ස්කයි මැගෝවන්ගේ බෑග් එක ඉස්සූ කුඩ්ඩා ඇල්ලූ මෙහෙයුම... "දෙරණටත් ගොඩාක් ස්තූතියි"

  Рет қаралды 281,315

Ada Derana

Ada Derana

28 күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#srilanka #srilankapolice
ස්කයි මැගෝවන්ගේ බෑග් එක ඉස්සූ කුඩ්ඩා ඇල්ලූ මෙහෙයුම...
පොලීසියේ කණ්ඩායම විශිෂ්ටයි"
"දෙරණටත් ගොඩාක් ස්තූතියි"
- ශ්‍රී ලංකාව පිළිබඳව සංචාරක වීඩියෝවක් සකස් කිරීමේ අරමුණින් මෙරටට පැමිණ සිටින එංගලන්ත ජාතික තරුණියගේ බෑගය සොරකම් කළ සැකකරු කැලණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ සැඟවී සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වුණි.
- 26 හැවිරිදි සැකකරු මීට පෙරද මෙවන් සොරකම් රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකි.
- Under The Same Skye නමින් යූ ටියුබ් චැනලයක් පවත්වාගෙන යන ස්කයි මැගෝවන් නම් ඔස්ට්‍රේලියාවේ වාසය කරන එංගලන්ත ජාතික තරුණියක් පසුගිය මැයි 24 වැනිදා මෙරටට පැමිණ තිබුණේ ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝවක් සකස් කිරීමේ අරමුණිනි.
- දුම්රියෙන් ඇල්ල බලා යාම සඳහා ඇය කොටුව දුම්රිය ස්ථානය වෙත ගියද පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය අවලංගු වීම නිසා ඇය බසයෙන් ඇල්ල බලා යාමට බැස්ටියන් මාවත බස් නැවතුම්පොළට පැමිණි අවස්ථාවේදී බසයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඇගේ බෑගය සොරාගෙන තිබුණි.
- එය බසයේ CCTV කැමරාවේ සටහන්වී තිබුණි.
- ස්කයි මැගෝවන් එදින ප්‍රකාශ කළේ, තම බෑගය සොයා දෙන හෝ ඒ පිළිබඳ තොරතුරුක් ලබාදෙන අයෙකුට අමෙරිකානු ඩොලර් පන්දහසක් එනම් රුපියල් ලක්ෂ 15ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බවය.
- මේ අතර සිය බෑගය සොරාගැනීම පිළිබඳව ඇය පොලීසියට සිදුකළ පැමිණිල්ලට අදාළව පිටකොටුව පොලීසියද විමර්ශන ආරම්භ කළේ CCTV දර්ශන උපයෝගී කරගනිමිනි.
- පිටකොටුවේ බස් රථ තුළ වෙළෙඳාමේ නිරතවන්නන් සහ ගැට කපන්නන්ගේ ඡායාරූප පිටකොටුව පොලීසිය සතුව තිබෙන අතර ඒවා පරීක්ෂා කරන අතරවාරයේ CCTV දර්ශනවල සිටින පුද්ගලයා හඳුනාගැනීමට පොලීසිය සමත් වුණි.
- ඔහු කැලණිය, පෙතියාගොඩ වතු නිවාසවල කුලී පදනම මත පදිංචි වී සිටින අයෙක් බවට හඳුනා ගැනීමෙන් පසු විමර්ශන නිලධාරීන් එහි ගොස් තිබුණි.
- නමුත් මෙම සොරකම සම්බන්ධයෙන් මැයි 29 වනදා අද දෙරණ රට හමුවේ තොරතුරු වාර්තා කිරීමත් සමග සැකකරු කුලී නිවස වසා දමා සැඟවී සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබුණි.
- අත්අඩංගුවට පත්වු 26 හැවිරිදි සැකකරු මීට පෙර බස් රථ තුළ වෙළෙඳාම් කළ අයෙකි.
- ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ විදේශික තරුණියගේ බෑගය සොරකම් කිරීමෙන් පසු එහි තිබූ කැමරාව සහ කැමරා කාචයක් රුපියල් 350,000ක මුදලකට දොම්පේ ප්‍රදේශයේ අයෙකුට අලෙවි කළ බවය.
- එමෙන්ම ඇගේ MacBook වර්ගයේ ලැප්ටොප් පරිගණකයේ මුරපදය වෙනස් කිරීම සඳහා සැකකරු කැලණිය ප්‍රදේශයේ අයෙකුට රුපියල් 5,000ක්ද ගෙවා තිබුණත්, එහි සැකසුම් වෙනස් කිරීමට පෙර ඔහු යළි එහි පැමිණ ලැප්ටොප් පරිගණකය හදිසියේ රැගෙන ගොස් ඇති බවද අනාවරණ වී තිබේ.
- ඔහු සොරකම් රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි අයෙක් බව පොලීසිය සඳහන් කළේය.
- පිටකොටුව පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතා ඇතුළු නිලධාරීන් අද (31) උදෑසන ස්කයි මැගෝවන් තරුණිය එහි කැඳවා ඇයගෙන් සොරාගෙන තිබූ බඩුබාහිරාදිය යළි භාරදුනි.
- එහිදී ස්කයි මැගෝවන් පවසා සිටියේ,
"පොලිස් ස්ථානාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම ඇත්තටම විශිෂ්ටයි. මගේ දේවල් සියල්ල නැවත ලබාගත්තා. දෙරණ නිවුස් එකටත් ගොඩාක් ස්තූතියි."
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZbinLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

Пікірлер: 806
@ruwanpuranews8112
@ruwanpuranews8112 27 күн бұрын
මොනව උනත් රටේ ගෞරවය රැකගත් සියලු නිලදාරින් ට අපේ ප්‍රනාමය .
