Рет қаралды 23,509
එම සිඳුන විල අදටත් හෝටන් තැන්නේ පොලව යට මීටර 4.7 ක් ගැඹුරෙන් තියෙනවා .
පරාග විද්‍යාව සහ ඊට සම්බන්ධ මූලික මට්ටමේ පර්යේෂණවලට ශ්‍රී ලංකාව තුළ ඇත්තේ වසර 15කට නො අඩු ඉතා කෙටි ඉතිහාසයකි. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ පළමු අධ්‍යක්ෂ වූ මහාචාර්ය සේනක බණ්ඩාරනායක සහ සම අධ්‍යක්ෂ වූ සෙනවි එපිටවත්ත යන මහතුන්ගේ මූලික මඟ පෙන්වීම ඔස්සේ පරාග විද්‍යා පර්යේෂණවල ප්‍රාථමික අවධිය ආරම්භ විය. එහි පළමු වසර දෙක තුන ගෙවී ගියේ ඉතාම කටුක, වේදනාකාරී අත්දැකීම්වලින් බව නොරහසකි. ඕනෑම දෙයක ආරම්භය එසේ වීම පුදුමයට කරුණක් නො වේ. එහෙත් උත්සාහය සහ ධෛර්යය පෙරටු කර ගෙන ආරම්භ කරන ඕනෑම කාර්යයක් සාර්ථක වන බව මෙහිලා සඳහන් කිරීමට කැමැත්තෙමු. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය - ස්වීඩනයේ ස්ටොක් හෝම් විශ්ව විද්‍යාලයේ චාතුර්තක භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුව (Department of Quaternary Geology) ස්වීඩනයේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරය (Swedish Natural History Museum) 5 එහි පරාග විද්‍යාව පිළිබඳ විද්‍යාගාරය (Palynological Laboratory) සමඟ අන්‍යොන්‍ය වශයෙන් සම්බන්ධ වී ආරම්භ කරන ලද සහයෝගිතා ව්‍යාපෘතියක මූලික ප්‍රතිඵලයක් ලෙස පරාග විද්‍යා පර්යේෂණ ලංකාවේ ආරම්භ විය. මූලික සංකල්ප එසේ ආරම්භ වූවත් පසුකාලීනව ස්වීඩනයේ උප්සලා විශ්ව විද්‍යාලයේ පුරාණ ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තුව (Department of Ancient History and Archaeology) සමඟ ස්වීඩනයේ ම ලුන්ඩ් විශ්ව විද්‍යාලයේ චාතුර්තක භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුව (Department of Quaternary Geology) පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ද ඉන්දියාවේ පොචෙරි නගරයේ පිහිටි පරාග විද්‍යාව පිළිබඳ පර්යේෂණාගාරයෙන් ද ලැබුණ අගනා සහාය වැදගත් කොට සැලකිය හැක. මේ සියලු ආයතනයන්වල මූලික මඟපෙන්වීම සහ විශේෂඥ සහාය ලංකාවේ පරාග විද්‍යා පර්යේෂණ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන වනවා නිසැකයි. මූලික තාක්ෂණික සහ න්‍යායික දැනුම ක්‍රමානුකූල ලෙස වර්ධනය කර ලංකාවේ පළමුවරට පරාංග විශ්ලේෂණය පදනම් කරගෙන සාර්ථක ව්‍යාපෘතියකින් ඉහළ ප්‍රතිඵල අත්පත් කර ගැනීමට ලැබීම මහත් භාග්‍යයකි. පරාග විද්‍යාව ප්‍රධාන කොට ගත් තවත් තාක්ෂණ ක්‍රම වේදයන් ගණනාවක් එකවිට එකම මූලික අරමුණක් මුදුන් පමුණුවා ගැනීම සඳහා යොදා ගැනීමට ලැබීම මෙහි ඇති විශේෂත්වයකි. එනම් ශ්‍රී ලංකාවේ ගෙවී ගිය වසර 25,000 ක පාරිසරික ඉතිහාසය ඉතා සාර්ථක මට්ටමින් ප්‍රතිනිර්මාණය කිරීමට පුළුවන්වීම පරාග විද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂණ වලින් ලද මහත් භාග්‍යයකි. පරාග විද්‍යා පර්යේෂණ තවදුරටත් ඉතා සාර්ථකව ලංකාවේ සිදු කළ හැකි බවත් ඉතිහාසය, පුරාවිද්‍යාව, උද්භිද විද්‍යාව, භූගෝල විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව යනාදී බොහෝ ශුද්ධ විද්‍යාවන්ගේ පෝෂණය උදෙසා පරාග විද්‍යාවෙන් විශාල මෙහෙවරක් සිදු කළ හැකි බවත් මැනවින් පැහැදිලි විය.
