නිකිණි පුන් පෝයදා විශේෂ ධර්ම දේශණය​ | Galigamuwe Gnanadeepa Thero Bana | Nikini Poya Bana | Poya day

  Рет қаралды 23,106

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

නිකිණි පුන් පෝයදා විශේෂ ධර්ම දේශණය​ | Galigamuwe Gnanadeepa Thero Bana | Nikini Poya Bana | Poya day #bana #galigamuwe_gnanadeepa_thero #budubana #koralayagamasaranathissathero #vimukthiyemaga
~ නිකිණි පොහොයේ වැදගත්කම ~
නිකිණි පුන් පොහොය වස්සාන සමයේ ආරම්භයයි. හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේ මේ සමයේදීය. තුන්මසක් තිස්සේ වස් වසා අවසානයේදී චීවර මාසය උදා වේ.
අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ උපාලි යන මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයේ සප්තපර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදි කරවූ අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංඝායනාව ආරම්භ කරන ලද්දේ ද නිකිණි පුන් පොහොය දිනයේදීය. ලෝකයේ හොඳ හා නරක යනුවෙන් කොටස් දෙකකි. මේවා තීරණය කරනු ලබන්නේ නිකිණි පුන් පොහොය දිනයටය.
වස්සාන කාලය ලෙස නිකිණි පොහොයට පසුව උදා වන සමය හැඳින්විය හැකිය.
බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීමද නිකිණි පොහොයේදී සිදු විය. එමෙන්ම සේරුවාවිල පෙරහර පැවැත්වෙන්නේද නිකිණි පොහොයත් සමඟය.
පන්සල හා ගිහියන් අතර සබැඳියාව වඩාත් තහවුරු කිරීමට මේ පොහොය වැදගත් වේ.
අන්‍යෝන්‍ය සබැඳියාව වර්ධනය කිරීමට නිකිණි පොහොය විශේෂ තැනක් ගනී. ගිහි, පැවිදි දෙපක්ෂය අතර පවත්නා යුතුකම් ඉටු කිරීමට මේ පොහොය හොඳ මාර්ගයකි. අවස්ථාවකි.
සමාජයේ හා පුද්ගලයාගේ අභිවෘද්ධිය උදෙසා පො‍හොය වඩාත් ජීවිතවලට බද්ධ වී ඇත. මසකට වරක් එළැඹෙන පොහොය දිනය සෙසු දිනවලට වඩා සුවිශේෂත්වයක් දක්වයි.
ජීවිතයට වඩාත් උද්දීප්තියක් ළඟා කරන්නක් ලෙස නිකිණි පොහොය අර්ථ දැක්විය හැකිය. බුදුදහම අනුව මූලික පරමාර්ථය හා අරමුණ, වන්නේ සංසාර සාගරයෙන් එතෙර වීමය. සසර බැමි සිඳ බිඳ දැමිය යුතුය. එසේ සිඳලන්නට හැකි වන්නේ තෘෂ්ණාව දුරු කිරීමෙනි. ආසාව දුරු නොකොට සසර බැමි බිඳ දැමිය නොහැකිය. බුදුරදුන් දස පාරමිතාවේදී මුලට යෙදුවේ දානයයි. නැත්නම් දීමයි. දෙන්නේ නැතිව කිසිවක් කළ නොහැකිය. සසර කෙටි කර ගත නොහැකිය. වර්ෂා කාලයේදී එක තැනකට වී වස් සමාදන් වීම බුදුරදුන් පැනවූ විනය ප්‍රඥප්තියක් නොවේ. ප්‍රාග් යුගයේ සිට පැවත එන සම්ප්‍රදායකි. බෞද්ධ භික්ෂූන් හේමන්ත, ගිම්හාන, වස්සාන කාලවල නිල් තණ මඬිමින් පා ගමනින් කුඩා සතුන් විනාශයට බඳුන් කරමින් චාරිකාවේ හැසිරෙද්දී සෙසු පරිබ්‍රාජිකාදීහු එක්තැන්ව වස් විසීමෙහි ඇලී සිටිති.
“අනුජානාමි භික්ඛවේ වස්සං උපගන්තු” මහණෙනි මම වස්සාන ඍතුවෙහි වස් එළැඹෙන්නට අනුදනිමියි භික්ෂූන් ඇමතූ සේක.
