මනි පිට්ටු බාබත් Mani pittu With tripe curry

  Рет қаралды 8,285

Razana's kitchen Ape thuna paha haamine

Razana's kitchen Ape thuna paha haamine

Күн бұрын

මනිපිට්ටු බාබත්
මෙ දවස්වල මුස්ලිම් අය ඉන්න පැතිවල මනිපිට්ටු බාබත් හො හො ගාලා අලෙවි වෙනවා. ගොඩාක් අය ගෙදර හදන්න නොදන්න නිසා තමයි මනිපිට්ටු බාබත් කඩවල හෝ හෝ ගාලා විකිනෙන්නෙ.
මම දැක්කා කොඩාක් කෑම ගෘෘප්වල ගෙදර හදපු කෑම කඩේ හැදුව වගේ කියල පෝස්ට් දාල තියෙනවා. රසකාරක දාල හදන කෑම දිවට ඇඩිට් උනාම කඩේ ඒවා රසයි වගේ තමයි දැනෙන්නෙ. තමුත් ඉස්සර කිව්වෙ කඩේ කෑම කෑවොත් ගෙදර හැදුව වගේ රසයි කියලා.
කඩේ විදියට රසකාරක දාලා සීතකරනයේ දවස් ගනන් පරන වෙච්ච එලවල මස් මාලු බත් දලාද ගෙදර හදන්නෙ. මම හොටෙල් වල කේට්ට්‍රිං වල වැඩ කරල තියෙන නිසා දන්නවා කඩේ හොටෙල් කේට්ට්‍රිං වල කෑම හදන්නෙ කොහොමද කියල. ගෙදර කෑම හදන්නෙ එවෙලෙ උයලා එවෙලෙ හදනවා. කොඩාක් අය හිතන්නෙ කඩේ කෑම රසයි කියලා ඒ උයන්න දන්නැති අයට කඩේ කෑම රසයි.
මම ඩුබායිවල රෙස්ටුරන්ට් හැම එකකින්ම මම කාලා තියෙනවා. හැමදාම ගිහින් කන්න තරම් රහක් නම් මට නැ. දවසක් ඩුබායිවල ලංකාවේ ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා කොත්තු රොටි ඔඩර් කලා කොත්තුවක්... කොත්තු වේ සූදුරු රස ඇරෙන්න වෙන රසයක් එන්නෙ නැ. කාලා ෆ්‍රට්ස් සැලඩ් එකක් කෑව ෆ්‍රට්ස් සැලඩ් එක තිත්ත රහක් එනවා. මම චෙෆ්ට එන්න කියලා කොත්තුව ටිකක් කාලා බලන්න කිව්වා. චෙෆා කොත්තුව කාල බබලා සූදුරු ටිකක් වැඩිවෙලා නේද කිව්වා. මම කිව්වා ෆ්‍රට්ස් සැලඩ් එක කාලා බලන්න කියලා. චෙෆා ෆ්‍රට්ස් සැලඩ් එක කාලා කිව්වා ඒ තිත්ත රස එන්නෙ පැපොල් වල කිව්වා. කුකා කෑම හදල යවන්න ඉස්සෙල්ලා චෙෆා අඩු පාඩු බලන්න ඔනේ කස්ටමර්ල කොම්ප්ලේන් කරාට පස්සෙ චෙෆා කෑමවල රස බලන්නෙ.
චෙෆාගෙ කාර්ය භාර්ය මොකද්ද කියලා චෙෆා දන්නෙනෑ. නෑ කමට චෙෆ්ල දැම්මම ඔහොම තමයි. කහපාට ඩයිදාල මස් මාලු වෙනම උයල බිත්තරකි තියල දුන්නම හිතන් ඉන්නෙ බුරියානි කියලා. මම දන්න තරමින් ඉස්සර ලංකවේ හොඳ ගීදාලා බුරියානි හැදුවේ හොටෙල් බුහාරි විතරයි. දැන් ඒකත් බත ඩයිකරල මස් මාලු කවලම් කරල දෙනවා කියල කාපු අය කියනවා.
