උණ පඳුරක මල් පිපිලා Una Panduraka mal pipila

  Рет қаралды 26,242

Chiran Windsor

Chiran Windsor

Күн бұрын

උණ පඳුරක මල් පිපිලා - ඔබේ පෙමත් ඒ වාගෙයි
මලක් පිපී පෙති ‍හැලිලා - ඔබේ පෙමත් ඒ වාගෙයි
උණ පඳුරක මල් පිපිලා - ඔබේ පෙමත් ඒ වාගෙයි
ඇරඹුම අවසන කොතැනද - නොදැනයි මඳ නල දිව යන්නේ //
කොතැනක විසිරී යනවද - නොදැනයි මේකුළු පාවෙන්නේ //
උණ පඳුරක මල් පිපිලා - ඔබේ පෙමත් ඒ වාගෙයි
යා යුතු වෙනතක් නැතිව ද - රළ පෙළ වෙරළට දිව එන්නේ //
බැහැ කියන්න බැරි හින්දද - මා හා ඔබ හිනැහී යන්නේ //
උණ පඳුරක මල් පිපිලා...
පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව, සංගීතය සහ ගායනය : විජේසිරිවර්ධන පොලොන්නෝවිට
K. D. K. පිටුවේ කීප දෙනෙක් මේ ගීතය ගැන දක්වලා තිබුණු විවිධ අරුත් බැලුවම මට හිතුණේ ධර්මවර්ධන “උණ පඳුරක මල් පිපිලා” කියලා මේ ගීතයෙන් කියන්න හදපු අදහස එක පාරටම රසිකයාගේ ඔළුවට එන්නේ නැතුවවත්ද කියලා. විශේෂයෙන්ම උණ පඳුරක මල් පිපීම ප්‍රේමයට උපමා කිරීමෙන් මොන වගේ පෙමක් ගැන ද මේ කතා කරන්නේ කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. ඉතින් අපි ඉස්ඉස්සෙල්ලාම කළේ උණ පඳුරක මල් පිපෙන ක්‍රම ගැන අපේ අන්තර්ජාල දිව්‍යලෝක වාසී සියල්ල දත් කම්පීතර දිව්‍යපුත්‍රයාගෙන් විමසලා බැලීම. එයා කිව්වේ උණ ගස් වල මල් පිපෙන ආකාරය Continuous Flowering ( අඛණ්ඩව මල් පිපෙන), Sporadic Flowering (කඩින් කඩ මල් පිපෙන) සහ Gregarious Flowering (යූථපුෂ්පී හෙවත් සමූහයක් ලෙස එකවර මල් පිපෙන) කියලා වර්ග තුනකට බෙදිය හැකි බව. මින් එක් වර්ගයක් වන Gregarious Flowering සමූහපුෂ්පී වර්ගයට අයත් උණ පඳුරුවල ලොව පුරාම ඇති එකම වර්ගයේ උණ ගස් සියල්ලේම (ඒ ඒ වර්ගය අනුව අවුරුදු 20-120ත් අතර කාලයක දී) එක්වරට මල් හට ගෙන ඉන් අවුරුදු කීපයකට පස්සේ විනාශ වනවා කියලත් එයා කිව්වා. මෙහි කෘෂි විද්‍යාත්මක පැත්ත තේරුම් ගන්න හෝ මෙහි නිවැරදිව විස්තර කරන්න මම උත්සහ නො කළත් හුදු ජනප්‍රවාදයක් ලෙස උණ ගසේ මල් හට ගන්නේ එහි විනාශය ළඟා වීමට ආසන්න වූ විට කියන සංකල්පය තමයි මම මෙතැන දී ගීතය අරුත් ගන්වා ගන්න තෝරා ගත්තේ.
හැබැයි කේ. ඩී. කේ. ධර්මවර්ධන, පැරණි සිංහල සාහිත්‍යයේ එන වදන් මෙන්ම සංකල්පත් අතිදක්ෂ ලෙස ගීත රචනා තුළ යොදා ගත් ආකාරය මීට පෙර අපි දැකලා තියෙනවනේ. උදාහරණ විදියට කෝකිල සංදේශයේ එන “ඇම සඳැ වෙහෙස විඳැවිදි රන් ගිරි බෙයද” සහ “කනා ලියන් වැනි රැඳි රන් ගිරි බෙයද” වැනි යෙදුම් වලින් ආභාසය ලබා “ඇගෙ ළැම රන් ගිරි බෙයද මැදේ - මගෙ ජීවන රජ මැදුර තැනේ” වගේ රසවත් යෙදුම් අපට දායාද කළ, සැළලිහිණි සංදේශයේ එන "පතසන් අවර ගිරි නැටියෙන් වැටෙන කල - විලිකුන් සුරත් පල වැනි වේ රිවි මඬල” වැනි යෙදුම්වල ආලෝකයෙන් “දෙඅදර විලිකුන් සුරත් පලේ පෙම් මදිරා අයැදෙමින් සැලේ" වැනි ගීතවත් වාක්‍ය අපට ලියා දුන් කේ. ඩී. කේ. ට මේ උණ පඳුරක මල් පිපෙන කතාව ආවේ හුදු ජනවහරෙන් ද කියලා අපට ප්‍රශ්නයක් මතු වුනා. කේ. ඩී. කේ. ධර්මවර්ධනට මේ අදහස එන්න ඇත්තේ කොහොමද කියන එක ගැන හරි අදහසක් ආවේ ප්‍රත්‍ය ශතකයේ එන පහත ශ්ලෝකයෙන්.
වෙනුර්ණ්ණලී කර්කටකශ්ව රම්බා
විනාශකාලේ ඵලමුද්භවන්ති
ඒවං නරානං මතිවිප්‍රකාරං
විනාශකාලේන විපරීත බුද්ධිහ්
අර්ථය: උණ ගස් ද, බට ගස් ද, කකුළුවෝ ද, කෙසෙල් ද, යන මොවුන්ගේ විනාශ කාලයේ යම් සේ ඵල හට ගනී ද, එමෙන්ම යමකුගේ විනාශයෙහි විපරිත බුද්ධිය ඇති වන්නේ ය
මේ ගීතය පුරාවටම සංගීතය ගායනා විලාසය පද රචනය ආදී සෑම අංගයක් තුළින් ම හැඟෙන්නේ මේ පෙම්වතාට සිය පෙම්වතියගේ ප්‍රේමය පිළිබඳ ව මේ මොහොත වන විට ඇති වන හැඟීම් පෙන්වන සිතිවිලි පෙළක්. මෙම ගීයේ වදන් වලින් ඍජුව එකම තැනක දී හෝ නො කියවුනත් උණ පඳුරක මල් පිපීම සහ මලක් පිපිලා පෙති හැලීම කියන උපමා දෙකින් ව්‍යංගමාන වෙන දෙයින් තමයි මේ ගීතයේ මට හැඟෙන අරුතට පාදක වුනේ. පළමු උපමාව තමයි උණ පඳුර හොඳින් දලු ලා වැඩී එහි තරුණ විය ඉක්මවා එහි අවසානය වෙත ලඟා වන විට පිපෙන උණ මල. දෙවැන්න තමයි ගහක මල් පිපිලා, මලේ පරාගණය ආදී හොඳම අවස්ථාවන් පසු කර එහි පෙති හැලී පරවී යන අවසානය වෙත ළඟා වීමේ උපමාව.
මේ වදන් අනුව මට හිතෙන්නේ කේ. ඩී. කේ. අපට කියන්න හදන මේ ප්‍රේමයත් එහි සුන්දරතම අවස්ථාවන් පසු කර ගෙන ගොස් අවසානය කරා ළඟා වෙන පෙර නිමිති පෙන්නුම් කරනව එකක් බව. පෙම්වතියගේ ප්‍රේමය දැන් ටිකෙන් ටික ඇල්මැරී ගෙන යන බවක් පෙම්වතාට හැඟෙනවා. පෙම්වතා තුළ පෙම්වතිය කෙරෙහි ඇති පෙමෙහි එසේ අඩුවක් නැතත් ඔහු ඇයගේ මෙම වෙනස දෙස බලන්නේ උපේක්ෂා සහගත සිතකින්. මේ උපේක්ෂා සහගත සන්සුන් ප්‍රේමය වඩාත් තීව්‍රව හදවත්වලට දැනෙන්නේ විජේසිරිවර්ධන පොලොන්නෝවිටගේ උපේක්ෂා සහගත කට හඬකින් සහ සන්සුන් ලයමානයකින් කෙරෙන ගායනය නිසා. ඉතින් කේ. ඩී. කේ. සහ පොලොන්නෝවිට සුසංයෝගයෙන් මේ ගැයෙන්නේ එසේ වෙනස් වුවායැයි ඔහුට හැඟෙන ඇගේ ආදරයේ කව් නළුව. මේ ගීතයෙන් ඔහුගේ චිත්ත සන්තානයේ ඇයගේ ප්‍රේමයේ වත්මන් අවස්ථාව ගැන ඇති වන හැඟුම් කොටස් තුනකින් කැටි කරනවා කියලයි මට හිතෙන්නේ.
“උණ පඳුරක මල් පිපිලා - ඔබේ පෙමත් ඒ වාගෙයි
මලක් පිපී පෙති ‍හ‍ැලිලා - ඔබේ පෙමත් ඒ වාගෙයි”
මේ වෙන කොට පවතිනා ඇගේ ප්‍රේමය, මලක් පිපී, පරාගණය වී මුදුන් මල් කඩට පැමිණි පසු එහි පෙති සැලී වියැකී යන්නාක් මෙන්, සාරවත් තුරුණු විය පසු කර උණ පඳුරක මලක් පිපී එහි විනාශයේ පෙර නිමිති පෙන්නුම් කරන්නාක් මෙන්, ඇයට දැන් එපාවී ඇති අවසානය කරා ලඟා වන පෙර නිමිති පෙන්නුම් කෙරෙනා ප්‍රේමයක්. ඇයගේ ප්‍රේමයත් තවමත් මලක් තමයි, තවමත් සුන්දරයි තමයි. ඒත් අවසානයේ මග සලකුණු පෙන්වන උණ මලක්.
“ඇරඹුම අවසන කොතැනද - නොදැනයි මඳ නල දිව යන්නේ
කොතැනක විසිරී යනවද - නොදැනයි මේකුළු පාවෙන්නේ”
අද පවත්නා ඇගේ ප්‍රේමය ඉලක්කයක් නැති, අරමුණක් නැති, ආදරේ කරන්නේ ඇයි ද කියලා නො දන්නා, ඔහේ ගලා ගෙන යන වර්ගයේ ආදරයක්. වෙන විකල්පයක් නැති නිසා කරන ප්‍රේමයක්. ඒ පෙමත් හරියට ස්වභාවධර්මයේ බලවේගයන් මත කොහේ යනවා දැයි නො දැන සුර මග ඔස්සේ ඔහේ හමා යන සුෂිරය වගේ. රැඳෙන්නේ කොතැනක ද කියා නො දැන අයාලේ යන පයෝධර පෙළක් වගේ.
