කන්න දාන්නෙ එක වේලක්ලු ජරාවෙමයි ඉන්නෙ! 😭💔 අවුරුදු 04ක් ම එයා කූඩුවේලු! 😭💔

  Рет қаралды 173,833

Kandy Guinea Pigs

Kandy Guinea Pigs

Күн бұрын

වරදක් නොකර අවුරුදු 4ක් කූඩුවක හිර කරලා හිටපු අසරණයා😭💔
"නිළමේ" 🥺❤️ මම එයාට නම දැම්මෙ එහෙම..! ඒ තරම් ගාම්භීර පාටක් එයාට තිබුණා 🥺 එයා ලෙඩින් හිටියත්.. දුකින් හිටියත්.. ඒ ඔක්කෝම දැන් අතීතයක් විතරයි..! මෙ තමයි ඒ නිළමෙගේ කතාව ❤️
ඔයාට පුලුවන්ද හැරෙන්නවත් ඉඩ නැති අපිරිසිදු කූඩුවක හිරවෙලා ජීවිත කාලෙම ඉන්න? 🥺 දවසට එක පාරක් ලැබෙන කෑම ටිකෙන් ජීවත් වෙන්න!? 🥺💔 එහෙම කරන්නෙ "හිරකරුවන්ට" නේ?? ඒ එයාලට දඬුවම් දෙන්නනෙ?? ඉතින් මොකුත්ම නොකරපු අහිංසක සත්තු ජීවිත කාලෙටම හිරකරුවෝ කරන්න ඔයාලට කවුද අයිතිය දුන්නෙ?? 😡😡 ඔයා මම වගේම එයාලත් ලේ මස් නහර වලින් හැදුනු, හැඟීම් දැනීම් තියන අහිංසකයෝ 😔💔 සෙල්ලම් බඩු නෙවෙයි!!! තමන් උපමා කරල අනුන් ගැන හිතන්න! එතකොට මේ අමානුෂික දේවල් කරන්න හිතෙන එකක් නැහැ! 😭
ඒ ළග ගෙදරකින් මෙයා ගැන විස්තරේ කිව්වෙ! ඒත් මට ඉන්න තුවාල වූණු, පිළිකා හැදූණු, කොඳු පණ නැති අසරණයෝ ගොඩක් නිසා යන්න බැරි තත්වයක් තිබුණත් කොහොම හරි යන්නම කියලා මගේ හිත කිව්වා 🥺💔 ඉතින් එයාව හොයන්න කුරුණෑගල ගියා.. වැස්සෙම..
මේ බව්වගෙ කතාව වෙනස්ම එකක්! පොඩි කාලෙ ආසාවට ගත්තට , පස්සෙ බ්‍රීඩින් කරන්න හැමෝටම බැහැ! අහිංසක සත්තු අරගෙන අපායවල්වල වගේ දාගෙන දුක් විදෝනව 😭😭💔එයාට දවසට එක පාරලු රෑට කන්න දෙන්නෙ 😭 කූඩුවේමලු ඉන්නෙ 😭 කිනිතුල්ලො පිරිලා, චූටි තුවාල ලොම් අස්සෙ, ගඳම ගඳයි එයා, ලොම් ඔක්කෝම ගැට ගැහිල 😭 කොච්චර සැපට හැදෙන්න ඕන සතෙක්ද එය 😣 හරිම අහිංසකයි 😭 එන ගමන් යෝගට් අරන් දුන්නා ❤️‍🩹
එතනින් එහාට එයාගෙ සම්පූර්ණ පරීක්ෂ්ණයක් කරලා බෙහෙත් අරන් දීලා, රසම කෑම හැමදේම ගෙනත් දුන්නා! දිගටම පශුවෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කළා! අඩුම ගාණෙ එන්නත් කරපු පොතක්වත් නෑ එයල ලග 💔😭😭 මම ඒ මිනිස්සු දිහා බැලුවේ වත් නෑ කූඩුව ඇරලා සතාව අරගෙන ආවා! එනකම් කඳුලු ගලනවා පපුව පිච්චෙනව වගේ 😭💔💔
පශුවෛද්‍ය පරීක්ෂා කළාම එයාට උණ තියනවා, සමේ ආසාදනයක් තියනවා, තයිරොක්සින් ප්‍රශ්නෙ එන්න මුල් අවස්ථාව වගේලු ඒ නිසා වෙලාවට බේරගත්තේ කිව්වා 🥺 තව මාස 6ක් වගේ හිටියා නම් එයා පිකාචු වගේම වෙයිලු 🥺❤️ එයාගේ FBC, ALT, AST , Thyroxine, creatinin, T4 ටෙස්ට් වලට ලේ ගත්තා 🥺 Microfilaria test එකක් කළා! විටමින් , කැල්සියම්, අනිත් බෙහෙත. දුන්නා ❤️‍🩹 කෑමත් පෝෂ්‍යදායි විදියට දෙන්න පටන් ගත්තා එයාටම විශේෂයෙන් හදලා! ගැට ගැහුණු, කුණු එකතු වෙලා තිබුණු ලොම් ඔක්කෝම කපලා පිරිසිදු කළා ❤️ පැය 12න් 12 ට නොනවත්වා IV දුන්නා, eye drop දැම්මා.. හරිම පරිස්සමෙන් බලා ගත්තා..! ඒ වගේ අන්තිම වෙලාවක බේරෙන්න තරම් වාසනාවක් එයාට තියෙන්න ඇති ❤️
එදා බේර නොගත්තා නම් අහිංසකයගේ ජීවිතෙත් මෑතකම පාරට වැටෙන්න තිබුණා හිරකාර කූඩුවේ ජීවිතෙන් 🥺❤️‍🩹 නැත්නම් ඒකෙම මැරිලා යන්නත් තිබුණා..! 🥺💔 වේදනාවට කෑ ගැහුවත් බලන එකක්වත් නෑනෙ 🥺💔
අනේ හදන්න බැරි නම් සත්තු ගන්න එපා 🥺💔💔💔🙏🙏එයාලට මෙහෙම වද දෙන්න එපා! 😢 එයාලාට දුක වේදනාව බඩගින්න කියාගන්න බෑනෙ 😭💔
කොහොම හරි තවත් එයට හිර වෙලා ඉන්න දෙයක් නැහැ! එයා නිදහස්❤️‍🩹
මේ දේවල් වෙනුවෙන් යම් පිනක් වුණා නම්, කැන්ඩි, පිකාචු ඇතුළු අහිංසකයෝ වෙනුවෙන් ඒ පින් මම අනුමෝදන් කරනවා ❤️

Пікірлер: 1 000
@nnnnnn_69
@nnnnnn_69 18 күн бұрын
මෙ තාත්තයි දෝණියි මහා විශ්වය නිර්මාණය කර එවු අය. සම්මා සම්බුදු සරණයි.දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏🙏🙏රූපය හදවත නිරෝගී වේවා.🙏🙏🙏🙏🙏 ❤❤❤
@chandrikapushpakumari823
@chandrikapushpakumari823 22 күн бұрын
අනේ දුවේ ඔයානම් දේවතාවියක්.සතුන්ට ආදරය කරන හැමෝටම කිසිම විටක දුකක් කරදරයක් නොවේවා
@janakithilakarathna9812
@janakithilakarathna9812 25 күн бұрын
මේ භවයෙත් මතු උපදින ආත්මගනනේත් නිරොගී සම්පත්තිය ලැබේවා!!! අක්කේ
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 25 күн бұрын
Anime okun awagema widawanna one.soba dahama pilithuru dei.saapa wenna one.
@deepthigeorge9740
@deepthigeorge9740 21 күн бұрын
Api Kandy balagolla oyala koheda pare 2 malanga innawa mage Lamai wage GOD bless you 💖
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 19 күн бұрын
තෙරුවන්සරණයි ❤
@nimmiweerakkodi3575
@nimmiweerakkodi3575 25 күн бұрын
මොනතරම් පාපකර්මයක්ද ? ඒ මිනිස්සුන්ට මේ පාපකර්මයක්ට දඩුවම් ලැබෙන්නම ඕනි. ඔයාට ගොඩාක් පින්❤
@user-ly5ly1ut2b
@user-ly5ly1ut2b 25 күн бұрын
අක්කෙ ඔයා මේ කරන පිනම ඇති ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සහ සියලු කටයුතු සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.......බුදු සරණයි....
@nethminikaumadi9081
@nethminikaumadi9081 26 күн бұрын
අනේ එයාව කාටවත් දෙන්න එපා🙏🙏 අක්කේ ඔයාට ගොඩක් පින්🙏 කියන්න වචන නෑ ඒ තරම් පින් පව් අහිංසක සතුන්ට මේ වගේ ජරා වැඩ කරන මිනිස්සුන්ට එයාලා කරපු පව් විදවන්න වෙනවා.අපේ ගෙදර ලග ගෙදරක් තියනවා ඒත් මේ වගේ හැම තැනකින්ම සත්තු අරන් එනවා කන්නවත් දෙන්නේ නෑ මට පුලුවන් විදිහට ඒ සතුන්ට කෑම බීම දෙනවා ඒ මිනිස්සු කරන පව් වැඩ තේරුම් ගන්නෙම නෑ අහිංසක ජීවිත දුක් විදිනවා.
@laylakaram5007
@laylakaram5007 24 күн бұрын
ඔයාලා තමයි මිහිපිට දෙවිවරු❤❤
@vajirlasanthi6541
@vajirlasanthi6541 21 күн бұрын
♥️
@bhagyaharshani5310
@bhagyaharshani5310 20 күн бұрын
Eeywa rehome kala neda
@sulakshi54
@sulakshi54 19 күн бұрын
එයා මැරුනා දැන් නේද
@priyankapodimanike1266
@priyankapodimanike1266 17 күн бұрын
අනේ දුවේ ඔයාට මම මේ කරන්නේ ඉල්ලීමක් .මගේ රොට් වයලට් බල්ලගෙ වයස අවුරුදු 4යි .එයා ගෙනාවේ මගේ පුතා .එයා දැන් ඉන්නේ රට .ඉතින් මට දැන් ලෙඩ අමාරු වැඩි නිසා .මෙයා බලා ගන්න මට අමාරුයි .නාවනවා කවනවා පිරිසිදු ඉන්නව .මට එයාගෙ වැඩ කරන්න අමාරු නිසා හොඳ පිරිසිදු කරල බලාගෙන එයාට ආදරේ න් සලකන කෙනෙක් ට මෙයා දෙන්න මට උදවු කරන්න පුලුවන් නම් .කියන්න .මට දෙන්න දුකයි .ඒත් එයා ගෙ වැඩ දැන් මට කරන්න අමාරුයි .මම ලෙඩ නිසා
@mis.darshi1236
@mis.darshi1236 26 күн бұрын
අනේ මගෙ රත්තරන් නංගියෝ ඔයාට ගොඩාඩාඩාඩාඩාක් පින් 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@shanthiranatunga241
@shanthiranatunga241 25 күн бұрын
අද කාලේ ඔයා වගේ දරුවන් හරිම ආදර්ශයක් මම ඔයාගේ දෙමාපියන්ට පිං දෙනවා ඔයා වගේ දරුවෙක් අපට දායාද කලාට වාසනාවන් දුව
@gayanibuddhika8068
@gayanibuddhika8068 25 күн бұрын
එයා හරිම ශක්තිමත්. ඔයා වගේ සුරංගනාවියක් ලගට එනකම් එයා කොහොමහරි අල්ලගෙන හිටියනෙ. ඔයාට ගොඩක් පින්
@_______________4362
@_______________4362 26 күн бұрын
ගොඩක් පිං අක්කේ ඔයටයි මේ බල්ලා ගැන ඔයාට කියපු අයටයි🙏🙏 මේ සතාව මේ විදියට හිර කරලා දුක් දිපු හිතක් පපුවක් නැති අයට සාප වේවා !
