'Bento' Made with Love ❤️ ආදරේ එකතු කරලා හදන අයාන් පුතාගේ බෙන්තෝ එක.. ❤️

  Рет қаралды 96,548

Cook with Love

Cook with Love

Күн бұрын

A home packed meal in Japan is called a bento. I learnt the art of bento making after moving to Japan because I wanted to surprise my kids with a beautiful lunch box everyday. I try to get creative in my own way when ever I make a bento. If you haven’t tried already do give it a try. The joy of packing a beautiful meal for your loved ones brings you so much happiness and I hope you will feel it too. Sharing the Bento I made for my son for school in this video. Hope you enjoy!
මේ මං ආසාවෙන් කරන දෙයක සතුට පොඩි විඩියෝ එකකින් ඔයාලා එක්ක බෙදාගන්න එක කරන්නේ. මං තදින් විශ්වාස කරනවා සතුට බෙදාගනිද්දි අනික් පැත්තට සතුට දෙගුණ වෙලා ලැබෙනවා කියන එක. බෙන්තෝ කියන්නෙත් මගේ ජීවිතේ සතුට එකතු කරපු සුන්දර දෙයක්. මගේ ආදරේ මගේ දරුවන්ට පෙන්නන්න පුළුවන් සුන්දර විදියක්.. මේ මට ආවේනික බෙන්තෝ රටාවක්..
ඔයාලා දන්නවද දැන් මගෙන් කවුරුහරි ඇහුවොත් මං වැඩියෙන්ම සතුටුවෙන්නේ දවසේ කොයිවෙලාවටද කියලා, මං කියන්නේ මගේ අයාන් පුතාගේ කෑමපෙට්ටිය හදන වෙලාවට කියලා. ඒක මම කෑමවලින් විතරක් නෙවෙයි ආදරෙනුත් පුරවනවා. මට පුළුවන් උපරිමෙන්, අයාන් පුතා ආස කෑමවලින් මං ඒක ලස්සනට හදනවා. ඒගමන්ම මාත් ඒක විඳිනවා. අයාන් පුතාගේ විතරක්ම නෙවෙයි නතාරී දූගෙයි, ඔවින්‍යා දූගෙයිත් එහෙමයි. දැන් එයාලා ප්‍රාථමික පාසල්වලට යන නිසා කෑම ගෙනියන්නේ නෑ. ජපානේ ප්‍රාථමික පාසල්වල දරුවන්ට ඉස්කෝලෙන් කෑම දෙනවා. අයාන් පුතා තාම පෙරපාසල් යන නිසා, එයාගේ කෑමපෙට්ටිය ලස්සනට හදන්න මට පුළුවන්කම ලැබිල තියෙනවා.
මෙහේ කෑම පුරවපු පෙට්ටියට කියන්නේ ‘බෙන්තෝ’ කියලා. ලස්සනට කෑමපෙට්ටිය හදන එක මෙහේ ලස්සන කලාවක්. මේ රටට පිංසිද්ධ වෙන්න මාත් ඒ කලාව ඉගෙනගෙන පොඩ්ඩක් මගේම රටාවකට කරන්න අරන් දැන් සෑහෙන කාලයක්. මට ඕන මං ඒ සතුට ඔයලාට බෙදන්න. මහත්තයාට හරි, දූට පුතාට හරි හදන කෑමපෙට්ටිය ඔයාටම ආවේණික ලස්සනකට හදන්න ආසාවක් ඔයාලගේ හිතෙත් ඇතිකරන්න.
සොසේජස් ගැන කිව්වොත් සොසේජස් දවසගානේ වේල් තුනට ගන්නයි සුදුසු නැත්තේ. එතකොට පිලිකා අවධානමක් එන්න පුළුවන්. මාසෙට දෙතුන් වතාවක් කෑවාට කිසිම හානියක් නෑ. පවිත්‍රා පතිරත්න කියන රසායන විද්‍යාව පිලිබද සහාය මහාචාර්යවරියක් එයාගේ ලිපියක ලියලා තිබුනේ..