@thusharadilruksh2034
@thusharadilruksh2034 27 күн бұрын
💯🙏💪💪🇱🇰👍🌹🏆
@dudjdduddxjdisi
@dudjdduddxjdisi 27 күн бұрын
Budusaranai 🙏💙🙏🥰🔥👍
@charuk1197
@charuk1197 27 күн бұрын
රටේ ගෞරවය රැකෙන්නනම් ඔහොම කරන උන්ව ප්‍රසිද්ධියේ ගල් ගහලා මරන්න ඕන. එතකොට ආයෙ එහෙම දෙයක් කරන්න හිතන්නෙ නෑ
@sanduniudara609
@sanduniudara609 27 күн бұрын
හරිම ලැජ්ජයි මෙවැනි විදේශිකයන්ට සිදුකරන අපරාද නිසි දඩුවමි ලබාදිය යුතුයි
@nandanidisa1031
@nandanidisa1031 27 күн бұрын
අනාවාර්යෙන්ම
@nevakevaa
@nevakevaa 27 күн бұрын
කෙල්ල කාටද ක්ලින්ටන්ට කියලා ස්තුති කලේ
@user-cw5rh2lt4i
@user-cw5rh2lt4i 27 күн бұрын
දඩුවම් තියන රටක්ද මේ රට
@jagaja444
@jagaja444 27 күн бұрын
ආයුධ පෙන්වීමට රැගෙන යාම අනිවාර්යයෙන්ම සිදුකල යුත්තකි. මම රටේ ජනාධිපති වුණානම් මුව ඔත්තුකරුවෙක් ලෙස යොදා ගෙන කුඩු ජාවාරම්කරුවන් හොයාගෙන වැඩක් ගන්න තිබුණා.
@thusharadilruksh2034
@thusharadilruksh2034 27 күн бұрын
ස්තුතියි පිටකොටුව පොලිසිය 🇱🇰💪🙏💯
@ajanthagunasekara7613
@ajanthagunasekara7613 27 күн бұрын
හොඳ වෙලාවට මෙයා විදේශික යක් වුණේ ලංකාවේ කෙල්ලෙක් ගෙ වුණා නම් මේ හොරා ව අහුවෙන්න නෑ
@asankadissanayake6229
@asankadissanayake6229 27 күн бұрын
අනිවා ඔකුන් ගනන් ගන්නෙ නැ මෙහෙ එකෙක්ගෙ ඔහොම උනාම
@tharindukithvin9847
@tharindukithvin9847 27 күн бұрын
ඒවා ගැන නම් කතා කරල වැඩක් නෑ. සුද්දෙක් නිසා අපේ උනුත් පුක උඩදාන් හොයයි! අපේ අහිංසකයෙක්ට උනා නම් ඕකුන් ගනන් වත් ගන්නෑ
@DULINASASEN12344
@DULINASASEN12344 27 күн бұрын
ඒක නම් ඇත්ත අපේ කෙල්ලෙක්ගෙ බයික් එකක් නැති උනා නවගමුව දේවාලෙ වදින්න ගිය වෙලාවෙ දැන් අවුරුදු දෙකක් වෙනවා අදටත් ආරන්චියක් වත් නෑ..
@nuwanbandara9060
@nuwanbandara9060 27 күн бұрын
සිරාවටම ,ඔය ගේම් දෙන උන් පොලිසියෙන් දන්නව ඒත් අල්ලන්නෑ..
@NimaliKusum-fe4wi
@NimaliKusum-fe4wi 27 күн бұрын
මාත් ඕකම හිතුවා👍
@maleenaperera6074
@maleenaperera6074 27 күн бұрын
මෙයා කුඩු ගන්නෙ කාගෙන්ද? ඒ කෙනාට කුඩු ලැබෙන්නේ කොහොමද? මෙන්න යුක්තිය මෙහෙයුමට direct වැඩක්
@massenarathna4397
@massenarathna4397 27 күн бұрын
අනේද කියන්නේ.. කුඩු කොහෙන්ද කියලා අහන්න එකෙක් නැති හැටි
@ivonperera5189
@ivonperera5189 27 күн бұрын
Bageta moda policiya.kudu bedana kena gana hoyanne nanda.italy
@HasiniMadu
@HasiniMadu 27 күн бұрын
ඔව්න්ට මුලින්ම දඩුවම් කරන්න ඕන
@user-kc9km8pl2b
@user-kc9km8pl2b 27 күн бұрын
Akai mamat kiyanna uktiya hoyapiya kudu gannana akawat
@kaushalyanadun4384
@kaushalyanadun4384 27 күн бұрын
Yukthiye Hila ethana
@wonderfulworld7877
@wonderfulworld7877 27 күн бұрын
මම ඉන්නෙ නවසීලන්තයේ. මෙහෙ මේ වගේ දේවල් නිතරම වගේ සිද්ධ වෙනවා. ගෙවල් වලට පැනලා හොරකම් කරනවා. නමුත් කවදාවත් මේ තරම් ඉක්මනට නවසීලන්ත පොලිසියට සැකකරුවන් අත්අඩංගුවට ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ ඒ අතින් ශ්‍රී ලංකා පොලීසිය දක්ෂයි
@padminijayamanna1799
@padminijayamanna1799 27 күн бұрын
Wonderfull ❤
@user-mv8dh5xv2u
@user-mv8dh5xv2u 27 күн бұрын
😂😂😂 ඉතින් දැන් මේකෙම කියනවා ඇහුන් නැද්ද. පිටකොටුව බස් ටෑන්ඩ් එකේ ගැටකපන්නන් සහ හොරුන්ගේ ඡායාරූප තියෙනවා කියලා. database එකක් තියෙනවා😂 අවශ්‍ය වුණාම ගිහින් අල්ලන් එනවා ආයි එළියට දානවා. simple casabro
@srilankanyouth8667
@srilankanyouth8667 27 күн бұрын
නවසීලන්තේ හීතලයි ද ?
