හැමදාම මගේ තොරතුරු අහන අයට..මේ මගේ කතාව. My Story as a Chef, as a Wife, as a Mother.

  Рет қаралды 75,527

Cooking with Chef Shani

Cooking with Chef Shani

Жыл бұрын

ඉතින් චැනල් එක පටන් අරන් අවුරුදු දෙකකුත් ගිහිල්ලා, ජීවිතේට නොදැක්ක ආදරණීය පිරිසක් තමුන් වටා එකතු වෙන එකම සතුටක් , පෙර පිනක් කියලයි මට හිතෙන්නෙ. ඒ අතරෙ හැමදාම වගේ ඔයා කොහෙද ඉන්නෙ, කොහෙද වැඩ කරන්නෙ, කොහොමද ඉගෙන ගත්තෙ, පවුලෙ විස්තර මොනවද කියන ප්‍රශ්න නිතරම අහන දේවල්. ඉතින් මටත් හිතුණ ඒ ගැන ඔයාලට කියන එක මගෙත් යුතුකමක් කියල.
මේ තියෙන්නෙ ඉතින් ඒ අහපු දේවල් වලට උත්තර එක්කම සූප වේදිනියක් විදිහට වගේම බිරිඳක්, අම්ම කෙනෙක් විදිහටත් මම මගේ ජීවිතේ හදාගෙන තියෙන විදිහ.
හැමදාම වගේ ඔයාලගෙන් ලැබෙන ආදරේ තමයි මේ චැනල් එක කරගෙන යන්න මට හයියක් වෙන්නෙ. ඒක හින්ද ඒ ලැබෙන හැම ආදරේකටම බොහොම පින්..🙏🙏🙏❤️❤️❤️

Пікірлер: 957
@anurabandara6746
@anurabandara6746 Жыл бұрын
හානේ මං මෙච්චර කල් හිතුවෙ ඔයා ලංකාවේ ඉන්නෙ කියලා.ඒතරම් natural. අපේ කම උතුරන නිහතමානී කාන්තා වත්.තවතවත් ඉදිරියට හොඳ ම දේවල් කරන්න ශක්තිය ලැබේවා.
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y Жыл бұрын
නිහතමානී කමට මුලින්ම ගරූකරනව සහෝදරිය මාත් ආසාවෙන් බලනව ඔබ තූමියට ජය වේවා බූදූ සරනයි
@dinethhethatanga-sj2ol
@dinethhethatanga-sj2ol Жыл бұрын
හොයා හරි නිහතමානි ඔයාගෙ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවාඇත්තෙන්ම අපි වගේ දුප්පත් මිනිස්සු ගැන හිතන ඔයා වගේ කට්ටිය අපේ රටට හරි වාසනාවක්
@Harshi_online
@Harshi_online Жыл бұрын
හ්ම්😊
@kumuduneeweerasinghe391
@kumuduneeweerasinghe391 Жыл бұрын
ඔයා ලෝකේ කොහේ හිටියත් තමන් ව අඳුනාගෙන ජීවත්වන කෙනෙක් කියලයි මට හිතෙන්නෙ.එහෙම අයට පුහු ආටෝප ඕන නෑ.ඔයාගේ අත ඉක්මනින්ම යථා තත්ත්වයට පත්කර ගැනීමට ලැබේවා යන්න මම ප්‍රාර්ථනා කරනවා.ඔබේ සියලුම කටයුතුවල සාර්ථකත්වය උපරිම ලෙස ලැබේවා.ඔබට ජය.
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Жыл бұрын
කෑම හදනකොට ඔයා අපේ ආර්ථිකය ගැන හිතන එක ගොඩක් වටිනවා..❤කමෙන්ට් එකට රිප්ලයි කරන එක වටිනවා...
@sunethrasamaradheera4331
@sunethrasamaradheera4331 Жыл бұрын
ඔයා ගුරුවරියක් වෙන්න ගත්ත තීරණය හරිම වටිනවා.මොකද?අපට නොමසුරුව දැනුම දෙන ඔයා ඉතා හොඳින් ඒ දේ කරනවා.මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලන ගුරුවරියක්.ඔයා දැනටත් ගුරු කාර්යභාරය හොඳින් ඉටු කරනවා මේ කාර්යයේදී .ලංකාවෙ අපේ ආර්ථිකයට ගැළපෙන්න ඔයා දෙන දැනුම හරිම අගෙයි.තෙරුවන් සරණින් අනාගත පැතුම් ඉටු වේවා!
