Kaludiya pokuna Sir Lanka 🇱🇰 Mihinthale Rawana Ven Sddajeewa Thero Mysterious History

  Рет қаралды 6,575

Heladeepa TV

Heladeepa TV

3 жыл бұрын

කළුබුද්ධරක්ඛිත තෙරුන් කළුපොහොය දිනයක කළුතිඹිරි ගසක් මුල කාලකාරම සූත්‍රය දෙසූ කළුදිය පොකුණෙහි අබිරහස
〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️
මිහින්තලා පුදබිම වන්දනාමාන කරන්නට යන ඔබ කළුදිය පොකුණ නැරඹිය යුතුමය....අබිරහස් ගොන්නක් සමිශ්‍රව ඉතිහාසයේ ශ්‍රී විබූතිය දරාගත් කළුදිය පොකුණ අතීතයේ දහස් ගණනක් අරහතුන් වහන්සේලා ගැවසුණු පිං බිමකි...
මිහින්තලා පුදබිම පුරා ධුතාංගධාරි අල්පේච්ඡ භික්ෂූන් වහන්සේලා සඳහා පිදුම් ලැබූ ශූන්‍යාතඝාර අට සැටකි. ඉන් බිම් අක්කර 150 පුරා කළුදිය පොකුණ සෙනසුන පිහිටා ඇත. ඒ භූමිය පුරා ශූන්‍යාගාර 38 කි. ඉන් භාවිතයට ගනු ලැබු ලෙන් 18 කි. පොසොන් පුර පසළොස්වක දින මෙරටට වැඩම කළ අනුබුදු හිමියන් ට වස් වැසීම සඳහා ඇවැසි බැව් දේවානම්පියතිස්ස රජුට දන්වා සිටි පසු ඇත්වෙහෙර කන්ද , රාජගිරි ලෙන කන්ද, කළුදිය පොකුණ කන්ද පුරා පිහිටි ලෙන් මෙසේ පිළිසකර කර පූජා කරන ලදී. ස්වභාවික ගල් ලෙන් කටාරම් කොටා දොර ජනෙල් යොදා පිළිසකර කර පූජා කර ඇත. දොළොස් දාහක් මහ රහතන් වහන්සේලාටා මේ පිං බිම සෙවණ සලසා දී ඇත..
පිහිටි පරිසරයට හානියක් නොකර ගොඩනැගිලි ආදිය ඉදිකර ඇති සාම්ප්‍රදායික ඉදිකිරීම් තාක්ෂණය සඳහා හොඳම උදාහරණය කළුදිය පොකුණ යි. එහි පඨානඝර, සංඝාවාස ගොඩනැගිලි, ස්ථුප ඇතුළු විවිධ වර්ගයේ ආගමික ගොඩනැගිලි ගලින් නිර්මාණය කර ඇති ආකාරය, පැරණි යුගයේ ශෛලමය තාක්ෂණයේ වර්ධනය අදටත් කියාපාන නිදසුන් ය
මෙම පොකුණ අඩි 170 ක් හෝ ඊටත් වඩා ගැඹුරින් යුතු බව පැවසේ..මිහින්තලා පුදබිමේ සිට මීටර 500 ක පමණ දුරකින් පිහිටි මෙම පොකුණ කේතුවක් කණපිට ගැසූ ආකාරයට නිමවා ඇති බවට මත පළ කරයි...ශ්‍රීලංකාවේ පවතින බලකේන්ද්‍රස්ථානයක් ලෙස කළුදිය පොකුණ සළකණු ලැබේ..එනම් මේ විශ්වයේ පවතින යහපත් විශ්ව කිරණ එක්‍ රැස් වන ස්ථානයක් ලෙසට කළු දිය පොකුණ පෙර පටන්ම සැළකූ බවට සාක්ෂි ලැබේ...එයට පාදක වන ප්‍රදානම කරුණ නම් මෙම ස්ථානයේ චුම්බක ක්ෂේත්‍රයේ (magnetic field) විවිධ වෙනස්කම් නිරන්තරයෙන්ම සිදුවන බවට මතයක් ඇත..ඒ අනුව සීගිරිය ,රන්මසු උයන මෙන්ම කළුදිය පොකුණ ද විශ්ව දොරටුවක් ලෙස අතීතයේ සළකා තිබෙන බව සැළකිය හැකිය...අඩි 170 ක් පමණ ගැඹුර ාඇති යැයි ආසන්න වශයෙන් සැළකුවද මේ මහා ජල කදේ ගැඹුර පිළිබදව හරි හැටි අවබෝධයක් සිතීමට අපහසුය..