ජපානේ සමහර පෙරපාසල්වලත් කෑම දෙනවා. ඒත් අයාන් පුතා යන පෙරපාසලේ කෑම දෙන්නේ නෑ. අපි හදලා යවන්න ඕනේ. විදුහල්පතිනිය කියන්නේ අම්මා දරුවාට හදලා දෙන කෑමපෙට්ටිය නිසා දරුවාගෙයි අම්මාගෙයි බැඳීමට තව ආදරේ එකතුවෙන්න ඒක ලොකු උදව්වක් වෙනවා කියලා. ඒක ඇත්ත. ඉස්සර වගේ අයාන් උදේට නැගිටලා ගුඩ්මෝර්නින් නෙවෙයි කියන්නේ, ‘Mama, Ayaan bento ready’ කියලයි මගෙන් අහන්නේ. ඒ තරම් පාට පාට පිරුණ කෑමපෙට්ටියට පුතා ආසයි.
අපි අපෙන් සතුට හොයාගත්තාම, දරුවන්ගේ කෑමපෙට්ටියෙනුත් අපිට සතුට හොයාගන්න පුළුවන්.
ඉතින්, මේ කියන්නේ මේ විදියට කෑමපෙට්ටි හදන්න නෙවෙයි, අපි කරන දේ ආදරෙන් ආසාවෙන් කරන තරමට අපිට සතුට හොයාගන්න පුළුවන් කියලා. අපි සතුටෙන් ඉන්න තරමට අපේ පවුලේ සතුටත් රැඳෙනවා. ඒ විතරක් නෙවෙයි රැකෙනවා.
සතුට හැමදේකම තියෙනවා. කාටවත් ඒක හොයලා දෙන්නබෑ. අපිම හොයාගන්න ඕනේ. කාටහරි මග පෙන්වන්න පුළුවන්. ඒත් හොයාගන්න ඕනේ අපිමයි.
කරදරදයක්, වදයක් කියලා හිතුණ ගොඩක් දේවල්වලින් සතුට හොයාගත්ත කෙනෙක් මම. ඒකයි බය නැතුව ඒ ගැන ලියන්න මට පුළුවන් වුණේ. ඒ නිසා කරදරයක්, වදයක්, දුකක් කියලා හිතෙන හැමතැනකම සතුට ටිකක් හරි හැංඟිලා තියෙනවා කියන එක මතක තියාගන්න. ඒක හොයාගන්න. එකපාරක් හොයාගත්තාම දිගටම හොයන්න ඇබ්බැහි වෙනවා.
සතුට හොයන එක, සතුටින් ඉන්න එක ඇබ්බැහියක් කරගන්න.
එතකොට ඔයාටත් පුළුවන් අදට වඩා හෙට සතුටින් ජීවිතේ විඳින්න.
ආදරෙන්,
හෂී🌸
'Cook with Love' Facebook page
/ madebyhashi
'Cook with Love' Instagram Page
...
'Cook with Love' Tiktok
www.tiktok.com/@homeyfoodies
Background music
Music: No Worries
Musician: Anton Vlasov
Site: pixabay.com/mu...

Пікірлер: 122
@Imashisewwandi577
@Imashisewwandi577 8 ай бұрын
5 million money drop එකේ අයාන් පුතාගෙ බෙන්තො එක ගැන ඇහුවට පස්සෙ හොයන් ආපු අය කෝ😁
@DamsaraSinghe-rm6zt
@DamsaraSinghe-rm6zt 8 ай бұрын
Apiii
@vinojperera9382
@vinojperera9382 8 ай бұрын
😂
@SanthushkiJayasooriya
@SanthushkiJayasooriya 8 ай бұрын
adee math 😂😂😂
@ACHINITHRANGA
@ACHINITHRANGA 8 ай бұрын
Mamath 😂😂
@iroshanirathnalanka7550
@iroshanirathnalanka7550 8 ай бұрын
😂
@dilharagunaratna8213
@dilharagunaratna8213 Жыл бұрын
මීම්ස් බලලා මම ආවෙ. මේකට ඇයි හිනා වෙන්නෙ? Keep up the good work.