මහණෙනි පෙරවස් එළඹීම පසු වස් එළැඹීම දෙකකි. ඇසළ පුන් පොහොයට පසු දින එනම්, අවපෑළවිය දිනයෙහි පෙර වස් එළැඹිය යුතුය. ඇසළ පුන් පොහොය දිනයෙන් මසක් ඉක්ම ගිය කල්හි නිකිණි අවපෑළවිය දිනයෙහි පසු වස් එළැඹිය යුතුය. වස් එළැඹීම ජනතාවගේ උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූවක් බව සැලකිය හැකිය.
බුදුරදුන් ප්‍රඥාප්ති ආවට ගියාට පැනවූයේ නැත. යම් යම් හේතු මත විනයන් පන වන ලදි. සඟරුවනේ නිදහසට බාධා කරන්නට බුදුරදුන්ට වුවමනාවක් නොවීය. සිවු මසක් පමණ වැසි පවතින බැවින් ස්වකීය පන්සලට වී ‘වස්සික සාටිකය’ හෙවත් වැසි සළුව වස් වසන භික්ෂූන් විසින් වස් වසන දිනයේ දීම අධිෂ්ඨාන කොට වස්සාන මාසයෙහි පරිහරණය කළ යුතු සිවුරක් ලෙස නියම කොට ඇත.
නාන කඩය යනුවෙන් හඳුන්වන මේ චීවරය සඟරුවනට වාග් විඥප්තියෙන් වුවද ඉල්ලාගෙන පරිහරණය කළ හැකි වස්ත්‍රයක් වශයෙන් සලකනු ලැබේ. මෙය භික්ෂූන්ට
ලබා ගැනීමට ප්‍රථමයෙන් කටයුතු කරන ලද්දේ විශාඛා මහෝපාසිකාවගේ ඉල්ලීමකට අනුවය.
වස්සාන කාලයෙහි සැදැහැවතුන් සඟරුවන වෙසෙන ආරාමයට ගොස් නිතරම පින් දහම් කටයුතුවල යෙදීම මත ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමට නිකිණි පොහොය උපස්තම්භක වේ.
බොහෝ අය ජීවිතය හා මනුෂ්‍යත්වය එකක් ලෙස සලකති. එහෙත් මෙය දෙකකි. මනුෂ්‍යත්වය මිනිස්කම මතු වන්නේ ජීවිතයෙනි.
සද්භාවය යහපත්භාවය සත්පුරුෂ ලක්ෂණ කෘතවේදීත්වය, සංවේදී බව යන ගුණාංග මතු වන්නේ මනුෂ්‍යත්වය පදනම් කර ගෙනය.
ජීවිතය යනු පොදු වූවකි. එහෙත් මනුෂ්‍යත්වය මානුෂික භාවය පොදු ගුණාංග නොවේ. මිනිසාගේ විඥානය ප්‍රගුණ කිරීමෙන් මතු වන ලක්ෂණ වන්නේ මනුෂ්‍යත්වයයි.
ආනන්ද හිමියන් රහත් වූයේද නිකිණි පුන් පො‍හෝදාකය. නිකිණි පුන් පොහොය දින වෙනත් පොහොය දින මෙන් සිද්ධි සමුදායක් සිදු නොවුණ ද පුද්ගලයාගේ සසර ගමන කෙටි කර ගැනීමට සිත එකඟ කරගෙන මෝක්ෂ මගට පිවිසීමට හේතු වන කරුණු සමුදායයකට මේ පොහොය දිනදී දොරටු විවර විය.
According to the calendar, Nikini Full Moon Poya day falls in the month of August.
The Nikini Full Moon Poya day is a very special Poya day for Buddhists around the world.
The son of Gauthama Buddha, Ven. Rahula Thera listened to the Dhamma and became an Arahath on a Nikini Poya day.The protect the Noble Dhamma for the future generations, the First Convocation of the Buddhist Council or the, First Dharma Sangayanawa was held three months after the Buddha’s Parinibbana on a Nikini Poya Day. This was under the leadership of Arahath Maha Kassapa Thera and the venue was the Sapthaparni cave in Rajagaha Nuwara. Five-hundred great Arahats participated in the First Dharma Sangayanawa.
Bhikkhus who were unable to observer the Perawas, have the opportunity to observer it on Nikini Poya day. This is known as Pasuwas.Buddhists in Sri Lanka mark the Nikini Full Moon Poya day every year by engaging in many religious activities such as Aamisa (material) and Prathipaththi (spiritual) pooja.

