Рет қаралды 1,125,685
සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය එකමුතුවගේ දඹදෙණි රාජධානියේ විසු දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ළමා කාලයේ සොඳුරු ඉසවු අළලා නිර්මාණය වුණු සිනමා පටය යි, සිරි පැරකුම්.
දඹදෙණිය රාජධානිය කොට 13 වන සියවසේ රාජ්‍ය කළ නැම්බඹර, කලිකාල, සාහිත්‍ය, සංගීත, සර්වඥ දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ ළමා කාලය ආශි‍්‍රතව ඇති ජනප්‍රවාද පාදක කර ගනිමින් රචිත තිර රචනයකි.
මෙම රජතුමාගේ ළමා කාලය ගැන ලේඛන ගත, සනාථ කළ නිශ්චිත තොරතුරු ඉතිහාසයේ සදහන් වී නැතත් මුඛ පරම්පරාවෙන් පැවත එන විවිධ ජනප්‍රවාද රාශියක් ඇත. මෙම ජනප්‍රවාද වල කියවෙන බොහෝ නම්ගම් හා පෙලපත් නාම අදත් අසන්නට දකින්නට ඇති නිසා එම ජනප්‍රවාදවලට පාදක වූ කිසියම් සත්‍ය තොරතුරු ද ඇතැයි අනුමාන කළ හැක. ඇතැම් ජනප්‍රවාද අතර පරස්පර විරෝධීකම් ඇතත් සියලූම ජනප්‍රවාද වලට පොදු ලක්ෂණ ද ඇත. එවන් පොදු ලක්ෂණ හා සිනමා කෘතියකට උචිත ලෙස මනඃකල්පිතව නිර්මාණ කරන ලද සිදුවීම්ද මෙහි ඇතුළත් ය.
එහෙයින්, මෙම තිර රචනය එම ජනප්‍රවාද පාදක කරගත් නව නිර්මානයක් විනා සත්‍ය තොරතුරු පමණක් අඩංගු ඉතිහාස වාර්තාවක් නොවනු ඇත.