මගේ බුද්ධාගම සහ ඔබේ බුද්ධාගම # Nishantha Kamaladasa 103

  Рет қаралды 451

Nishantha Kamaladasa

Nishantha Kamaladasa

Күн бұрын

බුද්ධාගමේ මිනිසුන් සමජාතීය නැත. එය අන් ආගම් වලට ද පොදු ය. ආගම අප එකිනෙකා ග්‍රහණය කර ගන්නේ එක එක විදිහට ය. අපේ මනාපයට ය. ඒ නිසා කිසියම් ආගමක උප කුලක ගණනාවක් තිබිය හැකි ය. ඒ නිසා බුද්ධාගමේ මිනිසුන් (එහෙමත් නැත්නම් වෙනත් ආගමක මිනිසුන්) මෙසේ යැයි කියද්දී අප ප්‍රවේසම් විය යුතු ය. මේ විඩියෝ සටහන මගේ ආගම ගැන කරන පාපෝච්චාරණයක් ලෙස ද ඔබට ගත හැකි ය.

Пікірлер: 14
@DilhanEkanayake
@DilhanEkanayake Ай бұрын
❤❤❤
@doubletime8762
@doubletime8762 2 ай бұрын
බුද්ධාගම = බුද්ධාගම
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg Ай бұрын
Niweeme maga oya ekak wath nowei. Sewwoth hoya ganna puluwan. Onama kenekuta niwan dakiya hakiyi. Budu weema lesi ne. Eka danne margaye yana aya saha niwan dutu ayayi.
@KnowledgetoLife727
@KnowledgetoLife727 2 ай бұрын
බුදුන් වහන්සේගේ දේශනය ආයතන හය ඇසුරින් සිදුවෙන ක්‍රියාවලිය තුලින් භවය සකස් වෙන ආකාරය පටිච්ච සමුප්පාදය ඇසුරින් නිවැරදිව අවබෝධ කරගෙන ආයතන හය ඇසුරේ සිදුවන්නේ ක්‍රියාවලියක් පමණක් බව රහතුන් වහන්සේලා අවබෝධ කර ගැනීමෙන් අනතුරුව අරහත්වයට පත් වී බව ගමන නවතා දමයි! මෙය අවබෝධ කර ගැනීමට තරම් වර්තමානයේ සිටින බොහෝ භික්ෂුන්ද සහ නූතන බෞද්ධයන් ද මේ තත්වය වටහා ගෙන ඇත්තේ ඉතාම ස්වල්ප දෙනෙකි!
@magehithasundarai9931
@magehithasundarai9931 2 ай бұрын
01.ඔබට අනන්‍ය බුද්ධාගමක් තිබිය හැකිය..මට සහ අනෙකාට අදාල බුද්ධාගම්ද තිබිය හැකිය..නමුත් බුදු දහම එකකි..එය භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීමය. 02.ඔබේ බුද්ධාගම ඔබ තියා ගන්න මගේ බුද්ධාගම මම තියා ගන්නම් කියද්දි මතක් වුනා එක්තරා හාස්‍ය ජනක නාටකයක කොටසක්..පාරෙ යන මිහිහෙක් වරදකට පොලීසියෙන් අල්ලනවා..ඔහු පොලිස් නිලධාරියාට අදහසක් දෙනව මෙහෙම.." මම රාලහාමිගේ වැඩ වලට බාධා කරන්නෙ නෑනේ..ඇයි රාලහාමිට මගේ වැඩවලට බාධා කරන්නෙ? මට බාධා නොකර පාඩුවෙ ඉන්න බැරි ඇයි මං ඉන්නවා වගේ.."
@Nandadewa1
@Nandadewa1 2 ай бұрын
මා කිසිම පුද්ගලයෙකු මුළු මණින් සරණ යන්නේ නැත. එය බුදුන්ට ද අදාළ ය. හැම පුද්ගලයෙකුගෙන් ම අදහසකින් ම මට ගත හැකි ‌යමක් වේ නම් එය ගන්නට මා පැකිලෙන්නේ ද නැත. කාලාම සූත්‍රයෙන් බුදුන් කීවේ එසේ කටයුතු කරන ලෙස ය. ඒ අනුව මම බුදුන් මුළුමණින් නැතත් බුදුන් සරණ යන කෙනෙක් වන්නෙමි.
@kudusilva9498
@kudusilva9498 2 ай бұрын
@@Nandadewa1 "කාලම සූත්‍රයේ තියෙන්නෙ හැම පුද්ගලයෙකුගෙන් ම අදහසකින් ම ඔබට ගත හැකි ‌යමක් වේ නම් එය ගන්න" කියලද​ ? මොන බොරුවක්ද ඒ ? ඒකෙ දෙන පණිවිඩය කොටින්ම ඔබේ අදහසට ගැපෙන දේ වත් විස්වාස කරන්න එපා. ලෝබ ද්වේශ මෝහයෙන් මිදී මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ව ප්‍රගුණ කරන්න කියන පණිවිඩයයි. කරුණා කර කියවා බලන්න සම්පූර්ණයෙන්. එක එකා කියන එක හරියි කියල හිතාගන්න එපා !
@Nandadewa1
@Nandadewa1 2 ай бұрын
@@kudusilva9498 වචන වලින් කෙළින් ම කියවෙන කතාවක් සහ එයින් අනියමින් ඇඟවෙන කතාවක් කියල දෙකක් තියෙනවා.
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg Ай бұрын
Desana kireema nathara karala paththakata wela hitiyoth honda nadda oya niwana dahama oya gawama thiyagena.
@Nandadewa1
@Nandadewa1 Ай бұрын
ඔබේ මේ ප්‍රතිචාරය ධර්ම කාරණයක් ගැන ලස්සණ සංවාදයක් ඇති කරන්න ඉඩ හසර පාදනවා. ඔබ මට කියන කොට පැත්තකට වෙලා හිටියොත් හොද නැද්ද කියල එතැන ප්‍රකාශයට පත් වෙන්නෙ ඔබේ කෝපය (තරමක් දමනය කරන ලද්දක් වුනත්). ඒ ඔබ මගේ මතය සමග ගැටෙන නිසා. ඒකෙන් තමයි බුදුන් වහන්සෙ කිව්වෙ ගැලවෙන්න කියල. ඒ ගැටීම සමග තියෙන්නෙ ඔබ ඉගෙන ගත් බුද්ධාගම සමග තියෙන ඇලීම. ඒ විදිහට ඇලීමත් ගැටීමත් සම්බන්ධ වෙනවා. ඒ දෙකෙන් ම කෙනෙකුට නිදහස් වෙන්න පුළුවන් නම් වඩා විවෘතව ලෝකය දිහා බලන්නත් මෛත්‍රී සහගත ප්‍රතිචාරයන් කරන්නත් අවශ්‍ය හික්මීම ලැබෙනවා. ඔබට නිවීම අත්වේවා.
@kudusilva9498
@kudusilva9498 2 ай бұрын
බුදු දහමේ මූලිකම ඉගැන්වීම ඇලීම් ගැටීම් නැතිව ඉඳීමද ? කොහෙද බුදුහාමුදුරුවො එහෙම කියල තියෙන්නෙ ? ඔය කියන්නෙ හිතක් පපුවක් නැතිව ඉඳීම​. එතකොට ඇලීම් ගැටීම් නැහැනෙ. බුදුහාමුදුරුවො බොහෝ සූත්‍ර වල දෙසා තියනව චතුරාර්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමෙන් තොර නිවනක් නැත කියල සංනි 56:21; 431-32 , 56.42 448-50 , 56:32 442-43 , 56.25 434 , සංනි 38:1; 251-52. සංනි 56:21; 431-32 මුලින්ම දේසනා කලෙත් දම්සක් සූත්‍රයෙත් ඕකයි. ආගමක් , දහමක් ඇතුව හෝ නැතුව හොඳ මිනිසුන් වගේ ඉන්න එක හොදයි. ඒත් බොරුවට මම මේ නිසා වඩාත් ඉහල බෞද්ධයෙක්මි අනිත් අය පහතයි කියල "අඟවන​" එක දුර්වලයි.
@Nandadewa1
@Nandadewa1 2 ай бұрын
දුක නැති කිරීම ගත්තත් එතැන තියෙන්නෙත් ඇලීම හා ගැටීමෙන් දුරු ‌වීම.අෂ්ට ලෝක ධර්මය ගත්තත් මෛත්‍රි භාවනාව ගත්තත් ඇසුවේය ඇසුවා පමණකි දුටුවේය දුටුවා පමණකි කියන ඉගැන්වීම ගත්තත් ඒ ‌හැම එකක ම පදනම ඇලීම හා ගැටීමෙන් දුරු විම. එය ම තමා නිවන. නිවීම. ඉතිරි ධර්ම කාරණා මිනිසුන්ගේ විවිධ ප්‍රශ්න වලට දීපු උත්තර.
@kudusilva9498
@kudusilva9498 2 ай бұрын
@@Nandadewa1 "දුක නැති කිරීම​" නෙවෙයි, දුක නැතිවීම​. දුක නැති "කරන්න" බැහැ. දුකයි වේදනාවයි පටලව ගන්න එපා. ඔබ කියන විධියට කිව්වොත් ඇලීම ගැටීම නැති "කර ගත්තොත්" දුක නැතිවේ. ඒක දෙවෙනි ආර්‍ය සත්‍යය​. දුකක් ඇති බව ඔබ වගෙ අය පිලි ගන්නෙ නැතිකොට , නැති දුකක් තවත් නැතිකරන්නෙ මොකටද ? ඔහොමම ඉන්න​. ඇලීම ගැටීම නැතිකර ගැනීමේ ක්‍රමය තමයි 4 වැනි ආර්‍ය සත්‍යය​. ඔය 4 තමයි බුදුදහමේ හරය​. බුදු දහම හොඳට ඉගෙන ගන්න.
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 49 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 49 МЛН