Рет қаралды 51,197
ආදරයෙන් පිළිගන්නවා හැමෝම 'Sinhalish Hub' ('සිංහලිශ් හබ්') චැනල් එකට සිංහලෙන් English lessons ඉගෙන ගන්න. මේ video එකත් Spoken English පාඩමක්. අද ඕගොල්ලෝ ඉගෙන ගන්නේ කොහොමද බඩුවක් ඉවර වුනහම, ඒ දෙය ඉවරයි කියලා වර්ථමාන කාලයෙන් කියන්නේ කියලා. ගොඩක් අය "The cake is finished.", "The milk is finished." වගේ භාවිතා කරනවා තමයි. ඒක කට්ටියට තේරුම් ගියත්, කිසියම් බඩුවක් ඉවරයි කියලා English වලින් හරි විදිහට කියන්නේ එහෙම නෙමෙයි.
මේ පාඩමෙන් මම හරි විදිහට මෙහෙම කියන ආකාර 6 ක් ඇතුළුව කොහොමද බඩුවක් ඉවර වේගෙන යන්නේ කියලා English වලින් කියන්න කියලා දෙනවා. ඕගොල්ලන්ට මේ පාඩමෙන් පහත සඳහන් ආකාරයේ උදාහරණ ඉගෙන ගන්න පුළුවන්.
1. "We are out of washing powder." - "අපිට රෙදි සෝදන කුඩු ඉවරයි."
2. "We have run out of salt." - "අපිට ලුණු ඉවර වෙලා."
3. "We have used up all the shampoo." - "අපි ශැම්පූ ඔක්කොම පාවිච්චි කරලා ඉවරයි."
4. "There are no more sandwiches." - "තව සැන්ඩ්විචස් නැහැ."
5. "The milk powder is all gone." - "කිරි පිටි ඔක්කොම ඉවරයි."
6. "There is no money left."- "සල්ලි ඉතුරු නැහැ."
ඉතින් video එක ඉවර වෙනකම් බලලා like එකකුත් දාල යාළුවන්ටත් බලන්න share කරන්න, අහන් ඉන්න අයට ආස හිතෙන විදිහට English කතා කරන්න ඉගෙන ගන්න!
ආපහු ඉක්මණටම මුණ ගැහෙන්න 'Sinhalish Hub' KZbin චැනල් එක මතක ඇතිව subscribe කරලා තියා ගන්න.
#sinhalishhub #spokenenglish #sinhalenenglishlessons