@nayomi_shashi
@nayomi_shashi 11 ай бұрын
ඇත්තටම අක්කෙ හරි ආසාවෙන් මේ දේවල් මම බලන්නෙ...මගෙ පලවෙනි බබා තාම මගෙ බන්ඩියෙ...තව මාස එක හමාරකින් එයා ඉපදෙයි..මම දැන් ඉදන්ම මේ වගෙම ආදරේ එකතු කරනවා එයාගෙ ජීවිතේ ලස්සන කරන්න ❤
@asafernando6290
@asafernando6290 8 ай бұрын
අනේ දුව ඕක දකිද්දී ඔයාලගේ පුතාල කොච්චර වාසනාවන්තද. හරිම සතුටින් බලන ගමන් සම්බෝලයි බතුයිවත් නැතිව පාසල් යන ලංකාවේ ළමයිටත් මේවගේ දවසක් උදා වෙනවා නම් කියලාමයි හිතෙන්නේ. ❤
@madushani673
@madushani673 Жыл бұрын
අනේ අක්කෙ ඔයාගෙ කටහඬ ඇහුවත් මගේ හිත පිරෙනවා අක්කෙ...හරිම ලස්සනයි හරිම ආදරනීයයි....❤❤❤❤❤😍😍😍❤
@jarayaka
@jarayaka Жыл бұрын
අක්කට සෙංගමාලේ කියල දන්න උන් අර කොනට 👉👉
@user-xf3nl6vz9l
@user-xf3nl6vz9l 2 ай бұрын
බෙන්තො පුතාගෙ අයන් එක😌
@malshi7500
@malshi7500 Жыл бұрын
අනේ ඔයාට මම හරිම කැමති අක්කා , මගේ මහත්තයත් ඉන්නේ ජපානේ. මමත් දවසක ඔයා වගේම ආදරණීය අම්මා කෙනෙක් වෙන්න හීන මවනවා.ඔයාගේ කටහඩ ඒ රෑප භාවනාවක් වගෙයි 💕 ඔයාට ලැබිලා ඉන්න මහත්තයත් බබාල තුන් දෙනත් හරිම වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් එයාලට ලැබෙන්න තරම්. ජීවිතේ හැමදාමත් ඔය වගේම හිනාවෙලා සතුටින් සැනසීමෙන් ලස්සන පවුලක් වෙලා ඉන්න ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
ගොඩක් ස්තුතියී පැටියෝ ❤️😘
@sherenemendis
@sherenemendis 8 ай бұрын
අයාන් පුතාගෙ බෙන්තො එක money drop programme එකටත් ගිහින්.... ❤
@iroshkalinga5650
@iroshkalinga5650 Жыл бұрын
Ceylon starter pack එක් නිසා ආවේ බලන්න
@maheeskitchen9830
@maheeskitchen9830 Жыл бұрын
අනේ ඔයා ඒ ඇගිලි හසුරුවන විදිහ බලන් ඉන්න ආසයි.. හරිම පිළිවෙලට ඉවසීමෙන් හදන හැටි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අක්කේ.. Ayan ට තියෙන ආදරේ මේ බෙන්තො එකෙන්ම පේනවා ❤❤
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
ආදරෙයි පොඩ්ඩී❤️😘
@madhusankawijerathne8435
@madhusankawijerathne8435 Жыл бұрын
මීම්ස් බලල මේක බලන්න ආව මන්😂❤
@DOOM999.
