මාසේ වියදම අඩු කරපු හැටි බිලත් එක්කම | Grocery Shopping Vlog | Save money | Reduce monthly expenses

  Рет қаралды 96,319

My Diary

My Diary

Күн бұрын

මාසේ වියදම අඩු කරපු හැටි බිලත් එක්කම | Grocery Shopping Vlog | Save Money | How reduce monthly expenses
අපේ fb page එක 👉 www.facebook.c...
අපේ Q and A vlog එක 👉 • අපි කවුද? | Q and A Vi...
• මගේ අතින්ම හදපු කේක් එ... 👈 අම්මගේ birthday එක දවස

Пікірлер: 479
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Next vedio : kzbin.info/www/bejne/fnaboqtpoNxratEsi=P26CtO5gUgdqCT6e
@asafernando6290
@asafernando6290 Жыл бұрын
ගමේ හොදට දේවල් තියෙද්දී කෘතීම දේවල්, දින ගණන් ගිය මස්, ක්ෂණික කිරිපිටි එහෙම ගන්න එක අඩු කරන්න. උම්මලකඩ කෑල්ලක් අරන් හෝදලා රැහැලා ගන්න. බඩු ගන්නේ card එකෙන්ද cash දීලද කියන එක කිසිම ප්‍රශ්නයක් නෑ. තමන් දැන ගන්න ඕනේ තමන්ට අවශ්‍යම බඩු ටික විතරක් ගන්න. දින බලලා ගන්න. මොකද මාසෙට වැඩියේ ඉතුරු වෙන ඒවත් තියෙනවානේ. Full cream milk powder එක තමා හොදම. මම කරන විදිහ දුව. ❤️ 🙏
@thiliniathapattu6549
@thiliniathapattu6549 Жыл бұрын
විම් කැට හොඳ නෑ. විම් කැටවලින් සේදුවාම කුඩු වගේ දෙයක් භාජනවල ඉතුරු වෙනවා. රත්ති කිරි තේ ගන්නත් එපා. ඒකෙ වැඩිපුර බර වැටෙන්නෙ සීනිවලට. කිසිම පෝෂණයක් නෑ. ඇත්තටම පුළුවන්නම් කිරිපිටි පාවිච්චි නොකරන තරමට හොඳයි. ඊළඟට තක්කාලි සෝස් වගේ දේවල් ගන්නකොට හොඳ brand එකකින් ගන්න. පහුගිය කාලෙ ලොකු ආන්දෝලනයක් ගියා සමහර බාල brand වලින් එන තක්කාලි සෝස්වල ඇත්තටම තක්කාලි නෑ කියලා. ක්ෂණික නූඩ්ල්ස් වගේ දේවල් ගන්නම එපා. ඒවා ඔයාලගෙ shopping list එකෙන් අයින් කරලම දාන්න. Chicken කිලෝ දෙකහමාරක් දෙන්නෙකුට හොඳටම වැඩියි. ඔයාලට මාසයක් විතර කන්න පුළුවන්. මාසයක් fridge එකේ පරණ කරන එක අපරාදෙ. Ready made රෝල්ස් වගේ දේවල් පුළුවන්නම් ගෙදර හදාගන්න. ඒවා කල්තියාගන්න විවිධ රසායනික දේවල් එකතු කරනවනේ. ඔයා ගෙදරම ඉන්න හින්දයි ඔයාට රසට හදන්නත් පුළුවන් හින්දයි ඔයාට ඒ වගේ දේවල් හදාගන්න පුළුවන් ලේසියෙන්ම. Cutlets, Rolls වගේ දේවල් එක සැරේ හදලා freez කරලා තියාගෙන අවශ්‍ය වෙලාවට බැදල ගන්න පුළුවන්.දෙන්නෙක් විතරක් ඉන්න නිසා පාන් පිටි, සීනි, පරිප්පු වගේ දේවල් ගොඩක් ගන්න එපා ගුල්ලො හැදෙන නිසා. උම්බලකඩ කෑලිවල ගොඩක් අපද්‍රව්‍ය තියෙන නිසා උම්බලකඩ කෑල්ලක් අර​ගෙන සෝදලා වේලලා කුඩු කරලා තියාගන්න. මේ දේවල් ඔයාලා දෙන්නට ආදරේට කිව්වෙ. මටත් අද වගේ මතකයි අපි බැඳපු අළුත නොතේරුම්කමට ගිහින් බඩු ගත්ත හැටි.
@dammikarandeniya2112
@dammikarandeniya2112 Жыл бұрын
මේ අදහස් හැම එකක්ම වගේ...අලුත් Couple එකකට ඇත්තටම වටිනවා..👍
@thiliniathapattu6549
@thiliniathapattu6549 Жыл бұрын
ගෙදර වියදම අඩුකරගන්න අපි දෙන්නෙක් විතරක් ඉන්න ගෙදර සාමාන්‍යයෙන් මම කරන්නෙ මෙහෙමයි. සතියකට සැරයක් බඩු ගේනකොට කිලෝ එකක විතර chicken එකක් ගන්නවා. ඒක කෑලි කපලා කෑලි 8 ගානේ boxes වලට දානවා. මම උදේටයි දවල්ටයි දෙකට එකට උයන්නෙ අපි දෙන්නම වැඩට යන නිසා. එතකොට උදේ කෑම එකට කෑලි දෙකයි, දවල් කෑමට දෙකයි දෙන්නගෙ කෑම හතරට කෑලි අටයි. 😊 එතකොට මට දවස් 4කට විතර පිරිමහගන්න පුළුවන්. තව කරවල, හාල්මැස්සො, බිත්තර, මාළු වගේ දේවලුත් උයන නිසා සමහර දවස්වලට මට ඒ chicken ටික සති දෙකකටත් ඇති. එළවළු ගන්නකොටත් එහෙම තමයි. මම බලන්නෙ කිලෝගණන් වලින් නෙවෙයි. දවසට අල ගෙඩි කීයක් ඕනෙද? ලූණු ගෙඩි කීයක් ඕනෙද? සුදු ළුෑණු ගෙඩියක් දවස් කීයකට ඇතිද වගේ දේවල්. පරිප්පු උයද්දි වේලකට එක්කෙනෙකුට එක මිටයි. ඉතින් එදා දවසට හදන කෑම මදි වෙන්නෙත් නැතුව ඉතුරු වෙන්නෙත් නැතුව ගාණට ඉවර උනොත් මට හරි සතුටුයි. ඉඳහිට චුට්ටක් මදි උනොත් hubby ට බෙදල දීලා ඉතුරු ටික shape කරගන්න එක ගෑණු අපට අමාරු දෙයක් නෙවෙයිනෙ නංගී. හදිසියකට බිත්තරයක්, සම්බෝලයක් උනත් හදාගන්න පුළුවන්නේ. ඔයත් කරලා බලන්න. ඒක හරිම interesting. මේ දේවල් මම කරන්නෙ ලෝබකමටනම් නෙවෙයි. මේ ලෝකෙ කොච්චර ඉන්නවද කන්න නැති. එතකොට අපි කෑම බීම අපතේ දාන එක හරිම ලොකු පවක් කියලමයි මට හිතෙන්නෙ.
@hashnimaduchka4374
@hashnimaduchka4374 Жыл бұрын
Eka hari
@kavihgunawardane2918
@kavihgunawardane2918 Жыл бұрын
ස්තූතියි ඔබට ගොඩක් දේවල් ඉගෙන ගත්තා.❤ලගදි තමයි මමත් තනියම shopping කරේ.ඒත් අපි දෙන්නටත් කළමනාකරණය කරන්න තේරුමක් නෑ තාම ලොකුවට.මේ comment එක හරිම ප්‍රයෝජනවත්.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@thiliniathapattu6549ඔයාගේ අදහස් ගොඩාක් වටිනවා අක්කා 🥰❤️ thank you sooo much❤ .... Adarei
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
Budget plan ekak hadanna nangi. Masa deka thunak wiyadam balala plan ekak hadaganna. Meal plan ekak hadaganna. Ethakota ganna ona badu gana awabodayak enawa. Sathutin inna nangi. Suba pathanawa aluth jiwitheta.. ❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
නංගීයෝ ❤❤❤මාත් දැන් අවුරුදු 15 තිස්සේ බඩු ගන්නේ තොග කඩේකින්..ඒක ලාබයි...පොලෙන් ගන්න එකත් ලාබයි....විම් නං දියර ගන්න ..ඒක ලාබයි..ඒ බෝතලේ බාගෙට බාගයක් වතුර දාන්න..පාන් කුඩුත් ගන්නවට වඩා පාන් අරන් කුඩු හදන එක ලාබයි..මාත් මේ දවස්වල low budget grocery video එකක් කරන ගමන් ඉන්නේ...නංගී පුලුවන් නං පොල්තෙල් ගෙදර හදන්න..chicken meat shop එකකින් ගන්න...ඕවා ගොඩක් පරනයි...ආදරෙටයි ගොඩක් දේ ලිව්වේ...මොකුත් හිතන්න එපා ..ආදරෙයි දෙන්නටම..🎉🎉🎉🎉🎉
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ නෑ අක්කා මන් මොනවා හිතන්නද... Vim එහෙම ගන්න ඕනේ❤ chicken nam aluth ewa gaththe akka පැකට් කරපු එක නෙවේ..
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@zero_Empire❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
@@mydiary8283 ❤❤❤
@blackswann5121
@blackswann5121 Жыл бұрын
MDK ඔයාලා බලපු කොත්තු එක ගොඩක් රසයී හරි තුනී කඩේ කොත්තු වගේමයී හැදුවම පිටි ගොඩ නෑ අක්කේ ඊලග පාර tryකරලා බලන්න මුලින් අයිස් යන්න ඇරලා නොන්ස්ටික් එකක ටිකක් තෙල් මුකුත් නොදා fry කරලා තමා හදන්න ගන්න ඕන
@Sudarshani9093
@Sudarshani9093 Жыл бұрын
Nangi mn engaged wela inne . Thawama husbandge gedara padinchiyata giye ne. Eth me kale hatiyata budget ekata anuwa badu ganna gedarin labichcha mage athdakeem oyata kiyannam . Noodles pasta pan kudu soya wage dwl puluwan tharam kirala ganna . Eken loku labayak enawa . Palathuru mila adu kaleta tikak wadipura aran jam wage dwl hadala bothal karala thiyaganna . Baby saban wage dwl 5 pack ekak ganna . Vim saban walata wadiya wim diyaraya wasidayakai . Budget ekata wagema oyage ath walatath hodai .( vim saban walata athkalu wenawa niyapothu ikmanata damage wela kadenawa ). Mas malu Elawalu palathuru wage dwl sathiyata sarayak ganna . karawala wage dwl gannawata wadiya malu laba kaleta aran sodala welala fridge eke dala thiyaganna . Anith athyawasya kulu badu hal parippu wage kirala ganna puluwan dwl masekata sarayak ganna . saban kudu dath beheth wage dewal hodama brand walin masekata sarayak ganna. Dennek nisa loku ithuruwak karaganna puluwan . Waradi deyak kiuwa nm samawenna manike
@dsvlog6100
@dsvlog6100 Жыл бұрын
කඩේ බඩු ලාබයි ඒක මුලින්ම කියන්න ඕන . ගෙදර ට ඕන සේරම බඩු ලිස්ට් එක මම ත් පොතක ලියලා තියෙන්නේ මාසෙට දවසක් අඩුපාඩු බලලා ගේනවා .ලොකු ගෑස් එක වගේ ම බාගෙ එකකුත් ගෙනත් තියාගන්න .ගෑස් ඉවර උනා ම තකහනියක් දුවන්න ඕන නෑ . මේ තියෙන්නේ මගෙ ගෙදර ට ඕන සේරම බඩු සීනි තේ කොල අල ලූනු ලුනු කුඩු පරිප්පු කඩල පරිප්පු කඩල උම්බලකඩ සන්ලයිට් කොහොඹ ශැම්පු මිරිස් කුඩු ගම්මිරිස් කුඩු කහකුඩු බැදපු තුනපහ කුඩු කෑලි මිරිස් වියලි මිරිස් අමු තුනපහ කුඩු කිරි පිටි සුදු ලූණු හාල් පපඩම් කැකුලු හාල් කව්පි හාපික් ලන්ච් ශීට් පත්තර කුරුදු කරදමුංගු පාන් පිටි අබ උලුහාල් රේසර් සබන් කුඩු පොල් තෙල් හදුන්කූරු පහන්තිර ගොරකා ටීපෝල් විම් ක්ලෝගාඩ් බිස්කට් සුපෝශ මාලු කෑම මැකරොනි හෑන්ඩ් වොශ් බිත්තර සෝස් නූඩ්ලස් ටින් මාලු ෆේස් වොශ් කොම්පෝට් සර්වියට් ස්විස් රෝල් හාල්මැස්සො කරවල චිකන් මාලු ගිනි පෙට්ටි සෝයා යීස්ට් ඇස්ට්‍රා චීස් කරාබු නැටි පැනඩෝල් අසමෝදගම් එලවලු තක්කාලි අමුමිරිස් කැට ලුණු සූදුරු මාදුරු සෝයා මීට්
@madushikachalani9160
@madushikachalani9160 Жыл бұрын
👍 ප්‍ර්රාමනයත් එක්කම දාන්න තිබුනේ අක්කේ.ගොඩක් වටිනවා.❤
@nirodagalagoda1370
@nirodagalagoda1370 Жыл бұрын
තුන පහ වර්ග කඩෙන් ගන්න එපා කිසිම රසක් නැහැ ගෙදර දී හදා ගන්න අවශ්‍ය දෙවල් ගෙනැවිත් . ගම්මීරිස් ඇට අරන් ගෙදරදි කූඩු කර ගන්න වියදම ගොඩක් අඩු වෙයි
@thiliniathapattu6549
@thiliniathapattu6549 Жыл бұрын
@@nirodagalagoda1370 ඔව්. කහ, තුනපහ, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු එහෙම කඩෙන් අරන් වැඩක්ම නෑ.ගෙදරදිම පිරිසිදුවට සෝදලා වේලලා කුඩු කරගන්න පුළුවන්.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you sooo much akkaaaa ❤❤❤❤❤😘
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 Жыл бұрын
මම ශානි අනේ මට මාසෙට බඩු වලට යන වියදම වැඩියි ඔයාට පුළුවන්නම් යන ප්‍රමාණයත් එක්කම දාන්නකෝ
@SanduandMudiVlogs
@SanduandMudiVlogs Жыл бұрын
මරු කඩේ ඒක. ලාබයි බඩු.මං ගන්නේ සතියට ඇති වෙන්න. Meal plan එකක් හදලා ඒකට අදාල බඩු ටිකයි එළවළු ටිකයි,meat ටිකයි විතරයි ගන්නේ.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
❤❤❤❤❤ පරිස්සමෙන් ඉන්න
@shineimalsha568
@shineimalsha568 Жыл бұрын
හරිම ආසායි මං ඔයාගෙ vedios බලන්න..පුලුවන් හැම වෙලාවකම vedio එකක් ගේන්න try කරන්න dr ❤❤❤බුදුසරණයි ඔයාලාට
@aroshadithyan8573
@aroshadithyan8573 Жыл бұрын
ඔයාලා දෙන්නගේ වීඩියෝ බලන්නේ හරිම asawen. මේ වගේම වීඩියෝ ගේන්න. මේ වගේ තැන් වලින් ගත්තාම ලොකු ලාබයක් තියෙනවා නංගි. හැමදේම හොදින් කරගන්න. හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කා❤ ආදරෙයි
@chamarasadaruwan7108
@chamarasadaruwan7108 Жыл бұрын
Ane dennam godak sathutui.ikmaninma vedios gena hinda hari asawen balanawa nangi.budusa ranai dennatama
@ishanimendis6291
@ishanimendis6291 Жыл бұрын
ලස්සන video එක. ❤ පත්තර වල කෑම ඔතන්න එපා දරැවෝ. පත්තරයෙ තියන කලු කාබන් කෑමට යනවා . ❤
@dilininilmini7637
@dilininilmini7637 Жыл бұрын
Naga නිවාස .හදන්න ගිය weyadam .sambndawa.වීඩියෝ aekakk ගේන්න naga Tahnkss .බුදු සරණයි
@buddininalika6681
@buddininalika6681 Жыл бұрын
ඔව් සුදෝ අපි කසාද බැඳලා පවුල් ජීවිතයක් ගත කරනකොට තමයි අපිට හැමදේම තේරෙන්නේ... බඩු ගන්නකොට අත්‍යවශ්‍ය ම දේ විතරක් බලලා ගන්න.. ඔය වගේ තැන් වලින් බඩු ගන්න එක ගොඩක් වටිනවා.. මොකද හරිම ලාබෙට අපිට බඩු ගන්න පුළුවන්.. නිකන් ගිනි ගනන් දීලා කන්න බොන්න පුලුවන් කාලයක් නෙවෙයිනේ මේක.. ඒ නිසා ඔයි වගේ තැනකින් බඩු ගන්න එක වටිනවා... අනික අක්කේ මේක මම කරන දෙයක් ඔයත් එහෙම කරන්න... මම ගොඩක් වෙලාවට බඩු ගේනකොට අපිට කාලයක් පාවිච්චි කරන්න පුළුවන් බඩු තියෙනවානේ ඒවා මම ටිකක් වැඩියෙන් ගන්නවා.. මොනවාද කිව්වොත් සබන්,දත් බෙහෙත්, සන්ලයිට් කුඩු තව ඔය වගේ දේවල් එතකොට මට ඊළග මාසෙට ඒවා ගන්න ඕනේ නෑ.. දැන් හිතන්න එපා සබන් එහෙම කැට 10ක් විතර ගන්න ඕන කියලා.. එහෙම ඕනෙ නෑ ඔයා ඔය ගත්තා සබන් පැක් සබන් කුඩු පැක් ඔය වගේ ඒවා ගන්න.. එහෙම අරන් තියාගන්න එතකොට ඊළග මාසේට අපිට ඒවා අවශ්‍ය වෙන්නේ නෑ...අපිට ලොකු ලාබයක් තියෙනවා.. අනිත් එක තමයි ඔයා බඩු ගන්නෙත් මම ගන්නවා වගේමයි සුදු.. ආදරෙයි ❤❤❤❤
@ishanvlogs-y6q
@ishanvlogs-y6q 3 ай бұрын
එකනේ සුදු
@manushiperera9160
@manushiperera9160 Жыл бұрын
Ratthi kiri the ekanum bonna ba.hal hodapu වතුර wage.raththi kiri piti eka hodai.congratulations 1st grosary shopping ekata🎉.oyala 2nnage videos baluwa දිගටම .ada comment ekak dannama hithuna..හැමදාමත් me වගේම සතුටින් සමගියෙන් inna.❤
@deshaninirmalika9532
@deshaninirmalika9532 Жыл бұрын
අපිත් බඩු ගන්නේ තොග බඩු කඩෙන් ඔය වගේ ලාබයක් තියනවා අක්කි බුදුසරණයි ඔයාලට ❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ආදරෙයි නංගා❤
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 Жыл бұрын
මම නම් මාසෙ සති හතරට මුදල් බෙදලා තියා ගන්නවා...ලයිට්....වතුර බිල ඇරලා.සතියකට අපි 5 දෙනාට රැපියල් 13000 ක බඩු ගන්නවා.ඉරිදා පොලෙන් බඩු ගන්න රැ. 5000/= අයින් කරනවා.ඒ මුදලෙන් තමයි මස්...මාලුත් ...පලතුරු ගන්නෙ පොලෙන් ...සති හතරට සල්ලි බෙදා ගත්තාම අනවශ්‍ය දේවල් ගැනෙන්නෙ නෑ...ඒ වගේම සල්ලි කීයක් හරි පොඩි ගානක් ඉතුරු වනවා....ඔයා හාල් පිටි කිලෝ එකක් මෝලට දීලා කොටා ගෙන ෆීරීසර් එකට දාලා තියාගන්න ...මාසයක් උනත් පිටි නරක් නොවී තියාගන්න පුලුවන් .ආප්ප...ඉදිආප්ප...පිට්ටු....තෝසේ ඕනෑ කෑමක් හදාගන්න පුලුවන් ...පිටි පැකට් වලට කොහොමත් කල් තියාගන්න දේවල් දාලනේ තියෙන්නේ ...
@shiromishiro5258
@shiromishiro5258 Жыл бұрын
මාත් ග්‍රොසරි ලිස්ට් එකක් හදාගෙන මාසෙට එකපාර ගන්නෙ නංගී ..ඔයාලා ක්‍රීම් වර්ග ගන්නෙ නැද්ද .තව හෑන්ඩ්වොශ් ගද්දි වෙල්ෆෙයා ෆැක් ගන්න.ඉවර වුන බොට්ල් වලට පුරව ගන්න පුලුවන් .සෝස් නම් ඕක එච්චර රස නෑ MD එක රසයි .තුනපහ වර්ග ගෙදරම හදාගන්න ඔයා ටික ටික පුරුදු වෙන්න නංගී .ඒක ලාබයි සහ පිරිසිදුයි. අමු කහ අරගෙන වේලල කොටා ගන්න පුලුවන්.තව ගොඩක් අත්දැකීම් ඔයා ඉස්සරහට ලබා ගනීවි අලුත් ජීවිතේ සතුටින්ම ගත කරන්න ලැබේවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤ .
@gurugeaberuwan9686
@gurugeaberuwan9686 Жыл бұрын
මට අව්රුදු 16 අක්කගෙ තරම්ම දිගට මගෙත් කොන්ඩේ දිගට තිබිලා මම කොන්ඩේ පිළිකා එකට දන් දුන්නා . ඒත් දැන් මගේ කොණ්ඩෙ වැවෙන්නේ නෑ. දැන් අවුරුද්දක් වෙනවා කපලා. අක්ක කියල දුන්න තෙල් එක ගෑවොත් කොන්ඩේ වැවෙයි ද😢
@arunigeethika340
@arunigeethika340 8 ай бұрын
Hi.karapincha kola godak aran hondata hoodala wathura weelenna thiyala ulu haal ata 100 g wagee ekka badala kudu karala honda pol thel ekka daala hondata rath karala perala ganna.kola paata oil ekak enne.hondata gaala massage karanna.payakin naanna.konde wawenawa dear.sathiyata deparak karanna.
@user-asd__1K
@user-asd__1K Жыл бұрын
හැමදාම වගේ අද විඩියෝ එකත් මං වගේම අනිත් අයටත් ගොඩක් වටින විඩියෝ එකක් ආසාවට බැලුවට ඒකෙන් පොඩි හරි ආදර්ෂයක් හරි ඉගෙන ගන්න දෙයක් හරි තිබුනම ඒක බලන අපිට ගොඩක් වටින දෙයක් ඇත්තට අකිගෙ විඩියෝ මං මුල ඉදල බලල තියෙනවා ඒ හැම එකේම මට මගේ ජිවිතේට වටින ගොඩක් දේවල් තිබුනා ගොඩක් පිං සුදු අක්කි ඔයාට අයියයි අක්කි සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි
@ruwangithakshila7256
@ruwangithakshila7256 Жыл бұрын
දිගටම වීඩියෝ දාන්න.. ඒවාගෙන් ගන්න වැදගත් ඒවා ගොඩක් තියේ.
@Haheshika
@Haheshika Жыл бұрын
මැදිරිගිරිය ට ඇවිත් බඩු අරන් එන්න හිතෙනවා .. ශෝක් කඩයක්නේ..❤ මේ පලාත් වල ඔච්චර ඩිස්කවුන්ට් දෙන කඩ නෑ නංගෝ.. අපි ගම්පහ . Lucky you ❤
@sumudukrishan2061
@sumudukrishan2061 Жыл бұрын
අක්කා උඩුපිල කරුණාරත්න එකේ බඩු ගනම් අඩුයි අනිත් තැන් වලට සාපෙක්ශව
@Haheshika
@Haheshika Жыл бұрын
@@sumudukrishan2061 අනේ එහෙමද .. thank you nangi 😊
@krishanijayawardhana4402
@krishanijayawardhana4402 Жыл бұрын
උඩුපිල කරුණාරත්න එකේ බඩු වල ගාන ලංකාවේ කිසිම කඩේක නැතුව ඇති, ඒකේ නැති දේකුත් නෑ.. ඇත්තටම හරීම වාසියි🙏
@sumudukrishan2061
@sumudukrishan2061 Жыл бұрын
@@krishanijayawardhana4402 ow akka gdk labai eke
@sathsaranimendis5650
@sathsaranimendis5650 Жыл бұрын
Math badala awurudu 2k.dan babek innawa. Oya wage thama apith badu ganne. Raththi kiri the kiyna ekanm echchra hoda na. Adayam wiyadam liyanna pothaka.ethakota masa kihipayak yanakota oyta gedarata oni badu gana adahasak gathakii❤
@User-s9o3b
@User-s9o3b Жыл бұрын
Ape peththeth thiyenw akke oy wage aduwat badu ganna kadayk.goodak adui badu.api ganneth eken.budusaranai akke.parissmn enna.❤️⭐
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
ඇත්තටම වටිනා වීඩියෝ එකක් නංගියෝ. ඊයේ මම ඔයාට තිබ්බ 100 වන කමෙන්ට් එක නංගි..... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ආදරෙයි.. ❤️❤️❤️❤️ නංගි මම නවකතාවක් ලියනවා මේ චැනල් එකට ගියාම බලන්න පුළුවන් නංගිට මම ඉල්ලීමක් කරනවා ඒක කියවන්න එකතු වෙන්න කියලා කොටස් තුනක් දාලා තියෙන්නේ. කියවල කමෙන්ට් එකක් තියන්න 🙏🙏🙏🙏🙏
@jayanikulathunga8057
@jayanikulathunga8057 Жыл бұрын
Nangi oya kitchen eke podi note book ekakui pen ekkui hari podi sticky note ekak hari tiyan fridge eke hari cupboard ekka hari alawanna. ek oya kitchen eke wada krddi monwa hari iwara unoth ewa note kraganna. e wage athyawashyama dewal iwarawela kiyala dakina dakina welawata liyagattama kisima deyak maga arenne natuwa oyata list eke liyaganna puluwan. Mama inne UK eth mama oyage videos godak asawen balanwa maath oya wage marry krla lankawe husband ekka aluthma gedrkata padinchiyata giye e wagema mulinma oya denna wage grocery shopping giya mat ada me video eka baladdi e dewal mathak una. E kaale harima lassanai. wishing you all the best for a beautiful life ahead.
@pramodiwijethunga5054
@pramodiwijethunga5054 Жыл бұрын
අනේ ඉතින් අහිංසක ඔය දෙන්නට හැම පිහිටක්ම ලැබෙන්න ඕනි❤.අක්කේ බඳින්න කලින් ගෙවපු විදිහයි දැන් ඉන්න විදිහෙයි අනිවාර්යයෙන්ම වෙනසක් තියෙනවනෙ,ඉතින් ඔයාට කොහොමද ඒක දැනෙන්නේ 😇😍
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤❤ නංගා..... දැන් නම් පොඩ්ඩක් වෙනස් නංගා.. දැන් වගකීම් වැඩී කියලා දැනෙනවා ❤
@DiliniNisansala-tn4yy
@DiliniNisansala-tn4yy Жыл бұрын
Akkiii harima lassanaiii video eka den ithin thiyenne ඔය ගෙනාපු ජාති දාල රස රස කෑම හදල අපිට වීඩියෝ දාන එක තමයි....ආදරෙයි අක්කී......ඔයා ගොඩාක් ලස්සනයි .❤️😘...
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ❤ගොඩාක් ස්තූතියි පැටියෝ ❤මන් video අරන් එන්නම්කො
@Fafam4t
@Fafam4t 6 ай бұрын
ලංකාවෙන් පිට වෙන රටක ඉන්නේ අපි දැන් මොකක් දෝ මන්දා කියා ගන්න බැරි සතුටක් දැනුනා මේ වීඩියෝ එක දකිද්දි මායි හස්බනුයි බැදපු අලුත ලංකාවේ දි බසිසිකලේ න් ගිහින් ඔයවගේම නුගේගොඩ ජුබිලිකනුවේ තොග කඩේකින් බඩු ගත්තා ❤❤❤
@mydiary8283
@mydiary8283 6 ай бұрын
අනේ 🥺❤️🖤 ආදරෙයි
@Fafam4t
@Fafam4t 6 ай бұрын
@@mydiary8283 ❤❤❤❤ ආදරෙයි මැනික ජීවිතේ සතුටින් ගෙවන්න ❤❤
@Sadama923
@Sadama923 Жыл бұрын
අක්කි vim ගන්නකොට vim liquid එක ගන්න...විම් කැට අත් වලට හොදම නෑ,ඒවගේමනිකන්ම දියවෙලා යනවා...විම් දියරඑක ගත්තොත් ගොඩාක් කල් පාවිච්චි කරන්න පුලුවන්...ගානත් ගොඩක් අඩුයි...❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ඔව් පැටියෝ ආයේ ගන්න ඕනේ❤❤❤❤❤ thank youuu
@RuwanThushara-q5c
@RuwanThushara-q5c Жыл бұрын
Ane oyala denna Shok..Hoda family life ekak mulu jiwitha kalema gatha k.labenna k.wish karanawa...oyala dennage videos digatama balanawa..aththatama watinawa video walin Ganna dewaluth thiyenawa..sathutin inna hamadama..digatama videos genna..
@sandyakumari6635
@sandyakumari6635 Жыл бұрын
අනේ ඔයාලා දෙන්නගෙ වීඩියෝ බැලුවේ සබ් කරලාත් එහෙත් කොමෙන්ට් එකක් දාන්න බැරි වුනා වෙඩින් ව්ලොග් හැමදෙයක්ම බැලුවා හරිම ලස්සනයි අනෙක් දවසෙ ගොසරි ශොපින් කරන්න ගියාම කිචන් රෝල් ඇති කඩේ පත්තර කොල වලට වඩා ඒක හෙල්ත් එකට හොදයි ඒකක් ගන්න හරිම ආදරේ සතුටින් පරිස්සමෙන් ඉන්න මම සයිප්‍රස් සිට ❤❤🙏🙏
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤ ආදරෙයි ..... මන් ආයේ ඒවා ගන්නම්කො... පරිස්සමෙන් ඉන්න❤
@nilonilo300
@nilonilo300 Жыл бұрын
දෙන්නා සතුටින් පරිස්සමින් ඉන්න ඔයාගෙ video දානකන් බලාගෙන ඉන්නේ අපි ජෝර්දාන් ඉඳල බලන්නේ බුදු සරණයි
@sewwandidarshani2231
@sewwandidarshani2231 Жыл бұрын
Masetama badu ganna eka labai nangi. Puluwannam rathu kakulu hal walata huru wenna. Rathu hal gunaine. Parissamin sathutin inna dennama. Budu saranai! 🙏🙏🥰🥰
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
මමත් තොග කඩෙන් බඩු ගන්නේ..ලාබයක් තියෙනවා..vim කැට වෙනුවට vim liquid ගන්න.අයිස් මස් ගන්න එපා..පුලුවන් නම් අලුත් මස් ගන්න..නෙල්නා සෝසේජස් එක රසයි..ගොඩක් වටින විඩියෝ එකක් ❤❤.ඔයාලා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ඔව් නේද අක්කා කැටේට වඩා ඒක හොදයි.. Chicken ගෙනාවේ fresh ඒවා ... පැකට් ඒවා හොද නෑ පරනයි තමා
@waruvlogs
@waruvlogs Жыл бұрын
ශෝක් අනේ දෙන්නම ගෙදර දෙවල් plan කරලා ලස්සනට කරනවා ..අක්කිගෙයී අයියගේයී vedio බලන්න මාර ආසයී..hmadm sathutin inna adreyii..❤🤩
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැටියෝ ❤ ආදරෙයි
@bandulanawarathna2764
@bandulanawarathna2764 Жыл бұрын
අක්කි මම පොළොන්නරුවේ. ඕනෑගම. ඔයාලා දෙන්නා මට motivation එකක්🎯. හැමදාම සතුටින් ඉන්න දිනූ අක්කි සිසිල අයියා♥️♥️ තෙරුවන් සරණයි 🌼✨
@chathurikasanjeewani3678
@chathurikasanjeewani3678 Жыл бұрын
මමත් ඔහොම තමයි ඉස්සෙල්ලා ම බඩු ගෙනාවේ. හැබැයි ඊටපස්සේ මාසේ ඉදලා ලිස්ට් එකක් හැදුවා . දැන් බඩු ගන්නේ ලිස්ට් එකේ තියෙන දේවල් නිසා ගොඩක් වියදමඅඩුයි.
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤ try කරන්නම්කො
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 Жыл бұрын
අම්මෝ..මැණික මෙහෙත් ගත්තනම් 30ක් වත් යනවා..ලොකු ලාබයක්..👍❤ මීගමුව අපි
@mydiary8283
@mydiary8283 Жыл бұрын
🥺 අපේ පැත්තෙත් ඒ කඩේ විතරයි ඔහොම දෙන්නේ...❤ ආදරෙයි
@pemudithathsarani5370
@pemudithathsarani5370 Жыл бұрын
Cream cracker වෙනුවට bran cracker ganna. Chocolate biscuit වලට sugar wadi wenawa.
@malmiesiriwardhana7513
@malmiesiriwardhana7513 Жыл бұрын
Ow puthe vim keta ganna epa.vim dishwash liquid eka aran wathura dala bottles 3k withara hada ganna puluwan.diva redi diranawa a nisa sunlight kaha packet eka ganna redi godak hoda ganna puluwan puthe. Kitchen eka check list ekak thiya ganna ekata podi whiteboard ekak thiya ganna adu wena dewal eke liya ganna.ethakota badu list eka hada ganna lesei oyata.suba pathanawa oyata.bs
@__noob__adee__3559
@__noob__adee__3559 Жыл бұрын
සුදු නංගි විඩීයෝ එක හරි ම ලස්සන යි හරිම වැදගත් අපිට අනූරාධපුරෙ ඉදලා බඩු ගන්න මැදිරිගිරිය ට එන්න හිතනවා බඩු ගන්න ඒ කඩෙ බඩු හරි ම ලාබයි නෙද නංගි
@thilinimadhuwanthi3100
@thilinimadhuwanthi3100 Жыл бұрын
Man oyaga wading vidiyo akakt baluva akki gata gavadimat baluva harima sok akki❤❤❤❤
@ගෙදරකුස්සිය
@ගෙදරකුස්සිය Жыл бұрын
අනේ අලුත් ගෙදර දර ලිපේ උයන වීඩියෝ එකක් ඕනි 😍
@jayanikaruwangala6397
@jayanikaruwangala6397 Жыл бұрын
ආදරණීය අක්කිවෙත, ඔයාලට කොහොමද හොඳින් ඉන්නවා නේද,ගොඩ දවසකින් අක්කිගේ වීඩියෝස් බලන්න බැරි උනා මට පාඩම් වැඩත් එක්ක.අද තමා අක්කිගේ වීඩියො දෙක තුනක්ම එක වැර බලලා ඉවර කරේ,ඔක්කොටම එක එක කමෙන්ට් දාන්නේ නැතිව මේකටම චූටි කමෙන්ට් එකක් දාන්න හිතුවා මන්.අක්කිට මන් හරි ආසයි,ආදරෙයි.අක්කිගේ වීඩියෝ බලන්න පටන් ගත්ත විදිහ මට අදටත් මතකයි.මන් මගේ දිගට තිබ්බ කොන්ඩේ කපාගත්ත 🥲💔 ඒකල්ලා මේකේ කොන්ඩේ දික් වෙන්න ගාන එකක් හොය හොය ඉද්දි තමා අක්කිගේ කොන්ඩේ දික් වෙන තෙල් එක දැක්කේ මන් නිකමට ඒක බැලුවා.අනේ කියන්න වචන නෑ මට ගොඩක් ආස හිතුනා අක්කිගේ කොන්ඩේ දැකලා😩❤මටත් තිබුනා නම් කියලා හිතුනා ඒ වගේ කොණ්ඩයක්.එදාට පහුවෙනිදම මන් ඒ තෙල් එක හදලා ගෑවා.තාමත් මන් ගාන්නේ ඒ තෙල් එක ඒක ඇත්තටම හොඳයි.කොන්ඩේ තිබ්බට වඩා දැන් ගොඩක් දිගයි.අක්කි නිසා තමා ඒ🥺❤️මේක දකින අයටත් මන් කියන්නේ පුළුවන් නම් ට්‍රයි කරන්න කියලා.ඒක කොන්ඩෙට ගොඩක් හොඳයි.ඒක වගේම අනිත් දේවලුත් මන් කරා මගේ කොන්ඩේ තිබ්බට වඩ ගොඩක් හොඳට තියනවා❤එදා ඒ බලන්න ගත්ත පාර මුලූ චැනල් එකේම තියන ඔක්කොම වීඩියෝ ටික බලලා තමා නැවතුනේ.තාමත් එක වීඩියෝ එකක්වත් මග නොඇර බලනවා.දාන වෙලාවටම බලන්න බලන්න බැරි උනත් වැඩ ටික ඉවර උන ගමන්ම බලලා පුංචිම පුංචි කමෙන්ට් එකක් හරි දානවා❤කවුරුහරි මගෙන් ඇහුවොත් මගේ ජීවිතේ මන් මුන ගැහෙනවට ආස කෙනෙක් ඉන්නවා නම් ඒ කවුද කියලා මන් කියන්නේ ඒ ඔයයි,පවනි අක්කි කියලා❤😊තැන්ක්‍ යූ අක්කි අපි වෙනුවෙන් කරන හැමදේට❤️අපේ ජීවිත ලස්සන කරන ඔය දෙන්නට හැමදාමත් ලස්සනට සතුටින් ජීවිතේ අරගෙන යන්න ලැබෙන්න කියලා මන් හැමදාමත් මේ දලඳ හාමුදුරුවන් වැඩ ඉන්න මේ පින් බිමේ ඉඳන් ප්‍රාර්ථනා කරනවා❤🌼ආදරෙයි අක්කියෝ කවදාහරි කොහේදිහරි මට අක්කිව හම්බෙයි කියලා ප්‍රාර්ථනා කරනවා❤ඒක මගේ අහිංසක චූටි බලාපොරොත්තුවක් ❤පවනි අක්කි හැමදාම කියනවා වගේ'මේ තරම් ලස්සන මිනිස්සු මවන දෙවියනි ඔබට ස්තූති!'❤🥺 මීට, ඔයාගේ පුංචි රසිකාවියක්, ජයනි.....❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ 🥺❤️ ගොඩාක් ආදරෙයි ජයනි නංගා... මට හිතා ගන්න බැරි උනා මෙච්ච්‍ර දිග ලස්සන ආදරනීය වචන දකිද්දි.... මට කියන්නෙ මොනවද කියල හිතා ගන්න බෑ.. අපි දවසක හම්බෙමුකො හොදද..ඔයාගේ ගම කොහෙද පැටියෝ ... පරිස්සමෙන් හොදට වැඩ ටික කර ගන්න නංගා.... තෙරුවන් සරණයි ඔයාට... ඔයාලගේ මේ ආදරේ ලබන්න මන් ගොඩාක් පිං කරලා ඇති.... ලස්සන ජීවිතයක් ඔයාට ලැබෙන්න ඕනේ නංගා..... ලස්සන හිතක් ඔයාට තියෙනවා.. ආදරෙයි නංගා 💐💐💐💐❤️❤️❤️❤️❤️💐💐💐💐
@jayanikaruwangala6397
@jayanikaruwangala6397 Жыл бұрын
@@mydiary8283 අනේ මන් හිතුවෙ නෑ අක්කිගෙන් රිප්ලයි එකක් එයි කියලා මේකට 🥺❤️ අනේ ගොඩාක් සතුටුයි මට😩😩😩❤️❤️❤️❤️❤️ මන් නුවර අක්කි ❤️ තැන්ක් යූ ගොඩක් ❤️❤️ ආදරෙයි 😘❤️❤️❤️
@nipunidhanushka7727
@nipunidhanushka7727 Жыл бұрын
Oyalage hama vedio ekakma balanawa. Lassanai. Oyala dennage aluth jewitheta hadawathinma subapathanawa nangi... Bs. ❤❤
@melaniahasdi12345
@melaniahasdi12345 Жыл бұрын
හැම මාසෙම shopping video ගේන්නෝ...❤❤❤
@PiyusDiary1822
@PiyusDiary1822 Жыл бұрын
ගොඩාක් වටින විඩියෝ එකක් අලුතින් බදින්න ඉන්න කපල් අයටත් ගොඩාක් වටිනවා අක්කාගේ විඩියෝ 😍❤️
@dilwijesinghe4194
@dilwijesinghe4194 Жыл бұрын
Podi deyak kiyanm. පිටි kaama varga, sweets varga, tika tika adu kranna. Ape health ekata eva echchrama hoda nathi nisa. Godak vegetables , fruits , nuts varga vge natural healthy foods valata purudu unoth ape healthy life ekata hodai. Ekaparatma nevei tika tika adu kranna . Oyala kamathi nm . Mage adahasak vitrai.
@silvamadusanka1574
@silvamadusanka1574 Жыл бұрын
Man oyalagen shopping video ekak illala dawasai giye oyala video ekak dala.hari sathutui
@thisarupamod5143
@thisarupamod5143 8 ай бұрын
ගෙදරම හදාගන්න පුලුවන් සබන් .රින්සො.තුනපහ වියලි මිරිස් අරන් කොටලා ගත්තම.පොල් කුඩු පොල් කැලි අරන් තෙල් හින්ඩවලා ගත්තම .ලොකු මාලුවෙක් අරන් කරවල් කැල්ලක් වෙලගත්තම .සොයා ලුස් අරන් කුනිස්සො දාලා .හදාගත්තම ගම් කුකුලො 5 ක් විතර හදාගෙන බිත්තර නිකන් තව එලවලු ටිකක් පොලොස් කොස් විජලන කරල තියගත්තම බජට් එකක් හද්ලා දාන්න පුලුවන්ද් මසෙකට කියක් ලාබය් ද් කියා මට ගනන් හදන්න්න ද්න්නෙ නැ ප්ල්ස්
@mydiary8283
@mydiary8283 8 ай бұрын
මට හිතෙන විදිහට නම් රුපියල් 10000 ක් විතර ඉතුරු කර ගන්න පුලුවන් වෙයි..ඒත් එක එක්කෙනා කන බොන විදිහ වෙනස්නේ 🙂 හරියට ගානක් කියන්න අමාරුයි
@dewikapathmini8770
@dewikapathmini8770 Жыл бұрын
ඔය දෙන්නා හරිම lucky.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.බුදු සරණයි.
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 Жыл бұрын
අසයි ඔයාලා ජිවත්වෙන් විදිය දැක්කම නංගී මල්ලි නිතරම වීඩියෝ ගෙන්න
@nsstanj4645
@nsstanj4645 7 ай бұрын
Oyalage vidioth hodai.thanks dr.adahasak ganna puluwan
@hemahema7881
@hemahema7881 Жыл бұрын
පිටි කන එක සොසේජස් වගේ දේවල් කන එක අඩු කරන්න පුලුවන් තරම් ගෙදර හදාගෙන කන්න
@JayaSundara-ih9jm
@JayaSundara-ih9jm Жыл бұрын
ඔය දෙන්නාගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා!
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ආදරෙයි ❤
@pradeepkumara3446
@pradeepkumara3446 Жыл бұрын
අහිංසක ඔයාලා දෙන්නට බුදුසරණයි 🥰
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ආදරෙයි ❤
@pubudulakshan1999
@pubudulakshan1999 Жыл бұрын
අනේ ඔය දෙන්නා දැක්කම ආසයි නංගි...❤හරිම අහිංසක දෙන්නෙක්... මගෙත් ආසම වැඩේ තමයි ෂොපින් යන ඒක.. ඔය දෙන්නගේ වීඩියෝ බලන්න අසාවෙන් ඉන්නේ.. තව තව දාන්න නංගා,. දෙන්නටම බුදුසරණයි
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸
@kirishanthasaummay5245
@kirishanthasaummay5245 Жыл бұрын
Budu saranai oyalata hamadamat satutin inna.🥰💝💝💝💝💝
@hirunisathyanka6148
@hirunisathyanka6148 Жыл бұрын
ranmali yougrt eka ganna akki 50 i wne but piti na fresh milk only
@SandayaKumuduni-zz4oe
@SandayaKumuduni-zz4oe Жыл бұрын
අනේ ඔයාල දෙන්න හරි හොදයි මම හැමදාම වගේ බලනවා
@DilkiMaduwanthi-b3i
@DilkiMaduwanthi-b3i Жыл бұрын
Adath video eka lassanai akke.mahesh kade badu godak labai apith eken badu gnnawa❤❤
@achaladesilva6132
@achaladesilva6132 Жыл бұрын
Adath godak lassanai ❤️ oyala denna sathutin inna hemadama budusaranai ❤️❤
@RasikaNilmini-s4i
@RasikaNilmini-s4i Жыл бұрын
Vim kata ganna epa patiyo ewayen heduwama kudu wage hitinawa ..ewa penne na..eth ahuwenawa athata ..ewa ganna epa liquid eka ganna...❤❤anith eka oya kade badu godak labayi..❤❤❤
@amilapuspakumara2345
@amilapuspakumara2345 Жыл бұрын
Rolls pekat ganna epa nangi gedara hadala adi sheethakaranaye danna tika dawasak thiyaganna puluwan mudaluth ithiri karaganna puluwan budu saranay dennatama sathutin inna hemadama oya wage.
@buddhikaeranjith4039
@buddhikaeranjith4039 Жыл бұрын
Good luck dennatama malli
@sameeratd792
@sameeratd792 Жыл бұрын
නංගි ඔයා ඔය ලියන බඩු ලිස්ට් එක ටිකක් ලොකුවට ලියන්න ගෙදර ඔයාට පේන තැනක ගහ ගන්න ඉට පස්සේ ඉවර වෙන බඩුමක් කරන්න ඉලග ම සේ ට හරි ලේසියි කිරන බඩු මුලින්ම ගන්න අවශ්‍ය ම බඩු ඒවායේ තියනවානේ අනිත් බඩු පච්චේ ගන්න මොකද නැතිනම් අනවශ්‍ය බඩු ගොඩක් අපි දන්නේම නැතුව ගන්නවා කිව්වා වැඩිද මන්ද මම කරන විදිහ කිව්වේ සමාවෙන්න හොදේ බ්‍ර දු සරණයි
@samadhitharushika777
@samadhitharushika777 Жыл бұрын
අක්කේ රත්ති කිරි තේ එකට ගොඩක් තියෙන්නේ තේ කොල එකට gestic එනවා .ඇත්තටම campuse ඇවිත් බොඩිමක තනියම උයන් කනකොට මටත් ඔය අත්දැකීම විදලා තියෙනවා
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ඔව් නේද පැටියෝ .. මටත් තේරුනා රස නෑ ඒක❤
@ThanujaVishaka
@ThanujaVishaka Жыл бұрын
ලිස්ට් එකක් හදා ගන්න.මසෙටම බඩු ගන්න.සතියෙන් සතිය එලවලු ගන්න.නිතරම බඩු ගද්දින් වියදම් වෙඩියි.දෙන්නම සතුටින් ඉන්න.
@sandamalisandamali6084
@sandamalisandamali6084 Жыл бұрын
දැන් තමයි බැලුවේ අදත් හරිම ලස්සනයි වැදගත් වීඩියෝ එකක් ආදරෙයි මැණික බුදුසරණයි ❤️
@anupriya542
@anupriya542 Жыл бұрын
ඒ කඩෙ කෑම ගොඩක් ලාබයිනෙ😲 ඔය කිරි තේ එක රසයී. සතියට ඉවර වෙයි ඕක පොඩිනෙ
@imaliranasinghe.2273
@imaliranasinghe.2273 Жыл бұрын
හරිස්චනද්‍ර තෝසේ පැල්වත්ත කිරි ගන්න ඒව ගොඩක් හොදයි බිස්කටි කන එක ගොඩක් අඩු කරන්න වාසනාවන්ත අනාගතයකට සුබ පැතුමි❤
@PrabaPerera-tp9pb
@PrabaPerera-tp9pb Жыл бұрын
කඩෙ කරන අය හරිම සාදාරන විදිහට වියාපාර කරනවා.බඩු ගොඩක් ලාබදායි
@mydiary8283
@mydiary8283 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Sahatika atta sister 💐 ape godak kantawanta oya wage kadekata gihin Badu ganna eka madikamak wage 🥰💜
@binduuresha6811
@binduuresha6811 Жыл бұрын
Akke non stick pan ehema wash karaddi vim saban walata eka hirila sauththu weno.e nisa liqu ekak ganna..ewa hodai❤
@ruwanthimadushani139
@ruwanthimadushani139 Жыл бұрын
Adath lassanai vlog eka akki hamadama sathuting inna kiyala mn parthana karanawa budu saranai devi pihitai 🙏🙏🙏 ❤❤❤
@MdKholil-ks8ye
@MdKholil-ks8ye Жыл бұрын
Oyala dannata godak adarai nangi budu saranai nangi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shakilamadubhashini9842
@shakilamadubhashini9842 Жыл бұрын
කොත්තු රොටී , රෝල්ස් වගේ ඒවා ගෙදරම හදාගන්න අක්කි ඔවා ගන්න එපා❤ ඔයාලා දෙන්නා නිසා ඉක්මනට හදා ගන්නත් පුලුවන්නෙ
@mydiary8283
@mydiary8283 Жыл бұрын
එහෙමත් හදනවා පැටියෝ ❤❤❤❤❤ වෙලාවකට ... ආදරෙයි
@shakilamadubhashini9842
@shakilamadubhashini9842 Жыл бұрын
@@mydiary8283 ❤🥰💐
@ImaraFernando-u3e
@ImaraFernando-u3e Жыл бұрын
Ogollonge videos mama godak asawen balanawa..harima lassanayi..❤❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Thank you sooi much ❤️ adareiii
@MalshaKavindi-vu5fk
@MalshaKavindi-vu5fk Жыл бұрын
E video eka godak lassanai me wage thawa video ekk oni issrahata
@mydiary8283
@mydiary8283 Жыл бұрын
😘 gennamm
@MiyuranganiWijewardhana
@MiyuranganiWijewardhana Жыл бұрын
අක්කි පෙනඩෝල් බොන්න එපා,ඒවා ඇගට සැර වැඩි,අනික තාම බබෙක් හදලත් නැහැනි,බොන්න හොඳ නැහැ,ඒ නිස ෆාමසියෙන් පැරසිටමෝල් අරගෙන බොන්න ඒවා ඇගට ලොකු හානියක් නැහැ
@surajmashisenuse
@surajmashisenuse Жыл бұрын
😂😂😂😂
@SamanthaBandara-q6z
@SamanthaBandara-q6z Жыл бұрын
සතුටූයි
@SajeeMaleeOnline94
@SajeeMaleeOnline94 Жыл бұрын
කිරි තේ පිටි එක ගන්න එපා. පැලවත්ත ගන්න ඒක උකුයි ටික දවසක් බොන්න පුලුවන්
@sehenadithya3994
@sehenadithya3994 Жыл бұрын
Lassanai nangi video aka ❤❤adarei oyala dennatama
@nadunyasantha6769
@nadunyasantha6769 Жыл бұрын
Akki wim likwid gnna a aragena wenama bothalayatata ayin Tilak dala wathura dala pawichchi karnna. Athakota sehena Kal pawichchi karnna puluwan
@hiruninimesha617
@hiruninimesha617 Жыл бұрын
මාසෙට ග්‍රොසරි බඩු ගන්න එක ගොඩාක් වටිනවා ❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anupamahemachandra8741
@anupamahemachandra8741 Жыл бұрын
Lassanai akki vlog eka budu saranai dennatama❤🙏🙏
@sperera7779
@sperera7779 Жыл бұрын
Akke oya kadeta enna hithenawa ape peththe ochchara labeta dena kadawal ne api gampaha divulapitiye.bs akki
@Kitchenwithdilsha492
@Kitchenwithdilsha492 5 ай бұрын
රත්ති කිරිතේ එක රසයි.
@nisansalamadhusani598
@nisansalamadhusani598 Жыл бұрын
Ane akki aiye shoiii oya denna hodin enna sathutin hema masema wage mee wage shopping video genna
@ShanikaSheuwandi
@ShanikaSheuwandi 2 ай бұрын
😊😊😊😊ලස්සනයි
@navodhalakmali
@navodhalakmali Жыл бұрын
Oyala Hingurakgoda koheda inne kiyannako math inne Hingurakgoda 😚😀
@pradeepkumara813
@pradeepkumara813 Жыл бұрын
Akki polonnaruwa koheda kiyanna dan nee gama koheda kiyanna dan nee akki දුමින්ද බණ්ඩාර kiyala weda mahaththayek gena ahala thiyeda akki dannawanam ලිපිනය wagema බෙහෙත් dena dawas welawa genA dena ganna ona ehema weda mahaththayek gena dannawada akki
@sameerajayarangana9572
@sameerajayarangana9572 Жыл бұрын
Ane ape patte nane oya wage kadayak,.. Oya dannata suba patum..alut jivitayayata.budu saranai. Oyalata innawa wage wasanawanta damaupiyo hama daruwatkutama labanna wasanawa atwawa... damaupiyanta salakagena.adaran balaganna oyadannata puluwan wawa...oyalata jivitaya dimuwa atwawa....budu saranai... Man shehara piliyandala......
@erootravels7102
@erootravels7102 Жыл бұрын
Gedara edan amathara adayamak upayanna puluwan
@kaushalyawemalagunasekara5398
@kaushalyawemalagunasekara5398 Жыл бұрын
Matara , Weligama, Thelijjawila paththe me wage thoga badu ganna thank tynawada?
@ImashaNethmi-o9u
@ImashaNethmi-o9u Жыл бұрын
අනෙ අක්කී home tour එකක් ගෙන්නකො 🥺❤,l you akki & aiya 💖💐😘
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගේන්නම් නංගා❤ ආදරෙයි
@rashafathima1186
@rashafathima1186 4 ай бұрын
Hi nangi.all the best.1st time baluwe adai.kohomada dennatama?
@HimayaNethmini-e9h
@HimayaNethmini-e9h Ай бұрын
Ane akke. me kade koheda tiyenne kiynnkooo
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН