No video

රැටියල කවි මඩුව - ratiyala kawi maduwa

  Рет қаралды 19,474

Rev,Deeyakaduwe Saranasiri

Rev,Deeyakaduwe Saranasiri

Күн бұрын

Пікірлер: 11
@nawarathna143nawa4
@nawarathna143nawa4 Ай бұрын
බුදුසරණයි අද් නෙත්මිගේ කටහඩ ටිකක් වෙනස් ❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏
@revdeeyakaduwesaranasiri1522
@revdeeyakaduwesaranasiri1522 5 ай бұрын
සම මුලසුන වේයන්ගොඩ කපිල වික‍්‍රමරත්න මෙහි වැඩ සිටින්නේ ගරු හිමිවරුය අපේ සසරින් මිදෙනෙකයි කෙනෙකුගෙ පරම සැපේ බලමින් දියකඩුවෙ ගරු හිමි පිටත ඔපේ හනිකට දිව ඇවිත් නෙත්මිගෙ සිරුරෙ හැපේ දීයකඩුවේ සරණසිරි නාහිමි වයසෙදි කුඩා අතුරේ කඩපල ගාවා සුරතල් සිනා මට මතකයි ඔබ පෑවා කවි මඩුවෙහි අදත් මුහුණට හමුවූවා නෙත්මී ඔබට සුබ සැන්දෑන්‍ක් වේවා බුලත්සිංහල නෙත්මි යාපා සිහිවන විටත් එම මතකය සුවය ගෙනේ ඉන්පසු පොලිසියෙ ඇඳුමකි උරුම වුනේ දැන් පැන්සන්ය පසුවෙමි දිවි මගෙහි කොනේ අවසර, සරණසිරි ගරු හාමුදුරුවනේ දීයකඩුවේ සරණසිරි නාහිමි දැනගන්නට ලැබුණි දැන් පැන්සන් ය කියා ගිය වසරේ මමත් විස්රාමයට ගියා ජීවත්වෙන්න මුදලක් ගනු පිණිස සොයා පිටරට වත් යන්න සිතුවේ නැතිද ඔයා බුලත්සිංහල නෙත්මි යාපා ලෝකයෙ තියෙන හැම රටටම අසම සම සිරිලක් බිමයි හිමියනි මා ජනිත බිම පිහිටක් වන තුරා එයටම ඇතිව පෙම කීයටවත්ම මවුබිම හැර නොයමි මම දීයකඩුවේ සරණසිරි නාහිමි නෙත්මී ඔබේ එම අදහස බොහොම වටී එනමුත් සිතිය යුතු මුදලක් ලැබෙන හැටී අඟනක් නිසා ඔබ පෙර පොලිසියෙහි සිටී නරකද ජොබ් එකක් බැලූුවොත් සිකියුරිටී බුලත්සිංහල නෙත්මි යාපා නිල ඇඳුමට මගේ දිවියම ගෙවුව සරූ දිවිහිමියෙන්ම සමිඳුනි මම කරමි ගරූ රැක්කා කලක් රට අනුභව කරන හොරූ ආයෙත් ඒක නොකරමි දිවි තිබෙන තුරූ දීයකඩුවේ සරණසිරි නාහිමි ඔබ කිවු දෙයට මගෙ සිතුවිලි විදුලි කෙටේ පිළිතුරු සොයා යයි මගෙ සිත හතර වටේ නොකියනු මුසා එනු ඇත හොරි බිබිළි කටේ ඔය කියනා තරම් හොරු ඉන්නවද රටේ බුලත්සිංහල නෙත්මි යාපා සමිඳුට නොමැත රට තොට පිළිබඳ දැනුම හිමිවරු සිතයි පන්සල්වල වැඩ ගැනම නම් ගම් කියන්නට මට බැහැ වෙන වෙනම රට කන හොරු තමයි ඉන්නේ හැම තැනම දීයකඩුවේ සරණසිරි නාහිමි කරනා කෙනෙකි මම