Пікірлер: 86
@user-wd2cd8bq1q
@user-wd2cd8bq1q Жыл бұрын
Sadu sadu sadu සියලුම sathwayo වෙත්වා වෙත්වා වෙත්වා duken midethwa 🙏🙏🙏🙏🙏🙏
@jayanthijaya1136
@jayanthijaya1136 Жыл бұрын
සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷සාදු නමස්කාර වේවා සාදු සාදු සාදු
@inokasanjeewani8329
@inokasanjeewani8329 Жыл бұрын
විදෙස් රට සිට බන අහන මමත් අන්සියලු දෙනාටමත් බණ අහන්න සැලැසු සියලු දෙනාටත් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සෙ ට මගෙ නමස්කාරය 🙏🙏🙏🙏
@priyashanthapriya168
@priyashanthapriya168 Жыл бұрын
පිංවත් ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේහ තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම්වූ ධර්මය අපට අවබෝධ කරදීම නිසා ඔබවහන්සේට ලොකු පිනක් මේ සසරින් එතෙර වෙන්න ඔබවහන්සේට ඒ උතුම් පිනම ඇති පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා
@dissakumari1875
@dissakumari1875 Жыл бұрын
🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු අප ගෞරවණීය වන්දණීය පූඡණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාර වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏🌷🌷🌷,!
@thanujasyamali3038
@thanujasyamali3038 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් ,නීරෝගී ,වේවා .දීර්ඝායුෂ ලැබේවා ,ඔබවහන්සේට නමස්කාර වේවා ..බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන් දීර්ඝ කාලයක් ධර්ම චාරිකාව කිරීමට හැකි වේවා 🙏🙏🙏🙏🙏🙏
@wimaliswarnalatha2074
@wimaliswarnalatha2074 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝායූ වේවා !!! තෙරුවන් සරනයී,,,, සාදූ සාදූ සාදූ 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා !!!
@kalanimaheshika5968
@kalanimaheshika5968 Жыл бұрын
34:22 34:22
@darshninadeeka8568
@darshninadeeka8568 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට
@chandieta8043
@chandieta8043 Жыл бұрын
🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷 ගෞරවනිය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷
@himalianoja8810
@himalianoja8810 Жыл бұрын
😊😊
@SamanmaliGamage-lv1pe
@SamanmaliGamage-lv1pe Жыл бұрын
ඔබ වහන්සේ ට මේ පිණ නිවන් අවබෝධය පිනිසම හේතු වේවා වාසනා වේවා 🙏🙏🙏🙏නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@kanthisrilanka5566
@kanthisrilanka5566 Жыл бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@paligumanike8859
@paligumanike8859 Жыл бұрын
Sadu...sadu....sadu..🙏🙏🙏
@sithuminifonseka9920
@sithuminifonseka9920 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@latasrilanka7713
@latasrilanka7713 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@pavithraaberathna9539
@pavithraaberathna9539 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාය වේවා🙏🙏තෙරුවන් සරණයි
@sunethrajayasinha6505
@sunethrajayasinha6505 Жыл бұрын
ඔබ වහන්සේට මේ පින නිවන් අවබෝධය පිනිසම හෙතු වෙවා වසනා වෙවා සාදු සාදු සාදු බුදු සරණයි
@samanthalekamge2995
@samanthalekamge2995 Жыл бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mangalikasooriya9863
@mangalikasooriya9863 Жыл бұрын
Sadu Saaadu Saaaadu 🙏🙏🙏
@inethaeesara9
@inethaeesara9 Жыл бұрын
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
@shitashit5523
@shitashit5523 Жыл бұрын
පින්වත් සුවාමින්වහන්සේට නිර්වාණය පිණිස මෙි පින් හෙතු වාසනා වෙිවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@srimathiehaddala6518
@srimathiehaddala6518 Жыл бұрын
සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ටනිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anulaanula8804
@anulaanula8804 Жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@siththaru3366
@siththaru3366 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබ වහන්සේට 🙏🙏🙏 දීර්ඝ ආයු ලැබේවා 🙏🙏🙏
@pathmikafb4318
@pathmikafb4318 Жыл бұрын
සා දු සාදු සාදු තෙරුවන් සරණයි. ඔබ වහන්සේට .
@malanieindra123
@malanieindra123 Жыл бұрын
සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
@kumarisunethra2713
@kumarisunethra2713 Жыл бұрын
පින්වත් අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 නිවන් අවබෝධ පිණිස මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏
@actiontv8835
@actiontv8835 Жыл бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏
@vinukgawranga1009
@vinukgawranga1009 Жыл бұрын
🙏🙏🙏🙏🌺🌺🌺
@user-ps3sk7zu9r
@user-ps3sk7zu9r Жыл бұрын
අපේ ස්වමින් වහන්සේට තෙරුවන් සරණයි
@namalienamalie1566
@namalienamalie1566 Жыл бұрын
සාදු..සාදු.සාදඅ..
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Maa pin balayan oba vahanseta deergayusa labeevaa neerogi wevaa suapath wevaaaa maa sambudda sasanayaa marga nivan maga avaboda wevaaa sadu sadu the
@chandranichandrani2946
@chandranichandrani2946 Жыл бұрын
සියල්සතුන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා...🙏🙏🙏
@Gna770
@Gna770 25 күн бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepikachandani8666
@deepikachandani8666 Жыл бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු
@DilshanKarunaratne
@DilshanKarunaratne Жыл бұрын
🙏🏽🌼🙏🏽🌼🙏🏽🌼
@vinodanikumarasinghe6186
@vinodanikumarasinghe6186 Жыл бұрын
අපේ ස්වාමින් වහන්සේට theruwan saranai ....🙏🙏🙏
@mtkspd4957
@mtkspd4957 Жыл бұрын
සාදු.සාදු.සාදු.
@rangaruwan-uq3yi
@rangaruwan-uq3yi Жыл бұрын
Budusaranay ape pinvath hamuduruvane 🙏🙏🙏🙏🙏🙏
@mojetam6505
@mojetam6505 Жыл бұрын
Sadu sadusaduu 🙏🙏🙏🙏🙏 siyalu sathwayo niduk wewaa nirogee wewaa suwapath wewaa ....sapa aththoo wewaaaaa........
@seelagunaseeli504
@seelagunaseeli504 Жыл бұрын
Teruwan saranai oba wahanseta sadu sadu sadu
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@ShanthiweerarathnaShanth-gv4eo
@ShanthiweerarathnaShanth-gv4eo Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි
@ChamodiMadubashini-sr7gw
@ChamodiMadubashini-sr7gw Жыл бұрын
Oba wahanseta me pina niwan awabodaya pinisa hethu wewa. Wsana wewa
@nilushanilusha6464
@nilushanilusha6464 20 күн бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉 ...
@dharshaniperera4278
@dharshaniperera4278 Жыл бұрын
සාධු සාධු සාධු 🌷🌻🌷🌻🌷🌻
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 23 күн бұрын
Oba wahanseta nirogi suwa athwewaa niwan dakithwaa !!!🙏🙏🙏🙏🙏🙏🙏
@mallikaliyanrachchi8745
@mallikaliyanrachchi8745 Жыл бұрын
Sadu sadu sadu .🌹🌹🌹🌺🌺🌺🌻🌼🌻🌷🌷🌷
@kumarasenevirathne1779
@kumarasenevirathne1779 Жыл бұрын
Pinwath ape hamuduruwanta sithana pathana nirvana awabodaya lebewa
@radeeshayasith
@radeeshayasith Жыл бұрын
සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏
@kumaridayarathna6827
@kumaridayarathna6827 Жыл бұрын
Sadu 🙏🏻 sadu 🙏🏻 sadu 🙏🏻
@nilushanilusha6464
@nilushanilusha6464 Жыл бұрын
Saduu saduu saduu.
@mojetam6505
@mojetam6505 Жыл бұрын
Me nalikawa osse pracharaya wena sama darama deshanaawakma mn ahanawaa e wagema katina pinkmak sidu kireemata kalayuthu piluwela mulasitama danuwath kireemak karanawanm loku pinak asaawen hitiyath e sadaha piliwela danagath weta adupadu nathuwa sidukireemata puluwan nisaa oba nalikawen eyada balaporoththu wemi me wassana kalayedee
@vinukgawranga1009
@vinukgawranga1009 Жыл бұрын
Sadu sadu sadu.