@wonderfulworld7877
@wonderfulworld7877 27 күн бұрын
@@user-mv8dh5xv2u මුංගෙ එහෙමවත් නැහැ. කාලකන්නි. හොරුත් අපිට අල්ලන් එන්න කියනවා
@user-mv8dh5xv2u
@user-mv8dh5xv2u 27 күн бұрын
@@wonderfulworld7877 ඔච්චර ආනාරක්ෂිත රටකට ඇයි බං ගියේ
@Sumanagomes69
@Sumanagomes69 27 күн бұрын
ගෙරි කුඩ්ඩන්ගෙ ඇට දෙක ලාච්චුවේ දාපියව්
@user-hs8qi8hb6s
@user-hs8qi8hb6s 27 күн бұрын
Gallapi,a..okage..walla...😅😅
@SHR-Films
@SHR-Films 27 күн бұрын
kudu bonada salli naththnam , sik eka iwasanda bainam vaha kapan yako anuge ewa gane nativa.habai e vaha ganda salli hoygandawath anuge ewa ganda epa
@Sandakathmini01
@Sandakathmini01 27 күн бұрын
නියමයි 👍🏻
@rasadgph4062
@rasadgph4062 27 күн бұрын
එතකොට හැමදේකටම පලි ඇට දෙකයි වල්ලයි ද??😂😂😂😂😂
@Sandakathmini01
@Sandakathmini01 27 күн бұрын
@@rasadgph4062 ඔව් ඉතින් උගේ මහ එකාගේ 🍆 නිසානේ මේ සේරම දුක්
@ajanthavijesinha6791
@ajanthavijesinha6791 27 күн бұрын
දෙරණනට ,අපරාධකරුවා අත්ඩංගුවට ගත් පොලිසියේ මහත්වරුට ලාංකික අපගේ ස්තූතිය.
@user-om6ty4kx8n
@user-om6ty4kx8n 27 күн бұрын
විදේශ කාන්තාවගේන් කිසිම මුදලක් ගන්න එපා රටට කැලලක්
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 27 күн бұрын
👍
@asankadesilva361
@asankadesilva361 27 күн бұрын
Piriminge kamak nedda mahattayoooo
@virajdharmarathne1901
@virajdharmarathne1901 27 күн бұрын
😂😂😂දේශීය?
@Senusenu5
@Senusenu5 27 күн бұрын
දේශීය අයගෙන් ගන්න කියලද කියන්නෙ ?😂😂
@sujeevadealwis5513
@sujeevadealwis5513 27 күн бұрын
Ow eka aththa. Desheeya vunath videsheeya vunath salli ganna one ne. Ekane polisiye rajakariya. Prasansa kala yuthui, karyakshama lesa hora elluwata, habai
@songmusicprabash1856
@songmusicprabash1856 27 күн бұрын
ශ්‍රී ලංකා පොලිසියේ නිළධාරින් ඒ රැක්කෙ අපේ රටෙි කීර්ති නාමය හැම තිස්සේම පොලිසියට අවලාද නගලා ගේම ඉල්ලන්නෙ මෙන්න මෙි වගේ කමිබ හොරැ ඔික මාස හයක් විතර කලුවර කාමරේක දාල තියන්න ඔින ..කන්න බොන්න සීමා කරලා එතකොට කුඩු ගැහිල්ල නතරවෙයි රටෙි නම කන කාළකන්නි 😢
@Mihimal
@Mihimal 27 күн бұрын
අපිටත් සතුටුයි Bag එක හම්බ වුන එක ගැන 🥰❤
@nalensanjeewa8152
@nalensanjeewa8152 27 күн бұрын
ශ්‍රී ලංකා පොලිසිය වෙත උත්තමාචාරය පුද කරමි. 🎉
@shanikamadumalimadumali2260
@shanikamadumalimadumali2260 27 күн бұрын
මොකටද ඕකුන්ට ජිවත් වෙන්න ඉඩ දෙන්නේ මරපියව් අල්ලාගෙන 🤮🤮
@Mr.carefree69
@Mr.carefree69 27 күн бұрын
Chill bro
@sarangavithana
@sarangavithana 27 күн бұрын
උන් මරලා වැඩක්නෑ මේ කුඩු, අයිස් රටට එන එක නැවත්තුවනම් අහිංසක ජීවත කියියක් ඉතිරි වෙනවද. කුඩු අයිස් නවත්තන්න කෙනෙක් ඉන්නවනම්
@padminijayamanna1799
@padminijayamanna1799 27 күн бұрын
එකෙන්ම ඕකුන් තියන්ඩ වටින උන් නෙමේ
@padminijayamanna1799
@padminijayamanna1799 27 күн бұрын
​@@sarangavithanaගෙනාවට බොන්ඩ ඕනද බං ....එහෙනම් අපිටත් බැරියැ ඕව බොන්ඩ ,ඔහෙටත් බැරියැ බොන්ඩ,ඒක නෙමේ ඕකුන් අතපය වෙහෙස කරල ජොබ් කරන්ඩ කම්මැලියි,පොඩි කාලෙ ඉදන්ම ඕකුන් කල්ල තියෙන්නෙ හොර,කපටි,වංචනික වැඩ ,eazy ක්‍ර්මයට සල්ලි හොයන එක
@pandukakarunaratne6931
@pandukakarunaratne6931 27 күн бұрын
රටට කුඩු ගෙන්වන එවුන්ව මැරුවනම් ලේසි නැද්ද?