“යා යුතු වෙනතක් නැතිව ද - රළ පෙළ වෙරළට දිව එන්නේ
බැහැ කියන්න බැරි හින්දද - මා හා ඔබ හිනැහී යන්නේ”
Exceeded word Limit

Пікірлер: 95
@kanthinirmala6368
@kanthinirmala6368 2 ай бұрын
ඒ හ⁣ඬේ ඇති දුක්බර ගතිය..😢කොහේදෝ ඈතකට අරගෙන යනවා...❤
@hemanthaWanasooriya-dl9fb
@hemanthaWanasooriya-dl9fb 3 күн бұрын
අර්ථවත් ගිතයක් මෙිවා ඇහෙනවා අඩුයි .
@ChandraniDewanarayanaDew-fv5mc
@ChandraniDewanarayanaDew-fv5mc 3 ай бұрын
අම්මෝ..........හිතට දැනෙන සතුට......❤❤❤❤❤
@anushadesilva1055
@anushadesilva1055 2 ай бұрын
හිත නිවෙනවා..අතීතයේ සුන්දර ගායනයක් ...හුගාක් ස්තුති 🎉🎉🎉🎉
@hemasriyakudahetti7147
@hemasriyakudahetti7147 4 ай бұрын
අයියෝ කාලයක් හොයපු සිංදුවක් .බොහෝම ස්තුතියි
@AffectionateAlpineVillag-ec4lm
@AffectionateAlpineVillag-ec4lm 2 ай бұрын
මමත්,,,,, ඒත් ගුවන් විදුලි යන්ත්‍ර යේඅහණවට වඩාගත් වේගවත් නේද
@sarathekanayake240
@sarathekanayake240 3 ай бұрын
ඈතට ඈතට ගිය මතක.... ගොඩක් පිං මේ වගේ ලස්සන සැඟවුණු ගීතයක් ගෙනත් දුන්නට.
@ashokanawarathna8336
@ashokanawarathna8336 Ай бұрын
මැවෙනව ලස්සන දවස් .හැම කාලයකටම ඔබින ගීත . ස්තුතියි .අහන්න සැලසුවාට.❤️
@PrasannaGambalage
@PrasannaGambalage 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤කියන්න වචන නැත ,ඒ තරම් මිතිරියි
@mallawamrr5396
@mallawamrr5396 5 ай бұрын
තරුණ කාලේ ආසම ගීතයක්.
@kanthinirmala6368
@kanthinirmala6368 2 ай бұрын
මගේ හිත වේදනාවෙන් පිරිල තිබුන කාලයක් තිබුනා.හිත හදා ගන්න බැරි...😢රැය පුරාවට රිවයින් කර කර ඇහුවේ මේ ගීතය.එතකොට මගේ හිතට යම් අස්වැසිල්ලක් ලැබුනා.ඒ නිසාම මෙතුමාට පින් සිද්ධ වෙන්න ඕනි🙏🙏🙏
@champaperera8487
@champaperera8487 3 жыл бұрын
හරිම ලස්සන ඉතාමත් රසවත් ගීතයක් .පාසල් කාලයේ මේ ගීත අපි හරියට රස වින්දා .මොනතරම් සංවරව ගායනා කරනවාද ?මෙම ගීතයට දායකත්වය දුන් සියලු දෙනටම මගේ ස්තුතිය . .
@naleenhiraantha998
@naleenhiraantha998 2 жыл бұрын
Truly I'm one of that
@AffectionateAlpineVillag-ec4lm
@AffectionateAlpineVillag-ec4lm 2 ай бұрын
ගීතය හිතේ චිත්‍ර යක් අඳිනවා
@ursulakahandawala2920
@ursulakahandawala2920 2 жыл бұрын
සියදහස්වතාවක් ඇසුවත් එපා වෙන්නෙ නැති මේ සුමිහිරි ගීයට සුමියුරු හඬ මුසු කල සදාදරණීය විජේසිරිවර්ධන පොළොන්ඕවිට... ගායකයාණෙනි... ..ං ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා.ං ආයු රඛ්ඛන්තු ආවඩා...🙏 ගායනා කර ඇත්තේ ඉතා සුළු ගීත ප්‍රමාණයක් වුවද ..ං එම ගීත හදවත ගැඹුරින් ස්පර්ෂ කරන ආදරණීයම ගීත බව නොකියා සිටින්නට නොහැකියංංංං "විශාඛාව ඔබ මා දුටු බුදු සිරිතේ..." එතුමන්ගේ තවත් ලස්සනම ගීතයකි...
@maddumabandarasrinarayana2036
@maddumabandarasrinarayana2036 4 жыл бұрын
අම්මේ ....මේ ගීත හැමදැම හොයලා දෙන්න....අපිව ජීවත් කරවන ගීත..
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 3 жыл бұрын
දශක කිහිපයක් පසු පසට ගොස් ගුවන් විදුලියෙන් ඇසූ ලස්සන සින්දුවකට සවන් දුන්නා. අනර්ඝයි. ස්තූතියි, ප්‍රචාරය කළාට.