කළුදිය පොකුණ පිහිටියේ අඩි 1000ක් පමණ උස මිහින්තලා කඳු වැටියේ එක් බෑවුමක ය. මිහින්තලේ පිහිටි විශාලම පොකුණ වන මෙය කඳු වලින් වට වූ විලක් වැන්න. එය තනා ඇත්තේ ඇත්වෙහෙර කන්දත්, අනායිකුට්ටි කන්දත් අතර පිහිටි මිටියාවතේ වේල්ලක් බැදීමෙනි.. මේ කඳුවල සිට ගලා බසින උල්පත්වලින් පොකුණට ජලය සැපයේ.. පොකුණෙහි දකුණු හා නිරිතදිග ඉවුරු වලට ස්වාභාවිකව පිහිටි ගල් උපයෝගී කර ගෙන නිමවා තිබීම නිසා වක්‍ර ස්වාභාවයකින් පෙනේ... පොකුණේ උතුරු බැම්මේ දිග අඩි 280කි.. නැනෙහිර බැම්ම අඩි 720ක් වන අතර දකුණු දිග බැම්ම අඩි 66ක් ද, බස්නාහිර අඩි 890ක් ද වේ... මෙහි වැඩි ජලය පිට කිරීම සඳහා ගලින් කරන ලද නලයක් ද කැණීම් වල දී හමුවිණි..
කළුදිය පොකුණ අසළ අවට කළු ගලින් කල ආසන විශාල වශයෙන් දැකිය හැකිය..ඒ පෙර රහතන් වහන්සේලා බාවනායෝගීව වැඩහුන් අසුන් ලෙස සළකනු ලැබේ...අදටත් කළුදිය පොකුණු ලෙන් 18 තුළම භාවනානුයෝගී ස්වාමීන්වහන්සේලා වැඩ වාසය කරති. එහෙයින් ඒ දෙසට යාමට නායක ස්වාමීන් වහන්සේගෙන් අවසර ගත යුතුය. එහිදී කඳු මුදුනේ ඇති සුළං කපොල්ල, සක්මන් භාවනා සඳහා නිම කරන ලද සක්මන් මළු, මෙන්ම එහි භාවනාවේ යෙදෙන භික්ෂුන් වහන්සේලා හමුවෙනු ඇත...මේ දසුන ඔබට විඳින්නට හැකි වනුයේ භක්තියකින් පැමිණියේ නම් පමණි
පොකුණ දෙසට ගමන් කිරීමේදී මුලින්ම හමු වන්නේ දේවානම්පියතිස්ස රජු විසින් රහතන් වහන්සේලා සඳහා ශූන්‍යාගාරයක් පිළිසකර කර ඇති අයුරුය. වර්තමානයේ බොහෝ ලෙන් වරිච්චි බිත්ති බැඳ කටු මැටියෙන් නිම කර තිබුනද මුල්ම යුගයේ ලෙනක ස්වභාවය දැක ගැනීමට හැකි වන්නේ මෙහිදී පමණි. ශෛලමය උලුවහු ජනෙල් කවුලු මෙහි ඇත. ඉන් මඳක් ඔබ්බෙන් කළුදිය පොකුණ ඇත. ස්වභාවික පරිසරයට අනුව නිම කරන ලද මේ පොකුණ මධ්‍යයේ සීමා මාලකය දැක ගත හැකිය. පොකුණට දකුණු දෙසින් කාලබුද්ධරක්ඛිත හිමියන් බණ දෙසූ කලුගල් අසුන ද ජන්ඨාගරයද පොත් ගුලද හමුවේ.. මිහින්තලා පුද බිමටම ඇති එකම ජන්ඨාඝරය මෙය වේ.
