No video

පාරම්පරික දේශීය වී ගොවිතැන 1 Traditional local paddy cultivation 1

  Рет қаралды 3,272

Lassana Derana - ලස්සන දෙරණ

Lassana Derana - ලස්සන දෙරණ

Күн бұрын

#දේශීය #සහල් #LassanaDerana
තෙරුවන් සරණයි !
මහත්මයාණෙනි/මහත්මියනි,
වස විස නැති සහල් ආහාරයට ගෙන සුවපත් වෙමු.
අඩ සියවසකට ආසන්න කාලයක් අධික වස විස සහිත ආහාර අනුභව කල ශ්‍රී ලාංකික අපි, ජාතියක් ලෙසම රෝගීන් බවට පත්ව සිටිමු. දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා, හෘදයාබාධ, අංශභාගය, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ඇදුම හා ගැස්ට්‍රයිටිස් ආදී බෝනොවන රෝග නොමැති අයකු සොයාගැනීමට නොහැකි තරම්ය. අද අපගේ පාසල් ළමුන්ගෙන් 10-15% අතර සංඛ්‍යාවකට දියවැඩියාව තිබෙන බව ඔබ නොදන්නවා විය හැකිය. රටට බත සපයන ගොවියා මාරාන්තික වකුගඩු රෝගයකට ගොදුරු වී මේ වනවිට තවත් ලක්ෂ ගණනින් රෝගාතුරව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටී. ඉතිහාසයේ අප මුතුන් මිත්තන් අවුරුදු 100 කට වඩා ආයු වැළඳුවේ පාරම්පරික ආහාර රටාවල් අනුගමනය කිරීමෙනි. ඔවුහු කෘෂි රසායන භාවිතා නොකළහ. එහෙත් පරාක්‍රමබාහු රජතුමා කෝටි 06ක් ජනතාවට බත සපයා විදෙස්වලටද සහල් යැවූ බව ඉතිහාසයේ සඳහන් වී ඇති බව අපි දනිමු.
අතීතයේ සාම්ප්‍රදායික ආහාර රටාවකට හුරු වී සිටි අප ලාංකීය ජාතිය අද මේ සා ව්‍යසනයකට පත්ව ඇත්තේ කෘෂි රසායනවල ඇති බැර ලෝහ (ආසනික් ඇතුළු) මෙන්ම කෘෂි රසායනවල අවශිෂ්ඨ, ආහාර හා පානීය ජලය හරහා ශරීර ගත වීම නිසා බව තහවුරු වී ඇත. අපගේ ප්‍රධාන ආහාරය වන “බත” තුලම මෙම විස අඩංගු වීම අප ජාතියේම අභාග්‍යයකි. මෙම විෂ අපගේ ආහාර වේලට එක් වන්නේ කෘෂිරසායන වලින් බව සැකයකින් තොරව විශ්වාස කලහැකි තත්වයක් අද තිබේ. තවද කෘෂි රසායන යොදන ගොවිතැනින් නිපදවෙන වැඩිදියුණු/දෙමුහුන් හා ජාන වෙනස් කළ ආහාර අප සාම්ප්‍රදායික ආහාරවලට වඩා පෝෂණ හා ඖෂධ ගුණයෙන් හීන වන අතර, එම ආහාරවල රෝග නිවාරණ ගුණය අඩුය.
අද බෝ නොවන රෝග වසංගතයක් වී පවතින අප රට, කුරිරු යුද්ධයෙන් බැට කා බේරාගත් අප ජාතිය රෝගවලට ගොදුරු වෙමින් යුද්ධයටත් වඩා විශාල ව්‍යසනයකට පත් වී ඇත. මෙයින් රට ගලවා ගැනීමට නම් කෘෂි රසායනවලින් තොර සාම්ප්‍රදායික ආහාර රටාවට වහාම නැවතත් අප අනුගත විය යුතුය. ගොවියාගේත්, රටේත් මුදල් පිට රට පටවමින් ජාතිය රෝගී කල කෘෂි රසායන වලින් මිදී සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි “හෙළ ගොවිතැන” අපි ගොවියාට හඳුන්වා දිය යුතුය. පුරාණයේ රට ස්වයං පෝෂිත කල හෙළ ගොවි තාක්ෂණය නැවතත් ගොවියා අතට පත්කරමින්, පංච සීලය රැකගෙන වස විසෙන් තොරව රට වෙනුවෙන් කෙත අස්වද්දන්නට ගොවියාට ශක්තිය ලබාදිය යුතුය. මෙම සහල් ආහාරයට ගැනීමෙන් ඔබගේ කායික නිරෝගීභාවය රැක ගැනීමට හැකි වන අතර අපගේ දුප්පත් ගොවියා රැක ගැනීමට හැකි වේ.
පෝෂණ ගුණයෙන් ඉතා ඉහල පාරම්පරික දේශීය වී වර්ග වර්තමානයේ පවතින දියවැඩියාව, පිළිකා රෝග ආදී නොයෙකුත් රෝග සමනය කිරීමේ හැකියවක් සහිතය. ඈත අතීතයේ මෙම වී වර්ග ඖෂධීය ප්‍රතිකාර ක්‍රම වලට භාවිතා කර ඇත. ශරීරයෙන් විස ඉවත් කිරීමේ හැකියාවක් මෙම වී වලට නිතැතින්ම ඇති බව කියැවේ. සෑම බෝගයකටම වස විස යොදන අද සමාජයේ මනුෂ්‍ය ශරීරය ආහාරයෙන් එන විස එකතු වූ ගබඩාවක් වැනිය. හෙළ නිල වෙදකමින් ප්‍රතිකාර කරද්දී මෙම සහල් වල නිවුඩ්ඩ ප්‍රයෝජනයට ගැනේ. මෙම ඖෂධීය සහල් වර්ග වලින් කැඳ සදා බීමෙන් පමණක්ම මනුෂ්‍ය ශරීරයේ තැන්පත් වී ඇති විස ඉවත් වන බව පැවසේ.
පාරම්පරික දේශීය සහල් වර්ග
කුරුළුතුඩ
කළුහීනටි
සියපත්ඇල් (පච්චපෙරුමාල්)
සුවදැල්
මඩතවාලු
කහවනු
හැකි සෑම විටම දේශීය සහල් පරිභෝජනය කරමු. ලෙඩ රෝගවලින් වැලකෙමු. ඔබේ සුවපත් බව ලස්සන දෙරණ අපේ අරමුණයි. ඔබට සුබ අනාගතයක් ... තෙරුවන් සරණයි ..!
- ලස්සන දෙරණ
ඔබට පාරම්පරික දේශීය සහල් අවශ්‍ය වේ නම් කරුණාකර පහත දුරකථන අංකයන් අමතන්න.
▪️070 4001683
▪️074 1346777
දීඝායූ පාරම්පරික ඖෂධීය සහල් නිෂ්පාදකයෝ - පොළොන්නරුව.

Пікірлер: 45
@realizetheinsight7059
@realizetheinsight7059 2 жыл бұрын
Excellent
@gckchannel3515
@gckchannel3515 3 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් ජය වේවා පරිස්සමින් ඉන්න බුදු සරණයි♥️♥️♥️👍🙏🙏🇱🇰
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
තෙරුවන් සරණයි
@lalanik6160
@lalanik6160 3 жыл бұрын
ගොඩාක් වැදගත්.කාලීනව කතා කලයුතු මාතෘකාවක්. 👍
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
ස්තූතියි ❤️❤️
@MayuraLanka
@MayuraLanka 3 жыл бұрын
ඉතාමත්ම වට්නා වීඩියෝ වක්.මගේ කැමැත්ත මේ වීඩියෝවට👍
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
ස්තූතියි .. තෙරුවන් සරණයි
@pubglk9759
@pubglk9759 3 жыл бұрын
ratete vadegath me deval idiripath kireema gana apira harima adamberai. obete jaya veva puthey.
@malanerathnayakarathnayaka7907
@malanerathnayakarathnayaka7907 3 жыл бұрын
ගොඩාක් වැදගත් වැඩ සටහනක් ඉදිරියට මෙවැනි දේ කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
ස්තූතියි .. තෙරුවන් සරණයි ❤️🙏
@sltrakShort_356
@sltrakShort_356 3 жыл бұрын
වැදගත් video එකක් 👌👌👌👌
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
ස්තූතියි ❤️
@kassacollections2905
@kassacollections2905 3 жыл бұрын
Very Good Sharing...
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
❤️❤️❤️🙏
@singhaderana6861
@singhaderana6861 3 жыл бұрын
ගොඩක් වැදගත් දේවල් ඉදිරිපත් කරන චැනලයක්..ඉදිරියටම යාමට හැකි වේවා ..ජයවේවා ..👍
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
ස්තූතියි 🙏
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
නියමයි ගොඩක් ලස්සනයි..
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
තෙරුවන් සරණයි
@apelakbima4755
@apelakbima4755 3 жыл бұрын
Ela
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@SLmusiccollection
@SLmusiccollection 3 жыл бұрын
Mewa thamai Wadagath dewal
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@skmusic6807
@skmusic6807 3 жыл бұрын
Supirii machan
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
❤️❤️❤️🙏
@sanudivebro4353
@sanudivebro4353 3 жыл бұрын
Maru aa
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
ස්තූතියි ❤️❤️🙏
@EasySwimwithSam
@EasySwimwithSam 3 жыл бұрын
රට මැද තනි වෙල් යායයි පිටින් ගෙනල්ල හාල් බානවා ඔයි ,,ඔඅක්යි රටේ තත්ත්වේ ගොවියාට පොහොර නැහැ, කුබුරූ පුරන් වෙලා ,,, රටේ පාලකයන්ට මේ රටේ කෘෂිකර්මාන්තය ගැන කිසිම හැගීමක් තැකීමක් වැඩ පිළිවෙලක් නැහැ,,සහෝදරයා, සුද්දා ඉතිහාසයේ මෙරට අස්වද්දලා හාල් අතිරික්තය රට පැටෙව්වා ,,දැන් නිදානයක් උඩ ඉදං හිගා කනවා බන්ගලිදෙශයෙනු මේ ඊයේ පෙරේදා ගිගා කෑවා ,,ඔබගේ ඉදිරිපත් කිරීමට ස්තුතියි
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
අදහස් දැක්වීමට ස්තූතියි 🙏 .. තෙරුවන් සරණයි ❤️
@poornarajapaksha6844
@poornarajapaksha6844 2 жыл бұрын
Manual rice planter එකෙන් ගොයම් හිටවන්න දන්න කෙනෙක් ඉන්නවාද . මමත් දේශීය වී තමයි වගා කරන්නේ
@LassanaDerana
@LassanaDerana 2 жыл бұрын
0704001683 ප්‍රියන්ත මහත්මයාට ඇමතුමක් දීලා බලන්න.
@user-is7uo5sb3l
@user-is7uo5sb3l Жыл бұрын
ඔබ තූමා ලග දේශීය බිත්තර වී තියෙනවද
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
ඉහත දුරකථන අංකයට ඇමතුමක් දෙන්න
@pubglk9759
@pubglk9759 3 жыл бұрын
vadegath video ekak idiritetema yanna puthey.obete jayen jaya.
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
❤️❤️🙏🙏 ස්තූතියි ..
@samanmadushanka8261
@samanmadushanka8261 2 жыл бұрын
Aiya mata me mahthyg nabra denn puluwnda
@LassanaDerana
@LassanaDerana 2 жыл бұрын
070 400 1683 077 706 4743
@samanmadushanka8261
@samanmadushanka8261 2 жыл бұрын
Thnxs aiya
@SLmusiccollection
@SLmusiccollection 3 жыл бұрын
Ape paththeth enna. oyata 🍎dila thinne
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
ස්තූතියි .. හෙට උදේ එන්නම්..
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
තව පැය 2කට පස්සෙ
@SLmusiccollection
@SLmusiccollection 3 жыл бұрын
💪💪💪
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
❤️❤️❤️
@pahanmalaviaarachchi1160
@pahanmalaviaarachchi1160 Жыл бұрын
මොනාද අඩේ මේ කියවන්නේ.බහුජාතික සමාගම්..😂😂😂 බීජ පර්‍යේශණ ආයතනය කියන්නෙ එහෙම එකක් ද.. පම්පෝරි ජනක පාර්ට් 2
@slacodamy3460
@slacodamy3460 3 жыл бұрын
මේ වී ගන්න විදිහක් නැද්ද මට වගා කිරිම සදහා
@LassanaDerana
@LassanaDerana 3 жыл бұрын
මේ මහත්මයාගේ දුරකථන අංකය description එකේ දාල තියෙනවා. කතා කරලා බලන්න.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 23 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 51 МЛН
ඇම්බැක්ක දේවාලය Ambakka Temple ලස්සන දෙරණ Lassana Derana
14:36
Lassana Derana - ලස්සන දෙරණ
Рет қаралды 284
මා වී වගාව වපුරන්නේ කොහොමද
7:19
ඉසිවරයා - Isiwaraya
Рет қаралды 3,9 М.
හෙලයේ පැරණිතම වී වර්ග 53ක්
7:18
Maha Goviya - මහ ගොවියා
Рет қаралды 4,5 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 23 МЛН