No video

SINDUMA THAMAI KARAOKE CHALLENGE - සිංදුම තමයි කරොකේ චැලේන්ජ්

  Рет қаралды 878

sinduma thamai

sinduma thamai

Күн бұрын

"සිංදුම තමයි කරොකේ චැලේන්ජ්" හි ආකෘතිය සහ මූලික නීති රීති පහත පරිදි වේ
-------------------------------------------------------------------------------------------------------------------------------------------
***** වීඩියෝ එවිය හැකි අවසාන දිනය 2024 ජූනි 30 *****
=======================================
පලමුවෙන්ම අපගේ චැනලයෙහි ඇති ඕනෑම සංගීත පථයක් (ට්‍රැක් එකක්) භාවිතා කරමින් එම සංගීතයට අදාල ගීතය ඔබ විසින් ගායනා කල යුතුය. එම ගායනය ඔබට හැකි උසස්ම අයුරින් වීඩියෝවක් ලෙස පටිගත කොට පහත සඳහන් කර ඇති ඊ-මේල් ලිපිනය හෝ වට්ස්-අප් අංකය මගින් අප වෙත ලැබීමට සලස්වන්න.
sindumathamai.contact@gmail.com / WhatsApp - +968 760 588 984
ඔබ ඉදිරිපත් කරන ගායනය සඳහා තාක්ෂණය ආධාරයෙන් විවිධ ඉෆෙක්ට්ස් (Vocal Effects)භාවිතා කිරීමෙන් වලකින්න. ගායනය සහ සංගීතය පැහැදිලිව තිබිය යුතු අතර වෙනත් ශබ්ද අවම කර ගැනීමට සැලකිලිමත් වන්න.
එසේ ලැබෙන සෑම වීඩියෝවකම විනාඩි එකක කොටසක් අපගේ චැනලයෙහි ෂෝට් වීඩියෝ (Shorts) කොටසෙහි පළ කරනු ලැබේ.
එසේ පළ කිරීමෙන් පසු එම වීඩියෝවට ලැබෙන වීව්ස්, ලයික් සහ කමෙන්ට් ප්‍රමාණය අනුව ජනප්‍රියම කරොකේ තරුව තෝරා ගනු ලැබේ. වීව්ස් එකකට ලකුණු දෙකක්ද, ලයික් එකකට ලකුණු හතරක්ද, කමෙන්ට් එකකට ලකුණු අටක්ද බැගින් ගනන් ගනු ලැබේ.
ඒ හා සමගාමීව, සංගීත ක්ෂේස්ත්‍රයේ නියුතු අත්දැකීම් වලින් අනූන විනිෂ්චය මණ්ඩලයක් මගින් හොඳම එනම් ගායනයෙහි දක්ෂතම තරුව තෝරා ගනු ලැබේ. මෙම තෝරා ගැනීම සඳහා ලකුණු ගණනය කිරීමක් සිදු නොවන අතර, එය හුදෙක්ම විනිෂ්චය මණ්ඩලයේ තීරණයක් වනු ඇත.
එසේ තෝරා ගනු ලබන ජයග්‍රාහකයින් වෙත ඉතා වටිනා ජේබීඑල් වර්ගයේ පාටි බොක්ස් දෙකක් ත්‍යාග ලෙස පිරිනැමෙනු ලැබේ.
මෙම "සිංදුම තමයි කරොකේ චැලේන්ජ්" සඳහා වීඩියෝ ලබා දිය හැකි අවසාන දිනය සහ ජනප්‍රියම තාරකාව තේරීම සඳහා අදාළ ලකුණු ප්‍රමාණය සලකා බලන දිනය ඉදිරියේදී දැනුම් දීමට බලාපොරොත්තු වෙමු.
ජනප්‍රියම සහ හොඳම යන අංශ දෙකෙහිම ජයග්‍රාහකයින් එකම දිනයකදී ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.
ඔබ විසින් වීඩියෝ එවීමේදී කරුණාකර ඔබගේ නම, ගම, ජීවත් වන රට, වයස, සහ ඔබව සම්බන්ධ කර ගැනීමට හැකි දුරකථන අංකයක් යන කරුණු අප වෙත ලියා එවීමට අමතක නොකරන්න.
ඔබගේ වීඩියෝව අපගේ චැනලයෙහි පල කිරීමේදී ඔබගේ නම පමණක් අප විසින් සඳහන් කරනු ලබන බව කරුණාවෙන් සලකන්න.
ඔබගේ වීඩියෝවට ලැබෙන කමෙන්ට්ස් ගනන් කිරීමේදී, එකම කෙනෙකුගෙන් කමෙන්ට්ස් කීපයක් තිබුනහොත්, ඒවා ගනන් ගැනෙන්නේ එක කමෙන්ට් එකක් ආකාරයට වේ. ඒ වගේම කමෙන්ට් වෙනුවෙන් දමා තිබෙන ස්තූති කිරීමේ (thank you) කමෙන්ට් ගනන් නොගැනේ.
මෙහි සඳහන් කරුණු වලට අමතරව කිසියම් විශේෂ දැනුම් දීමක් ඇතොත්, කමියුනිටි පිටුවෙහි සඳහන් කරනු ලබන බව කරුණාවෙන් සලකන්න

Пікірлер: 10
@IshiniClaraSenewirathna
@IshiniClaraSenewirathna 3 ай бұрын
❤️❤️
@niroshanlakmal625
@niroshanlakmal625 3 ай бұрын
ඔනම සින්දුවක් පුළුවන්ද
@sindumathamai
@sindumathamai 3 ай бұрын
පලමුවෙන්ම අපගේ චැනලයෙහි ඇති ඕනෑම සංගීත පථයක් (ට්‍රැක් එකක්) භාවිතා කරමින් එම සංගීතයට අදාල ගීතය ඔබ විසින් ගායනා කල යුතුය. එම ගායනය ඔබට හැකි උසස්ම අයුරින් වීඩියෝවක් ලෙස පටිගත කොට පහත සඳහන් කර ඇති ඊ-මේල් ලිපිනය හෝ වට්ස්-අප් අංකය මගින් අප වෙත ලැබීමට සලස්වන්න. sindumathamai.contact@gmail.com / WhatsApp - +968 760 588 984
@thenuthenu5478
@thenuthenu5478 3 ай бұрын
ලතා වල්පොල මහත්මියගේ මාතා මතා දරිත භාග්‍ය වු මාතා ගීතයේ karaoke song එක දෙන්න ගොඩක් ස්තුතියි ඔබටත්
@artofreading3938
@artofreading3938 2 ай бұрын
Share වලට ලකුණු දෙන්නෙ නැද්ද
@artofreading3938
@artofreading3938 2 ай бұрын
එකම පුද්ගලයෙක් කමෙන්ට්ස් කිහිපයක් දමන අවස්ථාවල දී ගනනය කිරීම සිදුවන්නේ කොහොමද ..? එම කමෙන්ට්ස් වලට අපි දාන පිළිතුර ගනනය කිරීම්වලට ඇතුලත්ද..? Shares සඳහා ලකුණු නැද්ද. මේවාට පිළිතුරු ඔබේ commiunity පිටුවේ සඳහන් කරන්න ..
@tharakarathnayake5234
@tharakarathnayake5234 3 ай бұрын
අපි ලයිව් sing කරන වීඩියෝ එකක් ඕනද?.නැත්නම් සිංඳුව රෙකෝඩ් කරලා, පස්සෙ වීඩියෝ එක හැඳුවට කමක් නැද්ද?
@IrekaBandara
@IrekaBandara 3 ай бұрын
WA number එක සම්බන්ධ වෙන් නෑනෙ
@mhwickramasinghe
@mhwickramasinghe 3 ай бұрын
Mage short video ekata comment karanna bane plz ikmanin tikal balanna ...
@TravelingwithDreamss1
@TravelingwithDreamss1 2 ай бұрын
whats app number එකෙන් සම්බන්ධ වෙන්න බැහැනේ..
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 39 МЛН
Srini Wibushitha Lanka Karaoke with Lyrics (Without Voice)
4:24
sinduma thamai
Рет қаралды 41 М.
Mangala Nakathin Yannata Karaoke with Lyrics (Without Voice)
4:00
sinduma thamai
Рет қаралды 16 М.
Kavikariye Karaoke with Lyrics (Without Voice)
4:41
sinduma thamai
Рет қаралды 23 М.