Ruwanwelisaya -රුවන්වැලිසෑය වැලිමළුව සකස්කිරීමේ දුර්ලභ වු උතුම් ශ්‍රමදාන පිංකම.

  Рет қаралды 4,762

Chathura Dassanayake

Chathura Dassanayake

Күн бұрын

මහ සෑයේ වැලිමළුව
ආයෙත් හදනවා,අවු 1000 ටත් පස්සේ....
දිවයිනේ නන් දෙසින්,
ඒ පිනට හිමි ඇත්තෝ ඇවිත්,
අපත් සමඟ වැඩ කළා, (2016/නොවැම්බ්ර්/05)
මෙම දුර්ලභ වු උතුම් ශ්‍රමදාන පිංකමට දාස්වත්ත එක්සෙල් අපි සමඟ එක්වු පින්වත් ඔබ සැමට උතුම් වු නිවන් පිණිසම මේ පින හේතු වේවා...!
රුවන්වැලිසෑය ##
රුවන්වැලිසෑය හෙවත් රුවන්වැලි දාගැබ ශ්‍රී ලංකාවේ පිහිටා අති ශාරීරික චෛත්‍යයකි. මෙය අතීත මහා විහාරයට අයත්වූ ප්‍රධානතම දාගැබ විය. මෙම ස්ථූපය සොළොස්මස්ථාන(පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන (අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටකි.)අතරින් එකකි.
සුවිශේෂීත්වය
දළදා වහන්සේ ලක්දිවට වැඩමකරවීම තෙක් රුවන්වැලිසෑය ලක්දිව වඩාත්ම පූජනීය ශාරීරික චෛත්‍යය විය. පසුව එම ස්ථානය දළදා වහන්සේට සහදළදා මාලිගා වලට හිමිවිය. දැනුදු මෙය ශ්‍රී ලංකාවේ වඩාත්ම පූජනීයදාගැබ වේ.
භෞතික ලක්‍ෂණ
උසින් අඩි 300ක් (මීටර් 92) සහ අඩි 950ක (මීටර් 292) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ. වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි.
අන්වර්ථ නාම
රත්නමාලි සෑය
මහා සෑය
ශාරීරික ධාතු
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රටවල් අටක නරපතියන් විසින් සෑම රටකටම ධාතූන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙනනොස් ස්ථූපවල නිදන් කරවා වන්දනාමාන කරන ලදී. රාමාගම ග්‍රාමයේ නිදන් කර තිබූ ධාතූන් වහන්සේලා සහිත නැලි දෙක බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව රුවන්වැලි මහා ස්ථූපයේ නිධාපිත කරන්නට නියම කෙරිනි. ඇසළ පුන් පොහෝ දින උත්තරාසීහ නැකතින් මහා ස්ථූපයේ ධාතු නිධානය කිරීමට නිල උත්සවයක් සංවිධානය කළ දුටුගැමුණු රජතුමා, පුන් පොහෝ දිනට පෙර දින සංඝ රත්නය මුණගැසී වැඳ නමස්කාර කොට, පසු දිනය ධාතු නිධාපිත කිරීමට සූදානම් කර ඇති බවට මතක් කරමින් ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය.සංඝයා වහන්සේගේ විධානයෙන් පසුව සෝඋත්තර නම්වූ අධුනික රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් ධාතූන් වහන්සේලා රැගෙන වැඩම කළහ. ඉන් ඉක්බිති සංඝයා වහන්සේගෙන් ධාතූන් වහන්සේලා පිළිගත් දුටුගැමුණු රජතුමා, එය රත්‍රන් මංජුසාවක බහා තම හිස මතට ගෙන, අනේක විධ දක්ෂිණ හා උපහාරත්, දිව්‍ය සහ බ්‍රහ්මයන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ණමය මණ්ඩපයෙන් පිටත් විය.ඔහු, තුන්වරක් ධාතු මැදිරිය වටා පැදකුණු කොට නැගෙනහිර දිශාවෙන් ඇතුල් වී උතුරු දෙසට මුහුණලා පිළියෙල කර තිබූ රිදී සයනයක ධාතු මංජුසාව තැන්පත් කළ විට බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහසෙ‍යාවෙන් බුදු පිළිරුවක් හටගෙන සියලුම ධාතූන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුල නිධන්ගත වූහ. ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා ස්ථූපයේ නිධන්ගත වීම සම්පූර්ණ වූ පසු, උත්තර සහ සුමන සාමණේරයන් වහන්සේලා විසින් පියනක් ලෙස පසුව පාවිච්චි කිරීම සඳහා කලින් සඟවා තිබූ ගල් ආවරණයකින් ධාතු ගර්භය වසා දමන ලදී.
"ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල්වේවා ; එදින පූජා කළ පිච්ච මල් ආදී මල් වර්ග ගෞතම බුද්ධ ශාසනය අවසන් වන තුරු මැල නොවේවා;ගිතෙල් වලින් දල්වන ලද පහන් නොනිමේවා; සඳුන් සහ සුවඳ විලවුන් මිශ්‍ර කරන ලද පස් වියළී නොයේවා; ධාතු ගර්භයේ එකදු සීරීමක් වත් නොවේවා; පූජා කළ රත්‍රන් භාණ්ඩවල මල නොබැඳේවා" මේ සියලු ප්‍රාර්ථනා මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සඵල විය.ඔවුන් "සතුරන්ට වත් මේ ධාතු ගර්භය දකින්නට පවා නොලැබේවායි" අධිෂ්ඨාන කළහ. තවද දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුලත් රන් හා රිදී මංජුසාද තවත් බොහෝ වස්තූන්ද ධාතු ගර්භය මත නිදන් කෙරිණි..
දුටුගැමුණු රජුගේ මරණය
අද්විතීය රුවන්වැලි මහා සෑය හතරැස් කොත් දහය දක්වා රහතුන් වහන්සේලාගේ ආරක්ෂක සූත්‍ර සඡ්ජායනා මධ්‍යයේ නිමවෙද්දී, විසි සතර වසරක් ලක්දිව පාලනය කළ දුටුගැමුණු රජු, ඔහු විසින් කරන ලද පින් ඇතුළත් පොත කියවා මහා සෑය දෙස බලා සිටියදී මියැදී දිව්‍ය පුත්‍රයකුව තුසිත දෙව්ලොව උපත ලද්දේය.
සද්ධාතිස්ස රජුගේ මරණය
දුටුගැමුණු රජුගේ සහෝදර සද්ධාතිස්ස රජතුමා සෑයේ ඉතිරි වැඩ කොටස නිමකර, මරණයෙන් පසු තුසිත දෙව්ලොව උපන්නේය.
මහා රජු
අනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ දුටුගැමුණු රජු, බුදුරදුන්ගේ දකුණු අගසව් බවට පත්වනු ඇත.සද්ධාතිස්ස රජු වම් අගසව් බවට පත්වනු ඇත.කාවන්තිස්ස හා විහාර මහා දේවිය මෛත්‍රී බුදුන්ගේ දෙමාපියන් බවට පත්වනු ඇත.කාවන්තිස්ස රජුගේ බාල නැගණිය වන අනුලා කුමරිය මෛත්‍රී බෝසතුන්ගේ අග මෙහෙසිය බවට පත්වනු ඇත.සාලිය කුමරු මෛත්‍රී බෝසතුන්ගේ පුතු බවට පත්වනු ඇත.දුටුගැමුණු රජුගේ භාණ්ඩාගාරයේ ඇමති සනොඟා, මෛත්‍රී බෝසතුන්ගේ අග්‍ර උපස්ථායක වනු ඇත.භාණ්ඩාගාරය භාර ඇමතිවරයාගේ දියණිය අග්‍ර උපස්ථායිකාව වනු ඇත.

Пікірлер: 9
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 2 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@sanjayasadaruwan7112
@sanjayasadaruwan7112 6 жыл бұрын
සාදු සාදු සාදු
@TechThaksalawaOfficial
@TechThaksalawaOfficial 6 жыл бұрын
බුදු දහම මොනතරමි ආශ්චර්යමතද
@huffedrohinifdfdww8546
@huffedrohinifdfdww8546 6 жыл бұрын
''Namo Buddhaya '' Saadu !!! Saadu !!! Saadu !!! Saadu !!! Saadu !!! Saadu !!! Saadu !!😢😢😢Hada piri Bhakthiyen as Walin kadulu wetuni !!!
@chanpad4510
@chanpad4510 5 жыл бұрын
Saadhu saadhu
@thenethmagarment8506
@thenethmagarment8506 8 жыл бұрын
සාදු! සාදු!! සාදු!!!
@hhvv5496
@hhvv5496 8 жыл бұрын
""සා දු.සා දූ.සදු
@murielthennakoon9257
@murielthennakoon9257 7 жыл бұрын
sadu sadu sadu...
@ossiedesilva3212
@ossiedesilva3212 6 жыл бұрын
Dhaham Sisila Pethireva.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Lovamahapaya | ලෝවාමහාපාය
8:08
Siththara Asapuwa
Рет қаралды 12 М.
Света Кемер Учится в Школе Полицейских !
29:20
Луномосик
Рет қаралды 1,3 МЛН
I WANT SUMO (Shorts Version)
0:30
FilmPop
Рет қаралды 50 МЛН
Урыла😏 #кино #film #fypシ #minions
0:37
Faron
Рет қаралды 8 МЛН