SRI PADAYA Hatton Nallatanni And Rathnapura වාරෙද ? අවාරෙද ? Adams peak පළමු වන්දනාව

  Рет қаралды 463

Traveler Anjana

Traveler Anjana

Күн бұрын

#sripadaya #srilanka #traveleranjana
කුඩා කල ඉදන් ආසාවෙන් යන්න ඉදියත් විවිද හේතු නිසා කරුණාකිරීමට නොහැකි වූ #sripda ශ්‍රී පාද වන්දනාව මේ ශ්‍රී පාද වාරයේ මට කරුණාකිරීමට ලැබීම ඉමහත් සතුටක් වේ. ගමනට සූදානම් වීමේ අටින් සීතලට අදිනඇදුම් පිට පිට ඇදින්න සැලසුම් කලේ සීතල දරා ගැනීමට නොහැකිවේවිගැයි සිතේ තිබූ දෙගිඩියාව නිසාය. සුපුරුදු කදු නැගීමේ විලාසය ශ්‍රී පාදකරුණා කිරීමට නොගැලපෙන බවද දැන සිටියත් ,සුපුරුදු පරිදි අමතර ආහාර වේල් කීපයක්ද සමග ගමන් මල්ල සකසනලදි. ලක ලෑස්ති වී ගමන් මල්ලත් සදාගෙන යතුරු පැදියට ගොඩ වෙද්දී වෙලාව පාන්දර 3න පසු වී මිනිත්තූ කීපයකි. සුපුරුදු පරිදි කළුතර බො සමිදුන් වැද ගමනට ආශිර්වාද ලබාගෙන picking point එකට යතුරු පැදියෙන් මා ගමන් ඇරඹූවේ පරක්කුවෙතැයි සිත් කොනෙන් වූ සිහින් බියත් නිසාවෙනි. පෝය දිනය ලන් වී තිබූනිසාවෙන් සිහින් හද එලියත් සමග ඝන අදුර අඩූ වී තිබිනි. සිහින් හද එලියත් විදුලි පහනක්වත් නැති පාරේ මා #bike යතුරු පැදියඉදිරියට ගෙනගියේ පාන්දර 4ට පෙර වාහනයෙන් අපව ගන්න එනස්ථානයට යාමේ අටිනි. වාසනාවට මෙන් 3.55 පමණ වන විට මා හටඅදාල ස්ථානයට ළගා විය හැකි විය. නමුත් වාහනය එතැනට එන විටපෙරවරු 6 පමණ විය. හනිකට වාහනයට ගමන් මලු දමා අසුන්ගත්තේය. අතර මග තිබූ පන්සලකටද නැවත 14 දෙනෙකුගෙන් යුත්නඩේ ම ගොඩ වී මල් පහන් පූජා කර ආශිර්වාද ගෙන වහනයට ගොඩ වීඅවිස්සාවෙල්ල හරහා #hatton හැටන් වෙත ගමන් අරඹන ලදි. උදෑසන ආහාරයසදහා කිතුල්ගල අවට රථගාලක වාහනය නතර කොට පාන් සමග චිලිපේස්ට් වලින් කුස පුරවා ගන්නා ලදි. නැවත ගමන් ඇරඹූ අපගේ මීලගගමනාන්තය අතරතුර මිනිත්තු කිහිපයක කෙටි නින්දක්ද ලබා ගෙනසුමන සමන් දේවාලයද වැද පුදා ගෙන #nallatanni නල්ලතන්නිය වෙත අප ලගා වනවිට පස්වරු 1 ට පමණ ඇත.නල්ලතන්නිය රථගාලේ පල්ලෙහාට වන්නටඇති. සීතගගුල වෙත නාන්නට ගියත් ගහැණු ලමුන් කීප දෙනෙක්ද අපනඩයේ සිටිය නිසා සෙනග අඩු ආරක්ශාකාරී තැනක් සෙවීමට සිදු විය . සැලකිලිමත් විය යුතු දේ නම් ගල්තලාව අදික ලිස්සන සුළු විමයි. පැය බාගයක් පමණ නාගත් අපි ආපසුරථගාල දෙසට පියමැන අපගේ දහවල් ආහාරය සදහා සූදානම් විය. සෝයා මීට්, පරිප්පු, චිලි පේස්ට් සහා පපඩම් සමග බත වෙලාවේහැටියට පංකාදු පහකි. ලක ලෑස්ති වී අමතර බඩුබාහිරාදිය වෑන් එකේම දමා . සීතලට ජැකට් සහා අමතර ආහාරදරැගෙන ගමන් මල්ල සමග ශ්‍රී පාදය දෙසට ගමන් කරන ලදි.
ජැකට් අයිස් කැප් ගමනට අවාශ්‍ය සියළු බඩු බාහිරාදිය ගමන ආරම්භයේදීම මිලදී ගත හැකිය. කන්ද උඩට වන්නට වන්නට සෑමභාන්ඩයකම මිල වැඩි වන්නේ ප්‍රවාහනයේ ඇති දුෂ්කරතාවය නිසා විය යුතුය. ඉතින් ඉහලට වන්නට ඇති මිල ගණන් බොහෝසාදාරන යැයි මට හැගේ . පිටේ ගෝනි පුරෝගෙන කොන්ද දෙකට තුනට නමාගෙන කඩවල් වලට බඩු ගෙනියන අහිංසක මිනිස්සුඔවුනගේ ජිවිකාව ගෙන යාම සදහා කරන වෑයම මෙයයි. ඉහිදී අප ඔවුනගේ මහන්සිය දෙස බලා දුක් වී ඉහළට වන්නට ඇතිකඩවල් වල දේවල් මිල වැඩි යැයි මැසිවිලි නගා ඔවුනට බැන වැදීම කොතරම් දුරට සාදාරන දැයි ප්‍රශ්නාර්ථයකි.
