Dehenakanda Mukkuwaththa Sripada Trail | දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගයෙන් | Pilgrimage to Sripada

  Рет қаралды 1,718

Rasthiyadu Charikawa

Rasthiyadu Charikawa

Күн бұрын

සිරිපා කරුණා කරන්න ප්‍රසිද්ධ මාර්ග 3ක් තියෙනවා.
01 හැටන් නල්ලතන්නි මාර්ගය
02 රත්නපුර පලාබද්දල රජ මාවත
03 කුරුවිට එරත්න මාර්ගය
මේ පාරවල් 3නෙන් හැටන් හා රත්නපුර කියන මාර්ග දෙකම මුල ඉදන්ම කොන්ක්‍රීට් කරලා පඩි හදලා දියුණු කරලා තියෙන මාර්ග. වෙලදසැල්, අම්බලම්, වැසිකිලි වගේ පහසුකම් මේ පාරවල් වල හොදින් තියෙනවා..
කුරුවිට පාර හැටන් හා රත්නපුර පාරවල්ල් වලට සාපේක්ෂව පහසුකම් අඩු උනත් සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවා . පාර පඩි නෑ ඒත්.
මීට අමතරම අප්‍රසිද්ධ/වනගත මාර්ග කිහිපයක් තියෙනවා සිරිපා කරුණා කරන්න පුළුවන.
01 රජමලේ සදගලතැන්න මාර්ගය
02 දැරණියගල උඩ මාලිබොඩ මාර්ගය
03 දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගය
අපි මේ සැරේ අපේ රස්තියාදු චාරිකාවට යොදා ගත්තේ මේ දෙහෙනකන්ද මුක්කුවත්ත කියන අති දුෂ්කර වගේම දුරින් වැඩිම මාර්ගය. මේ පාරේ කිසිම පහසුකමක් හම්බෙන්නෑ.
ඒ වගේම අතරමග නවතිනවනම් අනිවාර්යයෙන් කුඩාරම් ගැසීමට සිදුවෙනවා. කුඩාරම් බදින්න සුදුසු තැනුත් තියෙන්නෙ දෙකයි .
මේ මාර්ගයේ වාරයේත් සිරිපා කරුණා කරන්න තෝරගන්නෙ ඉතාම කුඩා පිරිසක්. මොකද පාර දුෂ්කර වීමත්, දුරිත් වැඩි වීමත් ශීඝ්‍ර කදු තරණයක් කීරීමටත් සිදුවෙන නිසා .
අවාරේ සිරිපා කරුණා කරනවනම් අවදානම් වැඩිම මාර්ගය විදියටත් මේ දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගය හදුන්වන්න පුළුවන්. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා.
1 ගංගා දෙකක් තරණය කිරීමට සිදුවීම(රත්ගග හා බත්තුළු ඔය)
2 කූඩැල්ලන් බහුල වීම
3 මාර්ගය සොයා ගැනීම අපහසු වීම
4 ශීඝ්‍ර නැග්ම
5 වන සතුන් බහුල වීම
6 දුර වැඩි වීම
වගේ හේතු .
මේ ගමන උදේම පටන් ගන්න ඕනේ ගමනක්. මොකද අදුර වැටෙන්න කලින් රත්නපුර මාර්ගට එකතු වෙන්න ඕනේ. රත්නපුර මාර්ගයට මේ මුක්කුවත්ත මාර්ගය එකතු වෙන්නෙ ශීඝ්‍ර නැග්මකින් අනතුරුව ඇහැල කනුව ආසන්නයෙන්.
මුලින්ම ගමන් පටන් ගන්න තියෙන්නෙ රත් ගග තරුණය කරලා. වර්ශා කාලයක නම් ඇතැම් අවස්ථා වල වතුර වැඩි වෙලාවට ගග තරණය කරන්න බැරි වෙන්නත් පුළුවන්. ගමනේ විශාල දුරක් ගිය පසු බත්තුළු ඔය තරණ ය කරන්න සිදු වෙනවා.
ආවාර කාලෙට වර්ශාවත් එක්ක මේ ඔය තරණය කිරීම විශාල අභියෝගයක් වෙන්න පුළුවන්. බත්තුළු ඔඅය තරණය කරන ස්ථානය ආසන්නයෙන්ම තමයි සුන්දර පැරඩයිස් ඇල්ල/ පාරාදීසයේ ඇල්ල තියෙන්නෙත්.
වෙනත් කිසිම මාර්ගයකින් දැකගන්න නොලැබෙන කොටස් දෙකක් ලෙස පෙනෙන මුහුණුවරකින් ශ්‍රීපාද පර්වතය මේ මාර්ගයයේදී දැකගන්න පුළුවන් .
ඉතාම නොයිදුල් ශ්‍රීපාද රක්ෂිතය මැදින් වැටිලා තියෙන මේ මාර්ගය ගුප්ත වගේම ඉතාම මනස්කාන්ත මාර්ගයක්.
නමුත් මේ මාර්ගයෙන් කරුණා කරන්වනම් ඉතා හොද සෞඛ්‍ය තත්වයකින් හා ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට සුදුසු තත්වයක් තිබිය යුතුයි .
කැලේ පීරගෙන යන්න ඕන්‍රෙ ගමනක් කීවොත් හරියටන හරි. සමහර තැන්වල පාර වැහිලම ගිහින් පාර හොයන්න බැරිවෙන තරමටම. ඒ නිසා දිග කලිසම් හා සපත්තු පැලද යන එක තමයි හොදම.
දෙහනකන්ද මාර්ගයෙන් සිරිපා කරුණා කරන්න යන අයට නවතින්න තියෙන හොදම තැනක තමයි අපේ කණ්ඩායම නතර උනේ. ඒ තමයි Rich View Holiday Bungalow . ඒ ගැන විස්තර වීඩියෝ එකේ සදහන් කරලා තියෙනවා.
මේ වීඩියෝවෙන් අපේ දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගයේ සිරිපා කරුණාවේ අත්දැකිම ඔබත් සමග බෙදාගැනීම තමයි අපේ "රස්තියාදු චාරිකාව" කණ්ඩායමේ අරමුණ.
අවසන් වශයෙන් හැමදාම වගේ කියනන් තියෙන්නෙ මේ සුන්දර පරිසරය ඉස්සරහටත් මේ විදියටම ආරක්ෂා කරගමු. 🌿💙💚
#DehenakandaMukkuwaththaSripadaTrail
#RasthiyaduCharikawa
#sripada
#sripadaya
Music - KZbin Audio Library
Camera - Gopro Hero 10

