The Newspaper movie theme song | අම්මා නොවේ බුදු වන්නේ නුඹයි පුතේ (ද නිව්ස් පේපර් තේමා ගීතය)

  Рет қаралды 66,297

Sarasavi Cineru - සරසවි සිනෙරූ

Sarasavi Cineru - සරසවි සිනෙරූ

Күн бұрын

Пікірлер: 172
@sanjeewabandara4902
@sanjeewabandara4902 4 жыл бұрын
මේ ෆිල්ම එක මම බැලුවා කුමාර තිරිමාදුර හොදම නලුවා වෙනවා.....❤️🔥.සම්පූර්ණ ෆිල්ම් එක බලලා මේ සිංදුව අන්තිමට ඇහුවාම ඇත්තටම ඇඩුනා... ලස්සන නිර්මාණයක් ❤️🔥
@gayan33gm
@gayan33gm 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 11 ай бұрын
හොදම නළුවන් දෙදෙනෙක් ඉන්න ඕනි කුමාර තිරිමාදුර මහත්මයයි සරත් කොතලාවල මහත්මයයි
@kavishkanirmal2414
@kavishkanirmal2414 4 жыл бұрын
පත්තරේ නොයන විස්තරේ ද නිව්ස්පේපර් 2.30 ෂෝ එක මොරටුව ටවර් එක. ෆිල්ම් හෝල් එකටම හිටියේ පස් දෙනයි තව එක්කෙනක් අඩු උනා නම් ෆිල්ම් එක බලන්න වෙන්නෙත් නෑ. නම් ටික වැටෙනකොටම මාරයි කියලා හිතුනා. ගීත ගායනය නන්දා මාලනි පද රචනය සුනිල් ආරියරත්න ලංකාවේ සමාජ පරිවර්තන වෙන හැම වෙලාවකම එකතු වෙලා මිනිස්සු අවදි කරවපු සුසංයෝගයක්. සංගීතය කේමදාස මාස්ටර්ගේ දියණිය ගයාත්‍රි කේමදාස. සම නිෂ්පාදනය ආචාර්ය බන්දුල ගුණවර්ධන දේශපාලන භාවිතය නැතුව කතා කලොත් අහලා තියෙන විදියට ඉන්න දේශපාලුවන්ට වඩා හොද කතාවක් තියෙනවා. තිර රචනය හා අධ්‍යක්ෂණය කුමාර තිරිමාදුර සමග සරත් කොතලාවල තව පාරක් මරු කියලා හිතුනා ප්‍රධාන චරිත දෙක රගපාන ගමන් අධ්‍යක්ෂණය කරන්නෙත් මේ ඩබල. කතාව යන්නේ මාධ්‍යවේදියෝ සහ මාධ්‍යකාරයෝ ගැන. මන් එහෙම කියන්නේ මාධ්‍ය භාවිතයේ කලු සුදු දෙපැත්ත ගැන සමාජයට ලස්සනට කියලා දෙන්න ගත්තු උත්සහය නිසා. "තොගෙ මලයා හන්දා ගම්මු උබේ කකුල් දෙක කැඩුවා වැටිලා ඉන්න තිබ්බ ගේ ගිණි තිබ්බා. ඉතින් මොන එහෙකටද බන් මේ කඩදාසියක් අරගෙන රට වටේ ඇවිදින්නේ ඌව සුද්ද කරන්න" කොටි කලබලකාලේ බස් එකකට තිබ්බ බෝම්බයක් තියලා තියෙන්නේ අනුරාධපුර ගල්ලෑල්ලේ ජීවත් වෙච්ච සිංහල කොල්ලෙක් කියලා පත්තරේ හෙඩ් ලයින් එකට යනවා කොල්ලගේ ගමේ මිනිස්සු ගේ ගිනි තියලා කොල්ලගේ අයියගේ කකුල් කඩනවා අවුරුදු 9ක් පුරාවට මේ අපහාස විදගෙන ඉන්න අතරේ මේ අයියට පත්තර කෑල්ලක පොඩියට තියෙන දැන්වීමක් හම්බෙනවා. ඒකේ තියෙන්නේ ඒ බෝම්බේ තිබ්බේ අර