@SarathPremachandhra-xt8jz
@SarathPremachandhra-xt8jz Жыл бұрын
Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
@hemanthachandani431
@hemanthachandani431 Жыл бұрын
Oba vahanseta bohomath pin sovamin vahansa
@chanakaharsha9372
@chanakaharsha9372 Жыл бұрын
🌼🌼🌼🌺Sadu sadu sadu,
@shamalidasanayaka8467
@shamalidasanayaka8467 Жыл бұрын
Sadu sadu sabu
@noyeliwijesekara7634
@noyeliwijesekara7634 Жыл бұрын
Sadu sadu sadu
@milindawickramarachchy7846
@milindawickramarachchy7846 Жыл бұрын
🙏🙏🙏
@krishanthifernando5613
@krishanthifernando5613 Жыл бұрын
Saaadu.saaadu😊
@menakadilrukshimunasinghe4818
@menakadilrukshimunasinghe4818 Жыл бұрын
🙏🌻🙏🌻🙏
@dilshanisangeethika5997
@dilshanisangeethika5997 Жыл бұрын
🙏🙏🌼
@danushkahemarathna2968
@danushkahemarathna2968 Жыл бұрын
🙏🙏🌹🌹🌹
@hiroshikakodithuwakku4361
@hiroshikakodithuwakku4361 Жыл бұрын
මං උපතින්ම බුද්දාගමේ, එත් බුද්ද චරිත ය අති ශෝක්තියක්, හේතුව කටින් කටට, මේවා ලිය වුණු නිසා, නමුත් ලෝකයක් වෙනුවෙන් සියළුම ම දේ අත හැරපු දරුවෝ බිරිද, රජ කම, රම්‍ය සුරම්‍ය සුබ මාලිගා, රන් රිදී ඇත් ඇත් අසු, අතහැරපු උන් වහන්සේ, මිනී ඔතපු රෙදි කඩකින් සිවුරු හදන් පොරව ගත්තා නම්, පිරිණි වන් පනකොට රත්තරන් පෙට්ටිය ක දාල මහා ගොඩක් සිවුරු පොරවන්න කියයි ද? මේ ගද ගහන සිරුරේ අනිත්‍ය කියා දුන් උන් වහන්සේ සුදු හදුන් වලින් සුවද කරන්න කියයිද? සුදු හදුන් දර වලින්ම සෑය දවන්න කියයද?.ඇයි අප්පා මෙහෙම බුදු බණ මෙතන ම බොරු වෙනවා නේ,, පංචසීලය දෙවැනි පදයම කඩනකොට අපි සාදු කියනවා,. ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා!පොතේ විදිහට ම බණ වදාල න්න එපා හාමුදුරුවනේ.. අපි හරි පව්.
@dulanifernando3771
@dulanifernando3771 Жыл бұрын
හාමුදුරුවනේ, බිම්බිසාර රජුව ,බුදුපියාණන් බලන්න සිර ගෙදරට ගියේ නැද්ද? රජතුමාට එවන් විපාකයක් විදවන්න සිදුවු පෙර අකුසල කර්මය කුමක්ද? පහදන්න... තෙරුවන් සරණයි!
@mudithasenawirathna9547
@mudithasenawirathna9547 Жыл бұрын
😊
@dinudisanayaka
@dinudisanayaka Жыл бұрын
🙏🙏🙏🌹🌹🌺🌺🌼🌼🌻🌻💮💮
@wkdisanayaka5755
@wkdisanayaka5755 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😿
@lahirudasun5520
@lahirudasun5520 Жыл бұрын
🪷🪷🪷🪷🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champikakothalawala9572
@champikakothalawala9572 Жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
@kalanam2539
@kalanam2539 Жыл бұрын
සාදු සාදු සාදු
@niranjalaanthony5981
@niranjalaanthony5981 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🌷
@rumeshikamaduwanthi1458
@rumeshikamaduwanthi1458 Жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
@dasuninawoda9693
@dasuninawoda9693 Жыл бұрын
Sadu sadu sadu
@dayadaya2711
@dayadaya2711 Жыл бұрын
🙏🙏🙏
@kuwt6008
@kuwt6008 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chamikamadhusanka478
@chamikamadhusanka478 Жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@LathaLathaLathaLatha-mu9xn
@LathaLathaLathaLatha-mu9xn Жыл бұрын
Sadu sadu sadu 🙏
@gayanDissanayaka-jb4tz
@gayanDissanayaka-jb4tz Жыл бұрын
🙏🙏🙏🙏
@Madhushan_Kekulandara
@Madhushan_Kekulandara Жыл бұрын
🙏🙏🙏
@shashithafonseka1451
@shashithafonseka1451 Жыл бұрын
🙏🙏🙏
@bodamidumbodamidum6661
@bodamidumbodamidum6661 Жыл бұрын
🙏🙏🙏
@beautystudio495
@beautystudio495 Жыл бұрын
🙏🙏🙏
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,3 МЛН