasekara9116 4 жыл бұрын
ගෙදර හදපු වැලක පුහුල් ගෙඩියක් කඩලා කස්ටියට ⁣⁣ෙබදුවා... මං මිට කලින් උයලා නැතිනිසා ඔයා හොයන් ආවා...
@TG-ce9dx
@TG-ce9dx 4 жыл бұрын
Ms. Pumpkin kalupol ekak hadannako pls
@shainianuththara1112
@shainianuththara1112 3 жыл бұрын
පොත්ත පිටින් හදන්න බැරිද?
@thisaliiwanka7019
@thisaliiwanka7019 3 жыл бұрын
රෑට කපල තියන්න බැරිද උදේට උයන්න ගන්න
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 20 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 20 МЛН