සරළව, පැණි රස කෑම ජාති ගමනේ ආරභයේම ඇති කඩවල මිල අඩුය. පඩි පෙල ආරම්භයේ ඇති වෙරළු අච්චාරුව නිසා ශ්‍රී පාදගමන මට ආයෙම යෑමට සිත්වේ.එය ඒ තරම් රසවත්‍ ය . පහල කඩේකින්ම පැණි බිම බොතල් දෙකක්ම ගමන් මල්ලේ ඔබාගත්තේ නඩයේම තිබහා නිවීමේ අටියෙනි.
මදක් දුර යන විට සීත ගගුල හමුවේ දෙහි ගෙඩියක් ඔලුවේ ගා සීත ගගුලෙන් මුහුණ සහා හිස සෝදා ගැනීම චාරිත්‍රයකි .
ඉන් පසු ඉහලින් සුදු රෙදි කැබැල්ලකින් පඩුරක් අතේ ගැට ගසා ආශිර්වාද ගෙන ඉහලට කරුණා කර ඉහලින් හෝ පඩුර ගැට ගැසූතැනින් , ඒ අවට පඩුරු ගැට ගසා ඇති තැනක ආරක්ශාකාරීව නැවත ඒමට හැකිවීම ගැන සමන් දෙවියන්ට ස්තූති කර වන්දනාකල යුතුය
ආහාර පාන නිසාම බර අදික වූ මගේ ගම්න් මල්ල ගමනෙන් බාගයක් යන්නට මත්තෙන්ම මාව හති වට්ටන්නට සමත් විය. මදුසංකමල්ලිගේ සහය නිසා මොහොතකට මට ඒ බරින් නිදහස් විය හැකි විය.
ඉදි කටු පහන ගාවින් ආපසු ගමන් මල්ලි ලබාගත් මා නඩය සමග අපගේ තිබහා නිවා ගන්නා ලදි. ඉන් ඉක්බිති බටර් සහා මාමයිට්සමග පාන් ආහාරයට ගෙන ඉදිකටු පහන ගාවින් චාරිත්‍ර ලෙස ඉදිකට්ටකට නූල අමුනුවා නුල් බෝලයේ කෙලවර තෙක් පඩි නැගගොස් එය අමුණන ලදි.
රාත්‍රී 8 පමණ වන්නට ඇත ඉදිකටු පහන පසු කරන් ඉදිරියට යන විට සෙනග වැඩි බව පසක් වන්නට වැඩි වේලා ගියේ නැත. ඩ්‍රයිවර් අයියාගේ උපදෙස් මත ඉදිකටු පහන පසු කර මදක් ඉදිරියට යාමේදි රත්නපුර පාරට ඇති අතුරුපාරෙන් ගමන් කරන්නටපටන් ගන්නා ලදි. රත්නපුර පාරට පිවිසෙත්ම වැඩි සෙනගක් නොවු නිසා ඉක්මනින් ඉහළට කරුනා කල අප අන්තිම කඩේ ගාවින්උණු රොටි සමග ලුණු මිරිසකින් කුස පුරවාගෙන උඩ මළුව ආසන්නයේ පැය 3කට ආසන්න කාලයක් බලා සිටීමෙන් අනතුරුව ශ්‍රිපදමය වැද පුදාගැනිමට අවස්තාව සලසා ගන්නා ලදි. වෙලාව පාන්දර 2 ක පමන වන්නට ඇත. කෑම වල අවුලක් නිසාදෝ අවුල්ගිය බඩ නිදහස් කිරීමට පැය 3ක් පමන බලා සිට උඩ මළුවේ වැසිකිළියටද ගොඩ වැදී පාන්දර 3ට පමණ පහළට කරුණා කිරීමටනඩය සූදානම් විය. නිදි නොමැති කමත් ගමන් මහන්සියත් නිසා පහළට කරුණා කරද්දි පඩි පෙලේ නැවති ගිමන් හැරපු වාර ගනනමතක නැති තරම්හ. පහළට යන අතර තුර කීප විටක්ම වැසිකිලියේ ගත කිරීමටද සිදු විය.
අත් බැදගත් පඩුර නැවත සීත ගගුල ආසන්නයේ ගැට ගසා රථගාල ආසන්නයට එන විට උදෑසන 8ට පමණ වන්නට ඇත.
රාත්‍රියේදි කරුණා කරනවානම් හැටන් පාරේ විශාල තද බදයක් ඇති වේ. දීර්ඝ සති අන්තෙක අනිවාර්‍යෙන්ම පෝළිමේ රැදීසිටීමට ඉදිකටු පහනේ සිට සිදු වනු ඇත.
විකල්පයක් ලෙස අපි ගිය පාර භාවිතා කල හැක. එවිට උඩමළුවේ පමනක් රැදී සිටිමින් ඉක්මනින් කරුණා කල හැක.
චාරිත්‍ර වල අඩු පාඩු ඇතොත් comment section එකේ සදහන් කරන්න කියලා ඉල්ලීමකුත් කරන ගමන් සමු දෙන්නම් .
Accessories
Shot on - iPhone 12 #iphone12
Tripod #tripod
Chest mount #chestmount
Facebook - Ravindu Anjana Ranawana
Facebook page - TravelerAnjana
Tiktok - www.tiktok.com...
Insta - anjanaranawana Sent from my iPhona