@ChiranWindsor
@ChiranWindsor 2 жыл бұрын
K. D. K. පිටුවේ කීප දෙනෙක් මේ ගීතය ගැන දක්වලා තිබුණු විවිධ අරුත් බැලුවම මට හිතුණේ ධර්මවර්ධන “උණ පඳුරක මල් පිපිලා” කියලා මේ ගීතයෙන් කියන්න හදපු අදහස එක පාරටම රසිකයාගේ ඔළුවට එන්නේ නැතුවවත්ද කියලා. විශේෂයෙන්ම උණ පඳුරක මල් පිපීම ප්‍රේමයට උපමා කිරීමෙන් මොන වගේ පෙමක් ගැන ද මේ කතා කරන්නේ කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. ඉතින් අපි ඉස්ඉස්සෙල්ලාම කළේ උණ පඳුරක මල් පිපෙන ක්‍රම ගැන අපේ අන්තර්ජාල දිව්‍යලෝක වාසී සියල්ල දත් කම්පීතර දිව්‍යපුත්‍රයාගෙන් විමසලා බැලීම. එයා කිව්වේ උණ ගස් වල මල් පිපෙන ආකාරය Continuous Flowering ( අඛණ්ඩව මල් පිපෙන), Sporadic Flowering (කඩින් කඩ මල් පිපෙන) සහ Gregarious Flowering (යූථපුෂ්පී හෙවත් සමූහයක් ලෙස එකවර මල් පිපෙන) කියලා වර්ග තුනකට බෙදිය හැකි බව. මින් එක් වර්ගයක් වන Gregarious Flowering සමූහපුෂ්පී වර්ගයට අයත් උණ පඳුරුවල ලොව පුරාම ඇති එකම වර්ගයේ උණ ගස් සියල්ලේම (ඒ ඒ වර්ගය අනුව අවුරුදු 20-120ත් අතර කාලයක දී) එක්වරට මල් හට ගෙන ඉන් අවුරුදු කීපයකට පස්සේ විනාශ වනවා කියලත් එයා කිව්වා. මෙහි කෘෂි විද්‍යාත්මක පැත්ත තේරුම් ගන්න හෝ මෙහි නිවැරදිව විස්තර කරන්න මම උත්සහ නො කළත් හුදු ජනප්‍රවාදයක් ලෙස උණ ගසේ මල් හට ගන්නේ එහි විනාශය ළඟා වීමට ආසන්න වූ විට කියන සංකල්පය තමයි මම මෙතැන දී ගීතය අරුත් ගන්වා ගන්න තෝරා ගත්තේ. හැබැයි කේ. ඩී. කේ. ධර්මවර්ධන, පැරණි සිංහල සාහිත්‍යයේ එන වදන් මෙන්ම සංකල්පත් අතිදක්ෂ ලෙස ගීත රචනා තුළ යොදා ගත් ආකාරය මීට පෙර අපි දැකලා තියෙනවනේ. උදාහරණ විදියට කෝකිල සංදේශයේ එන “ඇම සඳැ වෙහෙස විඳැවිදි රන් ගිරි බෙයද” සහ “කනා ලියන් වැනි රැඳි රන් ගිරි බෙයද” වැනි යෙදුම් වලින් ආභාසය ලබා “ඇගෙ ළැම රන් ගිරි බෙයද මැදේ - මගෙ ජීවන රජ මැදුර තැනේ” වගේ රසවත් යෙදුම් අපට දායාද කළ, සැළලිහිණි සංදේශයේ එන "පතසන් අවර ගිරි නැටියෙන් වැටෙන කල - විලිකුන් සුරත් පල වැනි වේ රිවි මඬල” වැනි යෙදුම්වල ආලෝකයෙන් “දෙඅදර විලිකුන් සුරත් පලේ පෙම් මදිරා අයැදෙමින් සැලේ" වැනි ගීතවත් වාක්‍ය අපට ලියා දුන් කේ. ඩී. කේ. ට මේ උණ පඳුරක මල් පිපෙන කතාව ආවේ හුදු ජනවහරෙන් ද කියලා අපට ප්‍රශ්නයක් මතු වුනා. කේ. ඩී. කේ. ධර්මවර්ධනට මේ අදහස එන්න ඇත්තේ කොහොමද කියන එක ගැන හරි අදහසක් ආවේ ප්‍රත්‍ය ශතකයේ එන පහත ශ්ලෝකයෙන්. වෙනුර්ණ්ණලී කර්කටකශ්ව රම්බා විනාශකාලේ ඵලමුද්භවන්ති ඒවං නරානං මතිවිප්‍රකාරං විනාශකාලේන විපරීත බුද්ධිහ් අර්ථය: උණ ගස් ද, බට ගස් ද, කකුළුවෝ ද, කෙසෙල් ද, යන මොවුන්ගේ විනාශ කාලයේ යම් සේ ඵල හට ගනී ද, එමෙන්ම යමකුගේ විනාශයෙහි විපරිත බුද්ධිය ඇති වන්නේ ය මේ ගීතය පුරාවටම සංගීතය ගායනා විලාසය පද රචනය ආදී සෑම අංගයක් තුළින් ම හැඟෙන්නේ මේ පෙම්වතාට සිය පෙම්වතියගේ ප්‍රේමය පිළිබඳ ව මේ මොහොත වන විට ඇති වන හැඟීම් පෙන්වන සිතිවිලි පෙළක්. මෙම ගීයේ වදන් වලින් ඍජුව එකම තැනක දී හෝ නො කියවුනත් උණ පඳුරක මල් පිපීම සහ මලක් පිපිලා පෙති හැලීම කියන උපමා දෙකින් ව්‍යංගමාන වෙන දෙයින් තමයි මේ ගීතයේ මට හැඟෙන අරුතට පාදක වුනේ. පළමු උපමාව තමයි උණ පඳුර