කොල්ලා නෙමේ කියලා අවුරුදු 9කට පස්සේ හමුදාව තහවුරු කරගෙන තියෙන බවත් තම පත්තරේ වැරදි ලෙස පලවූ පුවත නිවරැදි කිරීමක් ලෙසත්. මේක අම්මට පෙන්නපු අයියා අම්මාගේ ඉල්ලීමට තමන්ගේ යාලුවත් එක්ක කොළඹ එනවා ඒ පුවත ලොකු අකුරෙන් පත්තරේ දාගෙන ගමේ උන්ට තමන්ගේ මල්ලි නිර්දෝශි කියලා කියන්න. තමන්ගේ පත්තරේ ගිය ප්‍රවෘතියක වගකීම ගන්න බැරි , වෙච්ච වැරද්දක් නිවරැදි කරන්න පැකිළෙන, එක එකාගේ වචන වලට කතුවරු වැඩ කරන, තමගේ පත්තරේ ජනප්‍රිය කරගන්න ඕන පුවතක් වෙනස් කරලා කපලා කොටලා හදන මාධ්‍ය ආයතන වලට මේ චිත්‍රපටිය හොද කනේ පහරක්. මේක අදාල වෙන්නේ මුද්‍රිත මාධ්‍යට විතරක් නෙමේ සෑම මාධ්‍ය ආයතනයකටම. මාධ්‍ය ජීවිතයට එන හැම කෙනාම එන්නේ අවංක සුපිරිසිදු චේතනාව පෙරදැරි කරගෙන ගල්ලෑල්ලේ ඉදන් තමන්ගේ මල්ලි ගැන හොයන්න කොළොම්පුරට ආපු ගමේ දෙන්නට උදව් කරන්නේ මාධ්‍ය ජීවිතයට අලුත් තරුණියක්. ඒත් ඒ ක්‍රමය ඇතුලේ කාලයක් යද්දි ජඩ මාධ්‍යකරණයට ඇයටත් හසු වන්න වන බව චිත්‍රපටිය පුරාවට ඉගි පළ කලා. ප්‍රධාන කතාව මේ වටා ගෙතී ගියත් ඒ අස්සෙන් චිත්‍රපටිය ඇතුලේ තව කතා ගොඩක් කියනවා. මව් සෙනහස, දරු සෙනෙහස සහ සහෝදරත්වයට එහා ගිය මිතුදම වගේ දේවල් ටිකක් මේ සිද්ධි මාලාව ඇතුලේ ලස්සනට ගලපලා තියෙනවා. "දුලී දියක් නැති විය නුඹ නාවන්ට තනේ කිරි හිගවිය තොල් පොගවන්ට කටුසර භෝග තිබුනේ බඩ පුරවන්ට සමාවෙයන් පුතුනේ නුඹ වැදුවාට" තම පොඩි පුතා වෙනුවෙන් ඇඩූ කදුලෙන් කල් ගෙවූ අම්මාගේ චරිතය. අම්මාගේ කීමට අම්මා අඩනවා බලන් ඉන්න බැරි කමට කකුල් දෙකත් නැතුව හද්ද පිටිසර ඉදන් කොළඹ එන අයියාගේ අම්මාට තියෙන සෙනෙහස මල්ලි ගැන තියෙන සෙනෙහෙස පිටිසර පවුලක බැදීම හොදින් ඉස්මතු කරවනවා නන්දා මාලිනියගේ හඩින් ගායනා කරන තේමා ගීතය මගින් මව් සෙනෙහස හොදින් ඉස්මතු කරවනවා. තනියම කොළඹ යන්න හදන තමන්ගේ යාලුවා ගුණාව තනි නොකරන නූගත් යාලුවා ලුවිස් ඔහුත් සමග කොළඹ එනවා. පත්තර කන්තෝරුවකදි ගුණාට පයින් පහරක් එල්ල කරපු කතෘ කෙනෙක්ට ලුවිස් පහර දෙනවා ගුණාට ගහපු නිසා මේකෙනුත් මිනිස්සු දේශපාලනිකව සහ එක් එක් ආකාර වල ප්‍රයෝජන ගන්නවා ලුවිස් හිරේ යනවා ලුවිස් හිරෙන් නිදහස් වෙලා එනකන් වැලිකඩ ගේට්ටුව ඉස්සරහා දවස් ගාණක් ගුණා තනියම ඉන්නවා අව්වට වැස්සට තෙමි තෙමී. අවසානයේ ලුවිස්ට ගහපු හොරු කණ්ඩායමක