@user-fl8fs4uo5p
@user-fl8fs4uo5p 27 күн бұрын
කොළඹ ට එන දුර ගමන් සේවා බාස් වල සිගමන් ඇදිම ..ටිකටි පත් දි මුදල් එකතු කිරිම...තහනමි කරන්න යමි වැඩ පිලිවෙලක් සකස් කරන්න ඔනි ඔකුන් සල්ලි දුන්නෙ නැත්නමි බනිනවා මගියන්ට....මම බස් රථ රියදුරෙක් විදියට රැකියව කරන කලෙ අනන්තවත් දැකලා තියෙනවා ඇත්තටම මගින්ට මෙි මිනිස්සු ගොඩාක් හිරි හැර කරනවා🙏
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 27 күн бұрын
පොලිසියට ස්තුතියි ... හරිම කනගාටුයි...අපේ රටේ කාලකන්ණි කරන මේ වැඩ
@thusharadilruksh2034
@thusharadilruksh2034 27 күн бұрын
❤👍👍👍💯💯
@nandanidisa1031
@nandanidisa1031 27 күн бұрын
මෙ කුඩ්ඩො තවත් ජිවත් කරන්න එපා, පවුලටත් කරදරයක් , රටටත් කරදරයක්, මුන්ව හිර ගෙවල් වලට දාලා අපෙ මුදල් මුන්ට නාස්ති කරන්න එපා, මෙ තිරිසනාව සොයා ගන්න උදව් කරපු සැමදෙනාටම අපෙ ස්තුතිය
@mldsugath2181
@mldsugath2181 25 күн бұрын
කුඩ්ඩො වැරදියි තමා එ වුනාට එම කියන්න එපා අපි හැමදාම ඉන්න මිනිස්සු නෙමේ ඔන්නම් 60 ක් 70 ක් ඉදි මොකෝ සල්ලි එහෙම අරන් යනවැයි මැරුනම තමන් නිවැරදිව ඉන්න එක තමා හොදම
@jagaja444
@jagaja444 27 күн бұрын
පිලිපීනයේ කලා වගේ කුඩු ගහන සහ විකුණන අයව දිව්‍යලෝකයට යැවිය යුතුමයි.
@udayaaruna591
@udayaaruna591 27 күн бұрын
මුන්ව තියගෙන නම් වැඩක් නැහැ.අල්ල්පු ග්මන් මරලා දාන්න ඕනි.නැතිනම් නැවත ඕකා ඔය වැඩේමයි කරන්නේ
@VinadaPuldith-yy6py
@VinadaPuldith-yy6py 27 күн бұрын
ගොඩාක් thanks ගොඩාක් පින් sri lankan police 💖
@thusharadilruksh2034
@thusharadilruksh2034 27 күн бұрын
🇱🇰💯🏆👍👍💪💪💪
@Nemisis789
@Nemisis789 27 күн бұрын
බස් ඈතුලේ වෙළදාම නවත්තන්න ඔනි,
@malipriyangika6216
@malipriyangika6216 27 күн бұрын
ලංකාවේ නම බේරගත්ත එකට අප ප්‍රණාමය 👍 අපේ රටේ පුරවැසියන්ටත් මේ වගේ උදව් කරනව නම් කොච්චර අගේද?
@sarojikajayamini227
@sarojikajayamini227 27 күн бұрын
පිටකොටුවේ පොලිස්පතිවරයා ඇතුළු ⁣මේ සදහා උපරිමයෙන් ක්‍රියාත්මක වු සියලු දෙනාටමත් අති විශිෂ්ඨ කාර්ය භාරයක් ඉෂ්ට කිරීම සදහා මහජනතාව ගේ උත්තමාචරය පිරිනැමීමට අවස්ථාවක් කරගන්නවා ස්තුතියි ,🙏🙏🙏✍️✍️✍️✍️✍️
@thusharadilruksh2034
@thusharadilruksh2034 27 күн бұрын
❤❤❤🇱🇰🇱🇰💪💪🌹🌹💯💯🏆🏆😘😘😘🔥🔥👏👏🙏🙏🙏
@W.K.Dissanayake
@W.K.Dissanayake 26 күн бұрын
පිටකොටුවට පොලිස් පතිවරයෙක් නැහැ. ඉන්නෙ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයෙක් සහ පොලිස් ස්ථානාධිපති වරයෙක්. තනතුරු පිළිබදව පළමුව දැනුවත් වන්න කමෙන්ට් කරන්න කළින්.
@udayadesilvadesilva4242
@udayadesilvadesilva4242 27 күн бұрын
මාත් tourism industry එකේ ඉන්නෙ .ඇයි ඔය මිනිහගේ මූන පෙන්නනෙ නැත්තෙ 😊😢😢😊
@thejunior7466
@thejunior7466 27 күн бұрын
මුන්ගේ ලබ්බේ ජඩ මීඩියා සම්ප්‍රදායවල්, අහිංසක ගනු ළමයෙක් ට අතවරයක් උනා නම් මුන් එලමයාගේ මුන ගෙදර ඇඩ්රස් , අම්ම තාත්තගේ මුනවල් සේරම දානවා, හොරු , ළමා දුෂ්කයෝන්ගේ මුනවල් හංගනවා
@padminijayamanna1799
@padminijayamanna1799 27 күн бұрын
ඒ තමයි "ශ්‍රීලංකාව"
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 27 күн бұрын
👍👍👍
@priyanthayaggahahewage7269
@priyanthayaggahahewage7269 27 күн бұрын
ඉතාම හොද යි.ලංකාවෙ අබිමානය සුරකුනා
@user-ct6hu5dj2e
@user-ct6hu5dj2e 27 күн бұрын
සල්ලි ගන්න එපා,ඉවර කරපල්ලා ඕකව.
