Рет қаралды 77,256
෴෴෴ නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ ෴෴෴
නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ
නොවිඳපු රසයකි උතුරන්නේ
නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ
වෙනදා කවදාවත් නොවුණේ
නුපුරුදු හැඟුමකි................
ඔබෙ නුවන් රන් කූඩුවේ
කව්ද යුවළක් ජෝඩුවේ
ඉන්නෙ කව්දෝ හැංගිලා
බලනු මැනවී ලං වෙලා
ඔහු වගෙයි මා ඔබ වගෙයි ඈ සතුටු වී සපුරා
අතට අත දී හිතට හිත දී එන්න මා පෙම්බරා
නුපුරුදු හැඟුමකි................//
පිපී සැලෙනා ලිය ගොමු
හැපී නඟනා ගුමු ගුමු
සුළඟෙ එතිලා මුසු වෙලා
ඈත විසිරෙයි පාවෙලා
අපගෙ හැඩයේ අතර සැතපේ මියුරු සර වපුරා
අතට අත දී හිතට හිත දී එන්න මා පෙම්බරා
නුපුරුදු හැඟුමකි................//
පද රචනය :
සංගීත නිර්මාණය : ටී. එෆ්. ලතීෆ් (තනුව: එම්. එම්. හක්)
ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක
චිත්‍රපටය : සුජීවා (1972)
Lyrics :
Music : T. F. Latif (Melody: M. M. Haq)
Artist : H. R. Jothipala with Anjeline Gunathilake
Film : Sujeewa (1972)
එදත් අදත් එකසේ ජනප්‍රිය මෙම සුමධුර ගීතවල පද රචනය, සංගීත රචනය සහ ගායනය සඳහා නිර්මාණ දායකත්වය ලබා දුන් කලා ශිල්පීන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. මාධ්‍යවලින් අද අසන්නට නොලැබෙන මේ සුමියුරු ගීත එදා රසවිඳි රසිකයින්ට නැවත තම මතකයන් අවදි කර ගන්නටත්, තවද පැරණි ගීත නිර්මාණයන් ගැන හදාරන්නට කැමැත්තක් ඇති නව පරපුරේ රසිකයන්ට අත්වැලක් ලෙසත් මෙලෙස ඉදිරිපත් කරමි. ඔබගේ ශ්‍රවන වින්දනය සඳහා පමණක් ඉදිරිපත් කරන මෙම ගීත භාගත කිරීම, පිටපත් කිරීම හා වාණිජමය අරමුණු සදහා ඉවහල් කර ගැනීමෙන් වළකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.