Рет қаралды 25,103
ගිනිපිග් සුරතලුන්ව නාවන්න පුලුවන්ද?
ගිනිපිග් සුරතලුන් නාවන්න පුලුවන්ද කියන ප්‍රශ්නයට පිළිතුර තමයි, ඔව් පුලුවන්. නමුත් නිතරම නෙවෙයි. මාසෙකට වරක් වගේ තමයි අනුමත කරන්න පුලුවන්. ඔයාලා මාසෙකට එක් වරකට වඩා නාවනවා නම් සමේ ආසාදන ඇතිවීමෙ අවධානම වඩාත් වැඩියි. ඒ වගේම අධික සීතල නිසා ලෙඩ වෙනවා. කෙටි ලෝම සහිත වර්ග වසරකට දෙවරක් හෝ තුන්වරක් නෑව්වම ඇති කියලයි පර්‍යේෂකයො කියන්නෙ. පූසො වගේම මෙයාලා විසින් තමන්ගේ ශරීරය පිරිසිදු කර ගන්න නිසා අමතරෙන් නාවන්න අවශ්‍යතාවක් නැහැ නිතරම. මෙයාලා නාවන වෙලාවට ආතතියට පත්වෙනවා වගේම දිගුකාලීනව මාසෙකට කීප වරක් නෑව්වොත් සම රළු වෙනවා. ඉන් පසු ආසාදන ඇති වෙනවා පහසුවෙන්ම. (කොහොම නමුත් ඔබේ ප්‍රදේශයේ ඌෂ්ණත්වය ඉතාම ඉහළ යනවා නම් හෝ ගිනිපිග් ඉතාම අපිරිසිදු වෙලා නම් හෝ වෙනත් හේතු මත මෙයාලව නෑවිමේ වාර ගණන අඩු වැඩි වෙන්න පුලුවන්)
මෙයාලා අපිරිසිදු වෙනවනෙ? නාවන්නෙ නැතුව කොහොමද?
ඔන්න ගොඩක් අයගෙ ප්‍රශ්නයක්. මෙයාලා මළපහ මත ඇවිදීම හා මූත්‍රා මත ඇවිදීම මගින් තමයි අපිරිසිදු වෙන්නෙ. ඒක නවත්තන්න නම් කොහොමත් කූඩුව නිතරම පිරිසිදුව තියන්න වෙනවා. නැත්නම් නාවලා පැයක් යන්නත් කලින්, හිටිය වගේම අපිරිසිදු වෙනවා. ඒ නිසා පිරිසිදු බව වඩාත් වැදගත්.
කොහොමද මෙයාලව නාවන්නෙ?
මද උණුසුම් ජලය දැමු බේසමක් භාවිතා කරන්න. ජල කරාම, ගලා යන ජලයේ නාවන්න ගියොත් කන්වලට, නහයට යන්න පුලුවන්. නාවනවිට බෙල්ලෙන් පහල නාවන්න. මුහුණ කොටස මෘදු තුවායකින් පිහ දාන්න. සුවද අවම බේබි සබන් හෝ බේබි ෂැම්පු පමණක් භාවිතා කරන්න. කිසිම සැර සබන් වර්ගයක්, ෂැම්පු වර්ගයක් භාවිතා කරන්න එපා. (ගිනිපිග් සුරතලුන්ට නිර්දේශිත ෂැම්පූ වර්ග කිහිපයක් ලෙස Kaytee squeaky clean clitter shampoo , Tropiclean papaya & coconut luxury 2 in 1 pet shampoo, PETSUDS shampoo, Johnson’s veterinary products small animal cleansing shampoo) නියපොතු අග වක් වූ කොටස පමණක් කපලා ඉවත් කරන්න. ඒ වගේම අව්ව හොදින් තියෙන දවසක නාවන්න. වතුරෙ ගොඩක් වෙලා තියාගෙන ඉන්න එපා. නාවලා මෘදු තුවායකින් හොදින් පිහ දාන්න. සුරතලාව හොදින්ම වේලෙනකම් උණුසුම්ව තියන්න. අතේ තියාගන්නවා නම් වඩාත් හොදයි. ඩ්‍රයර් මැශින් වලට සමහර සතුන් භය වෙනවා. භාවිතා කරනවා නම් ඉතාම ප්‍රවේශමෙන් කරන්න මතක තියා ගන්න. නාවපු දවසට පිපිඤ්ඤා, ගොටුකොළ වගේ සීතල ආහාර දෙන්න එපා. මේ කරුණු තමයි ගිනිපිග් සුරතලුන් නෑවීම සම්බන්ධයෙන් ගෙන එන්න පුලුවන්. විශේෂයෙන්ම නිතර නිතර නාවන්නෙ නැතිව ඉන්න මතක තියා ගන්න. ඔයාට අවශ්‍යම නම්, පිරිසිදු රෙදි කඩක් මද උණුසුම් ජලයේ පොගවලා පිහදාන්න පුලුවන්, නැත්නම් සුවද අවම වෙට් ටිෂූ මගින් පිහ දාන්න පුලුවන්. නමුත් සතා විසින්ම පිරිසිදු වෙන නිසා විශේෂ මහන්සියක් අවශ්‍ය නැහැ. ඒ වගේම තව දෙයක් තමයි ඇමෝනියා දුර්ගන්ධය අවම කිරීමට එයාර් ෆ්‍රෙශ්නර් (Air freshner) භාවිතා කරනවා නම් කූඩුවෙන් තරමක් ඈත්ව භාවිතා කරන්න මතක තියා ගන්න.
#kandyguineapigs
Follow us on 👇🏻👇🏻👇🏻
/ kandyguineapigs
vm.tiktok.com/...