හොරෙක්ව පෙරළගන්නවා ගුණා ඒත් ලුවිස්ට ගහපු නිසා. මේ අපූරු මිතුදම නිසා අවසානයේ ඔවුන් තමන්ගේ අරමුණ ඉටුකරගන්න සමත් වෙනවා. ලංකාවේ සිනමා ක්ශේත්‍රයට කණකොකා හැඩීමට ප්‍රධානම හේතුව ප්‍රේක්ශකයාගේ බාල රසවින්දනය. උසස් නිර්මාණ වලට ප්‍රේක්ශක දායකත්ව අවම වීම නිසා නිර්මාණකරුවෝ හොද නිර්මාණ කරන්න පෙළඹීම අඩුවක් තියෙනවා. කොරෝනා කලබල අස්සේ උනත් ආදායම් බලාපොරොත්තු නොවී මෙවන් නිර්මාණයක් එළි දැක්වීමම අගය කල යුතු කාරණාවක්.
@nocaptions7127
@nocaptions7127 3 жыл бұрын
නමුත් ⁣මෙම කතාවේ අවසානයේ නැවත සිදුවන්නේද ජඩ මාධ්‍ය භාවිතාවක් නෙමේද
@madurangiguruge7166
@madurangiguruge7166 3 жыл бұрын
Adeh, Thanks kawiya. Janithage status ekakin sinduwa dekala film eka hoya hoya iddi ahamben comment eka dekke. p මෙ ෆිල්ම් එකට අදාළ නැති වුණත්, උඩ නම් සෙට් එකත් එක්ක උඹේ නමත් දැක්කම හිතුණෙ, පවන ආයිත් හදන මඳ පවනක් වගේ.
@srp7598
@srp7598 2 жыл бұрын
❤️💯👍🏻
@powerofmind3741
@powerofmind3741 2 жыл бұрын
ඔබගේ කියවීම හා සම්පූර්ණයෙන්ම එකගයි. ස්තුතියි 🙏👍
@dewumisathsarani7022
@dewumisathsarani7022 2 жыл бұрын
ගොඩාක් ලස්සනට පැහැදිලි කරලා තියෙන්නෙ film එක බැලුවා වගේ ගොඩාක් ස්තුතියි
@jayanthnittade2878
@jayanthnittade2878 2 жыл бұрын
I am from mangalore , I was watched this movie at Bangalore international film festival . . .very good movie ..thank you srilankans..
@sarathkothalawala4012
@sarathkothalawala4012 2 ай бұрын
@hansanavihanga5102
@hansanavihanga5102 2 жыл бұрын
ආසියානු මහද්විප හොදම චිත්‍රපටය 🇱🇰❤️❤️❤️
@maheshmaduranga1759
@maheshmaduranga1759 2 жыл бұрын
මේ ගීතය අහන වාරයක් පාසා වෙනම ලෝකයකට පිවිසෙනවා. හිරිගඩු පිපෙනවා, අැස් අගට කඳුලු එනවා. ලංකාවේ මිල කල නොහැකි ඒ අනර්ඝ කටහඬින් පුදුමාකාර හැඟමක් එක් කරන්නේ එම අර්ථවත් පදරචනයටයි. එම රචනා ශෛලිය හරිම අාශ්චර්යමත්ය. ඒ එමෙන්ම ඒවා පිටුපස නැගීසිටිනා දැවැන්ත සංගීත නිර්මාණයටයි. මේ සියල්ලක්ම සමගින් එම දැවැන්ත සිනමා පටයේ රඟදක්වන දැවැන්ත රංගන ශිල්පි ශිල්පිණියන්ගේ සහයෝගය තවත් මා මෙයට උන්මත්තයෙක් වීමට කාරණයකි. තවත් මෙවන් නිර්මාණ බිහිවේවාහි ප්‍රාර්ථනා කරමි, මා වැනි උන්මත්තකයින් තවත් සිටීදැයි විටක තනිවම මටම සිතේ. මා සිතින් මෙම නිර්මාණයේ රඟ දක්වන චරිතයකි. ❤❤❤
