Рет қаралды 3,387
මීඳුම මැඳින් එයා හොයන් ගිය ගිය කතාව...☘️🌳🍁🌺🌹🥀🐛🍃💚🌱.
එයා වටේ තියන තැන් තැන් වල කඳු වලට ගියාම ඈත ඉඳන් එයා හැමඳාම කඳුළු පුරවගෙන එන්න කියල අඬ ගැහුවත් යන්න වුනේම නෑ. ඉතින් මාස දෙක හමාරකින් ලැබුන Assigment නැති ඉරිදා නිවාඩුවට එයා බලන්න යන්න අපි සෙනසුරාදා රෑ කතා වුනා. හැබැයි කලින් දවසෙ රෑ යන්න අදිමදි කර කර හිටපු නඳුල උදේ phone එක answer කරන්නෙ නෑ. ඉතින් ඊට පස්සෙ,
Calling:
මම :- අඩෝ අර උත්තමයා call ගත්තට answer කරන්නෙ නෑ බන්. මොකද කරන්නෙ.
දිල්ශාන් :- එහෙම උක්දඬු කන්න දෙන්න බෑ. ඉඳපන් මම කොහොම හරි එක්ක එන්නම්.
කියල කොහොම හරි අන්තිමේට බෑ කියපු කෙනාත් ආවා . අකිල කලින් දවසෙ එනව කීව නිසා උදේ හත හමාරට පොරත් නැඟිට්ටවාගෙන bike දෙකේ හතරදෙනා මීඳුම ,සීතල වැස්ස මැඳින් උදේ 9.45 වෙනකොට bike දාලා යන්න හිතපු තැනට ආවත් අපි හැමෝම හිතුව එයාව බලාගන්න එයා ගාවට යන්න මීඳුම ඉඩ දෙන්නෙ නැති වෙයි කියලා. මොකද එයා ඉන්න ඉසව්වෙ එයාගෙ මූණ පේන්නෙ නැතුව google map
එක විතරක් පාවිචි කරල යන්න අමාරු හින්දා. ඉතින් සීතල නිසා උණු කළු දොදොල් , නමට එළවලු වුණ අල රොටී & මුරුක්කු කන්න ඇරන් අපි මේ කූඬැල්ලො ආරක්ෂකයො මැඳ ඉන්න එයා බලන්න යන්න පිටත් වුනා. ලේසියෙන් එයා ලඟට යන්න කූඬැල්ලො ඉඩ දෙන්නෙම නෑ. එක්කෙනෙක් අයින් කරද්දි ඉස්සිලා ඉන්නෙ සේනාවක්ම විදින්න. මොකද ගොඩක්ම ලේ බොන කෙනාට double OT දෙනව කියල එයාගෙ තාත්ත , ඒ කියන්නෙ මහ රජතුමා කියල තියනව කියල පස්සෙ තමා දැනගත්තෙ. පැය දෙකක් පයින් ආවත් එයා පේන තෙක්මානෙක නෑ. හැබැයි අපෙ හිත් වල එයාව බලන්න තිබ්බ ආසාව නිසාවමද මන්දා එක පාරම අව්වක් එක්ක ලොකු හුළඟ ඇවිල්ල අව්ව මැඳින් එයා හිනාවෙන්න පටන් ගත්තා. ඇත්තටම එයා මේ තරම්ම ලස්සනයි කියල දුරඳින් අපිට පෙනුනෙම නෑ. මීඳුමයි හුළඟයි අතර රණ්ඩුව දිහා අව්ව හොරෙන් බලාන ඉන්න අතරෙ අපි හෙමීට එයාගෙ මුඳුනට යා ගත්තා. එයාගෙ උඩ ඉඳන් කෑව දොදොල් & අලරොටී එක්ක බීව වතුර ටික නම් මාරම රසයි. දෙහෝරාවක් එයා ගාව හිටියත් වෙලාව යනව දැනුනෙම නෑ අපි කාටවත් හොරෙන් ඉර බැහැගෙන යන්නයි ලෑස්තිය. රෑ වෙන්න කලින් යන්නත් ඕනෙ නිසා දුකෙන් වුනත් එයා ලඟ ඉඳන් අපි දුරස් වෙන්න පටන්ගත්තෙ ආයෙත් දුරදි දැක්කම අත වනනවා කියන පොරොන්දුව හිතේ තියාගෙනමයී.
Follow me at :-
👣 Waten piten = / වටෙන්-පිටෙන්-waten-pit...
👣 Lahiru gunarathna= / lahiru.gunarathna.982
👣instgram
www.instagram....
#WATENPITEN #SRILANKA #HIKING #TRAVEL #WILD