@DOOM999. 10 ай бұрын
😂
@tharindudananjaya2383
@tharindudananjaya2383 9 ай бұрын
Maath 😂
@madhusankawijerathne8435
@madhusankawijerathne8435 9 ай бұрын
@@tharindudananjaya2383 bentho puthage ayaaan eka
@theekshanadinendramaitipe4943
@theekshanadinendramaitipe4943 Жыл бұрын
හැමදේටමත් වඩා මම හුගාක්ම ආස ඔයාගේ භාවනාවක් වගේ ලස්සන ඔයාගේ කටහඩට අක්කි! ❤ මගේ පුංචි පුතාටත් ඔයාගේ විදියට ලස්සනට එයාගේ lunch box එකත් හදලා දෙන්න මම හුගාක් ආසාවෙන් බලාගන ඉන්නවා.. හැමදාමත් ආදරෙයි අක්කෝ! තව තව ලස්සන vedios දාන්න.. අපි බලාගන ඉන්නවා හුගාක් ආසාවෙන් ! ❤
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
ආදරෙයි❤️😘
@lakminibhagya2939
@lakminibhagya2939 Жыл бұрын
අනේ thank you අක්කා. මම හරිම ආසාවෙන් ඔයාගේ video බලනවා. එවා හරිම ලස්සනයි ❤️😘
@kayshiweerasekara5656
@kayshiweerasekara5656 Жыл бұрын
Memes nisama oya goda yanwa ❤
@dewshaki6116
@dewshaki6116 Жыл бұрын
ඇත්තටම අක්කෙ උයන එක ආසාවෙන් ආදරෙන් කරන්න මමත් ඉගෙනගත්තෙ අක්කගෙන් 🥺❤️ උයනකොට එලවළු කපන සද්දෙ අහන්න ඒක ආසාවෙන් කරන්න ඒ හැමදේම අක්කගෙන් ඉගෙනගත්තෙ 🥰 ඒක හරියට නිකන් භාවනාවක් වගේ ❤️ මට ලොකු වයසක් නෑ ඒ නිසා හැමදාම ගෙදර උයන්නෙ නම් නෑ අම්මා තමයි උයන්නෙ ඒත් ඉඳලා හිටලා මමත් එක එක කෑම ජාති හදනවා එක එක කෑම try කරලා බලනවා ඒ මොනවා හැදුවත් මම ඒක හදන්නෙ සතුටින් හදලා ඉවර වෙලා ඒක ලස්සනට සරසලා photo එකක් එහෙම ගහලා ගෙදර අයට කන්න දුන්නම දැනෙන්නෙ පුදුම සතුටක් 🥺❤️🥰 ඒ හැම දෙයක්ම මම නම් පුරුදු උනේ අක්කගෙන් ❤️ ලංකාවෙ ගොඩක් අයට ගොඩක් වෙලාවට උයනවා කියන එක මහ හිසරදයක් එපාම කරපු වැඩක්... ඒත් උයන එකත් හිසරදයක් කරගන්නෙ නැතුව මනසට නිදහසක් ගේන විදිහට කරන්නෙ කොහොමද කියලා අපිට කියලා දෙන අක්කට ගොඩක් ස්තුතියි 🥰 දැන් නම් මම හිතට මොකක්හරි අවුලක් දැනුන වෙලාවට කරන්නෙ මොකක්හරි කෑමක් හදන එක.. ඇත්තටම ඒක හොඳ බෙහෙතක් අපේ මනසට 🧘‍♀️❤️
@user-pj7yz5ns3z
@user-pj7yz5ns3z 4 ай бұрын
Man ada oyage video dakke.balanna harima asa hithuna akki.harima adariniyai
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
ada thama baluwe.knk recommend krala tibba dekala...aththatama harima watina channel ekak
@kasunidinuththarawijesingh2827
@kasunidinuththarawijesingh2827 Жыл бұрын
Akke mata man akkage lipi kiyawanna patan gaththe ධරණි පුවත්පතෙන්. Mata aurudu 22.eth man adaren asawen uyanna igana gaththe akke oyagen. ගොඩක් ස්තුති 🙏 Akke oyata.. Man dan fb akkage lipi kiyawanawa.. Jivitheta ganna dewal godak e lipiwala thiyanawa.... Man godakma asa akka hadana kiribathata..hama masekama 1.. 😍 බොහොම ස්තුතියි akke... Godaaaaak adarei...❤ Hamadamath sathutin ,parissamen ,lassanama lassanata inna akke .. Budusaranai ....
