Рет қаралды 3,591
යාපනය
බැලිය යුතු තැන් බොහොමයි. යුද්ධයට පෙර ලංකාවේ වැඩිම ජනගහනක් විසූ දිස්ත්‍රික්කය සහ සංස්කෘතික, වෙළෙඳ අතින් ඉතාමත් වැදගත් තැනක් ගත් දිස්ත්‍රික්කයක්. ඔබ යාපනයේ සංචාරයට යනවානම් අඩුම යාපනයේ දවස් දෙකක්වත් නැවති එහි ඇති දෑ නැරැඹීමට කාලය වෙන් කර ගන්න. මන්දයත් සියලුම ස්ථාන ඉතා දුරින් පිහිටා ඇති නිසා. ඒ අතරිනුත් ඩෙල්ප් දුපත් නැරඹීමට එක දවසක් වෙන් කර ගත් යුතුයි යන්න මගෙ අදහසයි, මොකද එහි ඇති පෘතුගීසින්, ලංදේසීන් හා ඉංග්‍රීසි ජාතිකයන් ඉදිකරන ලද විශිෂ්ට නිර්මාණ වල නටඹුන් අදටත් පවතින අතර, ඒ අතරිනුත් කූවීන්ස් ටවර් (queens tower), පෘතුගීසි බලකොටුව, ලංදේසි රෝහල, පරවි කූඩූව විශිෂ්ට මට්ටමක ඇත. තවද ඩෙල්ප් දූපත් වල ඇති විශේෂත්වයක් වන්නේ ලංදේසි ජාතිකයෙක් විසින් ඔවුන්ගේ හමුදාවේ කටයුතු සඳහා මෙරටට ගෙනා අශ්වයන් තවමත් නිදැල්ලේ සීටීමයි. ඔවුන් කෑලෑ බද ප්‍රදේශ වලට වන්නට සුලභව දක්නට ඇත.
තවද ඉතාමත් සිත් ලඟන්නා සුලු මුහුදු තීරයකටද උරුමකම් කියන් ඩෙල්ප් දුපත් වෙරළ තීරයේ එක් දිනක් කඳවුරු බැඳීමටත් අමතක නොකරන මෙන් මා මතක් කර සිටිනවා. ඒ සදහා අකමැති නම් ඩෙල්ප් දුපත් වල ඇති සංචාරක මද්‍යස්ථානයක්ද ඔබට වෙන් කර ගත හැක, හැබැයි ඒ සදහා ඔබ කලින් වෙන් කර ගත යුතු බවද මා මතක් කර සිටිනවා.
ඩෙල්ප් දූපත් සදහා බෝට්ටු ඇති වේලාවන්
පිටත්වීම : කුරිකඩ්ඩුවාන් ජැටියෙන් උදෑසන 8 සහ හවස 3 ට. (සැ.යු. සෙනඟ වැඩි උනොත් සමහර වෙලාවට ඔය අතරමැද කාල වලත් බෝට්ටු ක්‍රීයාත්මක කරනවා. එහෙම නැති උනොත් පෞද්ගලික බෝට්ටුවක තමා යන්න වෙන්නේ, ඒ සදහා මේ දවස් වල රු. 19500 මුදලක් අය කරනවා.)
ඩෙල්ප් වලින් කුරිකඩ්ඩුවාන් ජැටිය බලා පිටත්වීම
උදෑසන 7 ට සහ හවස 4 ට.
ඊට අමතරව නාගදීපය බැලීමටත් අමතක නොකරන්න, ඒ සදහානම් දවසේ ඕනෑම වේලාවක කුරිකඩ්ඩුවාන් ජැටියෙන් බෝට්ටු ක්‍රීයාත්මක වෙනවා.
යාපනය පුස්තකාලය , රියෝ අයිස්ක්‍රීම්, නල්ලූර් කෝවිල, යාපනය කොටුව, කීරීමලේ පොකුණ, ලංකාවේ උතුරු කොන හෙවත් පේදුරු තුඩුව හා ලංකාවේ උතුරු දුම්රිය මඟෙහි අවසන් දුම්රිය නැවතුම්පොළ වන කංකසන්තුරේ යන ස්ථාන නැරඹීමටත් අමතක නොකරන්න.
Camera equipment : gopro hero 9
: I phone 7
Drone : dji mavic air 2
Music: Sunrise
Musician: Ilya Marfin
Site: icons8.com/music/
Please subscribe our channel : / @dennaekka