සීගිරිය, මුන්දලම, පුත්තලම, මුතුරාජවෙල සහ හෝර්ටන් තැන්න වැනි තෝරාගත් ප්‍රදේශ ගණනාවක ම සිදුකරන්නට යෙදුණු පරාග විද්‍යාව පිළිබඳ පර්යේෂණවල ප්‍රතිඵල මේ පොතේ ඉදිරි පරිච්ඡේදයක පුළුල් ලෙස විග්‍රහ කර ඇත. විශේෂයෙන් හෝර්ටන් තැන්න සහ ඒ තදාසන්න ප්‍රදේශවල සිදු කරන්නට යෙදුණු පරාග විද්‍යා පර්යේෂණ තුළින් ලැබුණු ප්‍රතිඵල වලට අනුව ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් (මූලික කෘෂිකර්මය ආරම්භ කිරීම) වඩාත් තර්කානුකූල ලෙස සාධක සහිතව අවබෝධ කරගැනීමට හැකි වීම විශේෂ සිද්ධියකි. ලාංකීය ජනතාව වඩාත් ශිෂ්ට සම්පන්න ජාතියක් ලෙස සිතන්නට සහ වැඩ කටයුතුවල නියැලෙන්නට ආරම්භ කළ මූලික ම අවස්ථාව මින් වසර 13,000 කට පමණ පෙර බව පරාග විද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂණ ඇසුරෙන් අවබෝධ කරගැනීමට ඉඩ ප්‍රස්තාව ලැබී ඇත. ලංකාවේ ජීවත් වූ පුරාණ ජනතාව මූලික කෘෂිකර්මය ආරම්භ කර තරමක් දියුණු කෘෂිකාර්මික ජිවිතයකට මූලික අඩිතාලම සකස්කරගෙන ඇත්තේ මින් වසර 13,000 කට පමණ පෙර දී බව පැහැදිලි සාධක සහිතව ඔප්පු කිරීමට පුළුවන් වී ඇත. මේ පිළිබඳව තවදුරටත් පුළුල් මට්ටමේ පර්යේෂණ හෝර්ටන් තැන්න හා ඒ තදාසන්නයේ කෙරෙමින් පවතී. එපමණක් නොව ශ්‍රී ලංකාවේ ගෙවී ගිය වසර 25,000 ක කාලය තුළ වැසි වනාන්තරවල ඉතිහාස කතන්දරය සමඟ ශ්‍රී ලංකාව හා ඒ තදාසන්න ප්‍රදේශ වලට බලපෑ මෝසම් වැසිවල ඉතිහාසය හා මෝසම්වල යාන්ත්‍රණය පිළිබඳව වටිනා කරුණු සාකච්ඡා කිරීම හෝර්ටන් තැන්නෙන් හමු වූ පොසිල පරාග වාර්තා ඇසුරෙන් සිදුකොට ඇත. මේ සියලු තොරතුරු එක් රැස්කොට දැනටමත් ජාතික සහ අන්තර්ජාතික මට්ටමේ ප්‍රකාශන ගණනාවක් ම නිකුත් කර ඇත.
ආචාර්ය රත්නසිරි ප්‍රේමතිලක ගේ පර්යේෂණ වාර්තාව
drive.google.c...
අනෙකුත් නිබන්දන සියල්ල මෙතනින් බාගත කරගන්න
drive.google.c...