ඉතිං නොම්බිකාලේ චේන්ජ් එකට හාමිනේට කිව්වා මනිපිට්ටු හදන්න කිව්වම බාබත් තිබුන නම් මරු කිව්වා. දෙකක් හිතුවෙ නෑ හොද කට්ටි බාබක් කිලෝ එකක් ගෙනත් දුන්නා. මනිපිට්ටු බාබත් ජාඩියට මූඩිය වගේ. මනිපිට්ටු බාබත්වල රසය දන්නෝ දනිති. බාබත් හදන්න ඔනේ හොද්ද හින්දලා පිට්ටු එක්ක කන කොට පොල් කිරිදාලා කන්න ඔනේ. කඩවල්වල පිරිමහන්න බැරි නිසා වතුර බාල්දියක් දාලා හොද්ද තියල හදනවා.
බාබත් කරියා
මම කිචන් එකට යනකොට හාමිනේ බාබත් කෑලි කපලා කහකුඩු ගම්මිරිස් ලුනු දාලා තම්බලා වතුර බේරනවා.
මට හිතුනා අපේ හාමිනේ නෝම්බි දවස්වල එයාගෙ දඩිබිඩු කුකින් එක වීඩියෝ කරන්න. මැටි හට්ටියට තෙල් දාලා රත්වෙන්න හැරල කරපිංචා එක දැම්මා දඩිබිඩි ගාලා ලූනු කපලා දැම්මා රත්වෙච්ච තෙලට. අමුමිරිස් කැපුවා කත්කාලි කපුවා කොත්ත මල්ලි කෑපුවා ඒ අතර තුර හාමිනේට රම්ප දාන්න අමතක උනා ටක් ගාලා ගත්තා රම්ප කොලයක් හෝදල කතුරෙන් චරස් චරස් ගාලා කපල බැදෙන ලූනු එකට දැලා තෙම්පරාදු කරලා සුදුලූනු ඉඟුරු පේස්ට් හන්දක් දැම්මා. කපල තිබ්බ අමුමිරිස් තක්කාලි කොත්තමල්ලි කොලා දාල හැලුවා ලුනු. දැම්මා සියඹලා ඉස්ම. තෙම්පරාදු වෙන්න හැරල කහකුඩු බෝතලේ අරගෙන ඩස් ඩස් ගාලා හාලුවා. සූදුරුකුඩු හැලුවෙත් කහකුඩු හලනවා වගේ මයි. ඒ වගේමයි ගම්මිරිස්කුඩු කරි පවුඩර් මිසිරිස් කුඩු හැලුවෙත්. පහේ ඔක්කෝම තෙලන් බදුනට පස්සෙ තම්බපු බාබත් ටික ඩෝංගාලා හලල වතුර ටිකක් දාලා කවලම් වහල උතුරන්න හැරල ලිප නිව්වා.
මනිපිට්ටු
හාල්පිටි 500ක් කොප්පයට දාලා අවශ්‍ය ප්‍රමාණයට ලුනු එකතු කරලා උනු වතුර ටික ටික දාලා ඉඳිආප්ප පදමට ආනාගෙන ඉටි කොලයකට පිහි ඉහලා ලොකු හිල් තියෙන ඉඳිආප්ප වංගෙඩියන් දිග අතට වක්කරල උඩින් පිටි ඉහල කෑලි කාඩගෙන පෙනේරෙට දාලා පිටි ඉවත් කරලා එකතු කරලා පිට්ටු බම්බුවේ තම්බා ගන්න.
හාමිනේ පිට්ටු කෑලි දකක් මගේ මැටි පිඟානෙට දාලා ඉට උඩින් බාබත් කරිය දාලා ඉට උඩින් උකු පොල් කිරි දාලා ගෙනත් දුන්නා. කනකොට තමයි ලූනු සම්බොලෙ මතක් උනෙ නෝම්බි දවස්වල අපේ හාමිනේට කිචන්එකේ දෙන යුද්දෙ හැටියට මේ වෙලාවෙ ලූනු සම්බෝලෙ මතක්කරානම් අපේ ගෙදර කාලි අම්මව දකින්න තිබුනා. 🤣🤣🤣

Пікірлер
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,2 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 29 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,2 МЛН