@dinujiokithma2112
@dinujiokithma2112 24 күн бұрын
ඔයා නම් දේවතාවියක් අක්කේ❤ බුදු සරණයි ❤
@malanihangarapitiya4731
@malanihangarapitiya4731 25 күн бұрын
ඔයා වාගේ හිත ලස්සන දරුවෝ දස දහස් ගණනක් බිහි වේවා ,oyawa ආදර්ශයක් කර ගනිමින් ,වාසනාවන්ත දියණිය k ඔයා 🎉🎉
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 25 күн бұрын
ඔයාට ඔය ලැබෙන පිනෙන් ජාති ජාතිත් ඔයාට දුකක් කරදරයක් නොවේවා ,🙏🙏🙏ඔය වගෙ මනුෂ්‍ය කම් ඇති අය ගොඩක් අඩුයි,ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 🙏🙏🙏🙏🙏
@mihiriniSurangima
@mihiriniSurangima 25 күн бұрын
කොහොමද දෙයියනේ මේ අහින්සක මූනවල් දිහා බලාගෙන මිනිස්සු මේ අහින්සකයන්ට මෙහෙම හිතන්නවත් බැරි නපුරුකම් කරන්නෙ😭😭😭😭😭😭💔💔💔💔💔ඔයාටයි පැටියා ගැන දැනුවත් කරපු කෙනාටයි එයාව දැන් ආදරෙන් හදන අයටයි ගොඩක් පින් 🙏🙏🙏🙏
@isuruudara2907
@isuruudara2907 5 күн бұрын
මේ අක්කට පින් ගොඩක්.මං කරපු හැම පිනක්ම මේ අක්කිට අනුමෝදන් වේවා 😊❤
@MangalikaMapa
@MangalikaMapa 25 күн бұрын
එයා ඔයාව දැකපු ගමන් එයාට දැනෙන්න ඇති එයාව බේර ගන්න ආව දේවතාවිය ඔයා කියල .ඒකයි ඔයා දැකපු ගමන් එයා ඔයා ලගට ආවේ.වාහනේට නැග්ගෙ.ඔයාට ජාති ජාතිත් පිං.ඔයාට නිදුක් නීරෝගි දීඝායුශ ලැබෙන්න ඕන මේ කරන පිං වලට 🙏💞🌺❣️❤️
@user-th1nt9tt8y
@user-th1nt9tt8y 26 күн бұрын
ඇත්තටම මං අඩ අඩ බැලුවේ නංගි...මගෙත් හිටියා සුදු බෝලයක් එයා මාව දාලා ගිය දවසේ ඉදන් එයා මතක් වෙනකොට ඇඩෙනවා මට..මං හිතා ගත්තා අය බව්වො හදන්නෑ කියලා.මොකද මට ඒක දරාගන්න බෑ එයාලට ලෙඩක් එහෙම හැදුනම..ඔයාට බුදු සරනයි නංගි..😊😊😊
@malijayaraj7130
@malijayaraj7130 25 күн бұрын
අනේ සුදු මැණික ඔයාට ගොඩක් ගොඩක් පිං මේ අසරණ පැටියව ගොඩ දාපු එකට මිනිසුන් ඇයි මෙහෙම නපුරු වෙන්නෙ බලන්න හරිම ලස්සන බවුවෙක් සුදු මැණික ඔයාට කියන්න වචන මදි තෙරැවන් සරණයි ❤❤
@chamarikatagoda4197
@chamarikatagoda4197 25 күн бұрын
ඔයාගෙ මේ වීඩියෝ එක අහම්බෙන් මම අද දැක්කෙ, අනේ ඔයා කරන මේ සත්කාරයට ඔයාට ගොඩාක් පින් 🙏, කූඩුවක හිර කරලා තියෙනවා දැක්කාම ඇස් දෙකට කඳුළු ආවා, අපේ ගෙදරත් එක්කෙනෙක් ඉන්නවා, අපේ ගෙදර කූඩු නෑ, අපි වගේම එයත් ගෙදර කෙනෙක්,
@WasanthiHenarath
@WasanthiHenarath 26 күн бұрын
ගොඩාක් දවසකට පස්සේ කොහෙද ගියේ ඉතිං දූව ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏
@hashanviduranga5217
@hashanviduranga5217 21 күн бұрын
සත්තුන්ට හොදට සලකන්න සල්ලි නැත්තන් සත්තු හදන්න ගන්න එපා. ඒක මාරම පවක්. මේ නංගි වගේ හැමෝම සත්තුන්ට ආදරෙන් සලකන්න. ❤❤❤❤❤
@menolisathsarani8241
@menolisathsarani8241 25 күн бұрын
අනේ අම්මෝ ගොඩක් පින් මැනික ඔයාට...කියන්න වචන නෑ....🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilhanidissanayaka4912
@dilhanidissanayaka4912 25 күн бұрын
තිරිසන් මිනිස්සු..කන්න බොන්න ආදරේ දෙන්න බැරිනම් මොකට හදනවද මන්දා.. මොනවා උනත් එයා දැන් සතුටින් ඉන්නවා
@Nethu19-q4v
@Nethu19-q4v 24 күн бұрын
Ane kiyla wdak na aii deiyane adren blnna hadanna Bari nam nikn duk vidinna ahinska saththu hadanne😡😡😡
@thusharilanka8081
@thusharilanka8081 23 күн бұрын
Samaharu saththu genne pita ayata penba.api hodha ballek genawakiyala.sathata salakana hetiyen un genath hithaganna pulywan .
