Рет қаралды 692
Note :
Special Thanks : - Phoenix Creations(www.facebook.c...)
Video Gear
✔. GoPro Hero 11
✔. iPhone 13 Pro
✔. Mavic Mini
මහනුවර
ශ්‍රී ලාංකීය රාජධානි අතර මහනුවර රාජධානිය විශේෂ ස්ථානයක් හිමි කර ගනී. මෙම රාජධානිය සෙංකඩගල , කන්ද උඩරට , ශ්‍රී වර්ධනපුර යන නම් වලින්ද හන්වනු ලැබේ. සෙංකඩගල රාජධානිය ක්‍රි. ව. 1473 සිට 1815 දක්වා විහිදෙන අතර එහි ආරම්භකය පාලකයා වන්නේ සේනාසම්මත වික්‍රමබාහු රජුය.
මෙම කාලය තුළ මහනුවර රාජධානිය ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය. එහි ස්වාධීනත්වය පවත්වා ගැනීමටත්, දිවයින පුරා තම පාලනය ව්යාප්ත කිරීමට යුරෝපීයයන් දැරූ උත්සාහයන්ට එරෙහිවීමටත් එය සමත් විය. රාජධානියට මෙය කිරීමට හැකි වූයේ එහි ශක්තිමත් යුධ බලය සහ මධ්‍යම කඳුකරයේ උපායමාර්ගික පිහිටීම නිසා යුරෝපීයයන්ට ප්‍රවේශ වීමට සහ පහර දීමට අපහසු විය. උඩරට ස්වතන්ත්‍රවාදය පවත්වා ගැනීමට උත්සාහ කළ ද, 1815 දී රාජධානිය බ්‍රිතාන්‍යයන් අතට පත් විය. මෙය මහනුවර රාජධානියේ අවසානය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ ආරම්භය සනිටුහන් කළේය. විදේශීය ආක්‍රමණ හමුවේ ප්‍රතිරෝධයේ සහ ස්වාධීනත්වයේ සංකේතයක් ලෙස ඉතිහාස ගතවූ රාජධානිය වේ.
දළදා මාළිගාව
ශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය(1592-1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණිකයෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ(1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.
දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. සියම් නිකායේ මල්වතු හෝ අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖෂධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.
නාරම්පනාව
මේ ඉසව්ව පිහිටා තියෙන්නේ හරියටම කිව්වොත් මැනික්හින්න නගරයේ සිට නාරම්පනාව මාර්ගයේ 5km විතර ගමන් කල විට හමුවන පුටුහපුව ප්‍රදේශයේයි.මෙම ස්ථානය දක්වාම කාපට් පාර නිසා ගමන් කිරීම වඩාත් පහසුයි.
නාරම්පනාව නම් වූ සුන්දර ගම්මානය මහනුවර දිස්‌ත්‍රික්‌කයේ මහනුවරට ආසන්නව පිහිටා ඇති වඩාත් සුන්දරම ගම්මානයකි . දුම්බර නිම්නයට අයත් පෙදෙසක් වන මෙම ගම්මානය මැදින් ගලා බසින හුළු ගඟ නිසා මෙහි සුන්දරත්වය තව තවත් වර්ධනය වී ඇත.
දුම්බර කඳුවැටිය නොහොත් සුන්දර නකල්ස් කඳු මුදුන් වලින් ආරම්භ වන හුළු ගඟ හුන්නස්ගිරි කඳු පංතියේ ඇති ජල පෝෂක කලාපයෙන් පෝෂණය වී හුළු ගඟ, මඩොල්කැළේ, අරත්තන, කුකුල් ඔය, නාරම්පනාව, ඔරුතොට, තෙල්දෙණිය, හරහා ගලා ගොස් වර්ථමාන වික්‌ටෝරියා වේල්ල අසලදී මහවැලියට එකතුවේ.
වික්ටොරියා ජලාශයේ ප්‍රධාන තම පෝෂක ගංඟාවක් වශයෙන්ද හුළු ගඟ විශාල කාර්යභාරයක් ඉටු කරයි. ඉතාමත් රමණීය දසුන් මවා පාමින් දිය ඇලි කිහිපයක් ද නිර්මාණය කරමින් ගලා බසින මෙම ගංඟාව නාරම්පනාව ගම් පියසට ආභරණයක් වන්නේය.
Music tracks took from -
• Gajaga Wannama (EDM Re...
• Gajaga Wannama | ගජගා ...