@namansenarathyapa5702
@namansenarathyapa5702 27 күн бұрын
ස්තූතියි නිලධාරීන්ට
@erangaliyanage9976
@erangaliyanage9976 27 күн бұрын
හැමෝම අවදානයෙන් ඉන්න. හැම දෙයක් ගැනම. යමක් දුටු සැනින් ක්‍රියාත්මක වන්න. කාටවත් බැරිනම් අපිම අපිට ජීවත් වෙන්න පුළුවන් රටක් හදාගන්න ඕන
@user-en3hc5fx3g
@user-en3hc5fx3g 27 күн бұрын
ස්තූතියි ❤❤❤❤❤
@user-xy6uq6nd6q
@user-xy6uq6nd6q 27 күн бұрын
Good job❤❤❤❤... ඕකගෙ ඇ... දෙක තලන්න.රටට උන අපකීර්තියට
@LeviAthan107
@LeviAthan107 27 күн бұрын
අපේ රටේ එකෙක් ගෙ මොනාහරි නැති උනාම බලන්න ඕන මුන්ගෙ උනන්දුව
@Nuwanweera999
@Nuwanweera999 27 күн бұрын
Hari yko khmahri hoyagthsne
@CharithWijenayake
@CharithWijenayake 27 күн бұрын
mage wifegeth pocket ekata gahuwa pitakotuwe. laksha 2kak neti una. cctv videoth tiyanawa horage. peminillath demma. mun alluwe na. kaalakanni policiya apita salakane ehemai.
@LeviAthan107
@LeviAthan107 27 күн бұрын
@@CharithWijenayake ඔව්. සුද්දන්ට තමා මුන්ගේ ලබ්බෙ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ
@LeviAthan107
@LeviAthan107 27 күн бұрын
@@Nuwanweera999 හරියට ටයිප් කරපිය ඔක්කෝටම කලින්. වලිගෙ පාගගෙන කතා කරනවා
@mangalikaperera1393
@mangalikaperera1393 27 күн бұрын
මේකනෙ.... හොයාගත්ත කෙනාට තෑග්ග ලක්ෂ පහළොවක්නෙ. ඒකයි. 🤣 🤣 🤣
@ChayaKdl
@ChayaKdl 27 күн бұрын
මං ඉන්නෙ ඔරුගොඩවත්තේ, අපේ ගෙවල්ගාව තියන ගෙවල් තුනකට හොරු පැන්නා, පිට පලාත්වල ඉඳන් එන අයගෙන් පිහිය පැන්නලා සල්ලි උදුරගන්නවා, එහෙ ඉන්න අවුරුදු 18වත් සම්පූර්ණ නැති පොඩි උන් අයිස්/කන්සා/කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ.. මේ වගේ යුක්තිගරුක මිනිස්සු ඉන්න අපේ වත්තට යුක්තිය මෙහෙයුම් කරන කට්ටිය කවුරුත් පැත්ත පළාතටවත් එන්නේ.. මේක අපේ වත්තේ වෙන සිදුවීම් විතරයි නීතිය ඉටුකරන්නේ සංචාරකයෝන්ට පමණය්.. ලාංකික පුරවැසියන්ට නෑ.. චන්ද දායකයන් චන්දෙ දාන්ඩ කලින් මේවා හොඳට හිතලා චන්දෙ දාන්ඩ
@Ranga1.0
@Ranga1.0 27 күн бұрын
මේ වැඩේ අගය කරනවා ශ්‍රී ලාංකිකයෙක් විදිහට. ඒත් මේ පොලීසියම ලංකාවෙ මනුස්සයෙක්ගෙ දෙයක් හොරකම් කරාම මෙච්චර කාර්යක්ශමව හැසිරෙනවද කියන එක ප්‍රශ්නයක්. අපේ වතුර මෝටර් එක මීට අවුරුදු එකහමාරකට කලින් හොරකම් කරා. පොලීසිය නිකන් බොරුවට වටේ ගියා විතරයි. අන්තිමේ බැරිම තැන අපිම හොරාව හොයාගෙන පොලීසිය දැනුවත් කරා ඒත් අවාසනාවට අදටත් ඌ නිදැල්ලේ. පොලීසියට ඌව අල්ලන්න වෙලාවක් නැල්ලු. අපි ලොකුවට සල්ලි තියන මිනිස්සු නෙමෙයි හොරකම් කරන ගානට මෝටර් අලුත් කරන්න. පොලීසියේ වගකීමක් නේද අපරාධකාරයෙක්ව අල්ලන එක. මම ප්‍රාර්ථනා කරනවා පිටරට අයට යුක්තිය ඉටු කරන්න කඩිසරව කැපවෙන ශ්‍රී ලංකා පොලීසිය ලංකාවෙ තමන්ගෙ මිනිස්සු වෙනුවෙනුත් එහෙම කැපවෙලා වැඩ කරන දවසක් ඒවා කියලා!
@SumithRajapakse
@SumithRajapakse 27 күн бұрын
ස්තුතිය
@maheshsameera2991
@maheshsameera2991 27 күн бұрын
ලංකාවේ පොලීසියට වැඩ පුළුවන්. හරියට කරනවනම්
@hetti92
@hetti92 27 күн бұрын
ලොකු දෙයක් පව් කාගෙ උනට් වටින දේවල්,කාට කියන්නද නැති උනාම..ඕකුන් මරන්න ඕනෙ ආයෙ බැරිවෙන්නම
@kumara3288
@kumara3288 27 күн бұрын
පොලිසියට අවශ්‍ය කෙනෙක් නම් බස් වල ස්ටිකර් විකුණන්නේ කොහොමද? කුඩු පට්ටම් වෙන්න දෙකක් දීලා කුඩු ගන්න එකත් අහලා උත් ගන්න ඕන...
