Mandaram Nuwara.. මන්දාරම්නුවර ගමනේදී හමුවන දිය ඇලි 5ක්..😍😍

  Рет қаралды 6,119

RAVIYA

RAVIYA

5 жыл бұрын

මන්දාරම් නුවර
මහනුවර සිට රිකිල්ලගස්‌කඩ හඟුරන්කෙත පසුකොට පදියපැලැල්ට විත් එළමලේ හන්දියෙන් හැරී කිලෝමීටර් 11 ක්‌ පමණ දුර ගිය කල මන්දාරම් නුවර මුණගැසේ.
මේ ගමට මන්දාරම් නුවර කියලා කියන්නේ ඇයි කියලා දන්නවද? ඒ තමයි වෙනදට වඩා පරක්කු වෙලා හිරු උදාව වෙනවා වගේම, හිරු බසින්නේ වෙන ගම් වලට වඩා ඉක්මනින්. මේකට හේතුව තමා මන්දාරම් නුවර කියන මේ ගම තිබෙන්නේ
පිදුරුතලාගල, ගෝනපිටිය, කබරගල සහ උඩගබ්බල කඳුවැටි සතරට මැදිව පිහිටි
කඳු වළල්ලක් මැද පතුලේ වීම.
අද ගම්මානයකට සීමාවී ඇති නමුදු මන්දාරම් නුවර යනු විශාල ඉතිහාස කතාන්දරයක්‌ සඟවාගෙන සිටින ගමකි. මන්දාරම්පුර පුවත නමින් කව් 866 කින් යුත් පැරැණි කව් පොත් තිබේ. සීතාවක රාජසිංහ රජුගේ සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්‌වා රජවරු 8 දෙනෙක්‌ ගැන මේ කව් පොතේ තොරතුරු විස්‌තර වේ. වෙනත් ලෙසකින් කිවහොත් ශත වර්ෂ 2 ක කාලයක්‌ උඩරට රාජධානියේ රජකම් කළ රජවරු ගැන මේ කව් පොතේ සඳහන් වේ.
මන්දාරම් නුවර ඈත ඉතිහාසයේ සිට රජවරුන්ට බොහෝ සේ ප්‍රයෝජනවත් වූ ආරක්‍ෂිත ස්‌ථානයකි. මහනුවර රාජධානියට මැඬලිය නොහැකි ප්‍රහාරයක්‌ එල්ල වූ හැම විටම රජවරු පලාගියේ මන්දාරම්පුරයටය. ඒ තනිවම නොවේ. රජ බිසව ඇතුළු අන්තඃපුර ස්‌ත්‍රීන්ද, රන්, රිදී, මුතු, මැණික්‌ ආදී සියලු ධනයද රැගෙනය.
මහනුවර යුද්ධයක්‌ නම් ඊට මුහුණදී ගත නොහැකි නම් රජවරු අන්ත(පුර බිසවුන් රාජාභරණ රං රිදී මුතු මැණික්‌ ගෙනැවිත් ආරක්‍ෂාවට තැබුවේ මන්දාරම් පුරයේය.
නමුත් මාළිගාතැන්න නමින් හැඳින්වෙන ස්‌ථානයක්‌ හැර රජවරු පදිංචිව සිටියාදැයි දැනගත හැකි කිසිදු පුරාවිද්‍යාත්මක සාක්‍ෂියක්‌ දැන් මන්දාරම් පුරෙහි දකින්නට නැත.
කොලපතන ඇල්ල.
“රජකාලෙ දි, මල්සරා කියල දේවීයක් ඇල්ල බලන්න කොළපතකට බත් ඔතාගෙන ඇවිත්, කොළපත එතැන දාල ගිහිල්ල. එදා ඉඳන් තමයි කොල පත දාලා ගිය ඇල්ල... කොළපතන ඇල්ල කියල නම වැටිලා තියෙන්නෙ.
* ගමන් මාර්ගය සකසා ඇත.
* රු.100.00 ප්‍රවේශ පත්‍රයක් ගත යුතුය.
* දිය ඇල්ලෙන් නෑම සහ බැසීම තහනම්.
* උදෑසන 8.00 සිට සවස 5 දක්වා ප්‍රවේශ පත්‍රා නිකුත් කරනු ලබයි.
ඇතින්නමළ ඇල්ල
මන්දාරම් නුවර පාරේ 3km පමණ ඉදිරියට යන විට පාරේ සිට 150m පමණ ඇතුලට වීමට මෙය පිහිටා ඇත. ඇතින්නක් ඇල්ලෙන් පහලට වැටී ඇති නිසා ඇල්ලට මෙම නම යෙදී ඇති බව ගම්මුන් පවසයි..
කබරගල ඇල්ල
ඇතින්නමළ ඇල්ල පසුකර 1km පමණ ඉදිරියට යන විට කබරගල වතු යායට ඇතුලු වීමට දකුණු පසට කන්ද උඩට ඇති පාරේ 7km පමණ දුරක් කැඩුනු මාර්ගයක යන විට මෙම ඇල්ල හමු වේ.. එළමුල්ල බලාගාරයේ ජල මූලාශ්‍රය ලෙස මෙය යොදා ගනී...
එළමුල්ල බලාගාරය
නැවත මන්දාරම්නුවර පාරට පැමිණ එහි 1km පමණ යන විට එළමුල්ල බලාගාරයට යන පාරට පුවරුවක් දමා ඇත..
කොඩි ආර ගල
ගම්මානය ආසන්නයේම ඉතාමත් උස් වූ කඳු මුදුනක් තිබෙනවා.ඒකට තමයි කොඩියාකර කන්ද කියලා කියලා කියන්නේ.එහෙම නැත්නම් කොඩියාකර ගල කියලත් එය හඳුන්වනවා. ඔබට එහි යාමට අවැසි නම් ඒ සඳහා අවසර ලබා ගත යුතුයි.
* කූඩැල්ලන් බහුලය.
* බඹර කූඩු ඇති බැවින් ප්‍රවේශම් විය යුතුයි.
* සීග්‍ර නැග්මක් මෙන්ම බැසීමේදී බෑවුම අදිකය.
* ගම් වාසියකුගේ හෝ දන්නා පුද්ගලයකුගේ සහය නැතුව ගමන් කිරීමෙන් වලකින්න
* කන්ද නැගීමට මග පෙන්වීමට යන සමහරක් ගම්වාසීන් රු.2000 -3000 අතර මුදලක් අය කරන බව දැනගැනීමට ලැබුණි.
බෙර ගහන ඇල්ල.
ගම් වාසීන් පවසන ආකාරයට බෙරයක සද්දයක් මෙම දිය ඇල්ලෙන් අසන්නට ලැබෙන අතර ඈත අතීතයේ පටන් මෙ සදහා බෙර ගහන ඇල්ල ලෙස පවසන බවයි.මගුල් බෙර වාදනයක සද්දයක් මෙම දිය ඇල්ලෙන් නිහඩව කන් දෙන විට අපටද ඇසුනි...
* කොඩි ආර ගල යන මාර්ගයේ මග දුරක් ගමන් කර මගින් හැරී වනය මැදින් අනෙක් පසට ගමන් කල යුතුය.
* මාර්ගයක් නොමැත.කැලය මැදින් යා යුතුය.
කොල්ලන්ගල
ගමට ගිය පසු වට පිට බැලූ විට විශේශයෙන් පෙනෙන පර්වතයකි.කොල්ලන්ගල නමින් එන විශාල ගල් පර්වතයක එක්‌ දිසාවකට අත දිගු කරගෙන සිටින මිනිස්‌ රූපයක්‌ කොටා තිබේ. මන්දාරම් පුරවැසියෝ අදටත් විශ්වාස කරන්නේ කොල්ලන්ගල නමැති මේ පර්වතයේ කොටා තිබෙන මිනිස්‌ රූපය අත දිගු කරගෙන සිටින්නේ නිධානය තිබෙන තැන දෙසටය යනුවෙනි. එහෙත් තවමත් කිසිවෙකුත් නිධානය සොයාගෙන නැත.
විශේෂ සටහන්
1.නුවර පාරෙන් රිකිල්ලගස්කඩ, හඟුරන්කෙතට ගිහින් මන්දාරම් නුවරට යන එක ලේසි වුණත් නුවරඑළිය, කඳපොළ හරහා මන්දාරම් නුවරට යන පාර තමයි ලස්සනම. නුවර එළියෙ ඉඳන් දුර තියෙන්නෙත් කිලෝමීටර 40ක් විතර නිසා ලොකු අවුලකුත් නෑනෙ.
2.මෙම රක්ෂිතයට අයත් කිසිදු ස්ථානයක විශේෂ අවසරයකින් තොරව camping ගහන්න නම් තහනම්. මේ ගම්මානයේ ජීවත්වන සියලූම දෙනා පානය කරන්නේ ගලාගෙන යන පිරිසිදු ජලය.
3.දිය නෑමට හැකි ස්ථාන ඇත.ගම් වාසියකුගේන් අසා දැන එම ස්තාන පමනක් දිය නෑමට භාවිතා කරන්න.
4.ආහාර පාන ගැනීමට ස්තාන ඇත. (ලොකු හෝටල් නෙමේ...ඒත් කෑම පට්ට රහයි) කලින් කතා කරන් යන්න පුලුවන් නම් ඒ තැනකට ගොඩක් පහසුවක් වෙයි.
5.ඝෝෂාකාරීව හැසිරීම,දුම් පානය සහ මත් පැන් පානය තහනම්.
බොහෝ පිරිස් මන්දාරමු නුවර ගොස් කොළපතන ඇල්ල පමණක් නරඹා එන වග අපි දනිමු. එහෙත් මන්දාරම්නුවර අවටම පවතින මේ සුන්දර ස්ථාන මගහැර ගනිති. කබරගල ඇල්ල ඇතිනිවල ඇල්ල රන්කොටියාබොක්ක නැරඹුම් ස්ථානය පෙයාර්ස් ගොවිපල,කොඩි ආර ගල,බෙර ගහන ඇල්ල....ඔයාලත් ගිහින් සුන්දරත්වය නරඹන්න...ඒත් විනාශ නොකර.
වර්තමානයේ මෙම ගම්මානය නැරඹීමට විශාල පිරිසක් දින පතා පැමිනෙයි...ඇල්ල මීමුරේ ඇතුලු ස්තාන රාශියකට සිදු වූ දේ නොවීමට මග බලා ගැනීම අප කාගේත් යුතු කමකි.

Пікірлер: 12
@dffyufggd8149
@dffyufggd8149 2 жыл бұрын
lassanai
@thilinidulanjani3197
@thilinidulanjani3197 2 жыл бұрын
ආයෙ යමු
@OurTravelDiary
@OurTravelDiary 5 жыл бұрын
apith giya :)
@RAVIYA
@RAVIYA 5 жыл бұрын
Video ekak dapan machn
@OurTravelDiary
@OurTravelDiary 5 жыл бұрын
Aniwa thma eka editing. Sub kara apiwath subscribe krnna
@upalidharmadasa3405
@upalidharmadasa3405 2 жыл бұрын
හරි ලස්සනයි මේ දිය ඇලි මගේම රටේ පරිසරයම නෙතු දෑලෙම රැදෙයි වටේ කිරි මුහුදම ගොඩ ගලනවා නාන තොටේ මන්දාරම් සේල නැගෙයි හතර වටේ
@hashenvijayapriya4020
@hashenvijayapriya4020 4 жыл бұрын
කොහෙද මේ?
@RAVIYA
@RAVIYA 4 жыл бұрын
මන්දාරම්නුවර
@sandundinesh4157
@sandundinesh4157 5 жыл бұрын
Ela ela ❤️
@RAVIYA
@RAVIYA 5 жыл бұрын
Thanx bokka
@alokaparami4049
@alokaparami4049 2 жыл бұрын
APA gama yakoo
@RAVIYA
@RAVIYA 2 жыл бұрын
මාර ලස්සනයි ආ..
Mandaram Nuwara (මන්දාරම් නුවර )
14:50
Chamara Premachandra
Рет қаралды 4,5 М.
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 58 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 13 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 167 МЛН
Sri Lanka, I NEVER EXPECTED THIS!!!
20:34
ThrillsAndFollies
Рет қаралды 15 М.
5 Foods that have More Calcium than Milk (Get Stronger Bones)
12:51
Mandaram Nuwara (මන්දාරම් නුවර)
44:57
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 58 МЛН