Пікірлер: 16
@chulaniranawana2825
@chulaniranawana2825 Жыл бұрын
🙏💕🙏💕🙏 සාදු
@traveleranjana
@traveleranjana Жыл бұрын
Thank u nande 🇱🇰
@chulaniranawana2825
@chulaniranawana2825 Жыл бұрын
තෙරුවන් සරණයි
@kesharinethmini-mx2kz
@kesharinethmini-mx2kz Жыл бұрын
😍😍
@traveleranjana
@traveleranjana Жыл бұрын
Thank u 🇱🇰
@__giha__b
@__giha__b Жыл бұрын
❤❤
@traveleranjana
@traveleranjana Жыл бұрын
Thnk u 🇱🇰
@hanshanimaduwanthi5933
@hanshanimaduwanthi5933 Жыл бұрын
💗🙏
@__giha__b
@__giha__b Жыл бұрын
😒
@traveleranjana
@traveleranjana Жыл бұрын
Thank u 🇱🇰
@sewminiranasinghe5790
@sewminiranasinghe5790 Жыл бұрын
🇱🇰♥️
@traveleranjana
@traveleranjana Жыл бұрын
Thank u lv ❤🇱🇰
@thusharapathum183
@thusharapathum183 Жыл бұрын
🙏❤
@gayankandula131
@gayankandula131 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@Ashprabashwara
@Ashprabashwara Жыл бұрын
Saho ❤️
@traveleranjana
@traveleranjana Жыл бұрын
Thank u bokka🇱🇰
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 13 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
අවාරේ සිරිපා කරුණාව (Sri Pada/Adams Peak in off season) Travel Vlog 5
27:53
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 13 МЛН