@Nethu19-q4v
@Nethu19-q4v 23 күн бұрын
@@thusharilanka8081 ane ow kalaknni 🤮okuntath me vidiyatma vidwnna labenwamai🥺
@dilhanidissanayaka4912
@dilhanidissanayaka4912 21 күн бұрын
@@thusharilanka8081 ඇත්ත .. එ වගෙ උන්ට නම් හෙන ගහන්න ඕනී
@cl3dd
@cl3dd 19 күн бұрын
😢😢😢
@Ruchi_1630.
@Ruchi_1630. 24 күн бұрын
අනේ අක්කෙ ඔයා මිහිපිට දේවතාවියක් අක්කෙ 🥺 දස දහස් වාරයක් ඔයාට පිං 🙏🙏🙏
@スバダハマ
@スバダハマ 19 күн бұрын
අහිංසක අසරණ සතුන්ට හිරිහැර කරන්න එපා කවුරුත් එයාලා ආදරෙන් බලාගන්න හැමොම 🙏 🙏 🙏
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 25 күн бұрын
නිලමේ පැටියෝ සතුටින් නිදහසේ.නිරෝගී ව ඉන්න හැමදාමත් ❤...හිරකරලා ඒ අහින්සක සත්තුන්ට පුලුවන් තරන් වද දීලා මොකද්ද මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ .....ඖරුදු ගානක් නිලමේ ට අහිමිකරපු ඒ නිදහස...දෙන් එයාට තියනවා ආදරෙයි ❤
@prasannanissanka1712
@prasannanissanka1712 Күн бұрын
කලාතුරකින් දකින දසුනක්..නංගී ඔයාගෙ මේ ආත්මය වගේම ලබන ආත්මයත් සුභයි..බුදු සරනයි..
@sakusaku4787
@sakusaku4787 25 күн бұрын
අනේ ලොකු පිනක්.. ඔයා කරන්නෙ ලොකු දෙයක්. ගොඩක් පින්.. ❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍
@kezerkixz1318
@kezerkixz1318 21 күн бұрын
අනේ ඔයා මේ කරන මහා කුසල කර්මය මතු මතු ආත්ම ගානක් ඔයාට නීරෝගීව ජීවත් වෙන්න හේතුවේවා වාසනාම වේවා🙏කාත් කවුරුවත් නැතුව මට මේ අසනීපෙ මේ මේ වේදනාවල් තියනව කියල කියාගන්න බැරි සත්තුන්ට ඉශ්ට දේවතාවියක් වගේ පිහිට වෙන ඔයාට කවදාවත් වරදින්න එපා,ඔයාගෙ ජීවිතේ හැමදේම හරියන්න ඕනෙ
@Dinud1217
@Dinud1217 25 күн бұрын
ඒකනේ අපි ඔයාට කියන්නේ මිහිපිට ඉන්න දෙවගනක් කියලා❤ ගොඩක් දවසකින් සුද්දිගේ video එකක් ගෙනාවේ නැහැනේ. තව තවත් අහිංසක සත්තු බේර ගන්න දිඑිය ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤❤
@kalanasooriyaarachchi626
@kalanasooriyaarachchi626 15 күн бұрын
ඇත්තටම ඔයාව දැක්කම මට හිතෙන්නෙ ඔයා අර සුරංගනා කථාවල එන විදිහෙ ගැලවුම්කාර සුරංගනාවක්ම කියලා තමා❤❤❤ ජය වේවා !!!!!
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 25 күн бұрын
ඔය වගේ දේවල් කරන උන්ට හොඳ ක් නම් වෙන්නෙ එපා. ගොඩක් පින්. 😢😢😢
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 5 күн бұрын
සතේක් හරියට බලාගන්න බැරිනමිි ඇති නොකර ඉන්න ඒක තමයි හොදම දේ.ඔයාට මෙිි ගොඩාක් පිං ඒ පිං බලේන් ඔයිට නිදුක් නිරෝගි සුවය ලැබෙිනවා
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 25 күн бұрын
කියන්න වචන නෑ අහම්බෙන් දැක්කෙ මේක. මාත් පුදුමාකාර ආදරෙයි සත්තුන්ට. ඒ සතෙක් වෙනුවෙන් හිත ඇතුලෙන් එන හැඟීම වචනෙන් විස්තර කරන්න තේරෙන්නෑ.ඔයාට සෑහෙන්න පිං.මගෙ ඇස්වලට කඳුළු ආවා එයා හොඳින් කියලා දැනෙද්දි. ඔයාට මේ කරන හැමදේකින්ම හිතන පතන හැමදේම හරියන්න ඕනි අක්කෙ. කියාගන්න වචන නෑ මට. ඔයාට පිං කියලා කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ .ආදරෙයි .💜️🥹
@slfishtanks5541
@slfishtanks5541 16 күн бұрын
අක්කෙ ඇත්තටම ඔයාට ගොඩක්ම ගොඩක්ම පින් මේ අහිංසක සත්තුන්ට කරන ආදරයට ඔයා තමා ලංකාවෙ ඉන්න පින්වන්තම ගෑණු ළමයා ඔයට මුදල් දන සම්පත් ඉතිරෙන්න ඕනෙ අනිවාර්යයෙන්ම ❤❤❤
@janakirathnayake3825
@janakirathnayake3825 25 күн бұрын
සිහින ලෝකවල අතර මං උන තාරුණ්‍ය ට සැබා අරැතක් ගෙනෙන දේවතාවියක් වන් දියනියක් මං ගාවත් ඉන්නව අතරමං උන බවිවියෝ 5
@madu8705
@madu8705 25 күн бұрын
💗
@Ama2078
@Ama2078 21 күн бұрын
ඇත්තටම නිවන් යන්න මේ පිනම ඇති මිනිසුන්ට හොද කරනවට වඩා මේ වගේ අහිංසක සත්තුන්ට පිහිට වෙන එක පුදුම තරම් පිනක්,තව තව මේ වගේ සතුන් සුවපත් කරනට අක්කට ශක්තිය ධෛර්ය ලැබේවා❤
@jayaruajika8070
@jayaruajika8070 24 күн бұрын
අනේ පව් එයා😢😢😢😢 හොද බල්ලො උනත් සමාන්‍ය කෙනක් උනත් හොදට බලා ගන්න ඕන❤❤❤
@kasunudayanga1334
@kasunudayanga1334 2 күн бұрын
ගොඩක් වටිනව ඔයා කරන වැඩේ.දිගටම කරගෙන යන්න.අනිත් එක අක්කේ මං ගවත් ඉන්නව බලු පැටියෙක්.එයට දැන් මස 3ක් විතර.එයා හුරතල් ඒ උනට එය හැමවෙලෙම අපේ අත හපන්න තම හදන්නේ.එක control කරගන්න ක්‍රමයක් තියෙද.අඩුම ගනේ එයව අතගන්නවත් බෑ අත හපන්න හදනව නේ.