@rakminimaheshika8813
@rakminimaheshika8813 Жыл бұрын
මූණයි හඩයි දෙකෙන්ම හිත නිවෙනව❤ සුබ පැතුම් අක්කේ
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 Жыл бұрын
ඔයාගේ නිහතමානී කමට ගරු කරනවා 🎉🎉🎉🎉
@ahinsasadapini4793
@ahinsasadapini4793 Жыл бұрын
මං මුලින්ම ආස වුනේ ඔයාගේ කටහඩට,මං හිතින් මවපු රූපෙට වඩා වෙනස් කියලා පස්සේ දැන ගත්තේ.ඕස්ට්‍රේලියා ඉන්නේ කියලා දැනගෙන හිටියේ.ඒ දවස් වල මං ෆ්බී වල දකින්න ආස ජනප්‍රිය කෙනාට ඔයා මෙන්ශන් කරාම ඔයා කිව්වේ අනේ මං ජනප්‍රිය නෑ කියලා, වීඩියෝ එක අප්ලෝඩ් කරලා පැය දෙකට වීව්ස් ගානෙන් පේනවා ජනප්‍රිය ද නැද්ද කියලා. ඔයා දක්ෂයි,නිහතමානී ලස්සන හොද කෙනෙක්,ඔයා හුගක් සාර්ථක වෙන්න ඕන.💙
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 2 ай бұрын
ඔයාගෙ recepis හරි ලේසියි හරි රසයි ඔයා ලංකාවේ ඉන්නවා වගෙ කෑම හදනවා හරි රසයි මම හිතුවෙ ඔයා ලංකාවේ ඉන්නෙ කියලා ජය වේවා
@awanthiushani3675
@awanthiushani3675 3 ай бұрын
ඔයාගේ උත්සාහය අති සාර්ථකයි දුවේ.තෙරුවන් සරණයි. ඔයාගේ ගෙවත්තක් හරිම සුන්දරයි. සුභ අනාගතයක් වේවා.
@vineethagamage4028
@vineethagamage4028 Жыл бұрын
මම හරි කැමතියි ඔයාගෙ රෙසිපි වලට..මම හදනව.හරිම රසයි.සරලව කියල දෙන නිසා පහසුයි....❤❤❤
@padmakalupahanage9013
@padmakalupahanage9013 Жыл бұрын
ඔබේ නිහතමානි කමට ගරු කරනවා.අනාගත බලාපොරොත්තු ඒ ආකරයෙන්ම ඉටුවේවා . ඔබ පවුලේ සියලු දෙනාටම උතුම් දළදා සමිදුගේ පිහිටයි.💐💐
@lbirangani2281
@lbirangani2281 Жыл бұрын
හරිම සතුටුයි 💪💪
@chandraperera140
@chandraperera140 11 ай бұрын
සතුටුයි .ඔයගෙ ..විස්තර.දැන.ගන්න.ලෙබුනාට..අඩම්බර.කමෙන්. තොර.ඔබගෙ.බලාපොරොන්තු.ඉටුවෙවා.බුදුසරනය්
@nilminyparara
@nilminyparara Жыл бұрын
හරි නිහතමානී අවංක ලස්සන චරිතයක් බුදු සරණයි ඔයාට 🙏🙏🙏❤❤❤
@fathimayasmin6187
@fathimayasmin6187 Жыл бұрын
මම ඔයාට කැමති උනේ ඇයි දන්නවාද? ඔයාගේ නිහතමානී කතාව. You have the ability to understand others. I like u for that ♥️♥️♥️
@menakafernando4060
@menakafernando4060 Жыл бұрын
මාත්...ඒ..කතා විලාසයට..හරිම කැමතියි
@gamingvortexff
@gamingvortexff Жыл бұрын
ඔයා ගේ සරල නිහතමානීකමට අපි ආසයි .තෙරුවන් සරනයි !ජය හා සතුට හැමදාම පවතිවා!
@desnapathmene1049
@desnapathmene1049 Жыл бұрын
ගොඩක් සතුටුයි චෙෆ්.. ඔයා ලංකවෙ කියලයි හිතුවෙ... කොහෙ හිටියත් අපේ කම සිංහල කම උතුරන කෑම වට්ටෝරු ... නිහතමානී කම ❤❤❤❤ ඔයාගෙ පවුලෙ සියලුම දෙනාටත් ඔයාගෙ අම්මටත් මල්ලිටත් සුබ අනාගත යක් ප්‍රාර්ථනා කරනව..මල්ලිගෙ කතාව නිසා ඔයා අපිට ලැබුනෙ... සියලු සිතුම් පැතුම් ඉටුවේවා,,,!
@gangaperera5246
@gangaperera5246 Жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි , ඔයාගේ මුහුණ දැකීමත්. ඔයාගේ receipies හරිම ලෙහෙසියි ,ඒවගේම හරිම රසවත්. ඔයා සරලව , පැහැදිලිව කියලා දෙනවා . ඔයාගේ අනාගතයට සුභ පතනවා . ඔබ ඇතුලු පව්ලෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!!
