Рет қаралды 143,487
රංජන් විජේරත්න ඝාතන අබිරහස - ඇසින් දුටු සාක්කි සමඟ මෙතෙක් හෙළිදරවු නොවූ කතාව
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා වූ රංජන් විජේරත්න 1991 මාර්තු 02 දා අධිබලැති බෝම්බ ප්‍රහාරයකට ලක් වී මහ මඟ මියගියේ ය. ඔහු ඝාතනය කළේ කොටි සංවිධානය විසින් බව ප්‍රේමදාස ආණ්ඩුව විසින් ප්‍රචාරය කරන ලදී. එහෙත් රංජන් විජේරත්න ඇමැතිවරයාගේ ඝාතනයට තම සංවිධානයේ සම්බන්ධයක් නැති බව කොටි සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය. ඔහුගේ ඝාතනයට පෙර සහ පසු සිදු වූ බොහෝ දේ සැක සහිත විය. මේ ඝාතනය ජනාධිපති ප්‍රේමදාසගේ අණ පරිදි සිදු කරන ලද්දක් ද? නැත්නම් ඔහුගේ පූර්ණ අනුග්‍රහය ඇති සහචරයකු විසින් කරවන ලද්දක් ද? මෙය අදටත් නොවිසඳුණු අබිරහසකි. රංජන් විජේරත්න ඇමැතිවරයාගේ ඝාතනය සහ එහි සැකමුසු තැන් පිළිබඳ ව ඇසින් දුටු සාක්ෂ්‍ය සහිත විස්තරයක් මේ වීඩියෝවට ඇතුළත් වෙයි. @kaarigechannel1