පූජ්‍ය අඹගස්මුල්ලේ පුඤ්ඤරතන හිමිගේ ධම් පද විවරණය 02 - කොටස - Ven. Ambagasmulle Punnarathana Thero

  Рет қаралды 947

Sadaham Suyamaya - සඳහම් සුයාමය

Sadaham Suyamaya - සඳහම් සුයාමය

Күн бұрын

පූජ්‍ය අඹගස්මුල්ලේ පුඤ්ඤරතන හිමිගේ ධම් පද විවරණය - ධම්ම පදය ඇසුරෙන් කෙරෙන ධර්ම විග්‍රහය 02 - කොටස - Dham Pada Wivaranaya
පූජ්‍ය අඹගස්මුල්ලේ පුඤ්ඤරතන හිමිගේ ධම් පද විවරණය 01 - කොටස Dharma Deshanaya Ven. Ambagasmulle Punnarathana Thero
#Dhamma #Padaya #CSG #ධම්ම
kagama Sirinanda Thero new Bana - 2021
පාලි - ප්‍රාකෘත - ධර්මපද
සංස්කෘත - ධර්මපද
For the legend of an architect's son who completed a Konark temple in one night, see Dharmapada (person).
මෙය ලිපි මාලාවක කොටසකි,
බුද්ධ ධර්මය සහ බුද්ධාගම පිළිබඳ
Dharma Wheel.svg
ඉතිහාසය
ධර්මයසංකල්ප
බෞද්ධ පාඨ ග්‍රන්ථ
පිළිවෙත්
නිර්වාණය
සම්ප්‍රදායයන්
රට අනුව බුද්ධාගම
Outline
Portal icon ආගම් ද්වාරය
vte
ධම්මපදය (පාලි; ප්‍රාකෘත: धम्मपद ධමපද;[1] සංස්කෘත धर्मपद ධර්මපද) යනු බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී දේශනා කොට වදාළ ගාථාවන්ගේ සංග්‍රහයකි . ථේරවාද ත්‍රිපිටකයෙහි ඛුද්දක නිකායට අයත්වන ධම්මපදය පෙළ දහමේ ජනප්‍රියතම ග්‍රන්ථයක් ලෙස හැඳින්විය හැකිය.[2]
ධම්මපද යනු ධර්ම පාඨ ඇතුළත් කාව්‍යමය ලක්ෂණවලින් යුතු ථෙරවාදී බුද්ධාගමේ ඉතා ප්‍රසිද්ධ සහ ජනප්‍රිය කෘතියකි. මෙය ඛුද්දක නිකායෙහි අන්තර්ගතය.
බොහෝ ගාථාවන් ධර්ම කරුණු හා සම්බන්ධය. පාලි ධර්ම ග්‍රන්ථයන්හි කොටස්වල ගාථාවලින් භාගයක් පමණ දක්නට ලැබෙන්නේ වුවද, ධම්මපද යනු සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ කොටසකි. හතරවැනි හෝ පස් වැනි සියවසේ බුද්ධඝෝෂ හිමි විසින් අර්ථකථන දක්වා ඇත. එහි ගාථාවල අර්ථය පැහැදිලි කරන කථා 305 ක් අඩංගු වේ.
ධම්මපදයෙහි බොහෝ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පාලි මුද්‍රණය වුවද වෙනත් භාෂා අනුවාද ද ඇත.
ඛරෝස්ති අකුරෙන් ලියන ලද ධර්ම ගුප්තක අනුවාදය.
ලෝකෝත්තරවාද අනුවාදයක කොටස්.
පැට්නා ධර්මපද නමින් හැඳින්වෙන බෞද්ධ සංස්කෘත මිශ්‍ර භාෂාවකින් කරන ලද සම්මතිය අනුවාදය.
උදාන වර්ග වශයෙන් දන්නා මූල - ශ්‍රාවස්තිවාද ග්‍රන්ථවලට සම්බන්ධයයි.
සංස්කෘත අනුවාද තුනක්
ටිබෙට් පරිවර්තනයක්.මෙය ටිබෙට් සාම්ප්‍රදායික බුදු දහමෙහි ජනප්‍රියව පවතී.
චීන කෘතීන් 4 ක් - ෆජ්යු ජින් යනුවෙන් නම් කර ඇත. මෙයින් එකක් පාලි අනුවාදයෙහි විශාල කරන ලද පරිවර්තනයක් බව පෙනේ. මෙය සාම්ප්‍රදායික වශයෙන් ජනප්‍රිය වී නැත.
ගාථා ගණන සහ වස්තු කතා