කළුදිය පොකුණේ වැඩ විසූ කළුබුද්ධරක්ඛිත හිමියන් කළුතිඹිරි ගස මුල වැඩ සිට කාලකාරාම සූත්‍රය කළුවර පෝය දිනක දේශනා කළ බවත්, සද්ධාතිස්ස රජු මුළු රාත්‍රිය මුළුල්ලේ එම ධර්ම දේශනාවට සවන්දුන් බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ... කළුදිය පොකුණ අද්දර දැනුදු කළුතිඹිරි ගසක් පවතී
විශේෂම දෙය නම් කාලබුද්ධරක්ඛිත හිමියන් බාවනායෝගීව වැඩ විසූ ගල් ආසනයෙහි අදටත් වෙනත් කිසිවෙක්ට හිද එහි බාවනා කිරීමට හෝ අසුන් ගැනීමට යම්කිසි බලවේගයක් ඉඩ නොදෙන බවට සදහන් වේ..
එම තෙරුන් වහන්සේ එම ස්ථාන‍යේ සිට සක්වළ හා සම්බන්ධ වී විශ්වය හා මනසින් ගණුදෙනු කළ බව ජනප්‍රවාදයේ සදහන් වේ..උන්වහන්සේ අනුරාධපුර මිහින්තලේ රාජගිරි ලෙනෙහි වැඩවිසූ බවත් බාවනායෝගී කටයුතු සදහා කළුදිය පොකුණ අසළට වැඩම කරනු ලැබූ බවත් සදහන් වේ...එමෙන්ම කළුදිය පොකුණෙහි සක්මන් කොටසේ නොයෙකුත් ප්‍රාතිහාර්‍යන් සිදුවෙන බවට මතයක් පවතී...
ගල්ලෙන්, ස්නානාගාර, භාවනා ශාලා, පඨානඝර ආදියෙන් යුක්ත මෙය ක්‍රි. ව. 10-11 සියවස්වලට අයත් බවට අනුමාන කෙරේ. සිව්වැනි කාශ්‍යප (898-914) රජු කරවූ හදයුන්හ විහාරය මෙය විය හැකි බව එච්. සී. පී. බෙල් සඳහන් කර ඇත. පොකුණ වටා යන සේ
වැඩසටහන් ඉදිරිපත් කරන්නේ
ඉංගිරිය දීපාලෝක මහා විහාරස්ථ වාසී ධම්මදිප දඹදිව වන්දනා ප්‍රධාන සංවිධායක අනුරාධපුර කෝසල දඹදිව වන්දනා ප්‍රධාන අනුශාසක ඇලබඩ පාර නිකසල ධර්ම නිකේතනයේ ප්‍රධාන පරිපාලක|සභාපති සද්ධර්ම කීරිතී ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රවේදී පුජ්‍ය නාරංවත්තේ ධම්මසිරි හිමි
0094718456209
හෙළදිප ටිවි Heladeepa TV KZbin නාළිකාව SUBSCRIBE කරන්න තෙරැවන් සරණයි
0718456209/0777473002
/ heladeepatv
/ heladeepatv
www.heladeepatv.com
heladeepatv@gmail.com

Пікірлер: 28
@user-mp5cp2rn1n
@user-mp5cp2rn1n Жыл бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේලා දෙනමටම බොහොම පිං වැදගත් සාගචිචාවට. ඔබ දෙපොලටම නිදුක් නිරෝගී ධිර්ඝායු වෙිවා 🙏🙏🙏
@user-kh8sr1yq6y
@user-kh8sr1yq6y 6 ай бұрын
බොහොම වැදගත් budu saranay
@galahitiyesonuththara9568
@galahitiyesonuththara9568 3 жыл бұрын
වර්තමානයට ගැලපෙන ගවේෂණාත්මක සාකච්ඡාවකි..හෙළදීප ටි.වී ආයතනයට තව තවත් මෙවැනි කාලීන වැඩසටහන් තුලින් සිංහල ජනතාවට ගිලිහී ගිය ඉතිහාසය නැවත දනගැනීමට සහ සිතීමට අවස්ථාවන් ඉදිරිපත් කිරීම සදහා තෙරුවන්ගේ ආශිර්වාදය සැලසේවා !!! තෙරුවන් සරණයි !!
@everything5679
@everything5679 3 жыл бұрын
Budusaranai
@southernfoods4214
@southernfoods4214 3 жыл бұрын
හොද වැඩක්....
@countryroads.5222
@countryroads.5222 3 жыл бұрын
Good video very important video.
@user-mb7ci9ng8w
@user-mb7ci9ng8w 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@pasanpramuditha7434
@pasanpramuditha7434 3 жыл бұрын
බුදු සරණයි....
@neverendingtravels8860
@neverendingtravels8860 3 жыл бұрын
Very informative. Theruwan saranai.
@worldbestlk7028
@worldbestlk7028 3 жыл бұрын
Good video
@senusamuditha7963
@senusamuditha7963 2 жыл бұрын
සාදු සාදු 🙏🙏
@dhammadeepa4998
@dhammadeepa4998 3 жыл бұрын
තෙරැවන් සරණයි!!!
@sehasnayavindi8549
@sehasnayavindi8549 3 жыл бұрын
Good
@nisalichamathka8319
@nisalichamathka8319 2 жыл бұрын
Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sukhitha-ig4jn
@sukhitha-ig4jn 3 жыл бұрын
hoda weda satahanak
@sankazoysa7694
@sankazoysa7694 2 жыл бұрын
Mata thawa wagakimak thiyanawa mage eka pathumak meka
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽
@seamusic6408
@seamusic6408 11 ай бұрын
budun upanne lankawe tamai hamuduruwane
@nibbanawanasenasuna970
@nibbanawanasenasuna970 3 жыл бұрын
ඉතාම වටිනා වැඩසටහනක්.. අපේ උරුමය රැකගනීමත්,ඒවා ලොවට කියා දීමත් ගැන හෙළදීප tv එකට අපි ස්තුතිය පිරිනමනවා ..🇱🇰🙏
@HeladeepaTV
@HeladeepaTV 3 жыл бұрын
තෙරැවන් සරණයි අගය කිරිම පිළිබදව ස්තුතියි දිගටම ඉන්න අපි එක්ක පුලුවන් කමක් තියනවානම් විඩියෝ එක share karanne තෙරැවන් සරණයි
@user-ii4eg1ro7s
@user-ii4eg1ro7s 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@sl7132
@sl7132 2 жыл бұрын
අපිට භාවනා කරන්න බැරි ද මෙතන
@dilhanthusitha6105
@dilhanthusitha6105 2 жыл бұрын
මෙහි දානයක් බාරගැනිම සදහා දුරකථන අංකයක් සදහන් කරන්න
@HeladeepaTV
@HeladeepaTV 2 жыл бұрын
0718456209
@dilhanthusitha6105
@dilhanthusitha6105 2 жыл бұрын
බොහොමයක් පින්..........❤
@himayawimalarathna3487
@himayawimalarathna3487 10 ай бұрын
​@@HeladeepaTV🎉
Kaludiya Pokuna, Ven Saddajeewa Thero
7:11
Amitha Abeyratne
Рет қаралды 17 М.
🤔Какой Орган самый длинный ? #shorts
00:42
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,6 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 49 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН
මිහින්තලේ කළු දිය පොකුණ
5:11
Sri Lanka Archaeology and History
Рет қаралды 4,4 М.
වැරදුණු මිනිස්සු | ven mawarale baddiya thero
59:21
ven mawarale baddiya thero
Рет қаралды 10 М.
🤔Какой Орган самый длинный ? #shorts
00:42