@ChandaniAmarasekara
@ChandaniAmarasekara 27 күн бұрын
ආතිතයේ අපේ රටෙි මිනිසුන් හැදින්වුණු ආගන්තුක සත්කාර වලින් පිරැනු අයලෙසයි අද වනවිට තියෙන මෙි තත්ත්වයට වගකිවයුතු පාලකයන් තුළින් මෙහි මුලික තැන නතර කරන⁣ තෙක් තව තවත් මෙවන් දේවල් සිදුවනු ඇත
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 27 күн бұрын
අපේ policy වලට ගොඩාක් ❤❤❤❤sthuthi
@clarekekulawela505
@clarekekulawela505 27 күн бұрын
ගොඩාක් pin Dereneter thanks
@Muyura519
@Muyura519 27 күн бұрын
මුන්වගේ උන් නිසයි රටේ නම කැත වෙන්නේ අඩුකඩන්න ඔනී මුන්ගේ
@nishanthapadmalal1893
@nishanthapadmalal1893 27 күн бұрын
Great job thanks👍❤️❤️❤️
@judeshehan744
@judeshehan744 27 күн бұрын
Sri lanka police ❤🎉
@sudeshjayawickrema8082
@sudeshjayawickrema8082 27 күн бұрын
රටේ ගෞරවය ආරක්ෂා කරගත් ශ්‍රී ලංකා පොලීසියට අපේ ප්‍රණාමය.... හැමෝම බලන් ඉන්නේ සුළු දේටත් පොලීසියට බණින්න.... නමුත් පොලීසිය සිදු කරන සේවය ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ....!
@thusharadilruksh2034
@thusharadilruksh2034 27 күн бұрын
💯🇱🇰❤️👍
@thejunior7466
@thejunior7466 27 күн бұрын
මුන්ට අච්චු ගහන්න ඕන අර හරක්ට ගහනවා වගේ , එතකොටු මිනිස්සු අදුනනව මුන් හොරු කියලා, ලංකාවට එන්න තියන ඩොලර් ටිකත් නැතිකරන කාලකන්නි... පොලිසියකල දේ විශිෂ්ටයි
@DULINASASEN12344
@DULINASASEN12344 27 күн бұрын
නියම අදහස අච්චුව ගහන්නෙ කොහේද මුන්ගෙ ???🤣🤣🤣
@nuwanbandara9060
@nuwanbandara9060 27 күн бұрын
සිරාවටම නලලෙ කොටන්නෝනෙ මුන්ගෙ
@rupikapatabandige1607
@rupikapatabandige1607 27 күн бұрын
දීල වගේ දනහිස කුඩුවෙන්න
@juderoshan6353
@juderoshan6353 27 күн бұрын
Great job thank you .👍
@ravindudilsara4828
@ravindudilsara4828 27 күн бұрын
අම්මො දැනෙන සතුට ❤❤😊
@thusharadilruksh2034
@thusharadilruksh2034 27 күн бұрын
❤❤❤👍💯💯💯
@lochi8961
@lochi8961 27 күн бұрын
Budusaranai ❤️ ❤️ ❤️
@shriyacooray783
@shriyacooray783 27 күн бұрын
Good work by Police....👏👏👏
@umeshamadushan8503
@umeshamadushan8503 27 күн бұрын
කෙනෙක් මල් විකුනලා රටට විදෙස් සංචාරකයන්..ගේනවා තවත් එකෙක් රටට කැත නම ක්..ගේනවා ..එක මවු රටේ මිනිස්සු 💔
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 27 күн бұрын
Great job
@anuanula6477
@anuanula6477 27 күн бұрын
මුන්ට අනිවාර්යෙන් උපරිම දඩුවම් දෙන්න
@user-xd9ml8fz2n
@user-xd9ml8fz2n 27 күн бұрын
Hoda wadak ❤
@amalperera8225
@amalperera8225 27 күн бұрын
දෙරනට ජයවේවා.. ඔය වගේම අනිත් හොරු ටිකත් අල්ලමු..
@NishanthaKumara-mk9di
@NishanthaKumara-mk9di 27 күн бұрын
දෙරනට සහ පොලිසියට ❤❤❤❤❤❤❤❤❤
@godfreymartis1235
@godfreymartis1235 27 күн бұрын
ජයවේවා ශ්‍රීලංකාව ජයවේවා 👍👏🙏
@manjulabalasuriya9994
@manjulabalasuriya9994 27 күн бұрын
Great police officers. Thank you all the very best sri lanka police departmant.
@neerofernando5815
@neerofernando5815 27 күн бұрын
Police good ❤❤
@Kumari-hy1ns
@Kumari-hy1ns 27 күн бұрын
sthutiy Sri lanka 🇱🇰 polecya❤❤❤❤
@ajithperera255
@ajithperera255 27 күн бұрын
රටේ සහ ලාංකීය ජාතිය ලෝකයේ අපකීර්තියට පත් නොවී මේ උතුම් සේවාව කල ස්ථානාධිපති තුමනි...සියලුම නිලධාරීන් ට ස්තුතියි
@user-lk7mu2hs7n
@user-lk7mu2hs7n 27 күн бұрын
Salute police officer
@patmaperera1
@patmaperera1 27 күн бұрын
ශ්‍රී ලංකා පොලිසියටත් දෙරණටත් ගොඩක් ස්තුතියි 👍👍👍
@padminijayamanna1799
@padminijayamanna1799 27 күн бұрын
ඕක මරපියව් ,ඕවගෙ උන් තමයි සිස්ටම් චේන්ජ් කරන්ඩ පොර ටෝක්ස්දෙන්නෙ
@aselaanthonyfernando473
@aselaanthonyfernando473 19 күн бұрын
ah ela machan
@DARKWOLF.OFFICIAL.1
@DARKWOLF.OFFICIAL.1 27 күн бұрын
ඇති යාන්තම්.....මුන්ට දඩුවම් දෙන්න ම ඕන..නැත්නම් සංචාරක කර්මාන්තය ආපහු වැටෙනවා මුං කරන වැඩ නිසා
@Saliya00
@Saliya00 27 күн бұрын
පොලිසිය හරියට වැඩක් කරාමද හොහෙද මෙක 😲
@PrasangaL.G
@PrasangaL.G 27 күн бұрын
සල්ලි දෙනව කිව්වනේ
@WajiraWedisinghe
@WajiraWedisinghe 27 күн бұрын
දන්න තරම තමා😂
@LalithLalith-jm4ir
@LalithLalith-jm4ir 27 күн бұрын
ඇයි උබෙ අම්මට හු...පු එක
@isurusubasinghe2038
@isurusubasinghe2038 27 күн бұрын
😂
@V_PK
@V_PK 27 күн бұрын
Kochchra honda karath keepadenek krna weradi allala hemotama.banina eka thama lankawe purudda..
@ManelRajakaruna-qd9ly
@ManelRajakaruna-qd9ly 27 күн бұрын
💐🌺 .. ලස්සන ම කතාව තමා .. සියළුම ගැට කපන්නන්ගේ ෆොටෝ පොලිසියේ තියෙනවළු .. හොරු එළියේ ඉන්නවළු .. උන් හොරු බව දන්නවළු .. හොරකම් කළාම අල්ලනවාළු .. 💐🌺 .. මොන විහිළුද අයියෝ .. 🤔🤔
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 27 күн бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ❤️⚔️🚼⚔️❤️ බුදුසරණයි ..! 🎇☸️🌈️❤️🙏🌹
@RankothgedaraRanjith-pg1wl
@RankothgedaraRanjith-pg1wl 27 күн бұрын
කුඩු බොන එකෙක් නම් විකුණන එකාව අල්ලගත්ත නම් ඊට ඉහල ඉන්න උන් අල්ලගන්න අමාරු වෙන්නෙ නෑනෙ
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f 27 күн бұрын
නොදකින් අපේ රටේ හොරු විදේසික අයට කරන ලැජ්ජා නැති වැඩ අපේ රටට හොඳ නෑ මේවගෙ වැඩ නම්
@thusharadilruksh2034
@thusharadilruksh2034 27 күн бұрын
👍👍👍👍💯
@ridleysuranjith3699
@ridleysuranjith3699 27 күн бұрын
මූන්ට හොද සබ්බුවක් දෙන්න ඕනේ නැවත හොරකම් නොකරන්න..
@malindapriyanjith4221
@malindapriyanjith4221 27 күн бұрын
සම්බුව දීලා තිබ්බේ දැක්කේ නැද්ද අරු නොන්ඩි ගහගහ ගියේ😅
@renukagunawardana8335
@renukagunawardana8335 27 күн бұрын
ඉතින් මෙච්චර හොරකම් කරපු මනුස්සයෙක් ඒ මනුස්සයා හොරකම් කරපු මනුස්සයෙක් දැන දැනත් ඒ මනුස්සයා එළියේ ඉන්නේ කොහොම😮😮😮😮 ගොඩක් දේවල් වලට සම්බන්ධ මනුස්සයෙක්
@Lalith333
@Lalith333 27 күн бұрын
@@malindapriyanjith4221 lankawe namata hani wena wada karana me wage unta ehema krla maddi
@ridleysuranjith3699
@ridleysuranjith3699 27 күн бұрын
@@malindapriyanjith4221 අතපය දෙක හොදට දීලා තියෙනවා ,අඩු නැතුව.දෙයියනේ මොකටද හොරකම් කරන්නේ අනික කුඩු ගහන්න ..මුන්ට හොදට සැලකුවට පව් නැහැ ..මුන්ව කවදාවත් ගොඩට ගන්න බැහැ .අපෙත් ඉන්නවා මූ වගේ උන් ,,මතට පුරැදුවුනොත් ඉවරයි ..
@user-mo6qr9yo9j
@user-mo6qr9yo9j 27 күн бұрын
අපේ නිර්බිත පොලිස් මහත්වරුනි ඔබලා ට දීර්ගායු
@Samp548
@Samp548 27 күн бұрын
Thank you for everyone who was involved to protect name of Sri Lanka 🇱🇰.
@SunethDarshana-mr8mk
@SunethDarshana-mr8mk 27 күн бұрын
ආදරෙයි ශ්‍රී ලංකා පොලිස් හදවතින්ම ❤
@pularaniunhalla
@pularaniunhalla 27 күн бұрын
lol😹
@user-ot2qy1bx1q
@user-ot2qy1bx1q 26 күн бұрын
ලැජ්ජයි ලංකාව ගැන මොනා උනත් මේ සියළුම දේ සොයාදුන් නිලදාරීන් සියළුම දෙනාට ගොඩක් ස්තුතියි
@user-bp9zy2cp9f
@user-bp9zy2cp9f 27 күн бұрын
Wow ❤❤
@sumethracol3331
@sumethracol3331 27 күн бұрын
මෙහෙයුම සිදුකර විදේෂික කාන්තාවට සොරාගත් දේ බොහොම ඉක්මනින් සොයාදිම ගැන නිලදාරිසියලුදේටම අපගේ ප්‍රනාමය❤ ඔයවගේම ස්වදෙෂිකයන්ගේ සොරා ගන්න දේවලදිත් ඉක්මනින් මෙහෙයුමි දියත්කර සොරාගත්දේ සොයාදෙන්නේනමි ඉතාම වටිනව. ස්තුතියි රටේ නම රැකදුන්නට.
@SankaRathi-pl9sq
@SankaRathi-pl9sq 27 күн бұрын
සුපිරි ❤ සහයෝගය දැක්වූ සියලු නිළදාරීන් හට ප්‍රණාමය ❤🙏🙏
@tharangawm3569
@tharangawm3569 27 күн бұрын
ඒක කකුලක් නම් කැඩිලා වගේ ඉතුරැ කකුලත් කඩන්න ඔනි 😂
@geetha5999
@geetha5999 27 күн бұрын
Yarrr😮
@kamarypop65
@kamarypop65 27 күн бұрын
ලැජ්ජයි ,අපේ මිනිස්සු මෙවැනි දේවල් කිරිම,ස්තුති sri lankan police stechon.🌹🙏
@DilrukLasantha
@DilrukLasantha 27 күн бұрын
නියමයි.. හොද වැඩේ..❤
@darshanaprasanna4729
@darshanaprasanna4729 27 күн бұрын
👍👍👍👍👍👍පොලිසිය ගැන සතුටුයි..
@rohanajayasundara9811
@rohanajayasundara9811 27 күн бұрын
we thank police department
@rajinifonseka2075
@rajinifonseka2075 27 күн бұрын
අපේ පොලීසිය ලෝකේ ඕනම රටකට අබියෝග කරන්න පුලුවන් පොලිසියක්. පොලිසියේ මහතුන්ට ගවුරවය.🙏
@illeperumageranjithperera6047
@illeperumageranjithperera6047 27 күн бұрын
real police gentlemen.
@ElephantSoul
@ElephantSoul 27 күн бұрын
රටේ නම්බුව අරක්ෂකල පොලිස් නිලධාරීන්ට බොහොමත් ස්තුති
@mohamedhidayathulla2650
@mohamedhidayathulla2650 27 күн бұрын
Great. Police
@tamaraperera-db4bh
@tamaraperera-db4bh 27 күн бұрын
හිතන්න අමාරු මෙච්චර ඉක්මනින් policeya හොරා අල්ලපු එක. Hats off to Sri lsnkan police. Well done❤️
@nishanelpitiya9063
@nishanelpitiya9063 27 күн бұрын
Sri lanka police best
@sethniwarnakula2293
@sethniwarnakula2293 27 күн бұрын
ලැජ්ජයි අනෙ😢
@harsh-rv4qg
@harsh-rv4qg 27 күн бұрын
මොනවා උනත් ඒ අක්කා ලස්සනයි ❤
@priyankasamaranayake4483
@priyankasamaranayake4483 27 күн бұрын
Harmattan සතුටකි
@user-yy4df9ny2k
@user-yy4df9ny2k 27 күн бұрын
Lankwa ..ගරුත්වය .රැකවරණය .දුන්න..සියලු .dantama .🙏🙏🌹💎💎❤❤
@Donwithtravel
@Donwithtravel 27 күн бұрын
Police ට thanks ...වැඩ පිළිවෙළකාට ගියොත් හොඳයි මෙවැනි දේවල් ආයෙත් නොවේන්න ...බැරිනම් කියන්න අපිට අපි කරන්නම් ...
@subhadrasubasinghe247
@subhadrasubasinghe247 27 күн бұрын
Thank you very much Sri Lankan Police 😊
@wjesundarasv1426
@wjesundarasv1426 27 күн бұрын
ලැජ්ජයි අප්පා
@Onevog
@Onevog 27 күн бұрын
මුට උපරිම දඩුවම් dannna ඕන
@SudeshKrishantha
@SudeshKrishantha 27 күн бұрын
ගොඩක් ස්තූතියි හැමදෙනාටම වෙන්න ගිය අවනම්බුවෙන් බේරගත්තට...❤
@sachininimesha8667
@sachininimesha8667 27 күн бұрын
ලංකාවම කෑව ලැජ්ජා නෑ නෙ මුන්ට අනුන්ගෙ එව ගන්න
@thusharadilruksh2034
@thusharadilruksh2034 27 күн бұрын
🙏🙏🙏👍👍🇱🇰🇱🇰❤️❤️💪💪💯😘
@user-wf6wm9jd9b
@user-wf6wm9jd9b 27 күн бұрын
එයා ලස්සන කෙනෙක්😍
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 27 күн бұрын
✋✋✋😞 Jayawewaa policyata
@neethasolaman159
@neethasolaman159 27 күн бұрын
Thanks for u it's very good God Bless to our Sri Lankan police station done good Job any way lot of thieves in Sri Lankan big problem. What to do anything we have to take care our self. Thanks again to Sri Lankan police station.
@rajinifonseka2075
@rajinifonseka2075 27 күн бұрын
ඕනම දෙයක් හොයාගන්න යන්නෙ පැය විසි හතරයි. ආඩම්බරයි .පොලිසියේ මහත්වරුනි.❤❤❤
@nilupulindrajith
@nilupulindrajith 27 күн бұрын
මුන්ටනම් එල්ලලා ගැහුවට කමක් නෑ
@jagaja444
@jagaja444 27 күн бұрын
පළමු වීඩියෝවෙන්ම ලංකාවේ ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රිය විම සිදුවිය. මුංව වැලිකන්ද පැත්තේ ආයුධ පෙන්වීමට රැගෙනයාම සිදුකිරීම මගින් පමණයි සංචාරක කර්මාන්තය දියුණු කල හැක්කේ.
터키아이스크림🇹🇷🍦Turkish ice cream #funny #shorts
00:26
Byungari 병아리언니
Рет қаралды 25 МЛН
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 53 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 2,8 МЛН
Anushka Wedding - Wasthi Productions
5:03
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,3 МЛН
I Can't Believe This Happened To Me in Sri Lanka 🇱🇰
24:40
Emeka Iwueze
Рет қаралды 2,2 МЛН
터키아이스크림🇹🇷🍦Turkish ice cream #funny #shorts
00:26
Byungari 병아리언니
Рет қаралды 25 МЛН