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 26 күн бұрын
ගොඩක් පින් පුතේ ඔයාට
@madhushajayawardana5612
@madhushajayawardana5612 18 күн бұрын
ඇත්තටම පුදුමයි මේ වගේ හොද මිනිස්සු තාමත් අපි ළඟ ඉන්න එක ගැන ,♥️♥️♥️♥️♥️♥️♥️ ඔයාට ගොඩක් පිං
@rev.ganulavimukthi4697
@rev.ganulavimukthi4697 22 күн бұрын
තෙරුවන් සරණයි පුතේ, මම මෙහෙණින් වහන්සේ නමක්. මම වැඩ ඉන්නේ පස්සර පෙදෙසේ කිට්ටු ව. අපේ ආරාමයේ ත් බවුවො දෙදෙනෙක් ඉන්නවා. ගෑණු කෙනෙක් සහ පිරිමි කෙනෙක් ගෑණු කෙනා ඔපරේෂන් කරල ඉන්නේ. මේ ලගකදි ඉදලා එයාට මොකක්දෝ අසනීපය යක් තියනවා. මම පසුවෛද්‍ය තුමාට විස්තර කියල බෙහෙත් ටිකක් ගෙනාව ඒත් හොදටම සනීප නෑ.අපට සතෙකුට බෙහෙත් ටිකක් ගන්න උනත් ගොඩක් දුර යන්න ඕනෙ. වීල් වලට ගොඩක් මුදල් ඉල්ලනවා. එයා අමාරුවෙන් ඉන්න වෙලාවක මම වීඩියෝ කලා. ඒකත් එවන්නම්. අවශ්‍ය වෙලාවක උපදෙස් ලබා ගැනීම ට පෝන් නොම්බර ය දෙන්න ඔබතුමී ට උතුම් තුණුරුවනේ ආශිර්වාද ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
@AnjaliNishadi-zy6hj
@AnjaliNishadi-zy6hj 18 күн бұрын
ඔයාට ගොඩක් පිං ඇත්තටම මිනිස්සු කියන අය මේ අහිංසකයින් මෙහෙම දුක් විදින්න හදන්න ගෙනියන්න එපා ආසවට ගෙනිහින් කූඩු කරලා දුකක් දෙන්නේ ඒ අහිංසකයින්ට පිහිට වෙන සියලු දෙනාටම ඉපදෙන හැම ආත්මෙකම කිසිම අඩුපාඩුවක් නතුව ඉපදෙන්න ලැබෙන්න ඕන කිසිම ලෙඩක් දුකක් හැදෙන් නැතුව ලස්සන ජීවිතයක් ලැබෙන්න ඕන උපරිම ගරුත්වයක් ලැබෙන්න ඕන කාන්තාවක් මේ girl❤❤❤🙏
@DhanushkiPriyangika-km7ks
@DhanushkiPriyangika-km7ks 23 күн бұрын
ඔයානම් පුදුම නන්ගියෙක්. ඔය තරම් ලස්සන වෙලා තියන්නෙත් ඒ නිසයි. ඔයාට තෙරුවන් සරනයි
@janakanthipradeepani5869
@janakanthipradeepani5869 14 күн бұрын
ඔයාට ගොඩාක් පින් එ අහින්සක සතාව බෙරාගත්තට.එ සතාට අරවගෙ හිත හොද මිනිස්සුන්ට හදාගන්න දුන්නට.ඔයාටත් අනික් හැමොටමත් නිරොගි බාවය ලැබෙවා...!! 🙏🙏🙏🙏🙏💛🙏🙏🙏🙏
@cyclone6761
@cyclone6761 20 күн бұрын
ආත්ම ගානකට පින් එකතු කරගන්න කෙල්ලෙක්... 👍❤
@ramahinda5825
@ramahinda5825 22 күн бұрын
අනෙ මට මේ බව්වා දැක්කාම ගොඩක් දුක හිතුනා . මොකද අපිටත් හිටියා මේ වගේම ලස්සන මේ ජාතියෙම බව්වෙක් . එයා වකුගඩු සව්ත්තු වෙල නැතිවුනෙ මෙ වීඩියෝ එක බැලුවාම මට එයාව මතක් වුනා එයා නැතිවෙලා දවස් පහක් විතර . ඔයාට ගොඩක් පින් අක්කේ ❤😢😢😩🥺
@KALMINI
@KALMINI 24 күн бұрын
මිහිපිට ඉන්න දෙව්දුවක් ඉන්නවා නම් ඒ ඔයා නංගියෝ , ඔයාට හැමදාම හරියන්න ඕන,එතකොට තමයි තවත් අසරණයන් ජීවත් වෙන්නෙ ,🙏🙏🙏🙏🙏
@user-gn2ev1ns7d
@user-gn2ev1ns7d 20 күн бұрын
මේ වගේ තවත් අහිංසක සත්තු බේරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MethuNikleshi
@MethuNikleshi 24 күн бұрын
අනේ අක්කේ අපිට ලොකු බල්ලෙක් ගන්න නැතුව ඉන්නෙ, මෙහෙම හිරකරල තියන්න පිස්සු මිනිස්සුද කොහෙද, හදන්න එපා වෙච්ච මේ වගෙ එක්කෙනෙක් ආයෙ තැනක හම්බුනොත් කියන්න මම ගිහින් ගන්නම්
@deepikaperera2283
@deepikaperera2283 13 сағат бұрын
අනේ දෝණි ඔයා මිහිපිට ඉන්න දිව්‍යාගනාවක් !මේ පින ඔයාට සසර පුරාවට පවත්නවා!තෙරැවන් සරණයි.