කෙලෙසුන් හා යුද්ද රට තොට ගැන දැනුමෙ ඇත පොඩි අඩුවක්ද බැරි නම් සෙකියුරිටි නොමැතිව වැඩි සද්ද බේකරියක වැඩට ගියොතින් හොඳ නැද්ද බුලත්සිංහල නෙත්මි යාපා ගරු හිමි සඳුනි, මම දැනටත් මහත වැඞී ලස්සන ඇඳුම්වල යනු ඇත මැහුම කැඞී පිටි මෝලිය අනාගන්නත් නොමැත රෙඞී බේකරි නම් නොයමි තැබුවත් හිසට වෙඞී දීයකඩුවේ සරණසිරි නාහිමි හොඳ මිහිරක් තිබේ එතනදි ලැබෙන රහෙත් අකමැතිම නම් ඔබ නොම යා යුතුය එහෙත් ගරු සැලකුම් ලබාගන්නට ගියද කොහෙත් නරකද ගෙන්නුවොත් ප‍්‍රමිතිය නොමැති බෙහෙත් බුලත්සිංහල නෙත්මි යාපා කල්පැන ගිය බෙහෙත් මුදලට ගෙනා යුගේ ඒවායිනුත් වැජඹිය හැක රජා වගේ ඒවා වැඩය අර කාගෙද පුතාලගේ ඒවා වැඩය හදවත නැති එකාලගේ අයියෝ ඒක බල්ලටවත් එපා මගේ දීයකඩුවේ සරණසිරි නාහිමි හිර ගෙදරදිත් ඒ අය සැප ම ය වින්දේ මම නොදනිමි ඔබට බැරි දේ පුළුවන් දේ ඉපයිය හැක ඩොලර් සිටියදි වුව නින්දේ මන්තිරි කෙනෙක් වෙනවද ඉල්ලල චන්දේ බුලත්සිංහල නෙත්මි යාපා චන්දය අරන් මහ ජනයා මුළා කොට ඉන්තේරුවෙන් මට යා හැක අපායට මම නැහැ කැමති ලෝ දිය මැද පැසීමට මන්ත‍්‍රී කමක් කොහොමට වත් එපා මට දීයකඩුවේ සරණසිරි නාහිමි මොන යෝජනා කෙරුවත් ඔක්කොම වහ ලූ නොමදෙයි ඇහුම්කන් උපදෙසකට යහළු ජීවත්වෙන්න ඇත්තෙත් තව ටික දොහලූ යනු මැන එහෙමනම් මඩමක් වෙත මහළු බුලත්සිංහල නෙත්මි යාපා පැන්සන් ගියත් මම එතරම් මහළු නොවේ එනමුදු දනිමි මෙම අනියත ගතිය ලොවේ මෙලොවෙදි පරලොවදි දෙලොවම සදන සුවේ සමිඳුනි, මහණ වෙන්නට මගෙ මනස නැවේ දීයකඩුවේ සරණසිරි නාහිමි කුමන රැකියා කළත් සැප තාවකාලිකයි ලැබෙන දේ කොයි වෙලේ නැති වේවිදෝ සැකයි අපේ දිවි ගෙවෙන්නේ අනිස්තිර ලෝකෙකයි මහණ වෙන එක හොඳයි, සැප සදාකාලිකයි බුලත්සිංහල නෙත්මි යාපා මට වඩා ගරු සමිඳු බුදු දහම ගැන දනී පිළිගනිමි එම වදන මගෙ සිරස නමමිනී බණ සමග රස කවිත් අහගන්න පුළුවනී කුඩලිගම පන්සලේ මහණ වෙමි හිමියනී දීයකඩුවේ සරණසිරි නාහිමි පින්වතුන් පන්සලට දානය අරන් එනවා දවස් ගානේ ගල් ගහයි ඒගොල්ලො අපහට දඬුවමක් ලෙස පකිස්තානේ තව ඇබිත්තක් කලක් ජීවත්වෙලා ඉන්නයි මටත් ඕනේ වෙන කොහේ හරි පන්සලක් ඔබ හොයාගනු මැන පොලිස් නෝනේ බුලත්සිංහල නෙත්මි යාපා රසක් දෙන්නට රසික ඔබහට කවි මඩුවෙ දැම්මට කචල් දොසක් පවසා සංඝරත්නෙට සසර නොම කරගමි අවුල් පසක් කරගෙන මහා සඟ ගණ සොබන හොබවන ගුණ විසල් දොසක් වුනි නම් සමා ඉල්ලා වඳිමි හිමි සඳු පා කමල්
