Рет қаралды 3,791
කිරි සුවඳ දවටලා -පිය කිරුළ මට පුදා
සඟවා… වේදනා….
හිනැහෙන සොඳුරිය
කඳුලු නුඹ අරන් - සිනහ මට දෙමින්
නුඹ- සැනසෙන අරුමය
තුටු කඳුලැලි පුතු නමින්
හද ඉකිබිඳ නුඹ නමින්
අප එක්ව කල පැතුම් - නුඹ තනිව දරා උන්
සිත වාවනු කෙලෙසින්
ගත සිත නුඹෙ විඩාදී
දරු සෙනෙහස හද පිරී
නොසඟවන් නුඹ හැඟුම් - මා හිඳින්නම් ලඟින්
රැක ගනිමි පණ ලෙසින්
Artiste : Lasantha Abeypala
Lyrics : Nayani Karunajeewa
Melody & Music Direction : Lasantha Abeypala
Recording Mixing & Mastering : Sandaru Gamage & Gayan Perera (Sage Studio)
Video Creation : Lashan Sanjeewa