@anandasamarakoon9481
@anandasamarakoon9481 26 күн бұрын
බුදු සරණයි දෙවිපිහිටයි දෝනිට🙏🙏🙏🙏❤️❤️❤️❤️
@user-lx3wl9xx5c
@user-lx3wl9xx5c Күн бұрын
ඇත්තටම මාත් ආසයි ඔයා වගේ කෙනෙක් වෙන්න අක්කෙ.🥰මමත් සතුන්ට ගොඩාක් ආදරෙයි..මගෙත් බලාපොරොත්තුවක් තියෙනවා ආර්තික වශයෙන් ශක්තිමත් උන දවසක මේ වගේ සත්තුන්ට,වයසක අම්මලා තාත්තලාට ,ඒ වගේම ලමානිවාසවල පොඩි දරුවන්ට උදව් කරන්න..🥺
@user-wm6xe2nk5e
@user-wm6xe2nk5e 26 күн бұрын
අපේ ගෙදර හිටිය සුදු බෝලෙ නැති වෙලා මාසයක් වෙනවා 20 වෙනිදට. එයාටත් වකුගඩු අමාරුව තිබ්බා. ටිකක් වයස වුනත් ඒ බව පෙනුනේ නැහැ එයාගෙ රූපෙන්. තැන් තුනකට එක්ක ගියා බෙහෙත් ගන්න. ඒත් බේර ගන්න බැරි වුනා. මුලු ගෙදරම පාලුයි එයා නැතිව. ගිය මාසෙ පෝය දවසෙ සුදු බෝලෙ නැති වුණා.අපි ගොඩක් සාත්තු කලා. දරුවෙක් වගේ හිටියේ.😢😢😢😢
@bpjayasinghe5091
@bpjayasinghe5091 3 күн бұрын
මේවගේ දේවල් ගොඩාක් කරන්න ඔයාලාට ධනය ශක්තිය නිරෝගී බව ලැබේවා....❤❤❤❤❤❤❤❤
@user-tv2cj6hb2r
@user-tv2cj6hb2r 26 күн бұрын
පිකාචු මැණික වගේමයි..කවදාවත් පිකාචු මැණික අමතක වෙන්නෙ නෑ 😢
@happydiary-j3f
@happydiary-j3f 8 күн бұрын
අනේ මටත් මතක් උනේ එයා තමයි පව්😢
@shaliniranasinghe5009
@shaliniranasinghe5009 11 күн бұрын
ඔයාට ගොඩක් පිං මේ කරන වැඩේට.... එකට කියන්න වචන නෑ...🙏🥰 ඔහොම කරන මිනිස්සුන්ට මතක හිටින දඩුවමක් දෙන්න ඕනේ ඒ වුනාට....🥺😖😖😖ඇයි දෙය්යනේ ආදරෙන් හදන්න බැරි නම් එදා මෙයාව ඒ අමුනුස්සයෝ ගත්තේ... 😖 ඇස් වලට කඳුළු ආවා එයා වෙන ගෙදරකට දෙද්දී..🥹
@formycountry373
@formycountry373 20 күн бұрын
අනෙ අහිංසකයා මෙ මිනිසුන් මහා පවුකාර මිනිසුන් ඔය වගේම මීලග භවය ආත්ම ගනන් ඔය සතාට කරපු දේට එ විදිහට තමයි ලැබෙන්නෙ ඔය මිනිසුන්ට මනුස්සයන් නොවෙ අමනුෂ්‍යයන් නංගි ඔය සතාව කාටවත් දෙන්න එපා
@MaheshaniMeegahapola
@MaheshaniMeegahapola 5 күн бұрын
මටත් සත්තුන්ට හිරිහැර කරනවා කියන එක නම් පෙන්නන්ඩම වෙන දෙයක්. ඔයා ගොඩාක් හොඳ නංගි කෙනෙක් නංගි ඔයාට ගොඩක් පී මේ කරන දේවල්වලට
@latasalan4900
@latasalan4900 23 күн бұрын
ඔයා ඔය සත්තුන්ටම කරන සත්කාරයම ඇති නිදුක් නිරෝගි සුවය ලැබේන්න
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 18 күн бұрын
මට ගොඩක් දුක හිතුනා ඇයි එහෙම මේ අසරනයන්ට කරන්නේ කියල හිතුනා😢😢😢 අනේ ඉක්මනින්ම සනීප වෙලා එයාට ලැබුනු නැති හැම නිදහසක්ම ලැබෙන්න ඕන මගෙ බව්වව ලග තියන් අඩ අඩ බැලුවේ 😢
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 26 күн бұрын
ඔයාට ගොඩක් පින් මගෙ සුදු පුතේ ❤❤❤❤❤❤
@SihinaSihina-ec7fh
@SihinaSihina-ec7fh 8 күн бұрын
පිං අනුමෝදන් වෙත්වා නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@DisnaRanaweera-xn6tb
@DisnaRanaweera-xn6tb 23 күн бұрын
ඔයාට කවදාවත් හෙම්බිරිස්සාවක් වත් හැදෙන්නනම් එපා. ❤
@weerakkodiweerakkodi1348
@weerakkodiweerakkodi1348 15 күн бұрын
තෙරුවන් සරණයි අක්කේ ඔයාට.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා!❤🙏
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 25 күн бұрын
ජාති ජාතිත් පිං ❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි❤❤❤❤❤ සේරටම
@chandikachathurani3365
@chandikachathurani3365 25 күн бұрын
නංගී ඔයා මේ කරන දේ ගැන ගොඩක් සතුටුයි . වචනෙන් ස්තූති කරන්න බැරි තරම්. ඔයාට උපදින කිසිම ආත්මයක ලෙඩක් දුකක් කරදරයක් නොවේවා. ඉදිරියටත් මෙවැනි දේවල් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා . තෙරුවන් සරනයි 🌻🌻🌻🌻🙏🙏🙏🙏
@makl6763
@makl6763 26 күн бұрын
දුව ,ඔයාගෙcontac number එක දාන්න පුලුවන් නම් ලොකු පිනක් .අසරන බව්වෙක් ගැන ඔයාට කියන්න .ගම්පොළ .