@dulcyfernando7216
@dulcyfernando7216 11 ай бұрын
හරිම සතුටුයි දැකීමට ලැබීම ඔයා හරිම දක්ෂයි ඒවගෙ ගොඩාක් නිහතමානී අවංක කෙනෙක් ඒක තමයි ඔබ මෙතැනට එන්න හේතුව මගෙනුත් දිගු ගමනක් යන්නට සුභ පැතුම් මහත්තයා දරුවන් family එකත් එක්ක සතුටින් ඉන්න ඔබට බුදු සරණයි ජේසු පිහිටයි ❤️
@madavipriyanga4713
@madavipriyanga4713 Жыл бұрын
පොළවෙ පය ගහලා ඉන්න සහ විවෘත අවංක සරල කෙනෙක් හැටියට තමයි හිතෙන්නෙ.... ඒ වගේම ඔයාගෙ කටහඩත් එක්ක හිතේ තිබුණු රූපෙ නම් ටිකක් වෙනස් වුනා... ඉදිරියෙන් ඉදිරියටම යන්න සියළු ශක්තිය ධෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.. ඔයාහෙ පවුලේ සියලුම දෙනාට ජේසු පිහිටයි ...ජය වේවා ..ආදරෙයි හැමදාම...♥️♥️♥️♥️
@lalithabaddegama7023
@lalithabaddegama7023 Жыл бұрын
ඔයාගේ නිහතමානී කමට ගොඩක් ස්තුතියි. හැමෝටම තෙරුවන් සරණයි.
@kuvidu
@kuvidu Жыл бұрын
රටක හිටියට ඔයාට සිංහල අමතක නොවීම ගැන ආඩම්බරයි නංගී. වෙන අය වචන දහයකට නමයක්ම ඉංග්‍රීසි වචනනෙ කථා කරන්නෙ. ඔයාලා වගේ අය⁣ට යහපතක්ම වෙිවා .
@nayanarodrigo4526
@nayanarodrigo4526 Жыл бұрын
👍👍👍👍👍
@herathmenike9375
@herathmenike9375 4 ай бұрын
News
@herathmenike9375
@herathmenike9375 4 ай бұрын
News of
@Dinud1217
@Dinud1217 Жыл бұрын
මුණ නොදැක්කත් ඔයාගේ කටහඬට ගොඩක් ආදරේ කළා. කට හඩ වගේම ඔයත් ලස්සනයි හරිම නිහතමානියි. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ❤️
@swarnafernando9316
@swarnafernando9316 Жыл бұрын
මුලින්ම කියන්න ඕන, ඔයා හරිම සුන්දර පෙනුමක් තියෙන ළයාන්විත කටහඬක් තියෙන කෙනෙක් බව. මේ දේවල් ඔයා උපතින්ම ගෙනෙත් තියෙන්නෙ පෙර ආත්මවලදි කරපු පින් වලට. ඔයාගෙ demonstrations වලට මම හුඟක් කැමති ඒවා ඉතාම සරලව, පැහැදිලිව කියල දෙන නිසා. මම ගොඩක් වෙලාවට comment කරනව. ඔයාගෙ හුඟක් recipes මම බලල හදල තියෙනව. ඒ කියල දුන්න විදියටම හදල බැලුවම ඒ විදියටම හැම කෑමක්ම ආවා. මමත් ඔයා වගේ කිසිම කෑමක් හදන්න උත්සහ නොකළ කෙනෙක්. මගේ A/L homescience teacher තමයි මාව වෙනස් කළේ. මම හරිම ආසයි කෑම හදන්න. ඉතින් මම නිතරම අත්හදා බැලීම් කරනව. ඔයාගෙ කෑම වට්ටෝරු බලල මම හදපු කෑම වගේම ඉගෙන ගත්ත දේවල් ගොඩයි. ඉතින් ඔයාට නැවතත් ස්තුතියි කියනව වගේම ඔයාගෙ කටයුතු තව තවත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ඔයාට උන කරදරය ගැන ගොඩක් දුකයි. ඒ උනත් ඔයාගෙ ශක්තිය තව තවත් වර්ධනය කරගෙන ඉදිරියටම යන්න. ඔයාට තෙරුවන්සරණයි.!!!
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
පුතේ ....ඔයාගේ කතාව මමත් බැලුවා.....හරිම ආදරණීයයි..ඔයාට යහපතක්ම වෙිවා ....Love you🎉
@chanikajayasekara5840
@chanikajayasekara5840 Жыл бұрын
අක්කා නිසා තමයි මාත් ආසාවෙන් කෑම හදන්නේ...කටහඩ වගේම අක්කත් හරිම ලස්සනයි .....සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...❤❤❤❤❤❤❤
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l Жыл бұрын
මන් අද වැඩ ගෙදර ගිහින් නිදහසේ බලන්න ඕන ❤️❤️❤️❤️අපේ චෙෆ් හරි ලස්සනයිනේ 😄😄
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 Жыл бұрын
හරිම සතුටුයි දෝනි ඔයාගැන.බුදු සරණයි.සතුටින් ඉන්න ලැබේවා!
@dinusirimanna8444
@dinusirimanna8444 Жыл бұрын
හරිම ලස්සනයි 😍 හැමදේම සාර්ථක කරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ..හරිම ආසාවෙන් බලන චැනල් එකක් ❤️❤️
@devikamendis2545
@devikamendis2545 Жыл бұрын
අහන් ඉන්න ආසා හිතෙන චැනල් එකක්. ඔයාගෙ ඉදිරිපත් කරන විලාශය හරිම ප්‍රියජනකයි.
