Рет қаралды 1,860
අප සදාදරණීය පද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන් ගේ 75 වන ජන්ම සංවත්සරය අදට යෙදී ඇත. අර්ථපූර්ණ සහ ළගන්නා ගී පදමාලා රැසක් අප වෙනුවෙන් දායාද කළ එතුමාණන් සිහි කරමු හද පිරි සෙනෙහසින්...
එතුමා දරුවන් වෙනුවෙන් කළ මේ නිර්මාණය,
එතුමාගේ නමට පිදෙන උපහාරයක් ම වේවා...!!!
මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගෙ තමයි
දොස්තර හොඳ හිත මමයි...
සතුන් සමඟ දොඩමළු වී
කරන රහස ඔහු සතූ
දැන ගන්නට දඟ දැමූ
පිරිසක් පිරිහේවි ලූ...
අයුක්තියට ඉඩ නැතේ
යුක්තියෙ දම රජ වුණේ
වෛරෙන් වෛරය නොවේ
මෛත්‍රියෙන් ජය ලැබේ...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක
ගායනය : ගැමුණු විජේසූරිය සහ පිරිස
(අපේ රටේ රූපවාහිනීය පැමිණි 80 දශකයේ මුල් භාගයේදී සිංහල හඬ කැවූ කාටුන් තාක්ෂණය රටට හඳුන්වා දී එහි නව මං පෙත් සොයා ගිය පුරෝගාමියා වූ ටයිටස් තොටවත්ත යන්ගේ නිර්මාණයන් හි ගීත ප්රබන්ධයනට දායක වුයේ අන් කිසිවෙක් නොව ප්‍රේමකීර්ති ද අල්විස් හූය. මේ නිර්මාණ සිංහල ප්‍රේක්ෂකයා අතර අමරණීය අත්දැකීමක් බවට පත් කිරීමට ප්‍රේම්ගේ දායකත්වය ඉතා මහඟු මෙහෙවරක් කරන ලදි.
මෙම ගීය ගායනය කරන ලද්දේ නැසී ගිය තවත් අති දක්ෂ බහුවිධ හැකියාවන් තිබූ ගැමුණු විජේසුරිය ශිල්පියාය.)