@nirupanishyamalee4672
@nirupanishyamalee4672 17 күн бұрын
හිර කරලා තියාගත්ත අයට මේ වගේම ආත්ම ගණන් කූඩු වෙලා ඉන්න වෙයි.. ඒක තමයි සංසාර ගණුදෙනු කියන්නේ. ඔයාට පිං දරුවෝ. ඔයාගේ දෙමාපියන්ටත් බොහොම පිං ඔයා වගේ ලස්සන හදවතක් තියෙන දරුවෙක් බිහිකලාට.. 🙏 තෙරුවන් සරණයි ඔයාලට දෝණි.. ❤️❤️❤️🙏
@daara2258
@daara2258 19 күн бұрын
ඒකනම් බලද්දි හරිම දුකයි. ගොඩක් පින් ඔයාට. නුවර තියෙනවනේ නොමිලේ පශුවෛද්‍ය ප්‍රතිකාර කරන teaching හොස්පිටල් එකක්.
@punchinihisaya3327
@punchinihisaya3327 10 күн бұрын
අනේ ඔයා නම් මාර මුහුණයි මට ඔයාගේ හොඳ ගැන කියලනෙම කරන්නට බැහැ. ඔයා දිගටම මේ වැඩේ කරගෙන යන්න ඔයාට පින් හැම වෙලේම
@punchinihisaya3327
@punchinihisaya3327 10 күн бұрын
නියමයි ඔයා නම් හරිම හොඳ කෙනෙක් ඔයාලා වගේ මිනිස්සු මේ ලෝකෙට ඉන්නකම ගොඩාක් ලොකු හොඳක් අනේ ඔයාට පින් දෙන්න ඕනේ මේ වගේ සත්තු පරිසක් කරලා ගෙදර ගෙනියනවාට
@subashinisandamali625
@subashinisandamali625 17 күн бұрын
මිහිපිට දේවතාවියක් නංගි ඔයා. කවමදාකවත් ලෙඩදුකක් වේදනාවක් දැනෙන්න එපා ඔයාට. තෙරුවන් සරණයි. මේ වීඩියෝ එකත් හරියට ලස්සන කතාවක් ඇහුවා වගේ මට දැනුනේ. ඒත් ඒක වෙනුවෙන් ඔයා කොච්චර මහන්සි වෙලාද
@nishanijayakodi4384
@nishanijayakodi4384 17 күн бұрын
පින්වත් සිතිවිලි තියෙන අය ඉන්නේ බොහෝ මල් පියයි. ඒ අතරින් ඔබ ඉතා විශේෂ කෙනෙක් උතුම් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි
@kandymushroom
@kandymushroom 7 күн бұрын
අනේ ඇස්වලට කදුලු එනවා අක්කියො❤ ඔයාගෙ ඒ කරුණාවන්කම❤ ගොඩක් පින් ඔයාට❤
@sithum3477
@sithum3477 10 күн бұрын
anee eyta ikmanta aduveyi budhu saranayi ❤❤ oyatath godak pin ❤
@user-jd3ek5ic5v
@user-jd3ek5ic5v 16 күн бұрын
අනේ මගෙ ගෙදර ගාව ඉන්නවා 4-5 අවුරුදු හිරකරගෙන දම් වැල් දලා ගැට ගහලා වැස්සට තෙමේනේවා කන්න දෙන්නේ නැහැ හරිම දුක් බර ජිවිතය්ක් ජිවිතයක් ගෙවන බවුවෙක් කවුරු හරි ඉදිරිපත් වේවා මෙයා බෙරා දෙන්න
@sampath6581
@sampath6581 17 күн бұрын
මේ වගේ සතුන්ට කරුණාව දක්වන කෙනෙක් දැක්කෙම නැහැ ඔබ වගේ ගොඩක් පින් ඔබ‍ට
@channasasithasasitha8661
@channasasithasasitha8661 14 күн бұрын
Ane .oyalata.godak.pin.asarana.jivitha.wenuwen.me.karana.kspakirimata. yasaiduru.sampath.labewa. viswa.deviyange.pihita.labelabewa ❤❤❤
@anuramandakini7139
@anuramandakini7139 20 күн бұрын
Good hearted girl, I wish you & your parents, teachers. Thanks Dear.
