පහසු කලාපය අතහරින්න | Life Begins at the End of Your Comfort Zone - By Coach Bhathiya Arthanayake

  Рет қаралды 20,282

Motivation.lk

Motivation.lk

Ай бұрын

ඕනේම කෙනෙකුට පහසු කලාපය අතහරින එක ලේසි වැඩක් නෙවෙයි. හේතුව එයාට පහසු කලාපයේ ම රැදිලා ඉන්න හේතු ගොඩක් එයා වටේ හැදිලා තියෙන නිසා. අපි අද සූදානම් වෙන්නේ පහසු කලාපයෙන් පිටතට ක්‍රමානුකූල ව යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ඊට අදාල අවබෝධය හදලා දෙන්න. ඔබට මේ විඩියෝව නියත වශයෙන් ම පහසු කලාපයෙන් ඉවත් වෙන්න අවශ්‍ය කරන සහයෝගය ලබා දේවි.
විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස් පන්දහසකට වැඩි යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
Coach භාතිය හමුවී පෞද්ගලික coaching සැසියක් ලබාගැනීමට, ඔහුගේ පුහුණු වැඩසටහන් පිළිබඳ දැනගැනීමට 0714321835 අංකයෙන් තරුෂි අමතන්න.
Coach Bhathiya හමුවීමට, සංවාදයක නිරත වීමට මෙන් ම අගනා ග්‍රන්ථයක් ත්‍යාග ලෙස දිනාගැනීමට අවස්ථාව සලසන ප්‍රශ්නය විඩියෝවේ අසා ඇත. කරුණාකර ඔබගේ පිළිතුර පහත දැක්වෙන google form එක වෙත ගොස් Submit කරන්න.
forms.gle/iRvxEiTpUuBufkpv7
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathiya
#CoachBhathiya #BhathiyaArthanayake #TransformativeCoach #LifeCoaching #MindsetTransformation #PersonalDevelopment #LeadershipCoaching #SuccessCoach #PersonalGrowth #TransformationJourney#GoalSetting #PositiveChange #CoachingLife #SelfImprovement #EmpowermentCoach #TransformationalChange #CoachingTips #AchieveYourGoals #MindsetShift #TransformYourLife

Пікірлер: 154
@Anuradha-gf8bz
@Anuradha-gf8bz
සර් මම අවුරුදු ගානක් දැං comfort zone එකේ ඉන්නේ.කිසිම දියුනුවක් නෑ...මම තවත් පහලට වැටිලා...බොහෝම ස්තුතියි සර්.මට මෙකෙන් ගොඩයන්න ඕන❤️
@arunapradeep3852
@arunapradeep3852
ඔව්..මම comfortable zone එකෙන් එලියට ආවා...ඒක දැන් කාලයකට පෙර...ඒත් දැන් මට තේරෙනවා මම fear zone එක තුල නතරවෙලා ...දැන් මම දන්නවා මගේ ඉලක්කයට යන්න නම් learning zone එකට ඇතුල් වෙන්න ඕනි කියලා .....ඔව්....ඒක මම කල යුතුමයි ....ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...ඔබතුමන්ට .....!!!!
@ThivankaChandrasekara
@ThivankaChandrasekara
Comfortable zone එකේ හිරවෙලා හිටියෙ කියල තේරුම් ගත්තේ මේක බැලුවයින් පස්සෙ...පියවරෙන් පියවර මේකෙන් එලියට එන්න ඕන,ඒකට පාර පෙන්නුවට ස්තුතියි..
@sujithpremachandra4572
@sujithpremachandra4572
ජීවිතේ ගොඩාක් දුර ගිහින් වුණත් මේ ගෙවන්නේ ජීවිතේ හොඳම කාලය කියලා දැනෙනවා .ඒ ඔබ තුමා මේ ලබා දෙන දැනුම නිසා ජීවිතේ මම කොතනද ඉන්නේ කියලා නිවැරදි තක්සේරුවක් කර ගන්න පුළුවන් හරියටම. ඒක ඉලක්ක කරා යන්නට පුදුම පහසුවක් .මේ කරන සද්කාර්යය වෙනුවෙන් ඔබ තුමාට අනේක වාරයක් ස්තූති වන්ත වෙනවා.
@aselaeranda1364
@aselaeranda1364
සර්, පුද්ගලයෙක් Comfortable zone එකේ කාලයක් සිට ඉන් පසුව Growth zone එකට පිවිසීමෙන් පසුව ඔහුට හෝ ඇයට එම Growth zone එකේදී තමන් වර්ධනය වීමත් සමඟ එම කලාපය සුව පහසු කලාපයක් බවට පත් වෙනවා. එහිදී ඔහු හෝ ඇය පැම්ණි Growth zone එක තව දුරටත් Comfortable zone එකක් බවට පරිවර්තනය වෙන්නේ නැද්ද ?
@ranganawickramasinghe3631
@ranganawickramasinghe3631 Күн бұрын
සුවපහසු කලාපයෙන් එළියට එන්න ඔිනේ වුනාට එතනින් එහාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤ GO ON ❤❤❤❤
@mahendradissanayake1845
@mahendradissanayake1845
මම දැන් ලෑස්ති වෙලා ඉන්නේ මේ දවස්වල මේ සේෆ් සෝන් එකෙන් එළියට යන්න වෙල මේ ලෙසන් එක නම් මගේ ඒ ගමනට සුපිරිම සුපිරිම මග පෙන්වීමක් කියලා මං විශ්වාස කරනවා
@shehanimalshika4313
@shehanimalshika4313
සර් Fear zone වගේ 🥲 මම නම්.
@antonleema1431
@antonleema1431
බොහොම ස්තුතියි දුන් උපදෙස් වලට මමත් ගොඩක් වෙනස් උනා ඔබතුමා ගෙ ඉගැන්වීම් නිසා.
@sandunnilantha
@sandunnilantha
Business sambanda pitarata videos balalama me comfort zone eka kadala yanna ona kick eka avilla thiyenne. ❤ eka පාරටම යන්න බෑ 😢😢😢 නිතරම අසාර්ථක වෙනවා කරනවට වඩා ඉක්මනට 😢😢😢 ඒත් අතාරින්න හිතෙන්නෙ නැ. දැන් තාත්තට රස්සවක් නෑ තාත්තා පැන්ශන් ගිහිල්ල නිසා. අනික පැන්ශන් එකෙ සල්ලිවලින් මෙතෙක් කාලයක් ජීවත් උනෙ, දැන් ඒකත් ඉවර වේගෙන එන්නෙ😢😢😢 comfort zone කඩල යන්න ගියාම ලොකුම ලෙඩෙ දාන්නෙ ගෙදරින් තමා😅 තාමත් එහෙමයි කිසිවෙනසක් නෑ... මමත් දැන් learning zone eke inne kiyala hithenawa. Godakma investment,saving,start small business and grow, rich mindset සහ skill development කියන ඒවා ගැන හොය හොයා කර කර ඉගෙන ගන්නව 👍👍👍 මට ඕනෙ තව අවුරුදු 10-20 විතර මගෙම brand එකක් ලොකෙටම දෙන්න. ඒක කරන්න පුලුවන් කියල මට හිතෙනවා.
@MenakaAbeyrathna...
@MenakaAbeyrathna... 28 күн бұрын
කෙනෙක් මෙම කරනාවල් මීට කළින් අසා තිබුනත් මේ video එක බොහොමයකගේ ජීවිතය වෙනස් කරන අවියක් වේවි. ❤️
@gayanishanikawickramasoori7120
@gayanishanikawickramasoori7120
ඉතාම ප්‍රයෝජනවත් . බොහොම ස්තූතියි
@mekalaneth9740
@mekalaneth9740
හැමදාම වගේ අදත් හරිම වැදගත් වීඩියෝවක් ,
@nishansanjeewa6141
@nishansanjeewa6141
මම මේ දවස් වල කල්පනා කරන්නෙම මේක තමයි , මටම කියලා කරපු වැඩසටහනක් .. අවුරුදු ගානක් පිටරට ලංකාවට යන්න හිත හදාගන්න ඕනේ...
@kingofsrilanka5444
@kingofsrilanka5444
ගොඩක් දුර සුන්දර ගමනක් යන්න පුළුවන් මේ විදිහට කරගෙන ගියොත් ජයවේවා 🙏🙏🙏❤ sir
@kaushalyasanjeewani3640
@kaushalyasanjeewani3640
සර් මට මේ වීඩියෝ එක බැලුවහම මං ගැන පුංචි නෙවෙයි ලොකු ආඩම්බරයක් දැනෙනවා මොකද මම ඕනම වැඩක් කරන්න ගත්තහම මගේ දෙමව්පියෝ සහෝදරය හැමතිස්සෙම කියන්නේ ඕක හරියන්නෑ කිය කියලා කියලා. විශ්වාසයෙන් මම කරනවා එතකොට මට කාගෙන් උදව් ලැබුණත් නොලැබුණත් මං ඒක ගැන ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව වැඩේ කරනවා. ගොඩක් එහෙම කරන වැඩ සාර්ථක වෙලා තියෙනවා.සමහර තැන්වල අසාර්ථක වෙලා තියෙනවා. හැබැයි ඒ කිසිම තැනකින් මම පසු බැස්සේ නැහැ නැහැ. අසාර්ථක වුණත් මං දිගින් දිගටම ඒක කවද හරි සාර්ථක වෙයි කියන බලාපොරොත්තුවෙන් සහ ඒක අසාර්ථක වීමට හේතු හොයමින් ඒවා ගැන අධ්‍යනය කරමින් මං දිගින් දිගටම එම වැඩේ නිරත වුනා.සර් කිව්වා වගේ මම යමක් කරමින් අත්දැකීම් ලබමින් ඉදිරියට යන ගමන් සහ දැන් අධ්‍යාපනයත් හදාරමින් මොකද මං යන ගමනට අධ්‍යාපනය අවශ්‍යයි කියලා මට දැනුනා. කොයි තරම් අපහසුකම් තිබුනත් මම රෑ නිදි මරාගෙන හරි පාඩම් කරන වැඩත් කරගෙන අධ්‍යාපනය ලබමින් සිටිනවා.ඒ අධ්‍යාපනය ලබාගෙන මං යන තැන ගැන හීන දකිමින් සහ ලොකු තෘප්තියකින් සිටිනවා.වැඩි කාලයක් නොගිහින් අනිවාර්යෙන්ම මම හතරවෙනි ස්ටෙප් එකත් පසු කරනවා.
@UsharaMaduwantha
@UsharaMaduwantha
ඔබතුමාට බොහොම ස්තූතියි ❤
@sarangakatubulla4400
@sarangakatubulla4400 21 күн бұрын
මමත් මේක බලලා වෙනස් වෙමින් යනවා. බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ❤❤
@LuckyWASI
@LuckyWASI
ජීවිතේ දියුණුවට හම්බුණ ගුරුවරයෙක් ඔබ් සර් ❤
@Imashi_uf5qyapsra
@Imashi_uf5qyapsra
1:30
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 126 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 109 МЛН
Motivation එක දිගටම තියාගන්න..
13:46
Mohan Palliyaguru
Рет қаралды 34 М.
ආත්ම විශ්වාසය - Self Confidence
21:53
Mohan Palliyaguru
Рет қаралды 140 М.
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 126 МЛН