Рет қаралды 582
“බටහිර ඉවුර” (West Bank) ලෙස ව්‍යාජ ලෙස හඳුන්වන “යුදය සහ සමාරිය” යනු කුමක්ද? (1 කොටස)
What Is Judea & Samaria, So Called The West Bank? (Part 1)
🔴 “බටහිර ඉවුර” (West Bank) ලෙස ව්‍යාජ ලෙස හඳුන්වන “යුදය සහ සමාරිය” යනු කුමක්ද? (2 කොටස):
• “බටහිර ඉවුර” (West Ban...
බටහිර ඉවුර (West Bank) ගැන අපි සෙව්වොත් වර්තමානයේ සාවද්‍ය ලෙස නිල වශයෙන් පවසන්නේ බටහිර ඉවුර යනු 1967 දී ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් පලස්තීන ප්‍රදේශයකි ලෙසය. තවද බටහිර ඉවුර ඊශ්‍රායලය විසින් හමුදා ආක්‍රමණය කිරීම නීති විරෝධී බව ජාත්‍යන්තර අධිකරණය (ICJ / International Court Of Justice) තීන්දු කර ඇත ලෙසය. ජාත්‍යන්තර අධිකරණය දෙවියන්වහන්සේද? ජාත්‍යන්තර අධිකරණයේ ඉන්නේ දේව දූතයෝද? ඔවුනුත් වැරදි තීරණ දෙන, දුර්වල මිනිස්සු. මෙම තීන්දුව ඉශ්‍රායෙල් විරෝධී, ඉතිහාසයට පටහැනි අභක්තික මනුෂ්‍යයන් විසින් ඇතිකරගත් දෙයකි. තවද මෙය ශුද්ධ බයිබලය හා එහි සත්‍ය ඉතිහාසයට, ලෝක ඉතිහාසයට විරුද්ධ දෙවියන්වහන්සේගෙන් නොවන ඉස්ලාම් ආගමක් හරහා, ඒ ඉස්ලාමිය ප්‍රජාව හරහා හිමිකම් දරන්න උත්සාහ කරන විරුද්ධවාදී කමකි. තවද දුර්වල, අභක්තික, වංචාකාර ජාත්‍යන්තර නීතිය අනුව යෙරුසලම බටහිර ඉවුරේ කොටසක් ලෙස සැලකේ. මෙයද කිසිසේත් සත්‍ය නොවේ. නමුත් ඊශ්‍රායලය මුළු නගරයම තම අගනුවර ලෙස ප්‍රකාශ කරයි. ඊශ්‍රායලය 1967 සය දින යුද්ධයේදී (6 Day War) යොර්දානයෙන් නැගෙනහිර යෙරුසලම අත්පත් කර ගත් අතර පසුව එය අතිරේක අවට ප්‍රදේශ සමඟ නගරයේ මහ නගර සභාවට ඈඳා ගත්තේය. ඊශ්‍රායලයේ මූලික නීතිවලින් එකක් වන 1980 යෙරුසලමේ නීතිය, රටේ නොබෙදුණු අගනුවර ලෙස යෙරුසලම ගැන සඳහන් කරයි. යෙරුසලම ඉශ්‍රායලයට පමණක් හිමිකම් ඇති එරට අගනුවරයි. බටහිර ඉවුර (West Bank), යෙරුසලම කිසිසේත් ජාතියක් නොවන පලස්තීනුවන්ට අයිති නැත.
මෙම ප්‍රදේශය නිවැරදිව හැඳින්විය යුත්තේ “යුදය සහ සමාරිය” ලෙසයි. එය ඉශ්‍රායලයට අයිති තම නිජ භූමියේ ප්‍රධාන කොටසකි. "යුදය සහ සමාරිය (West Bank)" කිසිසේත් වෙනත් ජාතියකට, අරාබි කාරයන්ට, ඉස්ලාම් ආගමිකයන්ට, එක්සත් ජාතීන්ගේ සංගමයට, විදේශ රටවල් වලට අයිති නැත. හරියට සරළවම කියනවානම්, ශ්‍රී ලංකාවේ යාපනය / උතුරු කොටස් LTTE ත්‍රස්ථවාදීන්ට හෝ, ජාත්‍යන්තරයට ඕන විදිහට දමිල ජනතාවට ජාතියක් ලෙස වෙනමම අයිතිවාසිකමක් හෝ වෙනමම ඊලාම් රාජ්‍යයක් ලෙස පැවතිය නොහැක්කා සේම, "යුදය සහ සමාරිය" ඉශ්‍රායෙල් දේශයට හා යුදෙව්වන්ට අයිති කොටසකි. මේ අධ්‍යයනය තුළ ඔබ එය සැබවින්ම තෙරුම් ගන්න යනවා.
යුදය සහ සමාරිය / Judea & Samaria (ජූඩියා / ජුඩේයා & සමාරියා) (හෙබ්‍රෙව් භාෂාවෙන්, යෙහුදා සහ ෂොම්රොන් / Yehuda and Shomron) යනු 1967 දී ඊශ්‍රායලය විසින් නිදහස් කර ගන්නා තෙක් ජෝර්දානය විසින් 1949 සිට අල්ලා ගත් ප්‍රදේශය සඳහා නියම නමයි. එය දේශපාලන ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී ඇති ප්‍රදේශයක් වුවද, 1922 දී ජාතීන්ගේ සංගමය (League of Nations) විසින් තීරණය කරන ලද පරිදි යුදෙව් රාජ්‍යය බවට පත්වීමට නියමිතව තිබූ ඓතිහාසික යුදෙව් නිජබිමට එය ඇතුළත් කර තිබූ ප්‍රදේශයකි.