@Looop321
@Looop321 6 күн бұрын
මේ ලෝකෙට ඔයා වගේ මිනිස්සු වැඩි වැඩියෙන් බිහිවෙන්න ඕනෑ 🙏🙏🙏🙏
@Diluz482
@Diluz482 15 күн бұрын
ආත්ම ගානක් පඩිසන් දෙන පිනක් ඔයා කරන්නේ ඔයාගේ ජිවිතේ ලස්සන වෙනවා ඒක ස්ථිරයි ❤
@samithasenarathna2854
@samithasenarathna2854 8 күн бұрын
මිස් ව දැක්ක වෙලාවේ ඉදන් ඒ සුදු කොල්ලාගේ ඇස් දෙක මොනවාදෝ කිව්වා ❤ බලු පැටියාගේ පෙර පිනකට මිස් ව හම්බවුණේ. Good luck මිස්❤
@ChalanaNethidu
@ChalanaNethidu 2 күн бұрын
You are a true angel for these poor souls. Respect ❤️
@user-co6oy3te5x
@user-co6oy3te5x 10 күн бұрын
ඔයාට මේ පිනම ඇති ..උපදින හැම භවයකම නිදුක් නිරෝගී ව සිටින්න... සතුන්ට උපකාර කරන්න හැමෝටම බෑ.....ඒකටත් පින් ඇති හිතක් තියෙන්න ඕනැ.. 💙💙
@cwelikala7707
@cwelikala7707 18 күн бұрын
ඔයා හරිම කරුනාවන්ත කෙනෙක් නංගා. ඔයාට ගොඩාක් පිං. ආදරෙයි 🧡
@ayeshamadhubhashini6751
@ayeshamadhubhashini6751 14 күн бұрын
කියන්න වචන නෑ. ඔයා මේ කරන කැප කිරීම මන් හිතන්නේ නෑ කාටවත්ම කරන්න පුලුවන් කියලා ❤. ඔය කරන දේවල් වලින් ඔයාට කවමදාකවත් වරදින්නේ නෑ.❤❤❤
@DiyuniWanniarachchi
@DiyuniWanniarachchi 8 күн бұрын
බොහොම ස්තූතියි අක්කේ එයාව බේර ගත්තට
@geethajayatissa7096
@geethajayatissa7096 Күн бұрын
අනේ මන් දන්නෙ නැහැ කොහොම කියන්නද , මොනවා කියන්නද කියලා, වචන මදි කියන්න , දියණියනි, ඔබට අනේක වාරයක් පින්, ආයු, වර්ණ බල සැප ලැබ, තුණුරුවන් ආශිර්වාදය ලැබේවා !!
@SLvideoediting1
@SLvideoediting1 4 күн бұрын
❤ තාමත් මේ වගෙ දෙවිවරු ඉන්න එකට ගොඩක්ම සතුටුයි.❤️
@techworld4265
@techworld4265 11 күн бұрын
Mewage channels dkkm mge as wlt kaduluth enw❤...mamath saththunt maarama adarei...akki me loke minissunt loku adarshyak oya wede digatama krgen ynn oyt gewl iwr krgnn beri pin ekthu krgnne oya❤❤❤matath heenayak thiynw kawadama hri me wge asarana saththunw beragana eyl hodin balaganma❤❤❤❤❤❤
@Sasi_Gurl
@Sasi_Gurl 22 күн бұрын
අහම්බෙන් අක්කි ඔයාගෙ විඩියො එක දැක්කේ.. විඩියෝ එක බලන්න කලින්ම ඔයාව සබ්ස්ක්‍රයිබ් කරා.. වැඩකට නැති විඩියො ගේන අය අතරේ මේ වගේ පින් අතේ වැඩ කරලා සමාජෙට ආදර්ශයක් දෙන්න ඔයාලා වගේ අයගෙ විඩියො එකක් උනත් අපිට හරිම වටිනවා❤❤❤❤ ගොඩක් පිං ඔයා මේ අසරන සත්තු වෙනුවෙන් ඒ කරන කර්තව්‍යයට
@eventssrilanka9410
@eventssrilanka9410 9 сағат бұрын
Great works..GOD bless you ..
@priyanfernando508
@priyanfernando508 8 күн бұрын
Nangi you’re doing a great job. Keep up the good work. God bless you
@dhaham7197
@dhaham7197 3 күн бұрын
අනේ එයාව ගැට ගහලා තියන්න එපා අලුත් ගෙදරත් ලිහලා තියන්න කියන්න..එයාල හරිම ආසයි නිදැල්ලේ ඉන්න..ගේ ඇතුලේ නිකන් ඉහළ හිටියත් ඇති..
@TedaRashmi
@TedaRashmi 18 күн бұрын
අක්කේ ඔයානම් මිහිපිට දෙවි කෙනෙක්....❤මේ කරන දේවල පිනම ඇති ඔයාට...❤ හැමදාම සතුටින් ඉන්න ....ඔයා නම් මුලු ලෝකෙටම ආදර්ශයක්
@user-vc2hr9vw8m
@user-vc2hr9vw8m 20 күн бұрын
නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා දළදා සමිඳුන් ge පිහිටයි
@sachithramagedara5550
@sachithramagedara5550 23 күн бұрын
අනිවාර්යයෙන් ඒ ගෙදර සියලුදෙනාම විදවනවා සත්තයි
@ruwaniperera7364
@ruwaniperera7364 10 күн бұрын
තෙරුවන් සරණයි නංගි. You are a great product to the world.
@SawarnaBandaranayaka-cx4jx
@SawarnaBandaranayaka-cx4jx 22 күн бұрын
අනේ දුවට ගොඩාක් පින් එයාව කාටවත් දෙන්න එපා දුව වගේ අනිත් අය අදරේ කරයිද
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 48 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 43 МЛН
🐕 When your dog brings home a friend 🙈🤣Funniest Dog Ever!
19:42
Kingdom Of Discovery
Рет қаралды 3,9 МЛН