Рет қаралды 5,174
#garayaka #traditionalsrilanka
2022 වසරේ අප්‍රේල් මාසයේ, ඒ. විජේසිරි අබේනායක මහතා විසින් සූරියවැව ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ,ගරා යකුම ගැන තමයි අද අපි කතා කරන්නේ.
මේක ඇත්තටම ගරායකුමක් විතරක්ම සංවිධානය කරල තිබ්බ එකක් නෙමෙයි, ගරායකුම තිබ්බ දවසට කලින් දවසේ ඒ මහතාගේ නිවසේ පිරිත් සජ්ඣායනාවක් පැවැත්තුවා. ඒ මහතා මේ ගරායකුම සිදු කලේ අලුත් සහල් මංගල්‍යය කුත් මූලික කරගෙන.කුඹුරක් වපුරලා ඒකෙ අස්වැන්න සඟසතු කොට පූජා කරලා ඒ කුඹුරෙ තමයි මෙම ගරා යකුම සිදු කලේ.
එම ගරායකුමේ ඇදුරා ලෙස කටයුතු කලේ පහත රට නැටුම් පිළිබඳ ප්‍රවීණ තාවයක් ඇති අතුල මහතා විසින්.
එම ගරායකුම නැරඹීම පිණිස ගමේ ගොඩ දෙනෙක් සහභාගි වුණා. විශේෂයෙන් පොඩි ළමයි මේ සඳහා සදහා විශේෂ උනන්දුවක් දක්වනවා දැක්කා. අතුල මහත්මයත් එක්කම ලසිඳු නර්තන ශිල්පියා ඉදිරිපත් කළ ඒ ගරායකුම කාගෙත් සිත් ගන්නා එකක් උනා. ඒ වගේම බෙර වාදන ශිල්පියන් ගැනත් මේ වෙලාවේ මතක් කරන්න ඕන.
ආතුර ප්‍රේකෂකයන්ට පැමිණ ඇති ඇස්වහ, කටවහ, හෝවහ, අවොල්, දෙවොල් දෝෂ දුරු කිරීම සඳහා ගරා වෙස් පෑම සිදුකෙරේ. මෙහිදී පූර්ණ ගරා යකුමක් සිදු නොකරන අතර කීල ගරා පමණක් නර්තනයෙහි යෙදේ. රංගභූමියෙන් පිටත ගොරක අතු දෙකක් හෝ අයිලයට ගැලපෙන පරිදි සිටුවා, බුරුල්ල අතුවලින් ආවරණය කොට ගරා අයිලයක් සාදා දෙනු ලැබේ. කපු මහතා ගරා යකුට කරන ආරාධනා කවිවලින් ගරා යක් උපත හා ඔහුගේ ස්වරූපය පිළිබිඹු වේ. ගරා වෙස් මුහුණක්, නර්තකයන් පළඳිනු ලබයි. ගරා යකුගෙන් තමා පිළිබඳව විස්තර අසන ගුරුන්නාන්සේට දෙන පිළිතුර හාස්‍ය රසයෙන් ද, පදවල අරුත් සඟවා කියන රාගික හැඟීම්වලින් ද යුක්තය.
ගරා යකුම පූජා කරන (කැප කරන) වට්ටියේ කැවුම්, කෙසෙල්, දැලි පිහිය, පොල්වල්ලක් ආදිය වෙයි. කැවුම හා කෙසෙල් ගෙඩිය ගෙන කරන සංවාදයේ දී ලිංගික සංසර්ග ලකෂණ ගෙනහැර පායි. ස්ත්‍රී රෝග හා දෝෂ දුරු කිරීමට වැඩි නැඹුරුවක් ඇති අතර, 'ඕලි' කුලයේ පුද්ගලයන් පෙර දී මෙම නර්තන අංගය සිදු කළ බව කියවේ. අවසානයේ දී ගරා යකු හිස දෙපසට කරකැවීම මගින් ප්‍රේකෂක ආතුරයන්ගේ දොස් දුරු කර, සෙත් කියමන් කියා, කහ දියර ඉස ශාන්තිකර්මය නිමා කරයි.