@hirankodithuwakku2108
@hirankodithuwakku2108 4 жыл бұрын
දුලී දියක් නැතිවිය නුඹ නාවන්ට තනේ කිරි හිඟවිය තොල් පොඟවන්ට කටුසර භෝග තිබුණේ බඩ පුරවන්ට සමාවෙයන් පුතුණේ නුඹ වැදුවාට රෑ ගාණක් උලලේනේ ඇඬුවාය ගම්මැද්දේ බැල්ලී උඩු බිරුවාය නුඹ එනතුරා.... අම්මා... දින ගැන්නාය හාමත් වෙලා ගොම පොළොවේ වැටුණාය දුක් ගිණි නිවන්නට මතු ජාතියක නුඹේ ආයෙත් මගෙ බඩට දවසක වරෙන් පුතේ නුඹ මට කරපු දේවල් මහ මෙරක් වගේ අම්මා නොවෙයි, බුදුවන්නේ නුඹයි පුතේ
@navodking4293
@navodking4293 4 жыл бұрын
❤️❤️❤️❤️
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 11 ай бұрын
මේ film එක මට නම් බලන්න බෑ ඇඩෙනවා ඒ තරම්ම සංවේදී..මේකෙ සිංදුවත් එහෙමයි අම්මා නෙවේ බුදුවන්නේ නුඹයි පුතේ.......මගෙ හිතේ ඉහළින්ම ඉන්න මං අතිශය ආදරේ කරන දැවැන්ත කලාකරුවන් දෙපළ කුමාර තිරිමාදුර මහත්තයයි සරත් කොතලාවල මහත්තයයි , හදවතේ ආදරය ගරුත්වය තව තව වැඩි වුණා ඔබතුන්ලා දෙපළට......දීර්ඝායුෂ ලැබෙන්න ඕනි...❤️🙏
@gimanthapradeep4557
@gimanthapradeep4557 2 жыл бұрын
කලාවක් සහ කලාකරුවන් දැක්කා, කාලෙකින්, සරත් කොතලාවල , කියන්න වචන නැ , සුපිරි,,
@Myfv-Saipallavi
@Myfv-Saipallavi 2 жыл бұрын
අද ටි.වී එකේ ගියා.බලපු ලස්සනම චිත්‍රපටයක්.
@gayan33gm
@gayan33gm 4 жыл бұрын
කේමදාස මාස්ටර්ගෙ ඒ සංගීතය නැවතත් සිහිපත්වෙනවා. මාස්ටර් ❤❤❤❤
@lankeshwaramanage2917
@lankeshwaramanage2917 4 жыл бұрын
අපි වාසනාවන්තයි මෙවැනි නිර්මාණය විදින්නට තරම්....ඔබ තුමියට දීර්ගායු
@ldoshan3
@ldoshan3 2 жыл бұрын
ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ අර්ථයක් තියෙන ගීතයක් ඇසුවේ. දෙමාපියන් වෙනුවෙන් අසීමිතව තමන්ගෙ ජීවිතය කැප කරන දරුවන්ට කවදාවත් වරදින්නෙ නෑ. අම්මා නොවෙයි නුබයි පුතේ බුදු වන්නේ. 🙏
@budget12proplus
@budget12proplus 2 жыл бұрын
අඬන ගමන් බලපු එකම සිංහල ෆිල්ම් එක
@ishankaview
@ishankaview 4 жыл бұрын
ඒ පදවැල් ...ඒ හඩ කියන්න ගොඩක් දෙ තිබුනත් ඒ හැකියාවට විචාරකයන් වෙන්නෙ අපි තාම පොඩ් වැඩ්යි..❤❤❤නන්දා මාලනිය...සුනිල අරියරත්නයන්..