@ajithrajasuriya1078
@ajithrajasuriya1078 3 ай бұрын
මගෙ අතිතයෙ දුටු එ ගැමිආර තාමත් ගමෙිි තියෙනව දැක්කම සිතෙ සතුට නිමිිනැතිවුනා.එකල කවි විරුව හදෙහිටිය බොතලේගම සේන කවියාම තමයි.එ සල්පිල් යුගය අබියස විදි සතුට.
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 4 ай бұрын
හරිම ලස්සනයි.ක්ෂණික පද්ස් ගැලපීම විශිෂ්ටයි කිවිදියගෙත්,ස්වාමීන් වහන්සේගෙත්.හරිම අපූරුයි.තව තවත් ශක්තිය,dairya ලැබේවා රසපද ගොතන්නට.තෙරුවන් සරණයි..ඉතාලියේ සිට.
@ashokayakallarachchi4574
@ashokayakallarachchi4574 4 ай бұрын
ලස්සනයි . මන් හැම එකක්ම බලනවා
@user-gp3zh2ug2t
@user-gp3zh2ug2t 3 ай бұрын
සැබෑම ලස්සන සන්වාදයක්...බුල්ත්සින්හල කීවිදිය අති විශිශ්ඨයි... මුලසුන...අන්තිමයි.
@mrtv7736
@mrtv7736 4 ай бұрын
තෙරුවන් සරණයි .
@mylangepathmanee6087
@mylangepathmanee6087 4 ай бұрын
හරිම ලස්සනයි ,
@tharakaamarasekara
@tharakaamarasekara 4 ай бұрын
👏👏
@user-ci5ke3zh2u
@user-ci5ke3zh2u 4 ай бұрын
හාමුදුරුවනේ ⁣සුදුසුද අපේ සාසනයට
@user-hx1sv4bq4d
@user-hx1sv4bq4d 4 ай бұрын
ව්සපිරි බදුන ඉවතට ඔබ අරගන්න දිව ඔසුවකින් අතුලත මදු පුරවන්න දෙවත්වය සමඟ ආදරයෙන් ඉන්න හදවත ඔබේ මුදු උයනක් කර ගන්න .වසා තිබෙන ද්‍රොරවල් ඔබ හරගන්න නිව්ලා තිබෙන පහනට ජිවය දෙන්න රවටිල්කාර මනසට හසු නොමවන්න අතුලත පරමොදය සතුටින් වි දගන්න .මායා වෙ දැලෙන් ඉවතට පනගන්න ගුරු උතුමගෙ ඔරු වට ඔබ ගොඩ වන්න .මාවත දුසකරය එනමුත් දැන ගන්න ඔහුගේ සුවඳ සමගින් ඔබ මුසු වන්න දෙවියන් අත්තෙ ඔහු තුළ බව දැන ගන්න මෙ ඉවුරේ න් එහා ඉවුරට පන ගන්න පොකුණ ක්නොව් දිය අල්ලක් ලෙස ඉන්න ඉමහත් සුවඳ දෙන පංකජයක් වන්න ...
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 54 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 12 МЛН
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН
එළමලවල කවි මඬුව | 2 කොටස | 2022.05.07
1:41:14
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 38 МЛН