Рет қаралды 2,146
මම කසුන්. planet 361 stories channel එකේ. ඔයාලා ගොඩක් දෙනෙක් මාව අදුනගත්තෙ මගෙ Video game analysis and news channel එක වන @Planet361 නිසා. ඉතින් මම මේ planet 361 stories channel එක හදන්නෙ මගෙ ජීවිතේ විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මගෙ ජීවිත කතාව මේ තරම් දුර ආව ගමනෙ ලැබුණ අත්දැකීම් වලින් මේ ගමනම එන්න බලාගෙන ඉන්න අයව ධෛර්යමත් කිරීම තමයි ඒකෙ අරමුණ.
ඒ වගේම මට ලොකු ඉලක්කයක් තියනවා මැරෙන්න කලින් ලෝකයේ රටවල් 100ක සංචාරය කරන්න. අන්න ඒ ගමන්වල අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න එක සහ ඔයාලටත් ඒ වගේ ඉලක්කයක් තියනවනම් ඒකට උදව් කරන එකත් මේ planet 361 stories වල අරමුණක්.
අන්න ඒ ගමනේ තවත් අඩියක් ඉස්සරහට තියන්න තමයි මේ සූදානම් වෙන්නේ. අද මම මගෙ හත්වෙනි රටට යනවා. ඒ තමයි කාම්බෝජය. ලෝකයේ රටක ජනගහනයෙන් වැඩිම බෞද්ධයන් ප්‍රතිශතයක් ඉන්න මේ කාම්බෝජය වඩාත් ජනප්‍රිය වෙන්නෙ එහි පිහිටා තිබෙන Angkor Wat Temple එක නිසා. ලෝකයේ විශාලම ආගමික ගොඩනැගිල්ල කියන ගිනස් වාර්තාවට හිමිකම් කියන මේ, පන්සල අතීතයේ රාජ්‍යය සහ ආගම එකිනෙක අතර බැදී තිබුණ විදියේ ප්‍රතිමූර්තියක් විදියට හදුන්වන්න පුළුවන්
එහෙනම් අපි මෙතනින් එහාට ලෝකය ගවේෂණය කරමු. ඒ ඔයාට මේ ලෝකය පේන අංශක 360 ඇතුලෙ නෙමේ, ඒකෙනුත් එහාට ගිහින්. අපි ඔයාලට නොපෙනෙන ලෝකය පළවෙනි අංශකයේ ඉඳලම පෙන්නන්නවා. ඒ කියන්නෙ අපි planet 361 stories එක්ක අංශක 361න් පටන් ගමු. ජයවේවා ✌
---------------------------------------------------------------------------------------------------------------------
I'm Kasun, from planet 361 stories KZbin channel. The most of you got to know me because of my video game analysis and news channel @Planet361. I am creating this planet 361 stories channel to share my life experiences with you and to encourage those who are exploring the world out of the box.
And I have a big goal in my life, to visit 100 countries in the world before I die. The purpose of this planet 361 stories is to share the experiences of those journeys with you and to help you if you have a similar goal.
This is an another step forward in my circumnavigation of Earth. Today I am going to visit my seventh country, Cambodia. Cambodia, is the country with highest percentage of Buddhists in the world. It is well known due to Angkor Wat . Claiming the Guinness record of being the largest religious building in the world, this Angkor Wat can be described as a portrait of the way the state and religion were intertwined in the past.
So let's explore the world beyond the 360 degrees with planet 361 stories. Cheers!
#cambodia #angkorwat #siemreap #angkor #sinhala