@santharajapaksha5474
@santharajapaksha5474 4 жыл бұрын
Aniwaryenma
@chandrarathnaillangakoon5848
@chandrarathnaillangakoon5848 4 жыл бұрын
නන්දා මාලනී ගේ හඩ-- සුනිල් ආරියරත්නගේ පද--ගයාත්‍රී කේමදාසගේ ස්වර සංකලනය-- ඔබ වැනි විශීෂ්ඨයන් තව තවත් මේ සිනමාව - සංගීතය එළියකරන්න.ඒක ලොකු පිනක්..එවැනි දායාද නිරන්තරයෙන්ම සමාජය යහපත්කරාවි.. මේ ගීතය එන්නේ සිනමා නි්ර්මාණයේ අන්තිමට.. එය හරියටම උචිත තැනට යොදා තිබීම කාගෙත් කදුලකට හේතුවක් වුනා..
@crishanthasampath775
@crishanthasampath775 2 жыл бұрын
ඇත්තටම භාවනාවක්මයි❤️❤️ඒ කටහඬ සිංහල සංගිතයේ මව්තුමියට දීර්ඝායු 🙏🙏
@chitrasiriwardana3734
@chitrasiriwardana3734 2 жыл бұрын
හිතාගන්නවත් බෑ.අහලා ඉවර වෙනකම් හෙළවුනේවත් නෑ....................❤️🙏❤️
@thisararajapaksha5876
@thisararajapaksha5876 4 жыл бұрын
ඇස් වලට කදුලක් එන ගමන් ඇගේ හිරිගඩුත් පිපෙනවා...
@gayan33gm
@gayan33gm 3 жыл бұрын
ඇත්ත
@indunilnishantha1592
@indunilnishantha1592 6 ай бұрын
I can only imagine how much Dr. Nanda Malini means to you. Her voice holds a special place in your heart. She is truly a remarkable artist who inspires and uplifts others with her emotional performances. There is no doubt that her talent is incomparable, and her voice will continue to touch the hearts of many forever and the music of Ms: Gayathri Khemadasa , who is a reborn version of Prof: Kemadasa excellent."🙏❤🎶
@asankakumara2135
@asankakumara2135 Жыл бұрын
බලපු සුපිරිම ෆිල්ම් එක සහා හොදම රගපෑම.මේකට සම්මානයක් හම්බුන්නැත්තනම් තමා පුදුම.ඇඩුනා අන්තිමට මේ සින්දුව යද්දි 🥺❤❤
@madhawaviduranga2105
@madhawaviduranga2105 3 жыл бұрын
ඒ සංගීතය! මාස්ටර් තාමත් ඉන්නවා!!!! මාරම සිංදුවක්!!
@hasithbandara9597
@hasithbandara9597 2 ай бұрын
ඒ ගීතයම film එකක්,ඇස් වහන් අහන අහන සැරේට අලුත් film එකක්.ඒ film වල මාත් හිටිය. ඉතින් මං වෙන fillm බලනෑ.❤ස්තූතියි නිර්මාණ කරුවන්ට.
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
අඩ අඩා බැලුවේ 🥺🥺😥😥😭😭 So heart touching 😥❤
@ajithranaweera996
@ajithranaweera996 2 жыл бұрын
කාලෙකට පස්සෙන් ඒ අමරණිය කටහඩ ආයිත්.... ❤
@oddett5314
@oddett5314 4 жыл бұрын
දන්නෙම නැතුව ඇස් වලින් කඳුලු කඩන් වැටුනා.. ගොඩක් සංවේදි
@madda9467
@madda9467 4 жыл бұрын
ඇස් පියගෙන අහන්න පුලුවන් සින්දුවක්❤️
@dr.kapilasinghaprathapa1914
@dr.kapilasinghaprathapa1914 11 ай бұрын
👌Excellent song and film👍
@gayan33gm
@gayan33gm 3 жыл бұрын
ගල් හිතක් උනත් උණු වෙනවා ❤️
@SD-uu5ub
@SD-uu5ub 2 жыл бұрын
😢 මෙවැනි නිර්මාණ වලට ගොඩක් පිං🌼🌼
@madavigunaratne3708
@madavigunaratne3708 4 жыл бұрын
For the first time I cried at the end of a Sinhala movie
@danurio7115
@danurio7115 3 жыл бұрын
of course me too💔
@pubudupraboth9444
@pubudupraboth9444 4 жыл бұрын
කදුළු ආව ඒ තරම් නිර්මාණය තාත්විකයි ❤️
@manujayapremathilaka8940
@manujayapremathilaka8940 4 жыл бұрын
අඬන්නැතුව ඇහුවේ බොහොම අමාරුවෙන් ❤🔥
@trveller
@trveller 2 жыл бұрын
වචන වලින් කියන්න බැරි තරමට හොඳ නිර්මාණයක්....