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
ගොඩාක් ස්තුතියී.. ❤️😘
@chandimanimali9285
@chandimanimali9285 Жыл бұрын
Akki ane mao ada thamai dekke oyage channel eka. Mao akkige pinthura katha kiyavanava. Harima lassanai hitha nivenava.adarei akki godariyak........
@ericafernandez6716
@ericafernandez6716 Жыл бұрын
අයාන් පුතා හරිම ලස්සනයි අනේ ආදරේ හිතෙනවා😘❤️
@sandunibandara4411
@sandunibandara4411 9 ай бұрын
Ayan manika hari lassani.. Shook... Dagayek wage ne..... Home alone eke Kevin wageemai ii.. A hinawamaii... ❤❤❤❤
@rashmijayasekara6078
@rashmijayasekara6078 Жыл бұрын
ane akkiyo ada channel eka dekke.akka darani paththare daana katha mn kiyvnva hrim vedagath devl.thnx akkiyo😍😍
@bpathirana1552
@bpathirana1552 8 ай бұрын
අයා බබාහරිම ලස්සනයි... හා පැටියෙක් වගේ..❤❤
@nimeshaekanayaka7057
@nimeshaekanayaka7057 Жыл бұрын
අනේ අක්කී මේ වගෙ ඒව වැඩිපුර දාන්න ❤️❤️
@mihiritharaka2881
@mihiritharaka2881 Жыл бұрын
Ane oya...🤗mn oyage lipi kiyavala tiyanava.sathutui hambunu eka.. Oyage katahada hari lassanai😊😊
@Vima96
@Vima96 Жыл бұрын
මං දැකපු ආදරණීයම චරිතයක් අක්කී ඔයා...❤❤ඔයා හැමෝටම ආදරේ බෙදනවා ❤
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
ගොඩක් ස්තුතියී මැණිකේ 😘❤️
@denusaradenu4808
@denusaradenu4808 8 ай бұрын
හිතහන්කො ඉතින් ඔච්චර හොදට කෑම හදලා ගිල්ලවලා ලොකු කරලා වයසට ගියාම අම්මලා තාත්තාලාව ගනන් ගන්නෙවත් නැතිව හිටියම තියෙන ආතල් එක කොහොමද කියලා😂
@nethmi9289
@nethmi9289 8 ай бұрын
😂
@liyanaarachchigewasantha9402
@liyanaarachchigewasantha9402 8 ай бұрын
Eka kiyanna one deyak newei neda daruwo salakana eka balan uyanne ne ammala
@indikapradeep9031
@indikapradeep9031 6 ай бұрын
🤮
@karunaratneperera6284
@karunaratneperera6284 2 ай бұрын
කන්න නොදී හැදුවොත් වයසට ගියාම සලකනවද එතකොට😂
@sanjeewaniharshika6594
@sanjeewaniharshika6594 10 ай бұрын
Thank you akki .man japan kamata hari asai .mehe widiyata apita hadaganna puluwan kama vidiyo karanna plz ❤❤
@sakuni-qq1ju
@sakuni-qq1ju Жыл бұрын
ඔයාගෙ voice එකත් ලස්සනයි බෙන්තෝ එකත් ගොඩාක් ලස්සනයි..ආස හිතෙනවා..♥️♥️💐
@thiliniwickramasinghe5755
@thiliniwickramasinghe5755 Жыл бұрын
