Рет қаралды 32,402
නාඹර ගොයමට රහස් කියාලා
ලා හිරු හිනහේ කිරණ ගලාලා
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා අමතනවා
මගෙ පියසටහන් හඳුනන ඔබෙ නෙත
හිමිදිරියේ දුටු සුභ දසුනයි
කම්මල මැද වෙහෙසෙන විට ගතසිත
ඔබගැන මතකය මද පවනයි
නාඹර ගොයමට රහස් කියාලා
ලා හිරු හිනහේ කිරණ ගලාලා
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා අමතනවා
බලාපොරොත්තුව කිරිවැදිලා හෙට
ගමේ කුඹුර මදහස පෙන්වයි
මංගල සිරියෙන් කරල් කපන දා
හිතා ඉන්නෙ ඔබෙ අත ගන්නයි
නාඹර ගොයමට රහස් කියාලා
ලා හිරු හිනහේ කිරණ ගලාලා
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා අමතනවා..
ගායනය - ගුණදාස කපුගේ
සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