@erandidesilva7016
@erandidesilva7016 Жыл бұрын
Best movie in the world.This is a true story in Sir lanka . Political and economic corruption is a week point in sri lanka..most of poor people always face huge probems
@h1rusha
@h1rusha 3 жыл бұрын
මේක ගොඩක් හිතට දැනුනා!
@sldaywolf406
@sldaywolf406 4 жыл бұрын
වැදුන සහෝදරයා බොක්කටම life එකේ උන් දේවල් මතක් උනා
@OurPlanetOurHome
@OurPlanetOurHome 2 жыл бұрын
😢Amazing voice By Singer, Music Director Nanda Malini Perera. Her songs intricate notional ideas of emotions that stem out of human realities.🙏 This is the The best movie I have seen since Death on a Full Moon Day(පුරහඳ කළුවර). Thank you so much Sarath Kothalawala and Kumara Thirimadura aiye. 💝
@kumarisenanayake197
@kumarisenanayake197 4 жыл бұрын
Wow.. ane a කටහඩ ..බුදුසරණyi ඔබ thumiyata..
@ashanirathnaeewa3639
@ashanirathnaeewa3639 4 жыл бұрын
එතුමියගේ හඬ😘🤗❤
@samantharatnayake9449
@samantharatnayake9449 2 жыл бұрын
one of the best film in my life
@dimuthuwijesooriya7432
@dimuthuwijesooriya7432 4 жыл бұрын
ඇස්වලට කදුලු ආවා ඔබතුමියගේ අලුත් ගීයක් ඇහුනු නිසා.
@kandycinema7071
@kandycinema7071 3 жыл бұрын
Film එක නම් patta... හිතට ලොකු දුකක්...........
@harshapradeep5135
@harshapradeep5135 4 жыл бұрын
Please do us much more madam. We always waiting this combination. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@viduragajanayake5393
@viduragajanayake5393 4 жыл бұрын
Film eka baluwa...siduwa yana thena maretama galapenwa..
@heshanchathu9154
@heshanchathu9154 4 жыл бұрын
ow machan, matath aduna
@Shavinda9889
@Shavinda9889 3 жыл бұрын
හිත නිවෙනවා ❤️🥺
@tharindu8996
@tharindu8996 Жыл бұрын
චිත්‍රපටය🔥 ගීතය🔥
@dushanthalakmal8952
@dushanthalakmal8952 2 жыл бұрын
One of the best film that I have seen in Movie Industry
@pasindukavishka3882
@pasindukavishka3882 4 жыл бұрын
ගායනයත් විශිෂ්ටයි චිත්‍රපටයත් විශිෂ්ටයි
@kavindraranasinghe5523
@kavindraranasinghe5523 4 жыл бұрын
ඒ හඩ, පදවැල් අති විශිෂ්ට යි
@levhan.
@levhan. 2 ай бұрын
පුතා නිර්දෝශයි කියලා පත්තරේ ගියා කියලා අම්මා දන්නෙ නෑ.... අම්මා අන්තරා වුනා කියලා ගුනා දන්නෙ නෑ... ගුනා ඊලඟ කෝච්චියෙ ගෙදර එන්නෙ නෑ කියලා ලුයියා දන්නෙ නෑ... අදටත් හෙටටත් මගේ හිතේ තැනක හිරවෙච්ච ලංකාවෙ හොඳම කතාව💯
@WeLanka
@WeLanka 4 жыл бұрын
The best newspaper ever read. Excellent
@dilshanhimantha2139
@dilshanhimantha2139 2 жыл бұрын
This movie is a masterpiece!