ධම්මපදයේ සංගෘහිත ගාථා 423 කි. ඒ බව මෙහි නිගමන ගාථාවල ගාථා සතානි චත්තාරි තෙ වීස ච පුනා පරෙ යන්නෙන් පෙනේ. එහෙත් පස්වැනි කාශ්‍යප රජුගේ (ව්‍යවහාරික වර්ෂ 913) දම්පියා අටුවා ගැටපදයේ ඇත්තේ ගාථා 422 කි. මෙහි එන පාද සයේ ගාථාවල පේලි හුවමාරු වීමෙන් මෙසේ වුණි යැයි මතයක් පවතී. සියම් හා මරම්ම පොත් අනුවද ගැණෙන්නේ ගාථා 422 කි. පස්වැනි කාශ්‍යප රජුට අනුව ගාථාවන්ගේ අර්ථෝප්පත්ති කතා ඇත්තේ 300 කි. පඤ්චාධිකානි තීණි වත්ථු සතානි ලෙස බුරුම ධම්මපද නිගමන වලින් කතා 305 ක් ඇති බවක් කියැවෙයි. ලංකාවේ ධම්මපදට්ඨකථා නිගමනයේ සඳහන් වන්නේ කතා 304 කි. එකුණානි තීණි වත්ථු සතානි යනුවෙන් එහි සඳහන් වේ. වම්බටුවැවේ ධර්මකීර්ති ශ්‍රී ශ්‍රීනිවාස හිමියන් විසින් සම්පාදිත ධර්මපද ප්‍රදීපය ග්‍රන්ථයේද මෙසේ සඳහන් වේ.[3]
සංවිධානය වී ඇති පිළිවෙල
පාලි ධම්මපදයෙහි ගාථා 423 ක් ඇතුළත් වේ. පරිච්ඡේද 26 කි. ඒවා පාලි භාෂාවෙන් පහත පරිදි වේ.
i.යමක වග්ග - යුගල වර්ගය
ii. අප්පමාදවග්ග - අප්‍රමාද බව
iii. චිත්තවග්ග - සිතිවිලි
iv. පුෂ්ඵ වග්ග - මල්
v. බාල වග්ග - මෝඩ
vi. පණ්ඩිත වග්ග - ඥාණවන්ත
vii. අරහන්ත වග්ග - පූජනීය
viii. සහස්ස වග්ග - දහස්
ix. පාප වග්ග - පව
x. දණ්ඩ වග්ග - දඬුවම්
xi. ජරා වග්ග - මහලු
xii අත්ථ වග්ග - තමාම
xiii ලෝක වග්ග - ලෝකය
xiv. බුද්ධ වග්ග - බුදුන් (උධෘත බලන්න)
xv. සුඛ වග්ග - සැප
xvi. පිය වග්ග - සතුට
xvii. කෝධ වග්ග - තරහ
xix ධම්ම වග්ග - යුක්තිය
xx. මාග්ග වග්ග - මාර්ගය
xxi පකීර්ණක වග්ග - විවිධ
xxii නිරය වග්ග - අපාය
xxiii නාග වග්ග - ඇතා
xxiv භික්ඛු වග්ග - භික්ෂූන්
xxv බ්‍රාහ්මණ වග්ග - බමුණන්
වේදනා සංඤා සංස්කාර යන චතසික ධර්මයෝ සිත මූලික කරගෙන ඇතිවේ. නරක සිතුවිලි වලින් දූෂිත වූ සිත බොරු කේලම් පරුෂ වචන ආදී කතාවෙන් කරන වැරදි කරයි නම් හෝ පර පන නැසීම සොරකම් ආදී පව් කරයිද එසේ නම් ගොනුට බර දෙමින් ගොනු පසුපස යන කරත්තය මෙන් තම වැරදිද තමාට දඬුවම් දෙමින් තමා සමඟම පැමිනෙයි. මනෝ පුබ්බඞ ගමා ධම්මා මනෝ සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොති වා
තතෝ නං දුක්ඛ මන්වෙති චක්කං'ව වහතෝ පදං.
2. වේදනා සංඤා සංස්කාර යන චතසික ධර්මයෝ සිත මූලික කරගෙන ඇතිවේ. යහපත් සිතුවිලි වලින් පැහැදුනා වූ සිත මනා තෙපුලක් කරයි නම් ‍හෝදානය ආදී පින් කරයිද එසේ නම් ශරීරය අතනොහැර ශරීරය සමඟම ගමන් කරන සෙවනැල්ල මෙන් තම කුසලයන්ද සැපය දෙමින් තමා සමඟම පැමිනෙයි. මනෝ පුබ්බඞ්ගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන භාසතී වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති ජායාව අනපායිනී.

Пікірлер: 1
@gayanmadushan6738
@gayanmadushan6738 3 жыл бұрын
❤️ theruwan saranai
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 14 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 35 МЛН