හොඳින් දලු ලා වැඩී එහි තරුණ විය ඉක්මවා එහි අවසානය වෙත ලඟා වන විට පිපෙන උණ මල. දෙවැන්න තමයි ගහක මල් පිපිලා, මලේ පරාගණය ආදී හොඳම අවස්ථාවන් පසු කර එහි පෙති හැලී පරවී යන අවසානය වෙත ළඟා වීමේ උපමාව. මේ වදන් අනුව මට හිතෙන්නේ කේ. ඩී. කේ. අපට කියන්න හදන මේ ප්‍රේමයත් එහි සුන්දරතම අවස්ථාවන් පසු කර ගෙන ගොස් අවසානය කරා ළඟා වෙන පෙර නිමිති පෙන්නුම් කරනව එකක් බව. පෙම්වතියගේ ප්‍රේමය දැන් ටිකෙන් ටික ඇල්මැරී ගෙන යන බවක් පෙම්වතාට හැඟෙනවා. පෙම්වතා තුළ පෙම්වතිය කෙරෙහි ඇති පෙමෙහි එසේ අඩුවක් නැතත් ඔහු ඇයගේ මෙම වෙනස දෙස බලන්නේ උපේක්ෂා සහගත සිතකින්. මේ උපේක්ෂා සහගත සන්සුන් ප්‍රේමය වඩාත් තීව්‍රව හදවත්වලට දැනෙන්නේ විජේසිරිවර්ධන පොලොන්නෝවිටගේ උපේක්ෂා සහගත කට හඬකින් සහ සන්සුන් ලයමානයකින් කෙරෙන ගායනය නිසා. ඉතින් කේ. ඩී. කේ. සහ පොලොන්නෝවිට සුසංයෝගයෙන් මේ ගැයෙන්නේ එසේ වෙනස් වුවායැයි ඔහුට හැඟෙන ඇගේ ආදරයේ කව් නළුව. මේ ගීතයෙන් ඔහුගේ චිත්ත සන්තානයේ ඇයගේ ප්‍රේමයේ වත්මන් අවස්ථාව ගැන ඇති වන හැඟුම් කොටස් තුනකින් කැටි කරනවා කියලයි මට හිතෙන්නේ.
@gayansuranga7723
@gayansuranga7723 Жыл бұрын
විශිෂ්ටයි...
@user-sl7k
@user-sl7k 11 ай бұрын
_ඇත්තෙන්ම හොඳ විචාරයක්. මේක කියවලා ගීතය ඇහැව්වොත් ගීය තවත් රසට තේරේවි._
@gunarathnagm5546
@gunarathnagm5546 5 ай бұрын
ඉතාමත්ම ගැඹුරු විග්‍රහයක් .
@buddhikagamage2526
@buddhikagamage2526 2 ай бұрын
අපූරු විවරණයක්
@upulmnds
@upulmnds 4 ай бұрын
Old is gold
@nalakanimalarathna2617
@nalakanimalarathna2617 Жыл бұрын
කේ.ඩී.කේ.මහතාගේ.ගීත.රචනා .පුදුම ලස්සනයි .පොලොනෝවිට.මහතාගේ.ගැයුමත්.හරිම.මිහිරියි.මේ .වාගේ.ගීත .ලබාදෙනවාට.ස්තූතියි
@nilminisenanayake3164
@nilminisenanayake3164 Ай бұрын
මෙතුමා ගායනා කළ උදේ හමුවේ සිනා සිසී..... ඔබද මා දුටු සරස්වතී.... ගීතය සොයා මෙහි ප්‍රචාරය කරන්න .
@lalithsudasinghe9729
@lalithsudasinghe9729 13 күн бұрын
ඉස්සර අහපු සින්දු
@himashigonagala4821
@himashigonagala4821 Жыл бұрын
මෙි ගීත අහනකොට වෙනම ලෝකයකට ගියා වගේ. දෙවිවරැ වගේ .ලස්සන කටහඩක්
@prinil1
@prinil1 22 сағат бұрын
K D K I missed you when you were at Elvitigala Flats.... my bad luck
@nadeeshaprasangika746
@nadeeshaprasangika746 7 ай бұрын
අම්මෝ මේ සින්දුව .අවුරුදු ගාන ක් තිස්සේ අහනවා අහනවා හිතෙන හිතෙන වෙලාවට 2024 03.15
@priyadarshanikumudini9381
@priyadarshanikumudini9381 Жыл бұрын
මගේ යොයුුුන් කාලයේ ත් අදත් මමආදරය කරන ගිිතයක්
@priyadarshanikumudini9381
@priyadarshanikumudini9381 Жыл бұрын
ගූචන්විදුලින් අපි අහපු ආදරනිිය ගිිත අපිව අතිිතයට රැගෙන යනවා
@damasuriya8338
@damasuriya8338 Жыл бұрын
මම පොඩි කාලෙ මගෙ තාත්තා නිතරම ගායන කල ගිත ❤️❤️
@sithumsithum6653
@sithumsithum6653 Жыл бұрын
අපි ජිවත් කරන ගිත හරිම ලස්සනයි
@anomamidarshani5269
@anomamidarshani5269 5 ай бұрын
WIJESIRIWARDANA GAAYAKAYANANI ! HADISSI ANATHURAKIN ROOGAATHURAWA EKTHENWEE SITINAA OBATA IKMAN SUWA JEEWAYA PATHAMI. !!!!!