Пікірлер: 39
@TripPisso
@TripPisso 5 ай бұрын
ඒ පාරෙ ලස්සන 😍
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 5 ай бұрын
අනිවාර්යයෙන් අයියේ. අවාරෙට මීටත් වඩා ලස්සනයි 🌿💙💚
@nadsa9488
@nadsa9488 5 ай бұрын
සාදු සාදු බුදු සරණයි.❤🎉
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 5 ай бұрын
බුදු සරණයි. සුමන සමන් දෙවි පිහිටයි🙏🌿💙💚
@theekshanadilshan-tz8hn
@theekshanadilshan-tz8hn 6 ай бұрын
සුරියක් අයියා ❤️
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 6 ай бұрын
🙏🌿💙💚
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 4 ай бұрын
උදෑසන ඉර සේවය බොහෝ දුටුවත් බෑන සමනලට ඉහළින් හිරු බැස යන හැටි දුටුවේ ඔබේ වීඩියෝවෙන්... දුෂ්කර වුවත් සුන්දර ගමනක අත්දැකීම් බෙදා ගත්තට ස්තුතියි වගේම පිං....
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 4 ай бұрын
බොහොම ස්තූති. 🙏🌿💙💚
@Ndsmunasinghe
@Ndsmunasinghe 5 ай бұрын
සුපිරි ❤❤
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 5 ай бұрын
Thank you aiya🙏🌿💙💚
@bambooz269
@bambooz269 6 ай бұрын
දිගටම කරන් යමූ ලස්සනයී
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 6 ай бұрын
ස්තූති 🙏🌿💙💚
@pulasthirathnayaka7794
@pulasthirathnayaka7794 6 ай бұрын
niyamai ekaa🥰🥰
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 6 ай бұрын
🙏🌿💙💚
@akilabasnayaka63
@akilabasnayaka63 6 ай бұрын
❤️🙏
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 6 ай бұрын
🙏🌿💙💚
@bambooz269
@bambooz269 6 ай бұрын
නියමයි අයියා❤
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 6 ай бұрын
🙏🌿💙💚
@tharidupriyanath6177
@tharidupriyanath6177 6 ай бұрын
👍👍👍👍
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 6 ай бұрын
🙏🌿💙💚
@shashiwimalarathne2606
@shashiwimalarathne2606 6 ай бұрын
❤❤❤
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 6 ай бұрын
🙏🌿💙💚
@shanilkahashan5140
@shanilkahashan5140 6 ай бұрын
❤❤
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 6 ай бұрын
🙏🌿💙💚
@dilshangamlath1990
@dilshangamlath1990 6 ай бұрын
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 6 ай бұрын
🙏🌿💙💚
@pavithra_bandara
@pavithra_bandara 6 ай бұрын
😍😍
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 6 ай бұрын
🙏🌿💙💚
@awanthinimesha
@awanthinimesha 6 ай бұрын
😮😮
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 6 ай бұрын
🙏🌿💙💚
@pasanthibbotumunuwa5001
@pasanthibbotumunuwa5001 6 ай бұрын
❤❤❤
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 6 ай бұрын
🙏🌿💙💚
@gossiphunter1542
@gossiphunter1542 6 ай бұрын
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 6 ай бұрын
🙏🌿💙💚
@NaraVlogs96
@NaraVlogs96 6 ай бұрын
❤❤❤
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 6 ай бұрын
🙏🌿💙💚
@rosagecharika7667
@rosagecharika7667 6 ай бұрын
💚
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 5 ай бұрын
🙏🌿💙💚
බඹරගල  | Travel With Chatura
22:34
Travel With Chatura
Рет қаралды 47 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 65 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 19 МЛН
Travel to Meemure.
13:36
Team Piknik
Рет қаралды 42 М.