Рет қаралды 109
ආයුබෝවන්,
සුභ පතමින් ගමන පටන් ගන්නට හිතෙන්නේ නෑ..ඒ මෙම වීඩියෝවේ අවසානය මම දකින්නට අකමැතිම දෙයක් අපට හමු වූ නිසාමයි.ගමන ආරම්භ වුනේ උදේ පාන්දරමයි..අවශ්‍ය උනේ රැකියාවේ විවේකයක් උදෙසා වන ගත වීමටයි.රිවස්ටන් වලින් පහලට බසිත්ම මගේ හා මිතිලගේ අදහස වෙනස් උනේ මේ පුංචි කදු වැටිය හැමදාම අප නෙත් පසු කරන් ගියත්..මෙය මොනවගේද වටාපිටාව කොයි වගේද කියලා දෙදෙනාටම දැක ගැනීමට අවශ්‍ය වූ නිසායි.අවසන වල්පොල මුල්ලට යන්න ගිය ගමන පසෙකින් තබා දෙදෙනාම ලක ලෑස්ති උනේ මේ පුංචි කදු වැටිය එක හුස්මට නැග අවසන් කිරීමටයි.එය එසේම විය.විනාඩි 10ක් හෝ ගත වන්නට පෙර අපි කදු මුදුනට ප්රවිශ්ට විය..වටපිටාවක් බැලීමට මිතිල තැනක් හොයන තුරු මා මේ පටු කදු මුදුන මධ්‍යයේ සිටියේ වට පිටාව නිරීක්ෂනය කරමිනි.එක් වරම මා දුටු දෙයින් නම් මා කෝපයට හා කල කිරීමට පත් උනේ කිමදැයි මා දැනටත් නොදනිමි.කටෙන් පිට උනේ මිතිල..මිතිල..එකම වචනය පමනි.අනේ දෙවියනේ ගෝනාගේ හිස පමනයි..කදෙන් වෙන් කල හිසට දින කිහිපයක් පමනි.මා හට නම් එය මහත් වූ කනස්සල්ලකි.කිව යුත්තේ මෙපමනයි.මා මෙය කල උදවිය සොයා ගැනීමට උත්සහයන් කීපයක් දැරුවා..මම දන්නවා. උබලා ඔය රක්ශිත ඇතුලේ නටන්නේ ලෙහෙසි පහසු නාඩගමක් නෙවෙයි.හැබැයි මම අදත් කියනවා මේක උබලා බලනවනම් මේක කියවනවානම් මේ ටික හොදින් මතක තියාගන්න..ඔවා සහ ගහන අපරාද.....අපිට තියෙන්නේ පුංචි රටක්..ඒක ඇතුලේ ඉන්නේ එක එක විදියේ මේ පරිසරයට අනුගත වෙච්චි ලස්සන සත්තු මරන් කන්න එපා ..උබලට කන්නම ඕනනම් උබේ අත පය කපලා කාපල්ලා..උබ දන්නේ නැති උනාට ඔය සත්තු අහිංසකයි උන්ට අපිට වගේ වේදනාව පිට කරන්න කතා කරන්න බෑ උන් හරි අහිංසකයි.අනේ මෙන්න වැන්දා මේ වගේ තිරිසන් වැඩ කරන උන්ට දඩුවම් දෙන්න පුලුවන් කෙනෙක් වෙයි නම් ඔබ තුමන්ලට පින්..හොයලා දඩුවම් කරන්න මුන්ට...
සමාව අයැදිනවා පිට උන වචන අප්‍රසන්න නම්..ස්භාදහම විදින්න!ඒකට ආදරය කරන්න.
ඔබ රකිනා ස්භාදහම සුරකින්න!
මම,
ධනුක දිනූෂ ✍️
⚫️ Face book :-www.facebook.c...
⚫️ instagram :- ...
#dhanuka #srilanka #naturelovers #protectwildlife #wildlife