Рет қаралды 3,482
සොයාගෙනා නෙක පලවැල රහසේම..
කවා පොවා අප සැදුවයි සිතු සේ ම
සරා සඳය නිවුනේ හිටි හැටියේම
අමාවකය මට මින් මතු හැමදාම
අම්මා අපිට දුන්නේ කිරි විතරක් ද
ඒ කිරි සමග තව කොතෙකුත් දේ ඇද්ද
ඒවා ඇට මිදුළු සමගින් විය බද්ධ
ඇය නැති ජීවිතය මොන ජීවිතයක් ද
ඔබය මෙතෙක් මා අත පත් ලොකුම පොත
තවම එයින් පිටුවක් වත් ඉවර නැත
කවම කවරදාවත් ඒ අනගි පොත
ඉවර කරන්නට මට ඉඩ ලැබෙනු නැත
දරුවන් කෙරෙහි උතුරා යන මහරු පෙම
දවසින් දවස වැඩි වනු මිස නොවුනි නිම
ඉපදී එකට සසරේ හැම භවයකම
ඒ ණය බරින් නිදහස් කළ මැනවි මම
පද රචනය: බණ්ඩාර ඇහැළියගොඩ
සංගීතය; වික්ටර් රත්නායක
ගායනය: ජානක වික්රමසිංහ
සිතුවම් : අන්තර් ජාලයෙන් ලබා ගෙන ඇති අතර එහි අයිතිය මුල් අයිතිකරුවන් සතුය..