@dantha001
@dantha001 3 жыл бұрын
එදා ලංකාවෙ සංගීතයේ තිබුනු සංකලන අදටත් විශිෂ්ටයි. කපුගේ සමඟ රන්බංඩා සෙනෙවිරත්න, නන්දා මාලිනිය සමඟ සුනිල් ආරියරත්න.. ඉතිං මේ නිර්මාණය ගැන කුමන කතාද? හොඳම උදාහරණය තමයි "පවන" ප්‍රසංගය..
@dulanchiranthake5519
@dulanchiranthake5519 4 жыл бұрын
Please, Lyrics ටික add කරන්න description එකට
@kalanagayanga7044
@kalanagayanga7044 11 ай бұрын
නියම අමු වචන
@somilasudath7437
@somilasudath7437 4 жыл бұрын
සුපිරි නිර්මාණයක් ..
@renukagunasekera7377
@renukagunasekera7377 4 жыл бұрын
One of the most beautiful song that I have ever enjoyed..... amazing...
@heshanrajapakse8065
@heshanrajapakse8065 4 жыл бұрын
E film eka mara kathawak. ane manda me rate minissu nam kyla hithenawa
@NayadaraT
@NayadaraT 4 жыл бұрын
One of a million song!!!
@ganithpeiris3960
@ganithpeiris3960 3 жыл бұрын
හරිම අපුරු සංකලනයක්...
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 4 жыл бұрын
ඔබ කවි කිව්වත් හිත නිදහස්
@dihansamadu741
@dihansamadu741 2 жыл бұрын
Omg music eka ammooo kiyanna vachana na
@sajith694
@sajith694 4 жыл бұрын
විශිෂ්ට සිනමා නිර්මාණයක් ❤️
@roshanbandara3177
@roshanbandara3177 4 жыл бұрын
ෆිල්ම් එක බැලුවා 100% සාර්ථක එකක්... පුලුවන්නම් බලපල්ලා
@gayan33gm
@gayan33gm 3 жыл бұрын
Deparak beluwa. Aye balanna puluwan
@palithasamaranayake9120
@palithasamaranayake9120 2 жыл бұрын
මගේ ජිවීතේ එක හිනයක් නන්දා මාලනී දකින එක 🙏❤️💯
@ajithranaweera996
@ajithranaweera996 2 жыл бұрын
අනිවා සහෝදරයා... මගේ පුදුමාකාර ආසාවක් තිබ්බා අමරදේව මාස්ටර්ව ජිවිතේ එකපාරක් හරි දකින්න. ඒත් බැරි උණා. හැබැයි නැන්දා මලනියන්ව නම් කොහොමහරි හම්බ වෙනවා..... ❤🙏
@palithasamaranayake9120
@palithasamaranayake9120 2 жыл бұрын
@@ajithranaweera996 ජය වේවා සහෝදරයා ❤️ 🙏
@ldoshan3
@ldoshan3 2 жыл бұрын
everything is perfect. Long live
@rusirukalhara
@rusirukalhara 4 жыл бұрын
චිත්‍රපටය විශිෂ්ඨ නිර්මාණයක් වගේ....
@heshanchathu9154
@heshanchathu9154 4 жыл бұрын
aniwa. media wala keruwawa thamai tynne
@randivnimesh3597
@randivnimesh3597 3 жыл бұрын
වගේ නෙමෙයි එහෙම තමා😪💔
@rusirukalhara
@rusirukalhara 3 жыл бұрын
@@randivnimesh3597 එක release වෙන්න කලින් කියපු එකක්..
@sasmithaprabha6520
@sasmithaprabha6520 10 ай бұрын
හිතට දැනුන කතාවක් ...
@roshanbandara3177
@roshanbandara3177 4 жыл бұрын
පට්ට ෆිල්ම් එකක්....
@saveenfernando7269
@saveenfernando7269 4 жыл бұрын
භාවනාවක්මයි ❤️
@wathsalasenarathne7868
@wathsalasenarathne7868 4 жыл бұрын
Excellent film by real artists.....
@kalanagayanga7044
@kalanagayanga7044 11 ай бұрын
අති විශිෂ්ට නිර්මාණ මේවා..
