Рет қаралды 19,260
✅Don't forget to Subscribe our channel
/ @dedunuparadisaya8591
✅Follow us on Facebook
/ dedunu-paradisaya-1054...
පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයක වටිනාකම තියෙන්නේ සිත නිසයි. යම් දවසක අපි මැරුණොත් එදාට මේ ශරීරයෙන් කිසිම වැඩක් නැහැ. වැඩකට ගන්නට බැරි දර කැබැල්ලක් වගේ වීසි කරලා දානවා. මේ ගැන ලොකු අවබෝධයක් ඇති වෙන ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙය දේශනා කොට වදාළේ ඉතාමත්ම රෝගී තත්වයේ සිටි භික්ෂූන් වහන්සේ නමක් අරභයා. උන්වහන්සේගේ නම පූතිගත්තතිස්ස. උන්වහන්සේ කා
සමඟවත් ඇසුරු කළ කෙනෙක් නෙවෙයි. සංඝයාගේ පොදු කටයුතුවලට උදව් උපකාර කළ කෙනෙකුත් නොවෙයි. ගිලන් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කළ කෙනෙකුත් නෙවෙයි. මෙනිසා උන්වහන්සේ වැඩසිටියත්, නැතත් කිසි කෙනෙකුට වෙනසක් තේරුණේ නැහැ. උන්වහන්සේගේ පාඩුවේ කුටියේ හිටියා. කාගෙවත් අවධානයක් යොමු වුණේ නැහැ.
ටික කලක් යද්දී උන්වහන්සේ අසනීප වුණා. ශරීරය පුරා ගෙඩි හටගත්තා. ඒ ගෙඩි ලොකු වුණා. වණ වුණා. පුපුරලා සැරව ගැලුවා. පොරවාගෙන සිටි සිවුර එ් සැරව නිසා ඇඟට ඇලුණා. උන්වහන්සේ මහා වේදනාවෙන් යුතුව කෙඳිරි ගගා ඇඳේ වැතිර සිටියා. දිනක් කුටි චාරිකාවේ වඩින බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ කුටිය ළඟට වැඩියා. නැවතුණා. කෙඳිරිලි හඬ අසාගෙන හිටියා. මේ කුටියේ කවුද ඉන්නේ කියා කුටිය තුළට වැඩියා. අනේ, මේ ස්වාමීන් වහන්සේට නැගිට ගන්නටත් අමාරුයි. කෙඳිරි ගගා අඬන්න පටන් ගත්තා.
“අනේ, ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මගේමයි වැරැද්ද… මම පැවිදි වෙලා වගක් නැතිව හිටියා මිසක්, ස්වාමීන් වහන්සේලාගේ පොදු කටයුතුවලට සහභාගී වුනේ නැහැ. කොටින්ම ගිලානෝපස්ථානයක් වත් කළේ නැහැ. එ් නිසා මා කා සමඟවත් ඇසුරකට ගියේ නෑ. මගේ පාඩුවේ හිටියා. මං අසනීප වුණු බවවත් කවුරුත් දන්නෙ නැත්තෙ එ් නිසයි.
බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේව කුටියෙන් එළියට ගත්තා. උණු පැන් එකක් ගෙන්වා ගත්තා. ඇඟට ඇලී තිබුණු සිවුර හෙමිහිට උණු පැන් පොඟවමින් ඉවත් කළා. රෙදි කෑල්ලක් උණු පැන්වල පොඟවමින් ශරීරයේ තෙත මාත්තු කළා. පිරිසිදු රෙද්දකින් මෘදු ලෙස පිහදා දැම්මා. ආනන්ද ස්වාමීන් වහන්සේ එ් ලේ සැරව තැවරුණු සිවුරු උණුවතුරෙන් සෝදා වේලුවා. උන්වහන්සේගේ ශරීරයට හොඳින් සාත්තු සප්පායම් ලැබෙන නිසා වේදනාව අඩු වුණා. කයට පහසුවක් දැනුණා. එනිසාම සිතට ප්‍රීතිය ඇතිවුණා. බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ යථා ස්වභාවය දකින්නට හැකි ආකාරයෙන් මෙම ගාථාව වදාළා.
අචිරං වතයං කායෝ - පඨවිං අධිසෙස්සති
ඡුද්ධෝ අපේතවිඤ්ඤාණෝ - නිරත්ථං’ව කලිංගරං
සුළු කලකින්ම මේ කය - පොළොවෙහි වැතිර ගන්නේ
බැහැර වී විඤ්ඤාණය - මරණයට පත් වන්නේ
එවිට කුණුවෙන මේ කය - කිසිවකට නොගත හැකි ලෙස
දිරාගිය දර කඩක් සේ - පොළොවෙහි දිරා යන්නේ
මේ තියෙන්නෙ අපේ නාලිකාවේ මේ වෙන කොට හදල තියන වීඩියෝ වල playlist එකතුව මෙය නරඹා දැනුම වර්ධනය කරගන්න. පහත link තුලින් ඔබට ඇවැසි playlist එක තෝරා පිවිසෙන්න.
අත්වැඩ
• Handwork / අත්වැඩ
නාම පද
• Sinhala Nouns / නාම පද
පිල්ලම්
• Pillam / පිල්ලම්
තේරවිලි
• තේරවිලි
රසවින්දනය
• Rasavindanaya / රසවින්දනය
අක්ෂර
• Akshara / අක්ෂර
Basic English Knowledge
• Basic English knowledge
English for Day Today Life
• English for day today ...
දැනුම් පාරාදීසය
• දැනුම පාරාදීසය / Danum...
බුද්ධ ධර්මය
• Buddhism බුද්ධ ධර්මය
දෙමළ භාෂාව
• දෙමළ භාෂාව . Tamil lan...
#dedunuparadisaya