@anomamidarshani5269
@anomamidarshani5269 5 ай бұрын
GEEWITHE SIYALU PRASHNA MOHOTHAKATA NOWA SATHIYAKATA AMATHAKA WEE NIRWAANA GATHAWANA EKAMA GEEYAI MEYA !!!!!!!!!!
@mangalikaaluthgamage907
@mangalikaaluthgamage907 3 жыл бұрын
ඉස්සර ලස්සන ගීතයක් 😊
@anomamidarshani5269
@anomamidarshani5269 5 ай бұрын
MULU SHAREERAYAMA KILIPOLAA YANAWAA.
@AffectionateAlpineVillag-ec4lm
@AffectionateAlpineVillag-ec4lm 2 ай бұрын
උනපදුරක් පේනවා ඒකපාමුල සුදු ක්‍රීමි පාටට හුරුපුන්ච්මල්පේනවා තැබිලිපාට දවල් පාලු අදහසකුත් ඈතින් පුන්චි වලාකුලුත් පේනවා චාමි දිග කොන්ඩය තියෙන තරුනියක් සුදුපාට දත්පෙන්නලා ලස්සනට හිනාවෙලා යනවා
@MangalikaAmarasinghe-bc6uk
@MangalikaAmarasinghe-bc6uk 7 ай бұрын
❤❤❤❤❤ගොඩාක් ස්තූතියි
@karuperera3398
@karuperera3398 3 жыл бұрын
Very nice song. It took me 30 years back.
@sumithkariyawasam1998
@sumithkariyawasam1998 4 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@patdee4576
@patdee4576 3 жыл бұрын
ඔබේ පෙමත් ඒ වාගේ....
@naleenhiraantha998
@naleenhiraantha998 3 жыл бұрын
Most awaited song in my life.Truly love this
@ChiranWindsor
@ChiranWindsor 3 жыл бұрын
Yes - The meaning is deep too
@naleenhiraantha998
@naleenhiraantha998 3 жыл бұрын
Bee kiyanna beri hindada...maa haa oba hine hee yanne....what an emotional so innocent thought that was
@anomamidarshani5269
@anomamidarshani5269 5 ай бұрын
MAGE HADAWATHA. AATHMAYA MOHOTHAKATA GOLUWEE NIHADA WUUWA.
@charithaw4232
@charithaw4232 3 жыл бұрын
Thanks for uploading
@UdeshanthaKumara-ij3fg
@UdeshanthaKumara-ij3fg Жыл бұрын
Math eawagei
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 жыл бұрын
Mama itha ashakala gatakayek Me geethawalata dawandenna awasthawa labadunnata godak pin Ethumata kathakarana asaipuluwannam numbereka hoyadenna
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 3 жыл бұрын
A memorable song.
@anomamidarshani5269
@anomamidarshani5269 5 ай бұрын
KOCHCHARA EHUWATH MADI MADI MADIMAI ............ PUDUMAI. ?????
@MilrujPereira
@MilrujPereira 8 ай бұрын
Listen and go to Heaven 💜
@chinthapatti1
@chinthapatti1 2 жыл бұрын
Thanks everyday bandula,patti
@lalafenando869
@lalafenando869 3 жыл бұрын
Lyrics K.D.K Dharmawardena. Thanks for upload original song.
@damasuriya8338
@damasuriya8338 Жыл бұрын
Thank you 🙏 I’m
@shenumiracle674
@shenumiracle674 3 жыл бұрын
Nice song. I have been longing to see his picture. Very decent songs and singers have prevailed in 1970s. Sad we never get a chance to hear their songs. Thank you for uploading this vedio. At the same time there implement a social platform to hear these songs often and often while forcing authorities concerned to organize proper permanent income source for them as they must be spending their last or mid quarter of their lives.
@anomamidarshani5269
@anomamidarshani5269 Жыл бұрын
Geeya puraawata genayana violinaye imihiri sundara awihinsakabawa sexephoneye chmathkara durlabha handa e madiwata pianoowe western gathiya musuwu handa sitaraya haa musuwu sailaphone nadaya geeye watinakama deguna theguna karanawa,mehew sangeethayak ada bihi nowanne manda?
@nilminimanimendra1175
@nilminimanimendra1175 9 ай бұрын
Thanks demmata
@dammirodrigo1176
@dammirodrigo1176 3 жыл бұрын
Obata deergayusha labewa lassanai me geethaya budu saranai.!!
@questpromo6078
@questpromo6078 3 жыл бұрын
Lovely song
@nimalkamadushani354
@nimalkamadushani354 3 жыл бұрын
මොනතරම් පැහැදිලි කටහඩක්ද
@pmwijeratne1896
@pmwijeratne1896 3 жыл бұрын
Wonderful singer .I cherish his melodious songs since childhood. Other two iconic singers who dropped prematurely from fame are the late Tuder jayashantha and Lolitha rajapakse .
@dammikarunaratne9480
@dammikarunaratne9480 2 жыл бұрын
Nitarama rasawidina geetayak.lassanai.
@chinthakaberugoda9608
@chinthakaberugoda9608 3 жыл бұрын
Thank you . Beautiful . 💐💐💐
@maalaherath8954
@maalaherath8954 27 күн бұрын
Atheethaya mathakwenwa.
@ranjithwijyarathna8493
@ranjithwijyarathna8493 3 жыл бұрын
Be kiyanna barihindada.......
@thushanthadabare230
@thushanthadabare230 24 күн бұрын
🙏👍👍👍🌹
@anomamidarshani5269
@anomamidarshani5269 5 ай бұрын
APPE. LAPATI UGURU DANDAWATH NOKEDUNU KATAHANDA. ADA WAYASATA GOS OTHPALAWA. ????
@anomamidarshani5269
@anomamidarshani5269 5 ай бұрын
DEIYANE !!!! ME KATORA NOMETHI ME SARALA SANGEETHAYA AASRITHA MEWAN GEE BIHIWANNE AAYE LOOKA WINAASHEN PASU BIHIWANA PASUKAALEENA YUGAYAKADA ???????
@naleenhiraantha998
@naleenhiraantha998 2 жыл бұрын
What a fantastic song is this. I don't know the exact reason. But I love this song. Wholeheartedly I love. But I'm speechless once singer sings "bee kiyannaberi hindada maaha oba hinehee yanne"....So emotional that peace. Thanks a lot brother for uploading this song.Love you all
@ChiranWindsor
@ChiranWindsor 2 жыл бұрын
I wrote an explanation to the lyrics sometime back including the part "උණ පඳුරක මල් පිපිලා"
@naleenhiraantha998
@naleenhiraantha998 2 жыл бұрын
Th ankz Brother....I will go through what you wrote below.Thankz a lot once again
@ChiranWindsor
@ChiranWindsor 2 жыл бұрын
@@naleenhiraantha998 Tried to add to the description below the song but it was too long and added as two comments
@sunilBalasooriya-i8i
@sunilBalasooriya-i8i 20 күн бұрын
Ohuta den suwawelada ikman suwaya patami dan ohu koheda
@georgeheila1692
@georgeheila1692 4 жыл бұрын
harima lassanai sthuthi.budu saranai.!!
@mahindaabeysinghe5283
@mahindaabeysinghe5283 4 жыл бұрын
Very good
@ChiranWindsor
@ChiranWindsor 2 жыл бұрын
Continued - “උණ පඳුරක මල් පිපිලා - ඔබේ පෙමත් ඒ වාගෙයි මලක් පිපී පෙති ‍හ‍ැලිලා - ඔබේ පෙමත් ඒ වාගෙයි” මේ වෙන කොට පවතිනා ඇගේ ප්‍රේමය, මලක් පිපී, පරාගණය වී මුදුන් මල් කඩට පැමිණි පසු එහි පෙති සැලී වියැකී යන්නාක් මෙන්, සාරවත් තුරුණු විය පසු කර උණ පඳුරක මලක් පිපී එහි විනාශයේ පෙර නිමිති පෙන්නුම් කරන්නාක් මෙන්, ඇයට දැන් එපාවී ඇති අවසානය කරා ලඟා වන පෙර නිමිති පෙන්නුම් කෙරෙනා ප්‍රේමයක්. ඇයගේ ප්‍රේමයත් තවමත් මලක් තමයි, තවමත් සුන්දරයි තමයි. ඒත් අවසානයේ මග සලකුණු පෙන්වන උණ මලක්. “ඇරඹුම අවසන කොතැනද - නොදැනයි මඳ නල දිව යන්නේ කොතැනක විසිරී යනවද - නොදැනයි මේකුළු පාවෙන්නේ” අද පවත්නා ඇගේ ප්‍රේමය ඉලක්කයක් නැති, අරමුණක් නැති, ආදරේ කරන්නේ ඇයි ද කියලා නො දන්නා, ඔහේ ගලා ගෙන යන වර්ගයේ ආදරයක්. වෙන විකල්පයක් නැති නිසා කරන ප්‍රේමයක්. ඒ පෙමත් හරියට ස්වභාවධර්මයේ බලවේගයන් මත කොහේ යනවා දැයි නො දැන සුර මග ඔස්සේ ඔහේ හමා යන සුෂිරය වගේ. රැඳෙන්නේ කොතැනක ද කියා නො දැන අයාලේ යන පයෝධර පෙළක් වගේ. “යා යුතු වෙනතක් නැතිව ද - රළ පෙළ වෙරළට දිව එන්නේ බැහැ කියන්න බැරි හින්දද - මා හා ඔබ හිනැහී යන්නේ” අද වෙන කොට ඇගේ ප්‍රේමය නවත්තන්න ක්‍රමයක් තිබුණා නම් නවත්තන වර්ගයේ ආදරයක්. හරියට නලබලයෙන් සසල වූ දළ රළ යා හැකි එකම තැන වෙරළත නිසා වෙරළ වෙත දිව එන්නාක් වගේ, ඇයත් ඔහු වෙත එන්නේ වෙන යා හැකි තැනක් නැති නිසා කියලයි ඔහුට හිතෙන්නේ. වෙන යා හැකි තැනක් ලැබුණොත් ඇය තව දුරටත් ඔහු වෙත එයි ද? ඔහුට ආදරය කරයි ද? ඇය ඔහු