බයිබලීය සැබෑ කිතුණුවෙක් ලෙස, ශුද්ධ බයිබලයේ පරම සත්‍යතාවන් හා අයිතිහාසික බයිබලීය තොරතුරු අරඹයා දෙවියන්වහන්සේගේ වචනයට එකඟව උන්වහන්සේගේ ස්විරීත්වය තුළ උන්වනහසේ විශේෂ කොට තෝරාගත් සෙනඟ වන ඉශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටින, ඔවුන්ව හදවතේ දරාගනිමින් ඔවුන්ගේ ගැලවීම හා යෙරුසලමේ සමාදානය උදෙසා යාඥා කරන, දෙවියන්වහන්සේගේ දෙශය ගැන යාඥා කරන තවද බයිබලයට එකඟව ඉශ්‍රායෙල්ගේ සතුරන්ගේ විනාශය ගැන බයිබලයේ අනාගත වාක්‍ය සම්පූර්ණ වන පිණිසත් යාඥා කරන බයිබලීය කිතුණුවෙක් ලෙස, දෙවියන්වහන්සේගේ වචනයට වඩා ශුද්ධ/හෝලි වෙන්න හදන්නේ නැති, තවද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් සැබෑ කිතුනු සභාව ඔසවාගන්න එනම් එම ආශීර්වාදලත් බලාපොරොත්තුව ගැනත් මහෝත්තම දෙවියන්වහන්සේගේද අපගේ ගැළවුම්කාර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේද තේජසේ ප්‍රකාශවීම ගැනත් බලාසිටිමින් සිටින කිතුණුවෙක් ලෙස ව්‍යාජත්වයට එරෙහිව සිටිමින් ඉශ්‍රායලය වෙනුවෙන්, දෙවියන්වහන්සේ තුළ සත්‍ය ප්‍රකාශ කරමින් මේ අධ්‍යයන කරමි. එවාගේම අවධාරනයෙන් යුක්තව පවසමි. කිසි ඉශ්‍රායෙල් විරෝධී අඥාන කිතුණුවෙක්ටවත්, ඔය ඩොක්ට්‍රින් කාරයන්ටවත් බොරුව ප්‍රචාරනය කරන ඉස්ලාම් ආගමිකයන්ටවත්, ශුද්ධ බයිබලයට පටහැණි ඉස්ලාම් ආගමකටවත් ක්‍රිස්තුස්වහන්සේ තුළ මගේ ස්තාවරය සෙලවිය නොහැක, වෙනස් කළ නොහැක. තවද ශුද්ධ බයිබලයේ පරම සත්‍යතාවත්, බයිබලීය යතාර්තමය ලෝක ඉතිහාසයත් කිසිවෙකුට වෙනක් කල නොහැක.
🟢 එස්රා 4
🟢 එස්රා 5
🟢 එස්රා 6
🟢 හග්ගයි 1
🟢 හග්ගයි 2
🟢 නෙහෙමියා 2 : 9-20
🟢 නෙහෙමියා 4 : 1-6
🟢 යෙරමියා 25 : 11-14
🟢 යෙසායා 44 : 21-28
----------
🔴 ✡️ 🕎 ඊශ්‍රායෙල් ගැන බයිබලීය අධ්‍යනයන්. Biblical Studies on Israel.:
• 🇮🇱 ✡️ 🕎 ඊශ්‍රායෙල් ගැන...
🔴 ගාසා තීරය ගැන බයිබලයේ සඳහන් වන කාරනාවල්. (Gaza In The Bible):
• ගාසා තීරය ගැන බයිබලයේ ...
----------
ශ්‍රී ලංකාවේ මූලික නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ 14 (1) (අ) වන ව්‍යවස්ථාවේ සෑම පුරවැසියෙකුටම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇති බව දක්වා ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ 15 වන පරිච්ඡේදයේ “ආගම පිළිබඳ වූ වැරදි” සඳහන් වේ. එම පරිච්ඡේදයේ ඇතුළත් වගන්ති වන්නේ 290, 290-අ, 291, 291-අ, 291-ආ සහ 292 යන වගන්තීන් ය. මේ අතරින් අපගේ මාතෘකාවට අදාළ වන වගන්ති වන්නේ 291-අ/291-ආ වගන්තීන්ය. මේ අධ්‍යයන වීඩියෝව තුළ මේ වගන්ති උල්ලංගනය කර නොමැත. තවද භාශණීය නිදහස තුළ අදහස් අධ්‍යයනයක් ලෙස ගෙනහැර දක්වමි. තවද දැණුම බෙදා දීමද භාෂණයේ නිදහස තුලට ගැනෙන කාරණයකි. විචක්ශනෂීලීව තර්ක හා අදහස් ඉදිරිපත් කිරීමද භාශණීය නිදහසයි.