Ane harima lassanai akkiyoo a lunch box dakkama mona daruwatada noka inta hithenne.ane dannam mata mage putha preschool yawanakm hadissi ohoma lassanata kaama hadala yawanta 😍 thawa a wage videos ooni.Budusaranai
@ranjithsilva2992
@ranjithsilva2992 8 ай бұрын
Sirasa balala awa mama😂❤
@sanja2417
@sanja2417 Жыл бұрын
අයාන්ගෙ පුක හොදද්දි විඩියො එකක් දාන්න්ද්
@phan34347
@phan34347 Жыл бұрын
😂
@ruvinibadullewaduge9269
@ruvinibadullewaduge9269 Жыл бұрын
හරිම ලස්සනයි...😍💜️
@kalanimahesha5491
@kalanimahesha5491 Жыл бұрын
Cook with lovema thamai. Api egena gannawa akke oyagen kema walata wada kema walinuth adare pennanna❤️❤️
@kalanakt9764
@kalanakt9764 Жыл бұрын
mamath dan hamadama bentho kanne 🤗
@tharindudananjaya2383
@tharindudananjaya2383 9 ай бұрын
ඒක මරු අනේ ❤🎉
@Momojobo
@Momojobo 3 күн бұрын
Ado bentho පුතා 😂😂😂
@dineshruwan2479
@dineshruwan2479 Жыл бұрын
Ane katahada nm mara ලස්සනයි ...
@deepthikumara-yi5vo
@deepthikumara-yi5vo Жыл бұрын
Harima lassanaii katahada nangi
@udayanganinas1666
@udayanganinas1666 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කි හැමදේම😍😍.මට ඇත්තටම ඔයාව කවදහරි මුණ ගැහෙන්න තියනවනම් 😍😍
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
❤️😘😘😘
@malkanthiwickramasinghe1396
@malkanthiwickramasinghe1396 Жыл бұрын
Mamath Japan Waḻpa 20 years hitiya
@AnuraJayantha-py7gx
@AnuraJayantha-py7gx 5 ай бұрын
A dream life 💝❤️💖
@oshikasupunirajapakshe6136
@oshikasupunirajapakshe6136 Жыл бұрын
Bento kiyanne hoda concept ekak. Math ahala thiyanwa ehe ammala babalata Bento hadanna ona kiyala.ewa ugannana classes pawa thiyano kiyala man magazine ekaka dakka. Kawaaaaiiii bento Akki 🥰🥰🥰❤️
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
ඔයා ඉතින් මෙහේ ගැන නොදන්න දෙයක් තියේද. ලංකාවෙව් හිටියත් හදන් කන්නේ ජපන් කෑමනේ❤️😘😘😘
@oshikasupunirajapakshe6136
@oshikasupunirajapakshe6136 Жыл бұрын
@@homeyfoodies 🙈🙈🙈❤️🥰
@sanjeewaniharshika6594
@sanjeewaniharshika6594 10 ай бұрын
Oya lassanata vidiyo karanawa
@user-qi9py8bf7f
@user-qi9py8bf7f 23 күн бұрын
Me wage servant lady kenkta kochchra padiyk denna oneda maru gedra wedata
@gangawijayananda6780
@gangawijayananda6780 Жыл бұрын
❤❤❤❤👍👍👍👍👍තෙරුවන් සරණයි .
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
Your voice❤❤❤❤❤
@Nadeew
@Nadeew Жыл бұрын
අක්කිට කොච්චර ආදරෙයිද කියනවනම්.. insta,fb,youtbe තුනම follow කරලා ඒ ඔක්කොගෙන්ම videos බලන කෙනෙක් මම 😌
@lihinilemon9597
@lihinilemon9597 Жыл бұрын
Omggg I always hoped that you would make youtube videos akki❤️ I love your picture stories in instagram Thank you for spreading positivity And good luck to your KZbin journey ❤️
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
Much Love❤️
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
ශෝයි අක්කි
@user-el4sj8zr7o
@user-el4sj8zr7o Жыл бұрын
නියමයි
@sue14197
@sue14197 Жыл бұрын
Wooww ❤❤❤❤
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
😘❤️
@shanumiranathunga2935
@shanumiranathunga2935 Жыл бұрын
KZbin ekata videos danna akki...ane plzzzz
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
❤️😘
@user-mz8bh8qn4y
@user-mz8bh8qn4y 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kavee140
@kavee140 Жыл бұрын
Hrima lssni 🥺❤️
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
❤️😘
@navodaweerakoon7559
@navodaweerakoon7559 9 ай бұрын
❤❤
@nirmaleefernando7383
@nirmaleefernando7383 Жыл бұрын
Lassani
@heshigamage4124
@heshigamage4124 Жыл бұрын
❤️❤️🥰🥰
@wasanapiyumali6789
@wasanapiyumali6789 Жыл бұрын
😍😍
@srilankanvillagefood
@srilankanvillagefood 9 ай бұрын
@nishaniudeshika4182
@nishaniudeshika4182 Жыл бұрын
❤️❤️😘😘
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
❤️
@vimukthikd
@vimukthikd Жыл бұрын
❤❤❤❤❤❤
@chamikapost9910
@chamikapost9910 Жыл бұрын
❤😚
@amnarizwan7943
@amnarizwan7943 11 ай бұрын
😊
@thelivingworld5451
@thelivingworld5451 Жыл бұрын
❤❤❤
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
😘❤️
@lakmalbandara8022
@lakmalbandara8022 Жыл бұрын
❤️❤️❤️❤️
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
❤️
@dewmidewmi5003
@dewmidewmi5003 Жыл бұрын
🌻❤️
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
❤️
@nethmininisal7836
@nethmininisal7836 Жыл бұрын
Sounds madi akki
@nethmininisal7836
@nethmininisal7836 Жыл бұрын
Samaharak welawata witharai habai
@user-vd8lo4cu8j
@user-vd8lo4cu8j Жыл бұрын
ඔයාගේ බඩු මෙහෙමත් තියෙනවද
@amnarizwan7943
@amnarizwan7943 11 ай бұрын
😢ء
@thanujachathurangi8405
@thanujachathurangi8405 8 ай бұрын
😘😍😇😡🤢🤪😇
@amnarizwan7943
@amnarizwan7943 11 ай бұрын
😊😊😢قط ، » ذ ،
@wasanthasapumohotti1695
@wasanthasapumohotti1695 Жыл бұрын
🥦🍅🍑දරුවන්ගේ ජීවිත වලට ලස්සන මතක එකතු කරන බෙන්තෝ බොක්ස්.......Spreading positivity among our kids🍎: "Using lots of colors, flavors, textures, and shapes makes lunches more tempting"🍒🍌🫐🍍. ............................🥒🥥🥑Colorful components with homemade tasty items to make your little ones feeling their best all day long🍉🍇🍈🫐🍒. 🪷"Bento box": all-in-one Japanese lunch box containing a single portion of a balanced meal................🌿
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
Thank you 🙏🏻😇
@thikkamusic7491
@thikkamusic7491 Жыл бұрын
♥️♥️
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e Жыл бұрын
@nimalkasenarath1052
@nimalkasenarath1052 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nethmi2812
@nethmi2812 Жыл бұрын
❤️❤️
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
❤️
@shainichalika8659
@shainichalika8659 Жыл бұрын
❤️❤️
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
❤️
@kanchanajayasekara6916
@kanchanajayasekara6916 Жыл бұрын
❤❤
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
මැණිකේ ❤️😘
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 5 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 92 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 14 МЛН
මේ අව්රුද්දෙ පලවෙනි shein order එක 🙈💖
11:09
දවස් 5කටම එක සැරේම  උයා ගත්තා  ! Meal Prep Sinhala!
18:47
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 42 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 5 МЛН