දෙස බලා සිනහ වෙන්නේ එහෙම නොකර බැරි නිසා මිස හදවතින් ම නගින අවංක පෙම් හර්ෂයක් නිසා නොවේ ද? ඇයට ඔහුගෙන් මිදිලා යන්න බැරි නිසා ද, ඔහුට බැහැ කියන උත්තරේ කියන්න බැරි නිසා ද ඔහුත් එක්ක ඇය හිනැහිලා යන්නේ, ඔහුට ප්‍රේම කරන්නේ. ඇයගේ ආදරයේ මේ වෙනස් කම හෙවත් ඇගේ ප්‍රේමයේ වත්මන් ස්වභාවය ගැන, අපේ පෙම්වතාට හැඟෙන දැනෙන භාව ප්‍රකාශනය, බොහොම උපේක්ෂා සහගත සිතින් ඉවසීමෙන් යුතුව ගීතවත් බසකින් කීමයි කේ. ඩී. කේ. සහ පොලොන්නොවිට කරන්නේ. ඒ වගේම මේ ආදරයේ ස්වභාවය පෙන්වීමට කේ. ඩී. කේ. තනිකරම යොදා ගන්නේ ස්වභාවධර්මයේ අපූර්වතම නිර්මාණ කිහිපයක්ම විතරයි. උණ පඳුරේ මල්, මලක පිපීම සහ පරවීම, අයාලේ පාවෙන මේඝ වලා, වෙරළට හාදු දෙන රැළි, දස අත දිවෙන නල රැළි ආදී ස්වභාවධර්මයේ අපූර්වතම සුසංයෝගයක් මේ ගීතය තුළ තියෙනවා කියලයි මට හිතෙන්නේ.
@pmwijeratne1896
@pmwijeratne1896 2 жыл бұрын
UNA pnduruvala kisi dineka mal pipenne naha. Me padayen kiyavenne ohu adaraya karana gahanu lamayage adarayath kisi dinaka itu novena deyak kiyana eka neda ?
@ChiranWindsor
@ChiranWindsor 2 жыл бұрын
@@pmwijeratne1896 නැහැ. උඩ description එක යටතේ මම දිග විස්තරයක් දාලා ඇති. උණ පඳුරක මල් පිපුනහම ඒ ගහ වින්ස්ෂ වෙනවා. මේ ප්‍රේමයේ අවසානයේ ලක්ෂණ පෙන්නුම් කෙරෙනවා.
@pmwijeratne1896
@pmwijeratne1896 2 жыл бұрын
@@ChiranWindsor 👍
@priyanthakumara3282
@priyanthakumara3282 4 жыл бұрын
Very good and very nice bro
@nimalisinghapura9246
@nimalisinghapura9246 3 жыл бұрын
Mage jewithe asama sinduwa
@intuition5807
@intuition5807 2 жыл бұрын
Paw lassane kate hade ade asaranawela hospital eke..nawathinne madamak hoya denne kiyanawa..apramane dukai ape kala karuwo gane puluwannsm udawwak karamu hamome..
@anomamidarshani5269
@anomamidarshani5269 5 ай бұрын
ISSARA 70 DASHAKAYE DAWAL 11. 12. WENAKOTA RAAJYA GUWAN VIDULIYEN DINAPATHAA WAAGE PRACHAARAYA WUU GEEYAK.MEWAA AHALAI API DIWAA SUURYA THAAPAYA NIWAAGATHTHE BOLAW
@FosterRogan
@FosterRogan 7 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dammirodrigo1176
@dammirodrigo1176 3 жыл бұрын
🙏🙏
@anomamidarshani5269
@anomamidarshani5269 5 ай бұрын
64 UPAN MATA MEEPENI UNAATA ME GEEYATA GARAHANA 2024 ADA THAARUNYA KETHARAM AWAASANAAWANTHADA ????? ..
@sudathsalwathura9131
@sudathsalwathura9131 2 жыл бұрын
I’m going to
@chinthapatti1
@chinthapatti1 2 жыл бұрын
Innocent
@දිනිත්හඩුවල
@දිනිත්හඩුවල 2 жыл бұрын
හරිම කැතයි😂
@chandrasenavirathna865
@chandrasenavirathna865 Жыл бұрын
Ane mama nidahase eann hema welawema ahanawa
@chandrasenavirathna865
@chandrasenavirathna865 Жыл бұрын
Modainta kohomat hoda de ketaine
@chandrasenavirathna865
@chandrasenavirathna865 Жыл бұрын
Harima lassni
Visakava Obe  by Wijesiriwardena Polonnovite
3:25
Torana Video Movies
Рет қаралды 16 М.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 22 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 30 МЛН
HADAWATHA OBE HADUNANNEMI
3:45
HASENDRA KURUPPUARACHCHI
Рет қаралды 15 М.
Mata Mathakai Oba
4:34
Daya De Alwis - Topic
Рет қаралды 20 М.
Bonda meedum kaduralle -Sujatha Attanayake /Abeywardana Balasooriya
5:22
Dr. Ajantha Ranasinghe Official
Рет қаралды 132 М.
Hadawatha Obe ....හදවත ඔබේ......
3:06
Gamini Rodrigo
Рет қаралды 10 М.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 22 МЛН