@sameeraja4917
@sameeraja4917 3 жыл бұрын
Amazing movie.. hearttouching storyline
@Kithcaption
@Kithcaption 3 жыл бұрын
සවන් වලට මී පැනි වගේ ❤️❤️❤️❤️
@madukanidesh1918
@madukanidesh1918 2 жыл бұрын
film එක බලලා මේක අහද්දී දැනෙන හැගීම විස්තර කරගන්න මට වචන මදි😢
@dihansamadu741
@dihansamadu741 4 жыл бұрын
Gayathri khemadasa 's music is superb
@alindahemnayaka5347
@alindahemnayaka5347 4 жыл бұрын
Wahi bindak watuna mahapolowata dadi niyagayakin passe ,Nanda Malaniyage handa
@samadhiheshan5077
@samadhiheshan5077 2 жыл бұрын
මගෙම කතාව ❤️
@RanziYasasvi
@RanziYasasvi 3 жыл бұрын
Such a beautiful song
@sewwandijayalath6882
@sewwandijayalath6882 4 жыл бұрын
අම්බෝ..😢😢😢😢🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@m.danthanarayana5226
@m.danthanarayana5226 4 жыл бұрын
Amazing voice 🙏 Moving lyrics
@darshanakumarasinghe7815
@darshanakumarasinghe7815 2 ай бұрын
වචන නෑ තනිකරම කලාගාර ❤️
@agra2702
@agra2702 4 жыл бұрын
Ape ලංකාවේ samaharun nodakina නොදන්නා ek dukbara පැතිකඩක් .....!
@thisularashmika3343
@thisularashmika3343 4 жыл бұрын
Outstanding ❤️🙊❤️🙊❤️ amboo...🔥
@darshanar2072
@darshanar2072 3 жыл бұрын
ෆිල්ම් එකෙ බරම කොටස ගොඩක් ඇඩුවා ඕයි
@user-lu7hk4lr5l
@user-lu7hk4lr5l 4 жыл бұрын
පට්ට සින්දුව
@NayadaraT
@NayadaraT 4 жыл бұрын
One in a million song!!!
@ruwanigerulat8490
@ruwanigerulat8490 4 жыл бұрын
Amazing song
@alindahemnayaka5347
@alindahemnayaka5347 4 жыл бұрын
Amma noweyi budu wanne numbayi puthe
@jambuenglish8246
@jambuenglish8246 2 жыл бұрын
උබ කොහොම හිටියත් අම්මගේ හීන ඉටු කරපන් එහෙම උනොත් අම්මා කියන විදියට අම්මා නොවේ බුදු වන්නේ නුඹයි පුතේ
@akimsanda
@akimsanda 2 ай бұрын
ෆිල්ම් එකේ අන්තිමට පපුව පිව්චිලා යනවා 😢
@ccnirodha9998
@ccnirodha9998 4 жыл бұрын
අම්මා ❤❤❤
@sanathkumara2124
@sanathkumara2124 4 жыл бұрын
අවුරුද gananaka niyagayakin passe wahi podak dunnata pin maliniyeeeee.....
@chamindakumara3245
@chamindakumara3245 4 жыл бұрын
Hitata danena gee
@achiniumayanganaamarasingh6173
@achiniumayanganaamarasingh6173 4 жыл бұрын
ඒක මාරයි.
@sarathkuru3129
@sarathkuru3129 4 жыл бұрын
Wow beautiful
@suchithfernando2091
@suchithfernando2091 4 жыл бұрын
What a song ♥️
@LifestyleByAkshiya
@LifestyleByAkshiya 3 жыл бұрын
ane 😍🥰
@weenath
@weenath Жыл бұрын
a must watch movie!
@alindahemnayaka5347
@alindahemnayaka5347 4 жыл бұрын
Kageda music,Khemadasa master mathak una
@thineeshajayasekara8656
@thineeshajayasekara8656 4 жыл бұрын
Ow ehem wenna oni neh Kemadasa master ge duwa
@alindahemnayaka5347
@alindahemnayaka5347 4 жыл бұрын
Woow aththtama man danan hitiye nehe
@thineeshajayasekara8656
@thineeshajayasekara8656 4 жыл бұрын
@@alindahemnayaka5347 😎🔥
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 92 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 357 М.
The Newspaper Sinhala Movie | ද නිව්ස්පේපර් චිත්‍රපටිය
30:10
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 241 М.
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН