තොටගමුවේ ශ්‍රී රාහුල හිමි Thotagamuwe sri rahula thero ලස්සන දෙරණ Lassana Derana

  Рет қаралды 1,124

Lassana Derana - ලස්සන දෙරණ

Lassana Derana - ලස්සන දෙරණ

Күн бұрын

#Thotagamuwe #Rahula #lassanaDerana
කෝට්ටේ යුගයේ මහා පඬිවරයකු කිවියකු මෙන් ම භාෂා ගණනාවක ප්‍රවීණත්වයෙන් යුතු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකමට උපන් හපන්කමින් යකුන් ගෙන් ද වැඩ ගත් ඒ උන් වහන්සේ අන් කවරකුවත් නොව දෙස් විදෙස් පතළ වූ තොටගමුවේ විජයබා පිරිවෙනේ පිරිවෙන්පති ව වැඩ විසූ වාචීස්සර, ෂඩ්භාෂා පරමේශ්වර ත්‍රිපිටකාචාර්ය, මහා කිවි තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ ය. උන් වහන්සේ මෙලොව එළිය දුටුවේ ක්‍රි.ව. 1408 ය. උපන්නේ දෙමටාන නම් ග්‍රාමයේ ය. දෙමටාන ග්‍රාමයේ අධිපති ව වැඩ විසූ මෞර්ය වංශික ප්‍රභේදයක් වන කඳවුරු කුලයෙහි වික්‍රමබාහු නම් කුමරකුට දාව සීලවතී නම් කුල කුමරිය මේ පින්වත් කුමරු බිහි කළා ය. කුඩා වියේ දී ‘දෙමටාන කුමරු’ ලෙසින් හඳුන්වනු ලැබූ කුමරු බිලිඳු අවධියේ දී ම සිය පියාණන් හදිසියේ මිය පරලොව ගියේ ය.
බිලිඳු සමඟ තනි වූ සීලවතී වැන්දඹුව සිරි පැරකුම් රජු තම බිසෝ තනතුරෙහි තබා ගත්තේ ය. පුත්‍රයකු නොමැති දියණියන් දෙදෙනකුට පමණක් පියකු වූ රජු දෙමටාන බිලිදු කුමරා හදා වඩා ගන්නට වූයේ තමන්ගේ පුත්‍රයකු ලෙසිනි. රජුගේ නොමඳ ස්නේහයෙන් වැඩුණු දෙමටාන කුමරු පසුකලෙක ද රජු සමඟ පැවැති සමීප සබඳතා ගසට පොත්ත මෙන් බිඳකුදු අඩුවක් නොවී පැවැත්තේ ය.
වීදාගම තෙරුන්ගේ ශිෂ්‍යයකු ව ද තොටගමුවේ උත්තරමුල රාහුල තෙරුන්ගේ මුනුපුරකු ද වන දෙමටානේ කුමරුන් ලමා වියෙහි දී ම පැවිදි බිමට පත් වූහ. දෙමටානේ කුමරු එතැන් පටන් තොටගමුවේ සිරි රහල් හිමි නම් වූහ. උන් වහන්සේ මයුර - වාහනා රූඪ කඳ සුරිඳුන්ගෙන් වරයන් ලත් බව ද පොතපතෙහි සඳහන් වේ.
උන්වහන්සේ පිළිබදව කතා කිරීමට බොහෝ දේ ඇත. මෙම වීඩියෝවේ අන්තර්ගත වන්නේ තවමත් පවතින උන්වහන්සේගේ දේහය පිළිබදවයි. උන්වහන්සේ ගැන තවත් විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

Пікірлер: 3
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 27 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 81 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 106 МЛН