@nishanathawaidyathilake-dk2yf
@nishanathawaidyathilake-dk2yf Жыл бұрын
Authentic lady 🙏 ලෝකේ කොයි මුල්ලක හිටියත් කරන දේ අවංකව කියන - කරන නෝනා මහත්තයෙක්. තමන්ගේ අක් මුල් සිඳ ගන් නැතුව ඉන්න පුළුවන් කොන්දක් තියෙන කෙනෙක්. පඩ ෂෝ නැති එක තමයි විශේෂම කොලිටිය. එහෙම නැති අය අද කාලේ හොයාගන්න හරිම අමාරුයි නේ. ඔහොමම ඉස්සරහට යන්න නෝන මහත්තයට ජය පතනවා ! 🙏🙏🙏
@harshanilakmali3735
@harshanilakmali3735 Жыл бұрын
හරිම සතුටුයි චෙෆ් ඔයාගේ ඉදිරි ජීවිතය තව තවත් සාර්ථක වේවා බුදු සරණයි
@sriyaniwijetunga3597
@sriyaniwijetunga3597 Жыл бұрын
ස්තුතියි ඔබට .ඔබේ නිහතමානී කමට.හැම වීඩියෝ එකක් ම මම බලනවා
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
ඔයා කතා කරන විදිය කටහඬ ඇත්තටම ඒ ඔයාමද කියලා හිතාගන්න බැරි තරම් චෙෆ් ඔබට සුබ පතනවා බුදුසරණයි ❤❤❤❤❤
@suwineethaabewickrama821
@suwineethaabewickrama821 Жыл бұрын
ඔයා harema නිහතමානී. ලස්සනයි. Edereyatama යන්න ශක්තිය දෛරේය ලැබේවා!!!🌹🌹🌹🌹🌹🌹🌹
@chamindawijethunga7141
@chamindawijethunga7141 Жыл бұрын
හරිම සතුටුයි සහෝදරිය ඔයාගෙ විස්තර දැනගන්නට ලැබීම , ඔයාගෙ සියලුම කටයුතු වලට සුබ පතනවා 👍
@AmaRatnayake
@AmaRatnayake Жыл бұрын
මේක දැක්කහම හරිම සතුටුයි. ඉදිරි ගමන සාර්තක වේවා.
@hatharasinhagamage7347
@hatharasinhagamage7347 Жыл бұрын
Oyge vedio vala hadana kama harima නීට්,අපිටත් හදන්න ආස හිතෙනවා ,පහසුවෙන් ඉක්මනින් කියලා දෙනවා,ඔයාට මේ වැඩේ දිගටම කර ගෙන යන්න ශක්තිය ලැබෙන්න kiyla ප්‍රාර්ථනා කරනවා ❤බුදු සරණයි නැන්දෙ😍😊
@udayanganihelapitiya5514
@udayanganihelapitiya5514 6 ай бұрын
Thanks, ගොඩක් ආසාවෙන් channel එක බලන්නෙ.තෙරුවන් සරණයි
@pushpaathauda5017
@pushpaathauda5017 Жыл бұрын
⁣ගොඩාක් සතුටුයි පුතේ .අනාගත සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙිවා .තෙරුවන් සරණයි .
@hemalipeiris2688
@hemalipeiris2688 Жыл бұрын
හරිම සතුටුයි පුතේ , ඔයාගෙ වැඩ කටයුතු සාර්ථකව කරගන්න ශක්තිය , නීරෝගී කම නිතරම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා. මම හිතුවෙත් ඔයා ලන්කාවෙ ඉන්නේ කියලා. God bless you and your family ❤️🌹
@BuddhikaGurusinghe-mu8dz
@BuddhikaGurusinghe-mu8dz Жыл бұрын
ඔයාව දැක්කේ අද තමයි මම නම් ඔයාගේ රෙසපි වලට හරිම කැමතියි හරිම සරලයි thank you chef
@wathsalakumarasinghe-rj9um
@wathsalakumarasinghe-rj9um Жыл бұрын
හරිම සතුටුයි. හැම කටයුත්තක්ම සාර්ථක වේවා..
@thamarajayasiri416
@thamarajayasiri416 Жыл бұрын
ඔබේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා
@sanulnethmaka398
@sanulnethmaka398 Жыл бұрын
හරිම නිහතමානී ඔයා
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 Жыл бұрын
ආදරෙයි ❤... හැමදාමත් පිළිවෙලට,නිවැරදිව, ක්‍රමවත්ව කෑම වට්ටෝරු දෙන්නේ ඔයා හරියටම ශිල්පය දැනගැනිමත්, එහෙන් මෙහෙන් ඇහිදගත්ත ඒවා නොවිමත් නිසයි. (සුපිරි,විනාඩි දහයෙන් හදන කෑම ඔයා ළග නෑනේ) උපකරණ හදුන්වා දීමත්, එයට විකල්පයක් හදුන්වා දීමත් ඉතා වැදගත් ස්තුතියි 💐💗🌄
@nishaniudeshika8910
@nishaniudeshika8910 Жыл бұрын
ඔයාගෙ කටහඩ හරි අවංක නිහතමානී එකක් ...ඒකයි මං ගොඩක් ම ඔයාගේ විඩීයෝ බලන්නෙ....👍👍👍කිසිම ලොකු කමක් නෑ චෙෆ් ඔයාගේ..
