අපේ නොගැලපීම් ඉවසා ගත් හැටි - මගේ කේන්තියට ඔහු මට දුන් ආදරණිය දඩුවම - Anoma's FFS Podcast 05

  Рет қаралды 89,378

Anoma's Kitchen

Anoma's Kitchen

8 ай бұрын

Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetung

Пікірлер: 425
@lakshani_rajakaruna
@lakshani_rajakaruna
ඇත්තටම ආන්ටි ඔයාගෙ වයසෙ කෙනෙක් නෑ අපිට කතා කරන්න, ඔහොම දේවල් කියන්න. ඔයා දැන් මේ කරන දෙය නම් හුඟාක් වටිනවා ඒ නිසා. ❤
@subashinisubashini5483
@subashinisubashini5483
ඔයා කතාකරනවිට හරිම ආදනියයි ඔයා අපිට හරිම ආදර්ශමත් චරිතයක් අපෙ ජවිතවලට හරිම වටිනවා ඔයාටත් පවූලෙ සියලු දෙනාටම බුදු සරණයි දෙව් පිහිටයි සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤
@user-vr2ek3se7l
@user-vr2ek3se7l
අනේ බොහෝම වැදගත් ආන්ටිගෙ ජීවිතේ ලබපු අත්දැකීම් අපිත් එක්ක මෙහෙම අම්ම කෙනෙක් වගේ බෙදාගන්නවට. ස්තූති අනෝම ආන්ටි. තවත් මේ වගේ වැදගත් වැඩසටහන් අපිට ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව වාසනාව ශක්තිය ධහිරිය ලැබේවා. බුදු සරණයි 🙏🙏🙏 ❤
@DammikaW48474
@DammikaW48474
ගොඩක් ස්තුතියි අනෝමා මැතිණියනි. ජීවිතය ගැන හොඳ අවබෝධයක් ලබා ගත හැකියි ඔබේ නිවුනු සංසුන් බුද්ධිමත් මුදු අදහස් තුලින්.
@anojasirisena8631
@anojasirisena8631
මට ගොඩාක් දුක හිතුනා මම ජිවිතේ කොච්චර වරද්ද ගත්තා ද කියලා...මට දෙව්‍ යෝ වරමක් දෙනවානම් මම ඉස්සෙල්ලා ම ඉල්ලන්නේ මගේ ජිව්තේ ආපස්සට ගෙනිහින් මගෙ සියලු සිදු වැරදි නැවත හදාගන්නවා.අනෝමා මිස් ඔයාට ගොඩාක් thanks මගෙ දරුවෝ වෙනුවෙන් හරි මෙහෙම වැඩසටහන් කරනවට. අපිට වැරදුන තැන් අපේ දරුවෝ න්ට සිදු නොවේවා..
@user-ov6zu3eu8s
@user-ov6zu3eu8s
මං බැදලා රට ඇවිත් ඉන්නකොට මට ආන්ටි කරපු මුල්ම ඔවගේ විවාහ වෙන දූලට කියලා තිබ්බ video එක ඇහුවා.එදා බැදලා මං ආව ගමන්ම වගෙ නිසා මට පුදුම දේවල් ටිකක් ජීවිතේට එකතු කරගන්න පුලුවන් උනා.අපේ අම්මලාටත් අපිට කියලා දෙන්න බැරි උන සමහර දේවල් මන් එකෙන් දැනගත්තා.එක අහලා මං ගොඩක් මගෙ විදිය වෙනස් කරා.බොහොම ස්තූතී මේ වීඩියෝ වලට ආන්ටි.හරිම වැදගත් අපිට මේ දෙවල්.❤
@dishari197
@dishari197
ආන්ටි මගෙ මහත්තයත් සිසිර අන්කල් වගේමයි. මම කොච්චර රණ්ඩු කරත් බැන්නත් තරහ ගත්තත් වචනයක්වත් මට කියන්නෙ නැහැ. ආන්ටිට වගෙම මටත් එතකොට දුකයි, මම ඉතිං හිතුව තවත් රණ්ඩු කරල වැඩක් නැහැනෙ කියල 😂😂. මම දැන් එයත් එක්ක රණ්ඩු කරන්නෙ නැහැ. අපි දැන් marry කරල අවුරුදු 2ක් වෙනව. චූටි පුතෙකුත් ඉන්නව. මම දැන් තේරුම් අරන් තියෙන්නෙ ඉවසීම තමයි කසාද බැන්දට පස්සෙ තියෙන්න ඕනෙ ලොකුම ගුණාංගය. හැමතිස්සෙම පුළුවන් තරම් ඉවසන්න ඕනෙ. එතකොට ඇතිවෙන්න තියෙන ගොඩාාාක් ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ. ආන්ටි අපිට මේ අම්ම කෙනෙක් වගේ කියල දෙන දේවල් කොච්චරනම් වටිනවද අනේ 🥺🥺.. ඉස්සරහටත් තව තවත් වටින දේවල් ඉගෙන ගන්න අපි බලන් ඉන්නව ආන්ටි.. කතා කරන විදියත් හරිම ආදරණීයයි. කොච්චර අහන් හිටියත් ඇතිවෙන්නෙනම් නැහැ. ආන්ටිටයි අන්කල්ටයි දීර්ඝායුෂ ලැබේවා. ආදරෙයි ආන්ටි 🥰🥰🥰🥰🥰
@shashikalaprabodhani1301
@shashikalaprabodhani1301
අවුරැදු 10 කට කලින් මෙක අහන්න ලැබුනනම් ජිවිතෙ කොච්චර ලස්සන වෙයිද. Thank you aunty
@Senufamily.
@Senufamily.
අනෝමා අම්මා.මම ගොඩාක් ආදරෙයි ඔබතුමියට. "ජීවිතය කියාදෙන විශ්ව විද්‍යාලය.".ආදරෙයි ගොඩාක්.❤
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718
ගොඩක් පින් තරුණ ජීවිත වලට ඉවසීම කියාදෙන එක .
@sepalajayasekara363
@sepalajayasekara363
හාමුදුරු කෙනෙක්ගේ බණකට වඩා
@pradeepaatapattu1317
@pradeepaatapattu1317
මෙහෙම හිතන්න පුළුවන් නම් විවාහ ජීවිතය රජදහනක් වෙනවා නියතයි ❤
@niraSrecipes
@niraSrecipes
මම කැමතිම ආදරණීය චරිතයක්. ලස්සන හිනාවක් එක්ක දකින්න පියකරු මුහුණක්. බොරු රඟපෑම් නෑ. මවාපෑම් නෑ. හරි ආදරේ හිතෙනවා.
@Killer91623
@Killer91623
ඇන්ටි keep it up. අද society එකේ ඔයවගේ වැඩිහිටියෝ නැ. ඒ නිසා තමයි බාල පරම්පරාව මේ තරම්ම worst වෙන්න හේතුව.ඔයව අපිට සම්පතක්. මං කියන්නේ anuty මේ වගේ දේවල් තව කරන්න.❤❤
@shyamadissanayake527
@shyamadissanayake527
ඔයා කිව්වට මේක තරුන දුවල පුතාලට කියල මේක අපි කොයි කාටත් හරිම වටින අදහසක්. ඇත්තටම අපස්සට අපේ ජීවිත වලටම හැරිල බැලුවොත් ඔයා කිය්නදේ සම්පූර්ණ ඇත්ත. ඔයා මේ දේවල් කියල දෙනකොටත් හරිම ආසයි. මුලු විඩියෝ එකම බැලුවෙ වශී වෙලා වගේ.ඇත්තටම හරිම වැදගත් වටින විඩියෝ එකක්. ගොඩක් ස්තූතියි ❤❤ Kit Kitchen
@asafernando6290
@asafernando6290
ගොඩක් දුර‍ට සමාන අදහස් තියෙන සහ ඉවසීම තියෙන අය හම්බවෙන්න පෙර වාසනාවක්‌, පිනක් තියෙන්නම ඕනෙ.
@chamilkamanchanayaka5911
@chamilkamanchanayaka5911
ගොඩාක් ස්තූතියි අනොමා ඇන්ටී... ගොඩාක් දේවල් ඉගෙන ගත්ත ඔයාගෙන්. අපෙත් මුල් අවුරුද්ද ඔයා ඔය කිවුව විදිහටම තමයි ගත උනේ. මමයි මගේ මහත්තයයි දෙන්නම වැඩට යනව. මට හවස් වෙනකන්ම වැඩ තියනව. ඒක හින්ද ගොඩාක් වැඩ වැඩි වෙනකොට. ඒ අස්සේ ගෙදර වැඩත් වැඩි වෙනකොට මම හොදටම තරහ යනව. ඉතින් මං ගොඩක් වෙලාවට කෑගහනව. ඒත් ඉතින් මගේ මහත්තය කට වහාගෙන ඉන්නව. මට තරහ ගියත් එයා මගේ ලගට ඇවිල්ල මොකක් හරි කෝලමක් කරල මාව හිනා ගස්සනව. ඉතින් එයාගේ ඒ ඉවසීම හින්දම මමත් ටික ටික ඉවසන්න පුරුදු උනා. ඒ වගේම වැඩ manage කරගන්නත් පුරුදු උනා.. අදටත් මම වැඩටත් යන ගමන්, ගෙදර හැම දේමයිත් මහත්තයගෙ වැඩත් ආදරෙන් කරනව. මගෙ මහත්තයත් එයට පුලුවන් වෙලවට මට උදවු කරනව. සමහර වෙලාවට තරහ යන්නෙ නැතුවත් නෙවෙයි ඒත් අපි ආදරේ කරන අය වෙනුවෙන් ගොඩක් positive විදිහට ඉන්න try කරනවා.. අපි දෙන්න ඇන්ටි කිවුව වගේම අපි කැමති අකමැති දේවල් කතා කරල ගොඩක් දේවල් හදා ගත්ත. තාමත් හදාගන්නව. ඉතින් අපිට ඇන්ටිගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනව. මම හරි ආසායි ඇන්ටිගේ videos බලන්න ඒක හින්ද දිගටම මෙහෙම videos කරන්න. ❤❤❤❤❤❤
@pushpamapalagama3220
@pushpamapalagama3220
හරිම ආදරණිය විදිහට හැමදේම කියලා දුන්න අළුත් කපල් වලට නම් ගොඩක් වටිනවා නේ
@geethanisj
@geethanisj
පොළොවේ පය ගහලා ඉඳලා ඒ විදියට ඉන්න ගමන්, එහෙම ඉන්නේ කොහොමද කියලා, අනෙක් අය දැනුවත් කරන එකයි වඩාත් වැදගත්. ඒක ඔබතුමිය ඉතාමත් ආදරණීයව දැනෙන්න කියලා දෙන එකට ගොඩාක් තුති. විශේෂයෙන්ම වැඩිහිටියන්ටත් පොඩිහිටියන්ටත් දෙගොල්ලටම කීව එක. ❤❤❤💐
@sandakumaridias5146
@sandakumaridias5146
මෙතෙක් සමාජ මාධ්‍යයේ දැකල තිබුණු වීඩියෝ අතරින් වටිනම වීඩියෝ එක මේක මට නම්...ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන්...ගොඩක් ස්තූතියි ආන්ටි...ගොඩක් පින්...බුදු සරණයි ඔබට ...දීර්ඝායු සම්පත්තිය ලැබේවා !
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Этот Пёс Кое-Что Наделал 😳
00:31
Глеб Рандалайнен
Рет қаралды 3,5 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 62 МЛН
Walpola Gothama HImi - 2024 07 13 - Sithneth Asapuwa Dis
43:29
Neth FM Bana
Рет қаралды 216 М.
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН