දොළොස්බාගේ කඳු සොයා ගිය ගමන | රාක්ෂගල පතනේ රාත්‍රියක් ⛺🔥 RASSAGALA NIGHT CAMPING

  Рет қаралды 657

Nidahase Yathra  නිදහසේ යාත්‍රා

Nidahase Yathra නිදහසේ යාත්‍රා

Күн бұрын

#rassagala #nightcamping #trending
දොළොස්බාගේ කඳු සොයා ගිය ගමන | රාක්ෂගල පතනේ රාත්‍රියක් ⛺🔥 RASSAGALA NIGHT CAMPING
🍃කොටස් දෙකකින් සමන්විත වන මෙම වීඩියෝවපළමු කොටස මෙසේ දිග හැර දක්වනු ලැබේ. ඔබත් මෙය නරඹා සතුටු වන්න🍃
#රාක්ෂගල
🍂 ගම්පොළ දොළොස්බාගේ කඳු පන්තියේ උසම කන්ද වනුයේ කබරගලයි. එය මීටර් 1,500ක පමණ උසින් යුක්ත වේ. එහි දෙවැනියට උසම කන්ද වනුයේ රාක්ෂගලයි. රාක්ෂගල උස මීටර් 1,438කි. කිනිහිර කන්ද, පත්තිනි අම්මා කන්ද, වංගෙඩි මෝල්ගස් කන්ද ලෙස ප්‍රාදේශීයව ව්‍යවහාර වන්නේද මෙම කන්දයි. රාවණාට ආයුධ සෑදූ ස්ථානය වූ නිසා කිනිහිර කන්ද වන්නට ඇතැයි ජනප්‍රවාදයේ කියැවේ.
ගූගල් සිතියමේ මෙම කන්ද කිනිහිර කන්ද ලෙස හැඳින්වෙයි. මිනින්දෝරු දෙපාර්තමේන්තු සිතියමේ එය නැගෙනහිර සෙන්ට්‍රි බොක්ස් ලෙස සලකුණු කරයි. එය ආරක්ෂක මුරපොලක් මෙන් යැයි සිතූ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විසින් නම් කරන ලද්දක් බවට සැකයක් නැත.
ප්‍රදේශවාසීන් විසින් මෙම කන්ද බොහෝ විට හැඳින්වෙන්නේ වංගෙඩියයි මොල්ගහ කන්ද ලෙසිනි. යම් යම් කෝණවලින් ශ්‍රී ලාංකික මුළුතැන්ගෙයි භාවිතා කරන විශාල වංගෙඩියට හා මෝල්ගහට සමානය. දුර සිට බලන්නෙකුට මෙම කන්ද පුරාණ බලකොටුවක් මෙන් පෙනේ. කන්ද අවට වටපිටාව හා කන්දේ හැඩය නිසා කන්ද බොහෝ දෙනෙක් හදුන්වනේ රාක්ෂගල, “රාක්ෂයන්ගේ පර්වතය” යනුවෙනි.
වරෙක දිවයිනේ රජු වන රාවණාගේ බලකොටුවක් වූ බව විශ්වාස කෙරේ. කදු මුදුනේ යම් සෙල්ලිපියක්ද දක්නට ලැබේ.
පුරාවෘත්තයට අනුව රාවණා මුලින්ම සීතා රැගෙන විත් රාක්ෂගලේ සඟවා තබා ඇත. රන් ඇඳක් තවමත් කන්දෙහි කොහේ හෝ සැඟවී ඇති බව සමහරු විශ්වාස කරයි.
ගමේ මිනිසුන් පවසන ආකාරයට මෙහි ඇති රාක්ෂගල යැයි නම වැටීමට තවත් හේතු කතාවක් ඇත. රාක්ෂ ගෝතිකයන් යනු රාවණා රජුගේ සොල්දාදුවන් වන අතර ඔවුන් විසින් රාම රාවණා යුද්ධයට අවශ්‍ය කඩු ආයුධ නිර්මාණය කර ඇත්තේ මෙහි යැයි විශ්වාසයක් පවතී. එයට හේතු සාධක ලෙස එම පරිසරය කම්මලකට අදාල පරිසරයක්දෝ යැයි සිතේ. එහි පසේ ස්වරූපයද එයට සාක්ශි දරයි. එමෙන්ම විශාල ගල් තලාවක් ඇති අතර එය හරහා සුළං කපොල්ලක් නිර්මාණය වී ඇති අතර තදින් සුළං ඇති දිනකදි එය හොඳින් අපට දැනේ.එමෙන්ම පහළ ගම්මානය අළුගොල්ල ලෙස හැදින්වීමටත් හේතුව වන්නේ එලෙස කම්මලේ අළු පහලට ගොඩ ගැසීම නිසා යැයි පැවසේ.
රාක්ෂගල අවට වනයේ කඳු ආශ්‍රිත පක්ෂීන් විශේෂද, කටුස්සන්, තලගොයන් ඇතුලු උරඟ විශේෂද, කෘමීන් විශේෂද ,ඕලු මුවන්, ඌරන් වැනි ක්ෂීරපායින් ඇතුලු සත්ව හා ලයිකන, පාසි ආදිය බැදුණු ඇඹරුණු ශාක විශේෂද දක්නට ඇත.
රාක්ෂගල මුදුනට ගම්පොළ ප්‍රදේශය, දෙවනගල, අම්බුලුවාව, නකල්ස් කඳු වැටිය සහ හන්තාන කඳු වැටිය, දොලොස්බාගේ කඳු ප්‍රදේශය, වවුල් ගල, කොටගල, සිරීපාදය, මොනරගල, පිදුරුතලාගල, ගේට් වෙස්ටන්, කබරගල ආදී ඉතා අලංකාර දර්ශනයක් දැකබලාගත හැක.
ඔබත් රාක්ෂගල සංචාරය කරන්නේනම් එම පරිසරය ආරක්ගන්නෂා කිරීම ඔබේ වගකීමක් බව සිහි තබාගන්න
ආයුබෝවන් මම දිලීප 🇱🇰
Find Us :
Facebook : www.facebook.c...
Instergram: We are on Instagram as @nidahaseyathra
Install the app to follow my photos and videos. ...

Пікірлер: 7
@susanthalakmal2497
@susanthalakmal2497 Жыл бұрын
👍👍👍👍
@nidahaseyathra484
@nidahaseyathra484 Жыл бұрын
🙋🙋😁
@susanthalakmal2497
@susanthalakmal2497 Жыл бұрын
Ade
@nidahaseyathra484
@nidahaseyathra484 Жыл бұрын
😋😋😁
@tarwalwithlife369
@tarwalwithlife369 Жыл бұрын
🇱🇰🌏🍃🍃🌷🌷🦋🦋⛰️⛰️🏕️🏕️📷🎶
@nidahaseyathra484
@nidahaseyathra484 Жыл бұрын
🍃🇱🇰🙋
@විචක්ශණශීලීවසිතන්න
@විචක්ශණශීලීවසිතන්න Жыл бұрын
😮😮❤
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
රජගලද රජගහනුවරද? | Episode 1 | Rajagala | Purawatha | Vlog 01
23:06