@user-rx2nw6yu4b
@user-rx2nw6yu4b Жыл бұрын
අක්කා හරි ලස්සනයි.කටහඩත් හරිම පැහැදිලියි.අහගෙන ඉන්න ආසයි❤😘
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
මල්ලිගෙ වචන ශෝක්..තමුසෙ.🤣 එහෙම තමයි මල්ලි ලා .ඒ බැඳීම හරිම පුදුමයි..ඔයාගෙ වැඩ හරිම ලස්සනයි.හුඟක් අළුත් දේවල් ගේනවා ඔයා...ඔයා ලංකාවේ ඉන්නව කියලා හිතුවේ.ඔයා ගමේ ගොඩේ.කෑම කොල ජාති හොඳින් උයලා පෙන්නනවා.හරි ශෝක්..කොහේ කොතන හිටියත් සතුටින් ඉන්න.බුදුසරණයි ❤️
@hoggia
@hoggia Жыл бұрын
Matt mage malliwa matak una..eyat ohoma tamayi kata karanne..❤
@sunethrasamaradheera4331
@sunethrasamaradheera4331 Жыл бұрын
ඔයාගෙ අදහස ඉතා ම හොඳයි කියල මට නම් හිතෙනවා.මොකද? ඔයා ගුරුවරියකගෙ කාර්යභාරය අපට කෑම හදන විධිය කියල දෙන කොට හොදට ම කරනවා.මම ඔයාගෙ හැම වීඩියෝ එකක් ම බලන කෙනෙක් .ඔයා ඉන්නෙ වෙනත් රටක කියල කවදාවත් දැනිල නෑ. ලංකාවෙ අපේ යථාර්ථය තේරුම් අරගෙන අපට දැනුම දෙන ඔයා අපිට බොහොම වටිනවා ඔයා දැනටත් හොඳ ගුරුවරියක් . ඔයාගෙ අනාගත ජීවිතයට සුබ පතනවා.තෙරුවන් සරණයි.
@ramyabalagolla390
@ramyabalagolla390 3 ай бұрын
You are very kind
@nimalimadushika9777
@nimalimadushika9777 26 күн бұрын
Mtth mg Malli mathak una .eyath ehema thama kathakaranne❤❤❤❤
@dayarathnayake3988
@dayarathnayake3988 8 ай бұрын
ඔයා ඇතුළු පව්ලේ සියළුම දෙනාට තුනුරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි
@wampawalaudeni410
@wampawalaudeni410 Жыл бұрын
ආසාවෙන් බලන්න හිට්යේ සතුටුයි දැක්කිම❤❤
@champaginadari4688
@champaginadari4688 Жыл бұрын
ඔයාගේ විස්තර දැනගන්න ලැබීම සතුටක් 💐💐💐💕💕
@harshaniranasinghe7608
@harshaniranasinghe7608 Жыл бұрын
මං වැඩියම ආස කටහඩට 💕💕💕💕💕💕💕
@pabasaralihiniyakoon7614
@pabasaralihiniyakoon7614 Жыл бұрын
මම ඔයාගෙ voice එක ලස්සනයි කියල තමයි හැමදාම දැම්මේ .අද නම් මට කියන්න වෙන්නේ voice එක විතරක් නෙමෙයි ඔයත් මාරම ලස්සනයි කියලා. ❤❤❤❤
@nishanthagunathilaka2538
@nishanthagunathilaka2538 Жыл бұрын
සුබ පැතුම් චෙෆ් තෙරුවන් සරනයි
@awanthiushani3675
@awanthiushani3675 3 ай бұрын
ඔයාගේ උත්සාහය අති සාර්ථකයි දුවේ.තෙරුවන් සරණයි.
@nilushasiriwardhana3583
@nilushasiriwardhana3583 Жыл бұрын
කටහඬ වගේම අක්කත් හරි ලස්සනයි.
@shyamamunasinghe5258
@shyamamunasinghe5258 Жыл бұрын
ඔබගේ සරල ස්වභාවය....❤️❤️❤️🙏 I wish you all the best...💐💐 👌👌💖💖
@Harshi_online
@Harshi_online Жыл бұрын
සරලකම වටිනවා❤
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 Жыл бұрын
තෙරුවන් සරණයි ! ඔබටත් පවුලේ සැමටත් සුභ අනාගතයක් වේවා .❤
@poornimauyangoda1357
@poornimauyangoda1357 Жыл бұрын
ගොඩාක් හොඳින් මානුෂිය හදවතක් ඇති ව ජිවිතය ගෙවන බොහොම නිහතමානී චරිතයක් ..ඔබට සදා ජය...
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 Жыл бұрын
Thank you Chef. Wish you all the best. I have tried most of the recipes. Your way of explaining is great. ❤
@user-kh5ti8id9q
@user-kh5ti8id9q Жыл бұрын
ඔයා හරිම ලස්සනයි.අනිත් එක තමයි ඔයා හරිම වාසනාවන්ත කාන්තාවක්. මොකද සමහරු බොරු ටිප්ස් දාලා ලොකුකම් පෙන්නනවා. ඒ අතින් ඔයා මාරම අව්‍යාජයි . සුභ පැතුම් චෙෆ් ඔයාට.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
@shanthijayalath4517
@shanthijayalath4517 Жыл бұрын
ගොඩක් වැදගත් අදහස් ටිකක්.. ඔබතුමියගේ නිරහංකාරකම ගැන හරිම සතුටුයි.. vedios බලද්දි හිතුනෙ නෑ පිටරටක ඉන්නෙ කියලා.. ඉතින් ඔබතුමියට තෙරුවන් සරනයී..❤❤
@inomarangani7880
@inomarangani7880 Жыл бұрын
නිහතමානී ඔබට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.
@madushaharshani955
@madushaharshani955 Жыл бұрын
අක්කේ ගොඩක් ස්තුතියි ඔයාට 🙏 මම බේකරි කෑම ගැන කිසිම දෙයක් දන්නෙ නැතිව ඔයගේ වීඩියෝ එකක් බලලා එක පාරින්ම බටර් කේක් එකක් හැදුවා ගෙදර හැමෝම පුදුම උනා ඇත්තටම ඔයා හරිම පැහැදිලිව කියල දෙනවා ටීචර් කෙනෙකුට නියමට ගැලපෙන කෙනෙක් ඔයා 😘😘😘 ඉතින් අක්කේ ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනවා. ආදරෙයි ගොඩක් 😘
@ig9633
@ig9633 Жыл бұрын
I watched your videos for 2 reasons. You don't have fake actions like most Sri Lankans women do. Your recipes are quick and to the point with the most important details that we need. Thank you ❤️ Greetings from the USA!
@chintasamaranayake933
@chintasamaranayake933 Жыл бұрын
100% agree .today only i saw this video . From usa
@navodasathsarani2078
@navodasathsarani2078 Жыл бұрын
❤ ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කේ....❤Thanks
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 Жыл бұрын
මම ඔයාගේ රෙසිපි හදනවා.ඔයාගේ නිහතමානීකමට ගොඩක් ආදරෙයි.❤❤❤
@dasuniruwinsa2384
@dasuniruwinsa2384 Жыл бұрын
I am really glad to hear your story I studied commercial Cookery at Boxhill Institute Melbourne, and now I am working as a chef. But I am fed up this field and it’s really hard to working this field. Specially as a mother. So glad that today I heard your story and I love to watch your videos as well. ❤️
@ruparohini733
@ruparohini733 Жыл бұрын
Very happy to see you ❤. Your explaining and attitude is very well. I like your recipes 😋. Good personality. Love you. Take care. Theruwan Saranai. ❤
@FamilyTeachings
@FamilyTeachings Жыл бұрын
ඔයාටත් ඔයාගෙ පවුලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගී සුවය දිර්ඝායුශ ලැබේවා .මමත් නිතරම ඔයාගෙ චැනල් එක බලනව.තෙරුවන් සරණයි ඔයාලට .
@srimapathmini2244
@srimapathmini2244 Жыл бұрын
ඔයා හරිම නිහතමානී ඉදිරියටත් ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි දුව ....♥️
@nisansalaadhikari940
@nisansalaadhikari940 Жыл бұрын
මම, ඔයා කියල දුන්න recipes ගොඩක් try කලා .සියල්ලම සාර්ථක උනා.ඒ අතරින් "අඹපැහිය" වැඩි වාර ගණනක් හැදුවා .pregnant අයට දෙන්න .❤ ඔයාට ගොඩක්ම පින් .ඔයා නිසා මම ගොඩක් දේවල් ඉගෙනගත්තා.දැන් ඔයාගෙ අඹ පැහිය, මගේ වෙලා ඒ තරමටම ජනප්‍රියයි.😊 ගොඩක් ආදරෙයි අපි .නැවතත් ස්තුතියි ඔයාට .❤වසනාවන්ත සුභ අනාගතයක් වේවා ....❤❤❤
@newmultivision9082
@newmultivision9082 Жыл бұрын
ඔයාව දැකලා තිබ්බෙම නෑනෙ ඔයාගෙ රෙසිපි වලින් මම කැමති ම බටර් කේක් එකට. මොකද මම කේක් ශොප් එකක් කරන්නෙ .මමත් කෝස් එක කරලා තමා ශොප් එක ඕපන් කලේ ඒ උනාට ඔයාගෙ බටර් කේක් රෙසිපි එකට හදන නිසා ඒක හරියටම එනවා.. thank you akka..❤ ඔයා ගොඩක් ලස්සනයි .. තව රස කෑම ගොඩාක් අපිට කියල දෙන්නත් ලස්සන අනාගතයකටත් සුබ පතනවා❤🌹😘
@hasanithalagala1988
@hasanithalagala1988 Жыл бұрын
mama me akkaige pol cake recipe eka thama hadanne..hari rasata enawa
@anomajayalath7084
@anomajayalath7084 Жыл бұрын
තෙරුවන් සරණින් ඔයාට පූර්ණ සුවය සහ සියළු කටයුතු සාර්තක වෙන්න කියල සුභ පතනව. ඔයාගේ සමහර කෑමත් හැකි වෙලාවට හදනව.❤❤
@welgamageirangani417
@welgamageirangani417 Жыл бұрын
හරිම සතුටුයි.නිහතමානීකමට ආදරෙයි. චැනල් එකක් පටන් ඉන්න අයට වැදගත්.පුලුවන්නම් වීඩීයෝ එඩිට් කරන හැට්ත් කියලා දෙන්න .අපට හරිම වට්නවා.
@jayaniekanayake4769
@jayaniekanayake4769 Жыл бұрын
මට හිතෙන විදියට ඔයාගේ වෙනස තමයි අවංක බව, ඔයා recipes කියලා දෙන්නේ හදවතින්ම එන වචන වලින්. බොරු සෝබන නෑ.. සුබ පැතුම් මගෙන්..❤
@sepaliheli9361
@sepaliheli9361 Жыл бұрын
Thank you sister mamath asawen hitiye oyagana danaganna adaaeka istauna jayawewa!
@niludias1951
@niludias1951 Жыл бұрын
ඔයාගෙ කටහඬ හරහා මගෙ හිතේ ඇදුන රූපෙට වඩා ඔයා වෙනස් නංගා.ඒත් ඔයා හරිම ලස්සනයි .ඒ වගේම හරිම හොද කෙනෙක්.ඕනම වෙලාවක අහන ප්‍රශ්නවලට ඔයා නිහතමානීව උත්තර එවනවා.ඔයාට තව තවත් සාර්ථකව ඉදිරියට යන්න සුබ පතනවා .බුදු සරණයි නංගා
@madhusamindi3750
@madhusamindi3750 Жыл бұрын
Same here
@ranjaniel3436
@ranjaniel3436 Жыл бұрын
ඔඉස් ඔයාගෙ නිහතමානි කමට ගොඩක් ගරු කරනව❤️❤️
@kumarijayasekara5869
@kumarijayasekara5869 Жыл бұрын
ඔයාගෙ recipes වලටත් වඩා ඔයාගෙ සරල නිහතමානී ජීවිතය හරිම වටිනව.හැමදාමත් recipes බලනව.ඔයාලගෙ ජීවිතය දිනෙන් දිනම දියුණු වෙිවා !තෙරුවන් සරනයි !
@nipuniayodhya5767
@nipuniayodhya5767 Жыл бұрын
Hello chef, I commented on you fish bun recipe before. Happy to hear that you are also from Australia. Thank you for your motivation chef coz it’s bit hard to work in this field. From SA. Good luck for your future🥰
@rasikakumari1164
@rasikakumari1164 Жыл бұрын
හරිම ආදරණීය ,සරල කෙනෙක් කියල තමයි හිතන්නේ . කොහේ හිටියා ත් රසට, සරලව කෑම හදන්න කියල දෙනවාට ගොඩාක් ස්තුතියි 💖. චෙෆ් ගේ අම්මා හරි සතුටු ඇති දැන් රසට කෑම හදන්න පුළුවන් නිසා. සියළුම සිතුම් පැතුම් ඉටුවේවා .ආයිත් එනකොට ටීචර් කෙනෙක් වෙලා එන්න . 💐💐❤
@ramaniadikaram25
@ramaniadikaram25 Жыл бұрын
😊👍❤️
@dammikasepali1566
@dammikasepali1566 Жыл бұрын
ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් ගොඩක් ස්තුතියි .ඔයාගෙ හැම වීඩියෝ එකක්ම වගෙ බලනව්
@lalaniegodawatte6695
@lalaniegodawatte6695 Жыл бұрын
සතුටුයි ඔයා ගැන දැනගැනීමට හැකිවීම ගැන. ඔයාගෙ videos අහම්බෙන් හමුවුනා දවසක්. එදා ඉදලා මොනවා හරි හදන්න කලින් KZbin ගිහින් chef Shani කියලා හොයා ගන්නවා. ස්තුතියි ඔබකරනා මෙහෙයට. ඔබ සහ පවුලේ සියලුම කටයුතු සාර්තක වේවා නංගි!
@dilrukshiperera900
@dilrukshiperera900 Жыл бұрын
So friendly. Proud of you as a Srilankan. Same as our sensitive thoughts. Wish you the every success and healthy life. "May tripple gems bless" you
@samandanirajapaksha605
@samandanirajapaksha605 Жыл бұрын
Anee hari asawen hitiye oyawa balanna 💙❤️‍🩹
@ramyapremadasa9998
@ramyapremadasa9998 2 ай бұрын
සතුටුයි ඔබ ගැන දැන ගන්න ලැබීම . ඉදිරියටම යන්න සුභ පතන වා.
@ajantharanawake1682
@ajantharanawake1682 Жыл бұрын
කොහොම උනත් මෙි දේවල් වලට බොහොම ස්තූතිය .ඔයා ගේ ගොඩක් කෑම මම හදනවා.හරිම රසයි.මගේ favorite mayonnaise ❤❤
@HK-jc7sj
@HK-jc7sj Жыл бұрын
I was never able to get a cake perfectly done until I followed your butter cake recipe. My mother recommended your channel, and my first perfect butter cake was your recipe. So far, I tried more than 15 recipes from your channel, and all worked out perfectly. I am so glad that you decided to join KZbin. Thank you so much. Also, I think people like your content because there's no unnecessary talking and boasting. It's what we also want because, people don't want to spend more time on KZbin listening to irrelevant stuff. Yours is simple and quick, and I like it very much.
@VinuriJayarathna92
@VinuriJayarathna92 Жыл бұрын
It is really nice to get to know you. I love your recipes... They usually never go wrong. I made your Biriyani more than 4 times. It's way better than the biriyani we eat outside. Thank you and wish you all the courage to achieve the plans that you have in your heart.
@ajanthadharmawardane705
@ajanthadharmawardane705 Жыл бұрын
Good luck
@jeewaniwasalage1522
@jeewaniwasalage1522 Жыл бұрын
අහම්බෙන් තමයි මම ඛලන්න පටන් ගත්තේ. හරිම පැහැදිළියි.ජය වේවා.යහපතක්ම වේවා.❤❤❤❤🎉🎉🎉
@Niranjilaperera2378
@Niranjilaperera2378 8 ай бұрын
ජය වේවා,බොහොම ස්තුතියි ,නිහතමානීව දන්න දේ 100% පිලිවෙලට සහ නිවැරදිව කියල දෙනවා.බුදු සරණයි ....🙏🙏🙏🙏🙏
@kumudujayasekara2921
@kumudujayasekara2921 Жыл бұрын
ඇත්තටම ඔබ හොද teacher කෙනෙක් , Chef කෙනෙක් . ඕනෑම දෙයක් හරියට කරන කෙනෙක් කියලා මට හිතෙනවා . අන් අය, විශේෂයෙන් ලාංකික අපි ගැන අනුකම්පාවෙන් හිතලා අද තියෙන ආර්ථික තත්වය ගැන හිතලා ඔබ අපට රස කෑම හදන හැටි කියා දෙනවට බොහොම ස්තුතියි . ඔබේ සරල බව, අව්‍යාජ බව good qualities හැමදාම අගය කරනවා. ඔබ හැදූ වැඩූ දෙමාපියන් ට ත්, ඔබේ මහත්තයා , දරුවන් සහ ඔබටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් පතමි ! තෙරුවන් සරණයි නැගනිය ඔබට.
@biyankavisvakula8723
@biyankavisvakula8723 Жыл бұрын
ඔයාගෙ කට හඩයි,chef කෙනෙක් විදියට දාල තියෙන රූපෙයි බැලුවම,ඔයාගෙ අද දැක්ක රූපෙ වෙනස්ම වගේ.ඇත්තටම ඔයා හුගාක් නිහතමානී ඇති.දිනෙන් දින දිනේවා❤
@DammikaW48474
@DammikaW48474 Жыл бұрын
දිරිමත් කාන්තාවක්. දක්ෂ කාන්තාවක්. සුබ පතනවා මුලු සිතින්ම ඔබට, ඉදිරි අනාගතය ගැන ඔබේ ප්‍රාර්ථනා සියලු අයුරින්ම සාර්ථක වේවා කියා. නිරෝගී සුව ලැබේවා. ජයෙන් ජයම වේවා. ඉතාම හොඳ ප්‍රයෝජනවත් වැඩසටහන් ඉදිරිපත් කරනවට ගොඩක් ස්තුතියි!
@anomawijerathna137
@anomawijerathna137 Жыл бұрын
ඔයා හොදට කියලා දෙනවා.හරිම පහසුයි කෑම හදන්න. ඔයාට දළදා සමිඳු පිහිටයි!!♥️♥️
@lalanijayasekara2917
@lalanijayasekara2917 Жыл бұрын
හැංගිච්ච කිසිම දෙයක් නැතිව කෙටියෙන් රෙසිපි එක දෙන එක ඉතාමත් වටිනවා
@puthrimajeed1997
@puthrimajeed1997 Ай бұрын
Very true
@vinuralakruwan3145
@vinuralakruwan3145 Жыл бұрын
In my experience I can say that your recipes are really good, also the way of presentation is short and to the point. I believe that your delicious recipes and short and sweet presentations make this channel so special. May you get all the success and happiness you deserve! 😊🙏
@chandrikapushpakumari987
@chandrikapushpakumari987 Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලට..හිතේ තියන යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉශ්ඨ වෙන්න ඕනි ..
@susilagh907
@susilagh907 Жыл бұрын
ඔයාගේ නිහතමානී කමට ගොඩාක් ස්තුතියි ඔයා ගෙ රෙසපි මම හදන්න කැමති සරල නිසා. සුභ අනාගතයක් ඔබට
@anulawijesekara9881
@anulawijesekara9881 Жыл бұрын
තෙරුවන් සරනයි !!! අපේකම අගයන ඔයා අපි වගේම නිසා තවත් හිතින් එක් උනා ඔයාටත් පව්ලේ අයටත් නිදුක් නිරෝගී සුභ අනාගතයක් වේවා !!!
මමත් ගියා SOLO date | me time | skin care day
32:07
Sheshadrie Krishan online
Рет қаралды 150 М.
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 511 М.
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 97 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН