Рет қаралды 189,607
ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
මගේ තුරුල්ලේ දුව නැලවෙනවා //
සුලං හමාලා ගෙයි තෙරපෙන්නේ
ඔබේ පියාගේ සුවඳයි එන්නේ
ගුවන් තොටිල්ලේ….
දරු දුක මට මෙන් හිතට දැනේවා..
පොඩිදුව හීනෙන් ඔහුට පෙනේවා..
හෙට හිමිදිරියේ අප වෙත ඒවා ..
ගුවන් තොටිල්ලේ....
යන එන තැන් හී සෙත සැලසේවා..
සතර වරම් දෙවි පිහිට ලැබේවා..
දැඩි හිත ඔහුගේ යලි උණු වේවා..
ගුවන් තොටිල්ලේ….
ගායනය - ආචාර්ය සුජාතා අත්තනායක
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ටී. ෂෙල්ටන් පෙරේරා
චිත්‍රපටය - දරු දුක (1967)
රංගනය - අනුලා කරුණාතිලක
© Copyright Sujatha Attanayake.
All Rights Reserved.