99 වැනි ඓතිහාසික සේරුවිල නිකිණි පෙරහැර මංගල්‍යය 2023

  Рет қаралды 9,056

Shraddha TV

Shraddha TV

11 ай бұрын

#shraddhatv #seruwila
සේරුවිල ‘ශ්‍රී ලලාට ධාතු මහා පෙරහැර’ අති උත්කර්ෂවත් අයුරින් සේරුවිල මංගල රාජමහා විහාර පරිශ්‍රයේ වීදි සංචාරය කරනා ලදී. සධාතුක කරඬු වහන්සේ ශ්‍රී දළදා මාළිගාවේ මියන්රාජා හස්ති රාජයා විසින් වැඩමවන ලද අතර අලි ඇතුන් 12 දෙනෙකුගෙන් සහ නර්ථන කණ්ඩායම් සහ විවිධ අංග 70කින් පමණ පෙරහැර සමන්විත විය. නැගෙනහිර පළාතේ විශාලතම සංස්කෘතික මංගල්‍යය වන මේ උතුම් පිංකම සඳහා දස දහස් ගණනක් සැදැහැවතුන් සහ දමිළ, මුස්ලිම් ජනතාව ද බොහෝ පිරිසක් එක්ව සිටියහ.
සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍යපාද අළුදෙණියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්, තායිලන්ත තානාපති පොජ් හන්පෝල් මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොන්ඩමන් මැතිදුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පෙරහැර මංගල්‍යයේ සමාරම්භය සනිටුහන් වූ අතර සේරුවිල මංගල මහා චෛත්‍ය වර්ධන සමිතියේ ගිහි උපදේශක, කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මැතිඳුන් විසින් ස්තූති කතාව පවත්වන ලදී.
ගුවන් ගැබෙන් ඇද හැළුණු මල් වරුසා සහ සැදැහැවතුන්ගේ සාදු නාද මධ්‍යයේ මංගල මහා සෑ වන්දනාව පැවැත්වූ අතර ඉන් අනතුරුව මහ පෙරහැර වීදි සංචාරය කරනා ලදී. පෙරහැර මංගල්‍යයේ ප්‍රධාන නිළමේතුමන් වන සුදත් අන්නාසිවත්ත මහතා ඇතුළු නිළමේවරුන් සධාතුක කරඬුව බාරව ගමන්කළ අතර සේරුවිල මංගල මහා සෑ රජාණන් වහන්සේ රන්වන් විදුලි ආලෝකයෙන් ආලෝකමත්ව දෙව් විමනක සිරි මැවීය. උඩරට, පහතරට සහ සබරගමු සාම්ප්‍රදායික නර්තනයන්ගෙන් ද සාම්ප්‍රදායික දමිළ නර්තනයෙන් ද මෙම පෙරහැර සමන්විත වූ අතර ප්‍රථම වරට දමිළ බස කතාකරනා මුහුදුබඩ ආදිවාසී ජනතාවගේ නර්තනයන් ද ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේට උපහාර පූජා පිණිස පෙරහැරට එක්කොට තිබුණි.
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 24
@umalisamarathunga8410
@umalisamarathunga8410 11 ай бұрын
සාදු සාදු සතුටින් අනුමෝදමි වෙනවා ,අප බත් දන්සැල ට උදවි උපකාර කර රැස් කලාවු සියලු පින් සියලුදෙනා අනුමෝදමි වෙත්වා
@dhahamdhipahanya9049
@dhahamdhipahanya9049 11 ай бұрын
🙏🙏🙏
@udani9763
@udani9763 11 ай бұрын
😍 සාදු සාදු සාදු .... නායක ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා ....!!!
@BANDARAWELA-Fans
@BANDARAWELA-Fans 11 ай бұрын
උතුම් මංගල මහ සෑයේ අනුහසින් ලක් දෙරණ සුවපත් වේවා
@durshanilki6794
@durshanilki6794 11 ай бұрын
සාදු සාදු සාදු 🙏❤️💐💐❤️
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 11 ай бұрын
තෙරුවන්සරණයි සා දු සා දු සා
@tusharitushari6181
@tusharitushari6181 11 ай бұрын
සේරුවිල මංගල මහා සෑරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . තෙරුවන් සරණයි
@durshanilki6794
@durshanilki6794 11 ай бұрын
🙏💐🙇💐🙇‍♀️💐
@Umeda...840
@Umeda...840 11 ай бұрын
උතුම් සේරුවාවිල මංගල මහ සෑ රජාණන් වහන්සේට මාගේ උතුම් වන්දනාව වේවා ...🙏🙏🙏...🌹🌹🌹 සම්බුද්ධරාජ ශ්‍රී ගෞතම ලලාට ධාතූ ...නිදන්ගත සේරුවාවිල මහ සෑ ගිරි සාදු සාදු ... වන්දනා කරම්... සාදු සාදු ...🙏🙏🙏..🌹💐🌹💐🌹💐
@lilaniranasinghe
@lilaniranasinghe 11 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු..අපි සිත් පුරා දැක බලා ගත්තා ශ්‍රද්ධා රූපවාහිනිය නිසා.. සාදු සාදු සාදු..🌹🌹🌹 අපගේ පින්වන්ත නායක ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා...
@Ruksh885
@Ruksh885 11 ай бұрын
Sadu Sadu Sadu anumodami
@pulasthiamarasingha7829
@pulasthiamarasingha7829 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@singha4758
@singha4758 11 ай бұрын
අළුදෙනියේ මහනායක මාහිමිපාණන් වහන්සේ ට පින් අපිටත් පින් පුරන්නට සැලසුවාට . තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@rashmisenanayake7927
@rashmisenanayake7927 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@DammaRoad
@DammaRoad 11 ай бұрын
ඉතා අලංකාරවත් විචිත්‍රවත් අපූරු පෙරහැරක් සංවිධානය කරලා තියෙනවා මේ සියලූම දෑ උතුම් මංගල මහා සෑ රජුන්ට පූජෝපහාර වේවා. පින්වත් සුබෝධි ස්වාමින් වහන්සේට තවත් ශාසනික කර්තව්‍යය කිරිමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@srimalweerasinha4499
@srimalweerasinha4499 11 ай бұрын
❤ සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@priyankamalkanthi5559
@priyankamalkanthi5559 11 ай бұрын
සාදු සාදු සාදු .
@kumudupriyashanthi285
@kumudupriyashanthi285 11 ай бұрын
සාදු ...සාදු ...සාදු ...
@chandimajayawardena1838
@chandimajayawardena1838 11 ай бұрын
සාදු, සාදු, සාදු .....!!! භාග්‍යවතුන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේට නමස්කාර වේවා ....!!! සියලු පුණ්‍ය කටයුතු දැක බලා සතුටු වූ සිතින් යුතුව අනුමෝදන් වෙනවා . අපේ ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ අතුලු පින්වත් ගෞරවණීය සුබෝධි ස්වාමීන් වහන්සේ අතුලු පින්වත් සඝ රුවන නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් සාසනික මෙහෙවරේ සුවසේ යෙදෙමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපූර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ....!!! නමෝ බුද්ධාය .......!!!
@nmd9rathnayake_
@nmd9rathnayake_ 11 ай бұрын
🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
@udeyakumara9519
@udeyakumara9519 11 ай бұрын
🙏🙏🙏theruwan saranai hamuduruwane mage namash karaya wewa 🙏🙏🙏🙏🙏🙏🙏
@tropical5058
@tropical5058 11 ай бұрын
හරිම අසිරිමත් 🙏🙏🙏
@navinudahamjith9097
@navinudahamjith9097 11 ай бұрын
Sadu,Sadu,namobuddaya
@sembukuttidesilva9420
@sembukuttidesilva9420 11 ай бұрын
🙏🙏🙏🌷🌷🌷
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 7 МЛН
This is not my neighbor  Terrible neighbor! #funny #zoonomaly #memes
00:26
Зачем он туда залез?
00:25
Vlad Samokatchik
Рет қаралды 3,2 МЛН
සෙට් එකත් එක්ක සෙට් වෙමු
15:00
කතරගම  Live Stream
11:04
Kataragama Tv- කතරගම Tv
Рет қаралды 344